යෙදුමෙන් කියවන්න

15. 16

15. 16.

15. 16.

සබ‍්බසො නාමරූපස‍්මිං යස‍්ස නත්‍ථි මමායිතං, අසතා ච න සොචති ස වෙ ලොකෙ න ජීයති.

යම් රහතෙක් හට නම්රූ දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දෙක් හැමලෙසින් නැද් ද, මමායිතයක් නැති බැවින් ශෝක නො කෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් ලොවැ පිරිහීමට නො පැමිණේ.

සබ‍්බසො නාමරූපස‍්මිං යස‍්ස නත්‍ථි මමායිතන‍්ති - ‘සබ‍්බසො’ති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ‍්බසො’ති. නාමන‍්ති චත‍්තාරො අරූපිනො ඛන්‍ධා; රූපන‍්ති චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං; යස‍්සාති අරහතො ඛීණාසවස‍්ස; මමායිතන‍්ති ද‍්වෙ මමත‍්තා: තණ‍්හාමමත‍්තඤ‍්ච දිට‍්ඨිමමත‍්තඤ‍්ච -පෙ- ඉදං තණ‍්හාමමත‍්තං -පෙ- ඉදං දිට‍්ඨිමමත‍්තං. සබ‍්බසො නාමරූපස‍්මිං යස‍්ස නත්‍ථි මමායිතන‍්ති - සබ‍්බසො නාමරූපස‍්මිං මමත‍්තා යස‍්ස නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - සබ‍්බසො නාමරූපස‍්මිං යස‍්ස නත්‍ථි මමායිතං.

සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාම නම්: සතර අරූපීස්කන්‍ධයෝ යැ; රූප නම්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද (යන අටවිසි රූපය යැ); යස්ස යනු: රහත් ක්‍ෂීණාස්‍රව හට, මමායිතං යනු: මමත්‍ව දෙකෙකි: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැ’ යි … මේ දෘෂ්ටිමමත්‍වය යි. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි මමත්‍වයෝ යමක් හට නැද්ද, නො වෙත් ද, අවිද්‍යමාන වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු නසන ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දවන ලද්දාහු නුයි ‘සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං’ යනු වේ.

අසතා ච න සොචතීති - විපරිණතං වා වත්‍ථුං න සොචති, විපරිණතස‍්මිං ව වත්‍ථුස‍්මිං න සොචති: ‘චක‍්ඛුං මෙ විපරිණත’න‍්ති න සොචති, සොතං මෙ - ඝානං මෙ - ජිව‍්හා මෙ - කායො මෙ - රූපා මෙ - සද‍්දා මෙ - ගන්‍ධා මෙ - රසා මෙ - ඵොට‍්ඨබ‍්බා මෙ - කුලං මෙ ගණො මෙ - ආවාසො මෙ - ලාභො මෙ -පෙ- ඤාතිසාලොහිතා මෙ විපරිණතාති ‘න සොචති, ‘න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිංකන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජතීති න එවම‍්පි අසති ච න සොචති. අථවා අසතාය දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො න සොචති. න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිංකන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජතීති එවම‍්පි අසතා ච න සොචති. අථවා චක‍්ඛුරොගෙන ඵුට‍්ඨො පරෙතො -පෙ- ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජතීති එවම‍්පි අසතා ච න සොචති. අථවා, අසන‍්තෙ අසංවිජ‍්ජමානෙ අනුපලබ‍්භමානෙ ‘අහු වත මෙ, තං වත මෙ නත්‍ථි, සියා වත මෙ, තං වතාහං න ලභාමී’ති න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිංකන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජතීති එවම‍්පි අසතා ච න සොචති.

අසතා ච න සොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසුණු කල්හි හෝ ශෝක නො කෙරෙයි; ‘මාගේ ඇස නැසිණැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - රූපයෝ - ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ -ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - ගණයා - ආවාසය - මාගේ ලාභය … මාගේ නෑසහලේනෑයෝ නෑසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, මුළාවට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච නො සොචති’ යනු වේ. නොහොත් අමධුර වූ දුඃඛවෙදනාවෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ … මැසි මදුරු අව් සුළං දිග්දෑ පහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් නැති කල්හි අවිද්‍යමාන කල්හි නො ලැබෙන කල්හි ‘මට ඒකාන්තයෙන් වූයේ නම්, එය ඒකාන්තයෙන් මට නැත, මට ඒකාන්තයෙන් වන්නේ යැ, එය මම් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ.

