15. 18
15. 18.
15. 18.
අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ‍්බධී සමො, තමානිසංසං පබ්‍රූමි පුච‍්ඡිතො අවිකම‍්පිනං.
ඒ කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම ‘(හේ) ඊර්‍ෂ්‍යා නැත්තෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක, සියලු තැන්හි සම පැවැතුම් ඇත්තෙක’ යන (ඔහු කෙරෙහි) මේ සතර අනුසස කියමි.
අනිට‍්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ‍්බධි සමොති - කතමං නිට‍්ඨුරියං? ඉධෙකච‍්චො නිට‍්ඨුරියො හොති පරලාභසක‍්කාර ගරුකාරමානනවන්‍දනපූජනාසු, ඉස‍්සති උසූයති ඉස‍්සං බන්‍ධති; යං එවරූපං නිට‍්ඨුරියං නිට‍්ඨුරියකම‍්මං ඉස‍්සා ඉස‍්සායනා ඉස‍්සායිතත‍්තං උසූයා උසූයනා උසූයායිතත‍්තං, ඉදං වුච‍්චති නිට‍්ඨුරියං. යස‍්සෙතං නිට‍්ඨුරියං පහීනං සමුච‍්ඡින‍්නං -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪං; සො වුච‍්චති අනිට‍්ඨුරීති. අනනුගිද‍්ධොති ‘ගෙධො; වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං’ සස‍්සෙසො ගෙධො පහීනො සමුච‍්ඡින‍්නො -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪො, සො වුච‍්චති අනනුගිද‍්ධො. සො රූපෙ අගිද‍්ධො සද‍්දෙ -පෙ- දිට‍්ඨ සුත මුත විඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු අගිද‍්ධො අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣොපන‍්නො වීතගෙධො විගතගෙධො චත‍්තගෙධො වන‍්තගෙධො මුත‍්තගෙධො පහීනගෙධො පටිනිස‍්සට‍්ඨගෙධො වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතීති අනිට‍්ඨුරී අනනුගිද‍්ධො.
අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමො - නෛෂ්ඨුර්‍ය්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් අන්‍යයාගේ ලාභ - සත්කාර - ගරු - බුහුමන් - වැඳුම් - පිදුම්හි ඊර්‍ෂ්‍යා ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කෙරෙයි, දොස් පහළ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳී. මෙබඳු වූ යම් නිෂ්ඨුර බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාකාරයෙක් ඊර්‍ෂ්‍යා කරන බවෙක්, අසූයාවක් (-දොස් පහළකිරීමක්) අසූයාකාරයෙක් දොස් පහළ කරන බවෙක් වේ ද, මේ නෛෂ්ඨුර්‍ය්‍ය යි. යමක්හු විසින් තෙල නිෂ්ඨුරබව ප්‍රහීණ කරන ලද ද, සමුච්ඡින්න ද … ඥානාග්නීන් දග්ධ ද, හේ ‘අනිට්ඨුරී’ යයි කියනු ලැබේ. අනනුගිද්ධො යනු: ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. යමක්හු විසින් තෙල ගේධය දුරු කරන ලද ද නසන ලද ද … නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනනුගිද්ධ’ යයි කියනු ලැබේ, හෙතෙම රූපයෙහි නො ගිජු වූයේ ශබ්දයෙහි … දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො බැඳුණේ මුසපත් නො වූයේ නො වැතුරුණේ පහවූ ගේධ (-තෘෂ්ණා) ඇත්තේ පහවැ ගිය තෘෂ්ණා ඇත්තේ හළ තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ප්‍රහීණ කළ තෘෂ්ණා ඇත්තේ දුරලූ තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගත රාග - ත්‍යක්තරාග - වාන්ත රාග - මුක්තරාග - ප්‍රහීණරාග වූයේ දුරැලූ රාග ඇත්තේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනිට්ඨුරී අනනුගිද්ධො’ යනු වේ.
