යෙදුමෙන් කියවන්න

5. 3

5. 3.

5. 3.

තං චාපි ගන්‍ථං කුසලා වදන‍්ති යන‍්නිස‍්සිතො පස‍්සති හීනමඤ‍්ඤං, තස‍්මා හි දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං භික‍්ඛු න නිස‍්සයෙය්‍ය.

මෙසේ දක්නේ තමාගේ යම් ශාස්තෘ ආදියක් ඇසිරු කරන ලදුයේ නම්, එයින් අන්‍ය වූ පරශාස්තෘ ආදිය ලාමක කොට දක්නේය. ඒ දර්‍ශනය ද ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණ වූවාහු බන්‍ධනයෙකැයි කියති. එහෙයින් ම මහණ තෙමේ රූපාලම්බනය හෝ ශබ්දාලම්බනය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ ශීලව්‍රතසඞ්ඛ්‍යාත ධර්‍මාලම්බන හෝ ඇසුරු නො කරන්නේ යි.

තං චාපි ගන්‍ථං කුසලා වදන‍්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්‍ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච‍්චසමුප‍්පාදකුසලා සතිපට‍්ඨානකුසලා සම‍්මප‍්පධානකුසලා ඉද‍්ධිපාදකුසලා ඉන්‍ද්‍රියකුසලා බලකුසලා බොජ‍්ඣඞ‍්ගකුසලා මග‍්ගකුසලා ඵලකුසලා නිබ‍්බානකුසලා. තෙ කුසලා එවං වදන‍්ති: ගන්‍ථො එසො, ලග‍්ගනං එතං, බන්‍ධනං එතං, පළිබොධො එසොති එවං වදන‍්ති එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති - ‘තං චාපි ගන්‍ථං කුසලා වදන‍්ති. ‘

තං චාපි ගන්‍ථං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් කෙනෙක් රූපාදි පඤ්චස්කන්‍ධයෙහි නිපුණ වූවාහු ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු ද, ඒ නිපුණයෝ මෙසේ කියති: (එසේ දක්නාවුන්ට) තෙල ග්‍රන්‍ථයෙක, තෙල (නාගදන්තයක මෙන්) යටට එල්බීමෙක, තෙල බන්‍ධයෙක, තෙල (සසරින් නික්මැ යා නො දෙන හෙයින්) පළිබොධයෙකැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තං චාපි ගන්‍ථං කුසලා වදන්ති’ යනු වේ.

යං නිස‍්සිතො පස‍්සති හීනමඤ‍්ඤන‍්ති - ‘යං නිස‍්සිතො’ති යං සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං නිස‍්සිතො සන‍්නිස‍්සිතො අල‍්ලීනො උපගතො අජ‍්ඣොසිතො අධිමුත‍්තො; පස‍්සති හීනමඤ‍්ඤන‍්ති අඤ‍්ඤං සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත‍්තකතො පරිත‍්තතො දිස‍්සති පස‍්සති දක‍්ඛති ඔලොකෙති නිජ‍්ඣායති උපනිජ‍්ඣායති උපපරික‍්ඛතීති - ‘යං නිස‍්සිතො පස‍්සති හීනමඤ‍්ඤං.’

යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං - ‘යං නිස්සීතො’ - යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කෙළේ මොනොවට ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ ඇතුළත් වූයේ බැසගත්තේ වේ ද; පස්සති හීනමඤ්ඤං - අන්‍ය ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හීනහෙයින් පහත්හෙයින් ලාමකහෙයින් ප්‍රත්‍යයහීනහෙයින් අල්පහෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි පුනපුනා සිතයි පිරික්සා නුයි ‘යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං’ යනු වේ.

තස‍්මා හි දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං භික‍්ඛු න නිස‍්සයෙය්‍යාති ‘තස‍්මා’ති තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තං නිදානා - දිට‍්ඨං වා දිට‍්ඨසුද‍්ධිං වා සුතං වා සුතසුද‍්ධිං වා මුතං වා මුතසුද‍්ධිං වා සීලං වා සීලසුද‍්ධිං වා වතං වා වතසුද‍්ධිං වා න නිස‍්සයෙය්‍ය න ගණ‍්හෙය්‍ය න පරාමසෙය්‍ය න අභිනිවිසෙය්‍යාති - ‘තස‍්මා හි දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං භික‍්ඛු න නිස‍්සයෙය්‍ය.’

තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය - ‘තස්මා’ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් රූපායතනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශබ්දායතනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනය හෝ මුතශුද්ධිය හෝ ශීලය හෝ ශීලශුද්ධිය හෝ ව්‍රතය හෝ ව්‍රතශුද්ධිය හෝ නො ඇසිරු කරන්නේ ය නො ගන්නේ ය පරාමර්‍ෂණය නො කරන්නේ ය අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තංචාපි ගන්‍ථං කුසලා වදන‍්ති යං නිස‍්සිතො පස‍්සති හීනමඤ‍්ඤං, තස‍්මා හි දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං භික‍්ඛු න නිස‍්සයෙය්‍යා”ති.

“තං වාපි ගන්‍ථං කුසලා වදන්ති -පෙ- භික්ඛු න නිස්සයෙය්‍ය” යී.