ස චෙ ලොකෙ න ජීයතීති - යස‍්ස ‘මය‍්හං වා ඉදං, පරෙසං වා ඉද’න‍්ති කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං අත්‍ථි, තස‍්ස ජාති අත්‍ථි. භාසිතම‍්පි හෙතං:

ස චෙ ලෝකේ න ජීයති - යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැහැගන්නා ලද පිවිසැගත් බැසගත් ඇතුළු වැ ගත් කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් ඇත් නම්, ඔහුට ජාතිය ඇත. මේ කියන ලද මැ යැ:

1. “ජිණ‍්ණෙ රථස‍්සෙ මණිකුණ‍්ඩලෙ ච පුත‍්තෙ ච දාරෙ ච තථෙව ජිණ‍්ණෙ, සබ‍්බෙසු භොගෙසු අසෙවිතෙසු කස‍්මා න සන‍්තප‍්පසි සොකකාලෙ?

1. රිය හා අසුන් ද මිණිකොඬොල් ද පිරිහුණු කල්හි, අඹුදරුවන් ද එසේ ම පිරිහුණු කල්හි, සියලු භෝගයන් නො සෙවුණා කල්හි, (මෙසේ) ශොකකාලයෙහි කුමක් හෙයින් නො තැවෙහි ද?

2. පුබ‍්බෙ’ව මච‍්චං විජහන‍්ති භොගා මච‍්චො ව නෙ පුබ‍්බතරං ජහාති, අසස‍්සතා භොගිනො කාමකාමී තස‍්මා න සොචාමහං සොකකාලෙ.

2. භෝගයෝ හෝ මිනිසා පළමු වැ හරිති. මිනිසා හෝ ඒ භෝගයන් ඉතා පළමු වැ දුරු කෙරෙයි, එම්බා කාමකාමිය, (-කාමයන් කැමැතිවන තෙනැත්ත) කාමභොගීහු (යම් හෙයකින්) අශාශ්වත වූවාහු ද, එහෙයින් මම (මහාජනයා) ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.

3. උදෙති ආපූරති ති චන්‍දො අත්‍ථං ගමිත්‍වාන පලෙති සූරියො, විදිතා මයා සත‍්තුක ලොකධම‍්මා තස‍්මා න සොචාමහං සොකකාලෙ”ති

3. (යම් සේ) සඳ උදා වේ ද හාත්පසින් පිරේ ද යළි ගෙවේ ද, හිර (අඳුරු නසා) උදයට පැමිණ යළි අස්තයට යේ ද, එපරිද්දෙන් සත්තුකය මා විසින් ලොකධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එහෙයින් (මහාජනයා) ශෝක කරන කල්හි මම ශෝක නො කෙරෙම් යයි.

යස‍්ස ‘මය‍්හං වා ඉදං, පරෙසං වා ඉද’න‍්ති කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි, තස‍්ස ජාති නත්‍ථි. භාසිතම‍්පි හෙතං: “නන්‍දසි සමණාති? කිං ලද‍්ධා ආවුසොති? තෙන හි සමණ සොචසීති? කිං ජීයිත්‍ථ ආවුසොති? තෙන හි සමණ නෙව නන්‍දසි, න සොචසීති? එවමාවුසොති.

යමක් හට ‘මෙය මාගේ හෝ යැ. මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැ ගන්නා ලද බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් නම්, ඔහුට ජාතිය නැත. මේ කියන ලද මැ ය: “මහණ, සතුටු වෙහි දැ’යි, කුමක් ලැබ ද ඇවැත්නි; එසේ නම් මහණ, ශෝක කෙරෙහි දැ’ යි, ඇවැත්නි; කුමක් නැසිණි දැයි; එසේ නම් මහණ නො මැ සතුටු වෙහි ශෝක නො කෙරෙහි දැයි; එසේ යැ ඇවැත්නි.

4. චිරස‍්සං වත පස‍්සාම බ්‍රාහ‍්මණං පරිනිබ‍්බුතං. අනන්‍දිං අනීඝං භික‍්ඛුං තිණ‍්ණං ලොකෙ විසත‍්තික”න‍්ති

4. ඒකාන්තයෙන් බාහිතපාපී වූ ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි තෘෂ්ණාවශයෙන් සතුටු නොවන සුලු නිදුක් වූ ලොවැ තෘෂ්ණා සඞ්ඛ්‍යාත විසත්තිකාව තරණය කළ මහණක්හු බොහෝ කලකින් දකුම්හ” යි.

‘ස වෙ ලොකෙ න ජීයති.’

‘ස චෙ ලෝකේ න ජීයති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සබ‍්බසො නාමරූපස‍්මිං යස‍්ස නත්‍ථි මමායිතං, අසතා ච න සොචති ස වෙ ලොකෙ න ජීයතී”ති.

“සබ්බසො නාමරූපස්මිං -පෙ- ස චෙ ලෝකේ න ජීයති” යී.