4. 8
4. 8.
4. 8.
සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග‍්ගහීතං, න රාගරාගී න විරාගරත‍්තො තස‍්සීධ නත්‍ථි පරමුග‍්ගහීතං.
ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව තෙමෙ චතුර්විධ ක්ලෙශසීමාව ඉක්මවූයේ යැ, බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ යැ, ඒ ක්‍ෂීණාශ්‍රව හට පරසිත් දන්නා නුවණින් පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණින් දැන හෝ මසැසින් හා දිවැසින් දැක හෝ මොනොවට බැස ගන්නා ලද්දක් නැත. තවද හෙතෙම කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සඞ්ඛ්‍යාත විරාගයෙන් රත්ක වූයේ නො වෙයි. ඔහුට මෙලොවැ උතුමැයි දැඩිව ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග‍්ගහීතන‍්ති’ - සීමාති චතස‍්සො සීමායො: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො තදෙකට‍්ඨා ච කිලෙසා, අයං පඨමා සීමා. ඔළාරිකං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො තදෙකට‍්ඨා ච කිලෙසා, අයං දුතියා සීමා. අණුසහගතං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො තදෙකට‍්ඨා ච කිලෙසා, අයං තතියා සීමා. රූපරාගො අරූපරාගො මානො උද‍්ධච‍්චං අවිජ‍්ජා මානානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො තදෙකට‍්ඨා ච කිලෙසා, අයං චතුත්‍ථා සීමා. යතො ච චතුහි අරියමග‍්ගෙහි ඉමා චතස‍්සො සීමායො අතික‍්කන‍්තො හොති සමතික‍්කන‍්තො වීතිවත‍්තො, සො වුච‍්චති සීමාතිගො. බ්‍රාහ‍්මණොති - සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො; සක‍්කායදිට‍්ඨි බාහිතා හොති, විචිකිච‍්ඡා බාහිතා හොති, සීලබ‍්බතපරාමාසො බාහිතො හොති -පෙ- අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා. තස‍්සාති අරහතො ඛීණාසවස‍්ස; ඤත්‍වාති පරචිත‍්තඤාණෙන වා ඤත්‍වා, පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන වා ඤත්‍වා; දිස‍්වාති - මංසචක‍්ඛුනා වා දිස‍්වා, දිබ‍්බචක‍්ඛුනා වා දිස‍්වා; ‘සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග‍්ගහීත’න‍්ති - තස‍්ස ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අධිමුත‍්තං නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති ‘සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග‍්ගහීතං’.
සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග්ගහීතං - ‘සීමා’ යනු: සතර සීමාවෙකි: සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ ඔවුන් හා (සහජෛකාත්ව විසින්) එක් වැ සිටි කෙලශයෝ යැ යන මේ ප්‍රථම සීමා යැ; ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ, ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ දෙවැනි සීමා යැ; අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ තෙවැනි සීමා යැ, රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිජ්ජා යැ, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ, ඔවුන් හා සහජෛකස්ථ විසින් එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ සතරවැනි සීමා යි. සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් මේ සතර කෙලෙස් සීමාවන් ඉක්මවූ වෙසෙසින් ඉක්මවූ අත්‍යන්තයෙන් ඉක්මවූ තැන් සිට හෙතෙම ‘සීමාතිග’ යයි කියනු ලැබේ. බ්‍රාග්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් ‘බ්‍රාහ්මණ’ යැ; සත්කායදෘෂ්ටිය බාහිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය බාහිත වෙයි...තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත වූ අටලෝදහම්හි තාදී වූ හෙතෙම ‘බ්‍රාහ්මණ’ යයි කියනු ලැබේ. තස්ස - රහත් හට ක්ෂීණාශ්‍රවහට; ඤත්‍වා - පරචිත්තඥානයෙන් හෝ දැන පුර්‍වනිවාසානුස්මෘති ඥානයෙන් හෝ දැන; දිස්වා - මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක; “සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග්ගහීතං” - ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ වෙසෙසින් ශ්‍රේෂ්ඨ යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමෘෂ්ට වූ අභිනිවේශය කළ අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත, අවිද්‍යාමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුප්ශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤාත්වා ච දිස්වා ච සමුග්ගහීතං’ යනු වේ.
න රාගරාගී න විරාගරත‍්තොති - රාගරත‍්තා වුච‍්චන‍්ති යෙ පඤ‍්චසු කාමගුණෙසු රත‍්තා ගිද‍්ධා ගථිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධා; විරාගරත‍්තා වුච‍්චන‍්ති යෙ රූපාවචරඅරූපාවචරසමාපත‍්තීසු රත‍්තා ගිද‍්ධා ගථිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධා; ‘න රාගරාගී න විරාගරත‍්තො’ති යතො කාමරාගො ච රූපරාගො ච අරූපරාගො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, එත‍්තාවතා ‘න රාගරාගී න විරාගරත‍්තො. ‘
න රාගරාගී න විරාගරත්තො - පස්කම්ගුණයෙහි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලැගුණාහු ඇවුරුණාහු ‘රාගරත්ත’ යයි කියනු ලැබෙති; රුවාරූ සමවත්හි ඇලුණාහු...ඇවුරුණාහු ‘විරාගරත්ත’ යයි කියනු ලැබෙත්. ‘න රාගරාගී න විරාගරත්තො’ - යම් තැනෙක සිට කාමරාගය ත් රූපරාගය ත් අරූපරාගය ත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවය කරන ලද්දාහු නැවත නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද; මෙතෙකින් ‘න රාගරාගී න විරාගරත්ත’ නම් වේ.
තස‍්සීධ නත්‍ථි පරමුග‍්ගහීතන‍්ති - ‘තස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස; තස‍්ස ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති ‘තස‍්සීධ නත්‍ථි පරමුග‍්ගහීතං.’
තස්සීධ නත්‍ථි පරමුග්ගහීතං - ‘තස්ස’ - රහත් හට, ක්‍ෂීණාස්‍රව හට; ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගෘහීත වූ පරාමෘෂ්ට වූ අභිනිවිෂ්ට අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත අවිද්‍යාමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුපශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි -තස්සීධ නත්‍ථි පරමුග්ගහීතං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග‍්ගහීතං, න රාගරාගී න විරාගරත‍්තො, තස‍්සීධ නත්‍ථි පරමුග‍්ගහීතං” න‍්ති.
“සීමාතිගො -පෙ- පරමුග්ගහීතං” යී.
සුද‍්ධට‍්ඨකසුත‍්තනිද‍්දෙසො චතුත්‍ථො.
සතරවැනි සුද්ධට්ඨක සූත්‍රනිර්දේශය යි.