15. 17
15. 17.
15. 17.
යස්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං, මමත‍්තං සො අසංවින්‍දං නත්‍ථි මෙති න සොචති,
යම් ක්‍ෂීණාස්‍රවයක් හට ‘මෙය මාගේ යැ’ යි හෝ, යළි අනුන්ගේ යැයි හෝ රූපාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණා - දෘෂ්ටි - මමත්‍වය නො ලබනුයේ මට මෙය නැතැයි ශෝක නො කෙරේ.
යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනන‍්ති - ‘යස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස, යස‍්ස මය‍්හං වා ඉදං පරෙසං වා ඉදන‍්ති කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි, න සන‍්ති, න සංවිජ‍්ජති, නූපලබ‍්භති, පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං. වුත‍්තං හෙතං භගවතා: “නායං භික‍්ඛවෙ කායො තුම‍්හාකං, නපි අඤ‍්ඤෙසං. පුරාණමිදං භික‍්ඛවෙ කම‍්මං අභිසඞ‍්ඛතං අභිසංචෙතයිතං වෙදනීයං දට‍්ඨබ‍්බං. තත්‍ර භික‍්ඛවෙ සුතවා අරියසාවකො පටිච‍්චසමුප‍්පාදං යෙව සාධුකං යොනිසො මනසි කරොති: ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති. යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා; සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. නිරොධො හොතී”ති එවම‍්පි යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං.
යස්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වා’පි කිඤ්චනං - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැයි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැගත් බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් ද, නො වේ ද, විද්‍යාමාන නො වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ දුරලන ලද්දේ උපතට නුසුදුසු වූයේ නුවණ ගින්නෙන් දවන ලද්දේ නුයි මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ති පරෙසං වා’පි කිඤ්චනං’ යනු වේ. තෙල වදාරන ලද මැ ය බුදුන් විසින්: “මහණෙනි, මේ කය තොපගේ නො වෙයි, අනුන්ගේ නො ද වෙයි. මහණෙනි, මේ කර්‍මයෙන් සකස් කළ සිතින් රැස් කළ වේදනීය වූ පුරාණ කර්‍මය’ යි දතයුතු යැ. මහණෙනි, එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රතීත්‍යසමුත්පාදය මැ මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි: “මෙසේ මේ ධර්‍මය ඇති කල්හි මෙය වෙයි, මොහුගේ ඉපදීමෙන් මෙය උපදී, මේ ධර්‍මය නැති කල්හි මෙය නො වෙයි, මොහුගේ නිරෝධයෙන් මෙය නිරුද්ධ වෙයි; ඒ මෙසේ යැ: ‘අවිද්‍යාව හේතු කොට (එකුන් තිස් ත්‍රෛභූමක කුශලාකුශලචෙතනා සඞ්ඛ්‍යාත) සංස්කාරයෝ පහළ වෙති, සංස්කාරයන් හේතු කොට දෙතිස් ලෞකික විපාක විඥානය පහළ වෙයි … මෙසේ මේ හුදු දුක්රැස පහළ වෙයි. යළි අවිද්‍යාවගේ මැ අශෙෂවිරාගනිරොධයෙන් කුශලාකුශලසංස්කාරයන්ගේ නිරෝධය වෙයි, … මෙසේ මේ හුදු දුක්රැස නිරුද්ධ වේ යැ” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
වුත‍්තම‍්පි හෙතං භගවතා:
මේ වදාරන ලද මැය, බුදුන් විසින්:
1. “සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු මොඝරාජ සදා සතො, අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච‍්චුතරො සියා. එවං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සතී”ති
1. මෝඝරාජය, සියලු කල්හි ස්මෘතිමත් වූයෙහි ලෝකය ශුන්‍ය හෙයින් බලව, සත්කායදෘෂ්ටිය උදුරාපියා, මෙපරිද්දෙන් මරණය තරණය කරනුයේ වන්නෙහි. මෙසේ ස්කන්‍ධලෝකය දක්නහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ය’ යි.
එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං. වුත‍්තම‍්පි හෙතං භගවතා: “යං භික‍්ඛවෙ න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං? රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං, තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා - සඤ‍්ඤා - සඞ‍්ඛාරා - විඤ‍්ඤාණං න තුම‍්හාකං, තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යං ඉමස‍්මිං ජෙතවනෙ තිණකට‍්ඨසාඛාපලාසං තං ජනො හරෙය්‍ය වා, දහෙය්‍ය වා, යථා පච‍්චයං වා කරෙය්‍ය; අපි නු තුම‍්හාකං එවමස‍්ස: ‘අම‍්හෙ ජනො හරති වා, දහති වා, යථා පච‍්චයං වා කරොතී’ති? නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු? න හි නො එතං භන‍්තෙ අත‍්තා වා අත‍්තනියං වා’ති. එවමෙව ඛො භික‍්ඛවෙ යං න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං? රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා සඤ‍්ඤා - සඞ‍්ඛාරා - විඤ‍්ඤාණං න තුම‍්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සතී”ති එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං.
මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. මේ වදාරන ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොප ගේ නො වේ නම්, එය දුරු කරවු; එය තොප විසින් ප්‍රහීණ කරන ලද්දේ බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරු කරවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරැපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ මහණෙනි, ඒ කිමැ යි සිතවු ද? මේ දෙව්රම්හි යම් තණ - දර - අතු - කොළ වේ නම්, එය ජනයා ගෙනයන්නේ හෝ දවන්නේ හෝ රිසි සේ කරන්නේ හෝ නම්; කිමැ තොපට මෙබඳු සිතෙක් වන්නේ ද: ‘ජනයා අප ගෙන යයි හෝ රිසි සේ කෙරෙයි හෝ දැ’ යි? ‘තෙල නො වේ මැය, ස්වාමීනි, ඊට කරුණු කිමැ යත්? ස්වාමීනි, තෙල අපගේ ආත්ම හෝ ආත්මනීය හෝ නො මැ වේ යැ’ යි, එසෙයින් මහණෙනි, යමක් තොපගේ නො වේ නම්, එය හැරපියවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය හැරපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
භාසිතම‍්පි හෙතං:
මේ කියන ලද මැය:
2. “සුද‍්ධධම‍්ම සමුප‍්පාදං සුද‍්ධසඞ‍්ඛාරසන‍්තතිං. පස‍්සන‍්තස‍්ස යථාභූතං න භයං හොති ගාමණි.
2. ”ග්‍රාමණිය, කේවල වූ ප්‍රත්‍යයප්‍රත්‍යයොත්පන්න ධර්‍මමාත්‍රයාගේ සමුත්පාදය ද, (ධ්‍රැවභාවාදියෙන්) අමිශ්‍ර වූ සංස්කාරසන්තතිය ද, තතු සේ දක්නහුට භයෙක් නො වේ.
3. තිණකට‍්ඨසමං ලොකං යදා පඤ‍්ඤාය පස‍්සති. නාඤ‍්ඤා පත්‍ථයතෙ කිඤ‍්චි අඤ‍්ඤත්‍ර පටිසන්‍ධියා”ති
3. යම් කලෙක ලෝකය තෘණ කාෂ්ට හා සම කොට විදර්‍ශනාප්‍රඥාවෙන් දකී නම්, එකල්හි අන් කිසිවක් නො පතයි, පිළිසඳ පිණිස අන් තැනෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කරයි.
එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං. වජිරා භික‍්ඛුනී මාරං පාපිමන‍්තං එතදවොච:
මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. ‘වජිරා’ භික්‍ෂුණිය වසවත් මරුට මෙසේ කිව:
4. “කින‍්නු සත‍්තො’ති පච‍්චෙසි මාර දිට‍්ඨිගතං නු තෙ, සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජො’යං නයිධ සත‍්තොපලබ‍්භති.
