යෙදුමෙන් කියවන්න

15. 14

15. 14.

15. 14.

යො ධ කාමෙ අච‍්චතරි සඞ‍්ගං ලොකෙ දුරච‍්චයං, න සො සොචති නාජ‍්ඣෙති ඡින‍්නසොතො අබන්‍ධනො.

මේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාමක්ලෙශකාමයන් ද ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී නම්, සිඳින ලද තෘෂ්ණා ඇති රාගාදි බන්‍ධන රහිත වූ හෙතෙම ශෝක නො කෙරෙයි, නො සිතයි.

යො ධ කාමෙ අච‍්චතරි සඞ‍්ගං ලොකෙ දුරච‍්චයන‍්ති - ‘යො’ති යො සාදිසො යථා යුත‍්තො යථා විහිතො යථාපකාරො යංඨානංපත‍්තො යංධම‍්මසමන‍්නාගතො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා දෙවො වා මනුස‍්සො වා; කාමාති උද‍්දානතො ද‍්වෙ කාමා වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. සඞ‍්ගාති සත‍්ත සඞ‍්ගා: රාගසඞ‍්ගො දොසසඞ‍්ගො මොහසඞ‍්ගො මානසඞ‍්ගො දිට‍්ඨිසඞ‍්ගො කිලෙසසඞ‍්ගො දුච‍්චරිතසඞ‍්ගො. ලොකෙති අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ; සඞ‍්ගං ලොකෙ දුරච‍්චයන‍්ති යො කාමෙ ච සඞ‍්ගෙ ච ලොකෙ දුරච‍්චයෙ දුරතිවත‍්තෙ දුත‍්තරෙ දුප‍්පතරෙ දුස‍්සමතික‍්කමෙ දුබ‍්බිනිවත‍්තෙ අතරි උත‍්තරි පතරි සමතික‍්කමි විනිවත‍්තයීති - යො ච කාමෙ අච‍්චතරි සඞ‍්ගං ලොකෙ දුරච‍්චයං.

යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං - ‘යො’ යනු යම්බඳු යම් යෝග ඇති (නවකම් ආදියෙන්) යථාවිහිත වූ යම් ප්‍රකාර ඇති යම් තනතුරකට පැමිණි යම් ධර්‍මයකින් යුක්ත වූ ක්‍ෂුත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ; කාම නම්: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි කාමයෝ දෙදෙනෙකි: … මොහු ක්ලේශකාමයෝ යයි කියනු ලැබෙත්. සඞ්ග නම්: සඞ්ගයෝ සතෙකි: රාගසඞ්ග යැ ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතසඞ්ග යැයි. ලෝකේ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි; දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි; සඞ්ගං ලෝකේ දුරච්චයං - යමෙක් ලොවැ පසු කළ නො හැකි, ඉක්මැවියැ නො හැකි, තරණය කළ නො හැකි වෙසෙසින් තරණය කළ නො හැකි, දුකසේ ඉක්මැවියැ යුතු, දුකසේ නැවැත්වියැ යුතු කාමයන් ද සඞ්ගයන් ද තරණය කෙළේ උත්තරණය කෙළේ ඉක්මැ වූයේ වෙසෙසින් නැවැත්වී නුයි ‘යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං’ යනු වේ.

