යෙදුමෙන් කියවන්න

15. 15

15. 15.

15. 15.

යං පුබ‍්බෙ තං විසොසෙහි පච‍්ඡා තෙ මාහු කිඤ‍්චනං මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසි උපසන‍්තො චරිස‍්සසි.

අතීත සංස්කාරයන් ඇරැබැ උපදනා යම් ක්ලේශජාතයෙක් වේ නම් එය වියළව. අනාගත සංස්කාරයන් අරැබැ උපදනා රාගාදි කිඤ්චනය නහමක් තට වේවා. ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි නම්, උපශාන්ත වැ හැසිරෙන්නෙහි ය.

යං පුබ‍්බෙ තං විසොසෙහීති - අතීතෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ යෙ කිලෙසා උප‍්පජ‍්ජෙය්‍යුං, තෙ කිලෙසෙ සොසෙහි, විසොසෙහි, සුක‍්ඛාපෙහි, විසුක‍්ඛාපෙහි, අබීජං කරොහි, පජහ, විනොදෙහි, බ්‍යන‍්තීකරෙහි, අනභාවං ගමෙහීති එවම‍්පි - යං පුබ‍්බෙ තං විසොසෙහි. අථවා යෙ අතීතා කම‍්මාභිසඞ‍්ඛාරා අවිපක‍්කවිපාකා, තෙ කම‍්මාභිසඞ‍්ඛාරෙ සොසෙහි, විසොසෙහි, සුක‍්ඛාපෙහි, විසුක‍්ඛාපෙහි, අබීජං කරොහි, පජහ, විනොදෙහි, බ්‍යන‍්තීකරොහි, අනභාවං ගමෙහීති එවම‍්පි - යං පුබ‍්බෙ තං විසොසෙහි.

යං පුබ්බේ තං විසොසෙහි - අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් වියළව, වෙසෙසින් වියළව, නීරස කරව වෙසෙසින් නීරස කරව, බොල් කරව, දුරු කරව, බැහැර කරව, විගතාන්ත කරව, අනුඅභාවයට පමුණුව’ යි මෙසේ ත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො මූකළ විපාක ඇති යම් කර්‍මාභිසංස්කාර කෙනෙක් වෙත් නම්, ඒ කර්‍මාභිසංස්කාරයන් ශොෂණ විශොෂණ කර, ශුෂ්ක විශුෂ්ක කර, බොල් කර, දුරු කර, බැහැර කර විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි; මෙසේත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.

පච‍්ඡා තෙ මාහු කිඤ‍්චනන‍්ති - ‘පච‍්ඡා’ වුච‍්චති අනාගතං; අනාගතෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ යානි උප‍්පජ‍්ජෙය්‍යුං රාගකිඤ‍්චනං දොසකිඤ‍්චනං මොහකිඤ‍්චනං මානකිඤ‍්චනං දිට‍්ඨිකිඤ‍්චනං කිලෙසකිඤ‍්චනං දුච‍්චරිතකිඤ‍්චනං, ඉමානි කිඤ‍්චනානි තුය‍්හං මා අහු, මා පාතුරකාසි, මා ජනෙහි, මා සඤ‍්ජනෙහි, මා නිබ‍්බත‍්තෙහි, මා අභිනිබ‍්බත‍්තෙහි, පජහ, විනොදෙහි, බ්‍යන‍්තීකරොහි, අනභාවං ගමෙහීති - පච‍්ඡා තෙ මාහු කිඤ‍්චනං.

පච්ඡා තෙ මාහු කිඤ්චනං - ‘පච්ඡා’ යී අනාගතය කියනු ලැබෙයි. අනාගත සංස්කාරයන් අරබයා රාගකිඤ්චනය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකිඤ්චනය යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ කිඤ්චනයෝ තට නහමක් වෙත්වා, නහමක් පහළ කර, නූපදව, නො හටගන්වව, නො නිපදව, වෙසෙසින් නො නිපදව, දුරු කර, බැහැර කර, විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’ යනු වේ.

මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසීති - ‘මජ‍්ඣං’ වුච‍්චති පච‍්චුප‍්පන‍්නා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, පච‍්චුප‍්පන‍්නෙ සඞ‍්ඛාරෙ තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන න ගහෙස‍්සසි, න උග‍්ගහෙස‍්සසි, න ගණ‍්හිස‍්සසි, න පරාමසිස‍්සසි, නාභිවදිස‍්සසි, න අජ‍්ඣෙස‍්සසි, අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහිස‍්සසි, විනොදෙස‍්සසි, බ්‍යන‍්තීකරිස‍්සසි, අනභාවං ගමෙස‍්සසීති - මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසි.

මජ්ඣෙ චෙ නො ගහෙස්සසි - ‘ප්‍රත්‍යුත්පන්න වූ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෝ ‘මජ්ඣ’ යී කියනු ලැබෙති. වර්‍තමාන සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි, දැඩිව නො ගන්නෙහි, ග්‍රහණය නො කරන්නෙහි, නො දැහැගන්නෙහි, නො සතුටු වන්නෙහි, නො කියන්නෙහි, නො සිතන්නෙහි, අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කරන්නෙහි, බැහැර කරන්නෙහි, විගතාන්ත කරන්නෙහි, අනභාවයට පමුණුවන්නෙහි යයි ‘මජ්ඣෙ චෙ නො ගහෙස්සසි’ යනු වේ.

උපසන‍්තො චරිස‍්සසීති - රාගස‍්ස සන‍්තත‍්තා සමිතත‍්තා උපසමිතත‍්තා දොසස‍්ස සන‍්තත‍්තා සමිතත‍්තා උපසමිතත‍්තා -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සන‍්තත‍්තා සමිතත‍්තා උපසමිතත‍්තා වූපසමිතත‍්තා විජ‍්ඣාතත‍්තා නිබ‍්බුතත‍්තා විගතත‍්තා පටිප‍්පස‍්සද‍්ධත‍්තා සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධො චරිස‍්සසි විහරිස‍්සසි ඉරීයිස‍්සසි වත‍්තිස‍්සසි පාලෙස‍්සසි යපිස‍්සසි යාපෙස‍්සසීති - උපසන‍්තො චරිස‍්සසි.

උපසන්තො චරිස්සසි - රාගය නිවුණු බැවින් සන්හිඳුණු බැවින් වෙසෙසින් සන්හිඳුණු බැවින්, ද්වේෂය ශාන්ත බැවින් ශමිත බැවින් උපශමිත බැවින් … සියලු අකුශලාභිසංස්කාරයන් නිවුණු බැවින් සන්හිඳුණු බැවින් උපශමිත බැවින් ව්‍යුපශමිත බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් විගත බැවින් දුරලන ලද බැවින් ශාන්ත වැ උපශාන්ත වැ ව්‍යුපශාන්ත වැ නිවුණේ සැහැල්ලු වැ හැසිරෙන්නෙහි වෙසෙන්නෙහි ඉරියවු පවත්වන්නෙහි වැටෙන්නෙහි රැකෙන්නෙහි යැපෙන්නෙහි යාපනය වන්නෙහි නුයි ‘උපසන්තො චරිස්සසි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යං පුබ‍්බෙ තං විසොසෙහි පච‍්ඡා තෙ මා’හු කිඤ‍්චනං, මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසී උපසන‍්තො චරිස‍්සසී”ති.

“යං පුබ්බේ තං විසොසෙහි -පෙ- උපසන්තො චරිස්සසි” යී.