4. මාරය, (තෝ) සත්ත්‍වයෙකැ’යි කුමක් සලකයි ද? තාගේ දෘෂ්ටිගතයෙක් නො වේ ද? මේ කේවල වූ සංස්කාරපුඤ්ජයෙකි, මෙහි සත්ත්‍වයෙක් නො ලැබේ.
5. යථාපි අඞ‍්ගසම‍්භාරා හොති සද‍්දො රථො ඉති, එවං ඛන්‍ධෙසු සන‍්තෙසු හොති සත‍්තොති සම‍්මුති.
5. යම්සේ අවයව සමූහය හේතු කොට ගෙන ‘රථ’ යන වාචක ශබ්දය වේ ද, එසෙයින් ස්කන්‍ධසමූහය ඇති කල්හි ‘සත්ත්‍වයෙක’ යන සම්මතය වේ.
6. දුක‍්ඛමෙව හි සම‍්භොති දුක‍්ඛං තිට‍්ඨති වෙත‍්ති ච, නාඤ‍්ඤත්‍ර; දුක‍්ඛා සම‍්භොති නාඤ‍්ඤං දුක‍්ඛා නිරුජ‍්ඣතී”ති
6. දුක මැ උපදී. දුක මැ පවතී, විඳී. දුක හැර අනෙකක් නො ලැබෙයි. දුකින් අන්‍ය වූවක් නිරුද්ධ නො වේ.
එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං. “එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු රූපං සමන‍්නෙසති, යාවතා රූපස‍්ස ගති. වෙදනං සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං සමන‍්නෙසති, යාවතා විඤ‍්ඤාණස‍්ස ගති. තස‍්ස රූපං සමන‍්නෙසතො යාවතා රූපස‍්ස ගති, වෙදනං - සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං සමන‍්නෙසතො යාවතා විඤ‍්ඤාණස‍්ස ගති, යම‍්පිස‍්ස හොති අහන‍්ති වා මමන‍්ති වා අස‍්මීති වා, තම‍්පි තස‍්ස න හොතී”ති. එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං. ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “සුඤ‍්ඤො ලොකො සුඤ‍්ඤො ලොකොති භන‍්තෙ වුච‍්චති, කිත‍්තාවතා නු ඛො භන‍්තෙ සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චතී’ති? යස‍්මා ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චති. කිඤ‍්චානන්‍ද සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා? චක‍්ඛුං ඛො ආනන්‍ද සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා. රූපා සුඤ‍්ඤා - චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤං - චක‍්ඛුසම‍්ඵස‍්සො සුඤ‍්ඤො - යදිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි සුඤ‍්ඤං - සොතං සුඤ‍්ඤං - සද‍්දා සුඤ‍්ඤා - ඝානං සුඤ‍්ඤං - ගන්‍ධා සුඤ‍්ඤා - ජිව‍්හා සුඤ‍්ඤා - රසා සුඤ‍්ඤා - කායො සුඤ‍්ඤො - ඵොට‍්ඨබ‍්බා සුඤ‍්ඤා - මනො සුඤ‍්ඤො - ධම‍්මා සුඤ‍්ඤා - මනො - විඤ‍්ඤාණං සුඤ‍්ඤං - මනොසම‍්ඵස‍්සො සුඤ‍්ඤො - යදිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා. යස‍්මා ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා තස‍්මා සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චතී”ති එවම‍්පි - යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං.
මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. “මහණෙනි, එසෙයින් මැ මහණ රූපයාගේ පැවැත්ම ඇති තාක් රූපය ආවර්‍ජනා කෙරෙයි, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානයාගේ පැවැත්ම ඇති තාක් විඥානය ආවර්‍ජනා කෙරෙයි. රූපයාගේ පැවැත්ම පමණින් රූපය ආවර්‍ජනා කරන්නා වූ ඔහුට වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානයාගේ පැවැත්ම පමණින් විඥානය ආවර්‍ජනා කරන්නා වූ ඔහුට ‘මම යැ හෝ මාගේ යැ හෝ මම් වෙමී හෝ’ ඔහුට යම් දෘෂ්ටියකුත් වේ නම්, හෙ ද ඔහුට නො වේ යැ” යි. මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. “ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කීහ: ‘ස්වාමීනි, ලෝකය ශුන්‍ය යැ, ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබෙයි. ස්වාමීනි, කිපමණෙකින් ලෝකය ශුන්‍යය’ යි කියනු ලැබේ දැයි?” ‘අනඳයැ, යම් හෙයකින් ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබෙයි. ආනන්‍දය, ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් කුමක් ශුන්‍ය වේ ද යත්? ආනන්‍දය, චක්‍ෂුස ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය යැ, රූපයෝ ශුන්‍යයෝ යැ - චක්‍ෂුර්විඥානය ශුන්‍ය යැ - චක්‍ෂුස්සංස්පර්‍ශය ශුන්‍යය - චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී නම්, හෙ ද ශුන්‍ය යැ - ශ්‍රෝතය ශුන්‍ය යැ - ශබ්දයෝ ශුන්‍යයෝ යැ - ඝ්‍රාණය ශුන්‍ය යැ - ගන්‍ධයෝ ශුන්‍යයෝ යැ - දිව ශුන්‍ය යැ - රසයෝ ශුන්‍යයෝ යැ - කය ශුන්‍ය යැ - ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයෝ යැ - මනස ශුන්‍ය යැ - ධර්‍මයෝ ශුන්‍යයෝ යැ - මනෝවිඥානය ශුන්‍ය යැ - මනස්සංස්පර්‍ශය ශුන්‍ය යැ - මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී නම්, හෙ ද ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය යි. ආනන්‍දය, යම් හෙයකින් ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබේ යැ” යි මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වාපි කිඤ්චනං’ යනු වේ.
මමත‍්තං සො අසංවින්‍දන‍්ති - ‘මමත‍්තා’ති ද‍්වෙ මමත‍්තා: තණ‍්හාමමත‍්තං දිට‍්ඨිමමත‍්තඤ‍්ච -පෙ- ඉදං තණ‍්හාමමත‍්තං. -පෙ- ඉදං දිට‍්ඨිමමත‍්තං. තණ‍්හාමමත‍්තං පහාය දිට‍්ඨිමමත‍්තං පටිනිස‍්සජිත්‍වා මමත‍්තං අවින්‍දන‍්තො අසංවින්‍දන‍්තො අනධිගච‍්ඡන‍්තො අප‍්පටිලභන‍්තොති - මමත‍්තං සො අසංවින්‍දං.
මමත්තං සො අසංවින්දං - ‘මමත්ත’ නම්: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැ’ යි මමත්‍වයෝ දෙදෙනෙකි …,… මේ දෘෂ්ටිමමත්‍වය යි. තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරලා මමත්‍වය නො ලබනුයේ වෙසෙසින් නො ලබනුයේ නො පැමිණෙනුයේ ප්‍රතිලාභ නො කරනුයේ නුයි ‘මමත්තං සො අසංවින්දං’ යනු වේ.
නත්‍ථි මෙති න සොචතීති - විපරිණතං වා වත්‍ථුං න සොචති; විපරිණතස‍්මිං වා වත්‍ථුස‍්මිං න සොචති. චක‍්ඛු මෙ විපරිණතන‍්ති න සොචති. සොතං මෙ -පෙ- සාලොහිතා මෙ විපරිණතාති න සොචති; න කිලමති; න පරිදෙවති; න උරත‍්තාළිං කන්‍දති; සම‍්මොහං ආපජ‍්ජතීති - නත්‍ථි මෙති න සොචති.
නත්‍ථි මෙ’ ති න සොචති - විනාශ වූ වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස නැසිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන … මාගේ නෑ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘නත්‍ථි මෙ’ති න සොචති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං, මමත‍්තං සො අසංවින්‍දං නත්‍ථි මෙති න සොචතී”ති.
“යස්ස නත්‍ථි ඉදං මෙ’ ති -පෙ- නත්‍ථි මෙ’ති න සොචති” යී.