න සො සොචති නාජ‍්ඣෙතීති - විපරිණතං වත්‍ථුං න සොචති; විපරිණතස‍්මිං වා වත්‍ථුස‍්මිං න සොචති; ‘චක‍්ඛුං මෙ - විපරණත’න‍්ති න සොචති; සොතං මෙ - ඝානං මෙ - ජිව‍්හා මෙ - කායො මෙ - රූපා මෙ - සද‍්දා මෙ - ගන්‍ධා මෙ - රසා මෙ - ඵොට‍්ඨබ‍්බා මෙ - කුලං - මෙ ගණො මෙ ආවාසො මෙ - ලාභො මෙ - යසො මෙ - පසංසා මෙ - සුඛං මෙ - චීවරං මෙ - පිණ‍්ඩපාතො මෙ - සෙනාසනං මෙ - ගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරා මෙ - මාතා මෙ - පිතා මෙ - භාතා මෙ - භගිනී මෙ - පුත‍්තො මෙ - ධීතා මෙ - මිත‍්තා මෙ - අමච‍්චා මෙ - ඤාතී මෙ - සාලොහිතා මෙ විපරිණතාති ‘න සොචති, ‘න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිංකන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජතීති න සොචති; නාජ‍්ඣෙතීති - නාජ‍්ඣෙති න අජ‍්ඣෙති න උපනිජ‍්ඣායති, න නිජ‍්ඣායති, න පජ‍්ඣායති, අථවා න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජතීති නාජ‍්ඣෙතීති - ‘න සො සොචති නාජ‍්ඣෙති.

න සො සොචති නාජ්ඣෙති - විපරිණත (-පෙරැළුණු) වස්තුවට ශෝක නො කෙරෙයි, වස්තුව විපරිණත කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස පෙරැළිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන - මාගේ නැහැය - මාගේ දිව - මාගේ කය - මාගේ රූපයෝ - මාගේ ශබ්දයෝ - මාගේ ගන්‍ධයෝ - මාගේ රසයෝ - මාගේ ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - මාගේ ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත්පිරිකර - මාගේ මව - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - ධීතෘව - මිත්‍රයෝ - සගයෝ - නෑයෝ මාගේ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘න සොචති’ යනු වේ. නාජ්ඣෙති යනු: නො සිතයි, ‘සමීපව නො සිතයි, අනෙකප්‍රකාරයෙන් නො සිතයි, අතිශයින් නො සිතයි; නොහොත් නූපදී, නො දිරයි, නො මැරෙයි, ච්‍යුත නො වෙයි, ප්‍රතිසන්‍ධියට නො පැමිණේ යයි නො සිතා නුයි ‘න සො සොචති නාජ්ඣෙති’ යනු වේ.

ඡින‍්නසොතො අබන්‍ධනොති - ‘සොතා’ වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; යස‍්සෙසා සොතා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪා; සො වුච‍්චති ඡින‍්නසොතො; අබන්‍ධනොති රාගබන්‍ධනං දොසබන්‍ධනං මොහබන්‍ධනං මානබන්‍ධනං දිට‍්ඨිබන්‍ධනං කිලෙසබන්‍ධනං දුච‍්චරිතබන්‍ධනං, යස‍්සෙතානි බන්‍ධනානි පහීනානි සමුච‍්ඡින‍්නානි -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪානි; සො වුච‍්චති අබන්‍ධනොති ඡින‍්නසොතො අබන්‍ධනො.

ජින්නසොතො අබන්‍ධනො - ‘සෝතා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ‘සෝත’ නම් වූ තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී ද; හෙතෙම ‘ජින්නසොත’ යී කියනු ලැබෙයි. අබන්‍ධනො යනු: රාගබන්‍ධන යැ ද්වෙෂබන්‍ධන යැ මොහබන්‍ධන යැ මානබන්‍ධන යැ දෘෂ්ටිබන්‍ධන යැ ක්ලේශබන්‍ධන යැ දුශ්චරිතබන්‍ධන යැ යන තෙල බන්‍ධනයෝ යමක්හු විසින් ප්‍රහීණ කරන ලද්දාහු ද සමුච්ඡින්න වූවාහු ද … ඥතාග්නීන් දවන ලද්දාහු ද: හෙතෙම ‘අබන්‍ධන’ යයි කියනු ලැබේ නුයි ‘ජින්නසොතො අබන්‍ධනො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යො ‘ධ කාමෙ අච‍්චතරි සඞ‍්ගං ලොකෙ දුරච‍්චයං, න සො සොචති නාජ‍්ඣෙති ඡින‍්නසොතො අබන්‍ධනො”ති.

“යො ච කාමෙ අච්චතරි -පෙ- ජින්නසොතො අබන්‍ධනො” යී.