අනෙජො සබ‍්බධි සමොති - ‘එජා ‘වුච‍්චති තණ‍්හා; යො රාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; යස‍්සෙ’සා එජා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති අනෙජො. එජාය පහීනත‍්තා අනෙජො. සො ලාභෙ’පි න ඉඤ‍්ජති, අලාභෙපි න ඉඤ‍්ජති යසෙපි න ඉඤ‍්ජති, අයසෙපි න ඉඤ‍්ජති, පසංසායපි න ඉඤ‍්ජති, නින්‍දායපි න ඉඤ‍්ජති, සුඛෙපි න ඉඤ‍්ජති, දුක‍්ඛෙපි න ඉඤ‍්ජති, න චලති, න වෙධති, නප‍්පවෙධති, න සම‍්පවෙධතීති - අනෙජො. සබ‍්බධි සමොති සබ‍්බං වුච‍්චති ද‍්වාදසායතනානි: චක‍්ඛු චෙ ව රූපා ච -පෙ- මනො චෙව ධම‍්මා ච. යතො අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්‍දරාගො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, සො වුච‍්චති සබ‍්බධි සමො. සො සබ‍්බත්‍ථ තාදී සබ‍්බත්‍ථ මජ‍්ඣත‍්තො සබ‍්බත්‍ථ උපෙක‍්ඛකොති - අනෙජො සබ්බධි සමො.
අනෙජො සබ්බධි සමො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී … නුවණ ගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබෙයි. එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි, නින්‍දායෙහි දු නො සැලෙයි, සුඛයෙහි දු නො සැලෙයි, දුඃඛයෙහි දු නො සැලෙයි; චඤ්චල නො වෙයි, නො වෙවුලයි, වෙසෙසින් නො වෙවුලයි, හාත්පසින් නො වෙවුලා නුයි ‘අනෙජ’ යැ. සබ්බධි සමො යනු ‘සබ්බධි’ යී දොළොස් ආයතනය කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැ’ යි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ ද උසුන් මුල් ඇත්තේ ද තාලවස්තුවක් මෙන් කරන ලද්දේ ද, අනුඅභාවය කරන ලද්දේ ද මතු නූපදනා සැහැවි ඇත්තේ ද, හෙතෙම ‘සබ්බධි සම’ යයි කියනු ලැබේ. හේ සියලු තැන තාදී යැ, සියලු තැන මධ්‍යස්ථ යැ සියලු තැන උපේක්‍ෂා සහිත වූයේ නුයි ‘අනෙජො සබ්බධි සමො’ යනු වේ.
තමානිසංසං පබ්‍රූමි පුච‍්ඡිතො අවිකම‍්පිනන‍්ති - අවිකම‍්පිනං පුග‍්ගලං පුට‍්ඨො පුච‍්ඡිතො යාචිතො අජ‍්ඣෙසිතො පසාදිතො ඉමෙ චත‍්තාරො ආනිසංසෙ පබ්‍රූමි: සො අනිට‍්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ‍්බධි සමොති බ්‍රූමි ආචික‍්ඛාමි -පෙ- පකාසෙමීති - තමානිසංසං පබ්‍රූමි පුච‍්ඡිතො අවිකම‍්පිනං.
තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං - කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලදුයෙම් විචාරන ලදුයෙම් අයදන ලදුයෙම් අධ්‍යෙෂිත වූයෙම් පහදවන ලදුයෙම් මේ සතර අනුසසුන් කියමි: හෙතෙම ඊර්‍ෂ්‍යා නැත්තේ යැ, ගිජු නො වූයේ යැ, තෘෂ්ණා රහිත යැ, සියලු තන්හි සමයැයි කියමි, පවසමි … ප්‍රකාශ කෙරෙම් නුයි ‘තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අනිට‍්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමො, තමානිසංසං පබ්‍රූමි පුච‍්ඡිතො අවිකම‍්පින”න‍්ති.
“අනිට්ඨුරී අනනුගිද්ධො -පෙ- පුච්ඡිතො අවිකම්පිනං” යී.