යෙදුමෙන් කියවන්න

5. 1

5. 1.

5. 1.

පරමන‍්ති දිට‍්ඨීසු පරිබ‍්බසානො යදුත‍්තරිං කුරුතෙ ජන‍්තු ලොකෙ, හීනාති අඤ‍්ඤෙ තතො සබ‍්බමාහ තස‍්මා විවාදානි අවීතිවත‍්තො.

ලොවැ යම් සත්ත්‍වයෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැයි ගෙන තමන් තමන් ගේ දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයකින් තමා ගේ ශාස්තෘ ආදිය උතුමැයි කියා ද, එයින් අන්‍ය වූ සියල්ල හීන යැයි කියා ද, එහෙයින් හෙතෙම දෘෂ්ටිවිවාදයන් නො ඉක්මැ වූයේ වේ.

පරමන‍්ති දිට‍්ඨීසු පරිබ‍්බසානොති - සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා දිට‍්ඨිගතිකා, තෙ ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතානං අඤ‍්ඤතරඤ‍්ඤතරං දිට‍්ඨිගතං ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති ගහෙත්‍වා උග‍්ගහෙත්‍වා ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වා සකාය සකාය දිට‍්ඨියා වසන‍්ති ආවසන‍්ති පරිවසන‍්ති, යථා අගාරිකා වා ඝරෙසු වසන‍්ති, සාපත‍්තිකා වා ආපත‍්තීසු වසන‍්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන‍්ති, එවමෙව සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා දිට‍්ඨිගතිකා, තෙ ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතානං අඤ‍්ඤතරඤ‍්ඤතරං දිට‍්ඨිගතං ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති ගහෙත්‍වා උග‍්ගහෙත්‍වා ගණ‍්හිත්‍වා අභිනිවිසිත්‍වා සකාය සකාය දිට‍්ඨියා වසන‍්ති ආවසන‍්ති පරිවසන‍්තීති ‘පරමන‍්ති දිට‍්ඨීසු පරිබ‍්බසානො.’

පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො - දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණ බමුණුකෙනෙක් වෙති, ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ ප්‍රධාන යැ උත්තම යැ ප්‍රවර යැයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට තමන් තමන් ගේ දෘෂ්ටියෙහි වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්; යම් සේ ගිහිගේ වැසියෝ තමන් ගේ ගෙවල (නිසැකව) වෙසෙත් ද, ආපත්ති බහුල වූවෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ කෙලෙස්හි පිවිසැ වෙසෙත් ද, එසෙයින් මැ දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ; ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ‘මේ පරම යැ අග්‍ර යැ...ප්‍රවර ය’යි ගෙන... අභිනිවේශය කොට තමන් තමන්‍ ගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති සර්‍වාකාරයෙන් වෙසෙත් නුයි ‘පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො’ යනු වේ.

යදුත‍්තරිං කුරුතෙ ජන‍්තු ලොකෙති - ‘යදූ’ති යං; උත‍්තරිං කුරුතෙති උත‍්තරිං කරොති අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං කරොති - අයං සත්‍ථා සබ‍්බඤ‍්ඤූති උත‍්තරිං කරොති අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං කරොති. අයං ධම‍්මො ස‍්වාක‍්ඛාතො, අයං ගණො සුපටිපන‍්නො, අයං දිට‍්ඨි භද‍්දිකා, අයං පටිපදා සුපඤ‍්ඤත‍්තා, අයං මග‍්ගො නිය්‍යානිකොති උත‍්තරිං කරොති අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං කරොති නිබ‍්බත‍්තෙති; අභිනිබ‍්බත‍්තෙති; ජන‍්තූති සත‍්තො නරො -පෙ- මනුජො; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යදුත‍්තරිං කුරුතෙ ජන‍්තු ලොකෙ.’

යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ - ‘යද’ යනු යම් හෙයකින්; උත්තරිං කුරුතෙ - අතිරේක කෙරෙයි, අග්‍ර - ශ්‍රේෂ්ඨ - විශිෂ්ට - ප්‍රමුඛ - උත්තම - ප්‍රවර කෙරෙයි: ‘මේ ශාස්තෘ තෙමේ සර්‍වඥ ය’යි අතිරේක කෙරෙයි... ප්‍රවර කෙරෙයි ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මේ දෘෂ්ටි තොමෝ භද්‍ර වූ යැ, මේ ප්‍රතිපදා තොමෝ සුප්‍රඥප්ත යැ, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි අතිරේක කෙරෙයි, අග්‍ර...ප්‍රවර කෙරෙයි, නිපදවයි වෙසෙසින් නිපදවයි; ජන්තු - සත්ත්‍ව නර...මනුජ තෙමේ; ලෝකේ - අපායලෝකයෙහි… ආයතනලෝකයෙහි නුයි ‘යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.

හීනාති අඤ‍්ඤෙ තතො සබ‍්බමාහාති - අත‍්තනො සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං ඨපෙත්‍වා සබ‍්බෙ පරවාදෙ ඛිපති උක‍්ඛිපති පරික‍්ඛිපති: සො සත්‍ථා න සබ‍්බඤ‍්ඤූ, ධම‍්මො න ස‍්වාක‍්ඛාතො, ගණො න සුපටිපන‍්නො, දිට‍්ඨි න භද‍්දිකා, පටිපදා න සුපඤ‍්ඤත‍්තා, මග‍්ගො න නිය්‍යානිකො, න තත්‍ථ සුද‍්ධි වා විසුද‍්ධි වා පරිසුද‍්ධි වා මුත‍්ති වා විමුත‍්ති වා පරිමුත‍්ති වා, නත්‍ථෙත්‍ථ සුජ‍්ඣන‍්ති වා විසුජ‍්ඣන‍්ති වා පරිසුජ‍්ඣන‍්ති වා, මුච‍්චන‍්ති වා, විමුච‍්චන‍්ති වා පරිමුච‍්චන‍්ති වා, හීනා නිහීනා ඔමකා ලාමකා ඡත‍්තකා පරිත‍්තාති එවමාහ එවං කථෙති එවං භණති එවං දීපයති එවං වොහරතීති ‘හීනාති අඤ‍්ඤෙ තතො සබ‍්බමාහ. ‘

හිනාති අඤ්ඤෙ තතො සබ්බමාහ - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් හැරදමයි බැහර කෙරෙයි පරාඞ්මුඛ කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් විශුද්ධියක් පරිශුද්ධියක් හෝ මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් හෝ නැත; එහි පැවිද්දෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; හීන - නිහීන - ඔමක - ලාමක වූවාහ, හරන ලද්දාහ, අල්ප වූවාහ’යි මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ’ යනු වේ.

තස‍්මා විවාදානි අවීතිවත‍්තොති - ‘තස‍්මා’ති තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තන‍්නිදානා; විවාදානීති දිට‍්ඨිකලහානි දිට‍්ඨිභණ‍්ඩනානි දිට‍්ඨිවිග‍්ගහානි දිට‍්ඨිවිවාදානි දිට‍්ඨිමෙධගානි; අවීතිවත‍්තොති අනතික‍්කන‍්තො අසමතික‍්කන‍්තො අවීතිවත‍්තොති තස‍්මා විවාදානි අවීතිවත‍්තො.

තස්මා විවාදානි අවීතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; විවාදානි දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන්; අවීතිවත්තො - නො ඉක්මැ වූයේ මොනොවට නො ඉක්මැ වූයේ බැහැර නො කෙළේ නුයි ‘තස්මා විවාදානි අවීතිවත්තො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පරමන‍්ති දිට‍්ඨීසු පරිබ‍්බසානො යදුත‍්තරිං කුරුතෙ ජන‍්තු ලොකෙ, හීනාති අඤ‍්ඤෙ තතො සබ‍්බමාහ තස‍්මා විවාදානි අවීතිවත‍්තො”ති.

“පරමන්ති දිට්ඨීසු -පෙ- අවීතිවත්තො” යී.