5. 4
5. 4.
5. 4.
දිට්ඨිම්පි ලොකස‍්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි, සමොති අත‍්තානමනූපනෙය්‍ය හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි.
හුදෙක් ඒ මහණ දෘෂ්ටි-ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලොවැ නූපන් දෘෂ්ටිය ද සමාපත්ත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුයෙන් ‘මම් සදෘශයෙමී’ තමා (මානවශයෙන්) නො සිතන්නේ ය, - හීනයෙමී’ ද නො සිතන්නේ යි.
දිට‍්ඨිම‍්පි ලොකස‍්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපීති අට‍්ඨසමාපත‍්තිඤාණෙන වා පඤ‍්චාභිඤ‍්ඤාඤාණෙන වා මිච‍්ඡාඤාණෙන වා සීලෙන වා වතෙන වා සීලබ‍්බතෙන වා දිට‍්ඨිං න කප‍්පයෙය්‍ය න ජනෙය්‍ය න සඤ‍්ජනෙය්‍ය න නිබ‍්බත‍්තෙය්‍ය නාභිනිබ‍්බත‍්තෙය්‍ය; ලොකස‍්මින‍්ති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - දිට‍්ඨිම‍්පි ලොකස‍්මිං න කප‍්පයෙය්‍ය.
දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥාඥානයෙහ් හෝ විපරීතඥානයෙන් හෝ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ දෘෂ්ටිය නූපදවන්නේ ය මොනොවට නූපදවන්නේ ය මැනවින් නූපදවන්නේ ය. ලෝකස්මිං - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය’ යනු වේ.
ඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත‍්තානමනූපනෙය්‍යාති සදිසොහමස‍්මීති අත‍්තානං න උපනෙය්‍ය ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනාති ‘සමොති අත‍්තානමනූපනෙය්‍ය. ‘
ඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත්තාන මනූපනෙය්‍ය - ‘මම් සදෘශයෙමී, තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභාණයෙන් හෝ අන්‍යතර අන්‍යතරවස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘සමොති අත්තානමනූපනෙය්‍ය’ යනු වේ.
හීනො න මඤ්ඤෙථ විසෙසි වාපීති - ‘හීනොහමස‍්මී’ති අත‍්තානං න උපනෙය්‍ය ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා, ‘සෙය්‍යොහමස‍්මී’ති අත‍්තානං න උපනෙය්‍ය ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනාති ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි.’
හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි - ‘මම් හීනයෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ ය, ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“දිට‍්ඨිම‍්පි ලොකස‍්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි, සමොති අත‍්තානමනූපනෙය්‍ය හීනො න මඤ්ඤෙථ විසෙසි වාපී”ති.
“දිට්ඨිම්පි ලෝකස්මිං -පෙ- හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි” යී.