15. 13
15. 13.
15. 13.
ස වෙ විද්වා ස වෙදගූ ඤත්‍වා ධම්මං අනිස‍්සිතො, සම‍්මා සො ලොකෙ ඉරීයානො න පිහෙතීධ කස‍්සචි.
අනිත්‍යාදිවශයෙන් සංස්කෘත ධර්‍මයන් දැන තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම සතර මාර්‍ගඥානවේදයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්‍වලෝකයෙහි මැනැවින් ඉරියවු පවත්වනුයේ මෙලොවැ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ.
ස වෙ විද්වා ස වෙදගූති - ‘විද‍්වා’ති විද‍්වා විජ‍්ජාගතො ඤාණී විභාවී මෙධාවී; ‘වෙදගූ’ති වෙදා වුච‍්චන‍්ති චතුසු මග‍්ගෙසු ඤාණං -පෙ- සබ‍්බවෙදනාසු වීතරාගො සබ‍්බං වෙදමතිච‍්ච වෙදගූ සොති - ස වෙ විද්වා ස වෙදගූ.
ස වෙ විද්වා ස වේදගු - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැත්තේ වීමංසන ප්‍රඥා ඇත්තේ ධාරණ ප්‍රඥා ඇත්තේ; වේදගු යනු: යැයි සතර මාර්‍ගඥානය වේදයෝ කියනු ලැබෙති, … සියලු ශාස්ත්‍රවෙදය ඉක්මවා සියලු වේදනාවන්හි පහවූ ඡන්‍දරාග ඇති හෙතෙම වේදගු වේ යයි ‘ස වෙ විද්වා ස වේදගු’ යනු වේ.
ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතොති - ‘ඤත්‍වා’ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා: ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; අනිස‍්සිතොති ද‍්වෙ නිස‍්සයා: තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච. -පෙ- අයං තණ‍්හානිස‍්සයො -පෙ- අයං දිට‍්ඨිනිස‍්සයො. තණ‍්හානිස‍්සයං පහාය දිට‍්ඨිනිස‍්සයං පටිනිස‍්සජිත්‍වා චක‍්ඛුං අනිස‍්සිතො සොතං අනිස‍්සිතො - ඝානං අනිස‍්සිතො -පෙ- දිට‍්ඨ - සුත - මුත - විඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ අනිස‍්සිතො අනල‍්ලීනො අනුපගතො අනජ‍්ඣොසිතො අනධිමුත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - ඤත්‍වා ධම්මං අනිස්සිතො.
ඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට: ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනැගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, අනිස්සිතො යනු: නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’ යි … මේ දෘෂ්ටිනිඃශ්‍රය යි, තෘෂ්ණානිඃශ්‍රය හැරදමා, දෘෂ්ටිනිග්‍රහය දුරලා, ඇස ඇසුරු නො කෙළේ - කන ඇසුරු නො කෙළේ - නැහැය ඇසුරු නො කෙළේ … දෘෂ්ට - ශ්‍රැත - මුත - විඥාතව්‍යධර්‍මයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අනිඃශ්‍රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ (එයින්) නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.
සම‍්මා සො ලොකෙ ඉරීයානොති - යතො අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්‍දරාගො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, එත‍්තාවතාපි සම‍්මා ලොකෙ චරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති; යතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, එත‍්තාවතාපි සම‍්මා ලොකෙ චරති විහරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙතීති සම‍්මා සො ලොකෙ ඉරීයානො,
සම්මා සො ලෝකේ ඉරීයානො - යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ වේ ද, උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වේ ද, මෙතෙකිනු දු මනාකොට ලෝකයෙහි හැසිරෙයි, ඉරියවු පවත්වයි, වැටෙයි, රැකෙයි යැපෙයි යාපනය වේ. යම් තැනෙක සිට පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වෙත් ද, උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කළාහු අනභාවය කළාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු ලොවැ මැනැවින් හැසිරෙයි, වෙසෙයි, ඉරියවු පවත්වයි, වැටෙයි, රැකෙයි යැපෙයි යාපනය වේ නුයි ‘සම්මා සො ලෝකේ ඉරීයානො’ යනු වේ.
න පිහෙතීධ කස‍්සචීති - ‘පිහා වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; යස‍්සෙසා පිහා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා; සො කස‍්සචි න පිහෙති ඛත‍්තියස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා වෙස‍්සස‍්ස වා සුද‍්දස‍්ස වා ගහට‍්ඨස‍්ස වා පබ‍්බජිතස‍්ස වා දෙවස‍්ස වා මනුස‍්සස‍්ස වාති - න පිහෙතීධ කස‍්සචි.
න පිහෙතීධ කස්සචි - ‘පිහා’ යි තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් අධිකරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් තෙල පිහා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී නසන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ක්‍ෂත්‍රියයකුට හෝ බමුණකුට හෝ වෛශ්‍යයකුට හෝ ශුද්‍රයකුට හෝ ගිහියකුට හෝ පැවිද්දකුට හෝ දෙවියකුට හෝ මිනිසකුට හෝ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ නුයි ‘න පිහෙතීධ කස්සචි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ස චෙ විද‍්වා ස වෙදගූ ඤත්‍වා ධම්මං අනිස‍්සිතො. සම‍්මා සො ලොකෙ ඉරීයානො න පිහෙතීධ කස‍්සචී”ති.
“ස වෙ විද්වා ස වේදගු -පෙ- න පිහෙතීධ කස්සචි” යී.