5. 5
5. 5.
5. 5.
අත්තං පහාය අනුපාදියානො ඤාණෙපි සො නිස්සයං නො කරොති, ස වෙ වියත්තෙසු න වග‍්ගසාරී දිට‍්ඨිම‍්පි සො න පච්චෙති කිඤ‍්චි.
හෙතෙම (පෙර ගන්නා ලද) ආත්මලබ්ධිය ප්‍රහාණය කොට (අනෙකක් චතුරුපාදානයෙන්) නො ගන්නේ (උක්තප්‍රකාර) ඥානයෙහි පවා තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. (තවද) හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටිවශයෙන් වෙන් වැ ගිය සත්ත්‍වයන් කෙරෙහි (ඡන්‍දාදිවශයෙන්) නො යන ස්වභාව ඇතියේ වෙයි. හෙතෙම (දෙසැට දිටු අතුරෙන්) කිසි දෘෂ්ටියකට ද නො පැමිණෙන්නේ වේ.
අත‍්තං පහාය අනුපාදියානොති - ‘අත‍්තං පහායා’ති අත‍්තදිට‍්ඨිං පහාය; ‘අත‍්තං පහායා’ති අත‍්තගාහං පහාය; ‘අත‍්තං පහායා’ති තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං පහාය පජහිත්‍වා විනොදයිත්‍වා බ්‍යන‍්තිං කරිත්‍වා අනභාවං ගමෙත්‍වාති - අත‍්තං පහාය; අනුපාදියානොති චතුහි උපාදානෙහි අනුපාදියමානො අගණ‍්හමානො අපරාමසමානො අනභිනිවිසමානොති ‘අත‍්තං පහාය අනුපාදියානො.
අත්තං පහාය අනුපාදියානො - ‘අත්තං පහාය’ - ආත්මදෘෂ්ටිය ප්‍රහාණය කොට; අත්තං පහාය - ආත්මග්‍රාහය ප්‍රහාණය කොට; අත්තං පහාය - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද හාත්පසින් ආමර්‍ශනය කරන ලද අභිනිවේශය කරන ලද ඇතුළු වැ සිටි බැසගන්නා ලද (ආත්මලබ්ධිය) ප්‍රහාණය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අභාවයට පමුණුවා නුයි - ‘අත්තං පහාය’ යනු වේ. අනුපාදියානො - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි - ‘අත්තං පහාය අනුපාදියානො’ යනු වේ.
ඤාණෙපි සො නිස්සයං නො කරොතීති අට‍්ඨසමාපත‍්තිඤාණෙ වා පඤ‍්චාභිඤ‍්ඤාඤාණෙ වා මිච‍්ඡාඤාණෙ වා තණ‍්හානිස‍්සයං වා දිට‍්ඨිනිස‍්සයං වා න කරොති න ජනෙති න සඤ‍්ජනෙති න නිබ‍්බත‍්තෙති නාභිනිබ‍්බත‍්තෙතීති - ‘ඤාණෙපි සො නිස්සයං නො කරොති.’
ඤාණෙපි සො නිස්සයං නො කරෝති - අෂ්ටසමාපත්තිඥානයෙහි හෝ පඤ්චාභිඥාඥානයෙහි හෝ මිත්‍ථ්‍යාඥානයෙහි හෝ තෘෂ්ණානිඃශ්‍රය හෝ දෘෂ්ටිනිඃශ්‍රය හෝ නො කෙරෙයි නො දනවයි සඤ්ජනනය නො කෙරෙයි නූපදවයි වෙසෙසින් නූපදවා නුයි - ‘ඤාණෙපි සො නිස්සං නො කරෝති’ යනු වේ.
ස වෙ වියත්තෙසු න වග‍්ගසාරීති ස වෙ වියත‍්තෙසු භින‍්නෙසු ද‍්වෙජ‍්ඣාපන‍්නෙසු ද‍්වෙළ‍්හකජාතෙසු නානාදිට‍්ඨිකෙසු නානාඛන‍්තිකෙසු නානාරුචිකෙසු නානාලද‍්ධිකෙසු නානාදිට‍්ඨිනිස‍්සයං නිස‍්සිතෙසු ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තෙසු දොසාගතිං ගච‍්ඡන‍්තෙසු මොහාගතිං ගච‍්ඡන‍්තෙසු භයාගතිං ගච‍්ඡන‍්තෙසු න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති; න රාගවසෙන ගච‍්ඡති, න දොසවසෙන ගච‍්ඡති, න මොහවසෙන ගච‍්ඡති, න මානවසෙන ගච‍්ඡති, න දිට‍්ඨිවසෙන ගච‍්ඡති, න උද‍්ධච‍්චවසෙන ගච‍්ඡති, න විචිකිච‍්ඡාවසෙන ගච‍්ඡති, න අනුසයවසෙන ගච‍්ඡති, න වග‍්ගෙහි ධම‍්මෙහි යායති නිය්‍යති වුය‍්හති සංහරීයතීති - ‘ස වෙ වියත්තෙසු න වග‍්ගසාරී’.
ස වෙ වියත්තෙසු න වග්ගසාරී - හෙතෙම ඒකාන්තයෙන් ව්‍යස්ත වූ භින්න වූ දෙකට බෙදුණු හටගත් සැක ඇති නානාදෘෂ්ටිකයන් කෙරෙහි නානාඛන්තිකයන් - නානාරුචිකයන් - නානාලබ්ධිකයන් කෙරෙහි නානාදෘෂ්ටිනිඃශ්‍රය ඇසුරු කළවුන් කෙරෙහි ඡන්‍දයෙන් අගතියට යනුවන්, ද්වේෂයෙන් - මෝහයෙන් - භයින් අගතියට යනුවන් කෙරෙහි ඡන්‍දාගතියට - ද්වෙෂාගතියට - මෝහාගතියට - භයාගතියට නො යෙයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචික්ත්සාවශයෙන් - අනුශයවශයෙන් - නො පැමිණෙයි, (ඡන්‍දාදිවශයෙන්) පැමිණෙන ධර්‍මයන් ගෙන් නො යැවෙයි නො පමුණුවනු ලැබෙයි වහනය සංහරණය නො කරනු ලැබේ නුයි - ‘ස වෙ වියත්තෙසු න වග්ගසාරී’ යනු වේ.
දිට‍්ඨිම‍්පි සො න පච‍්චෙති කිඤ‍්චීති තස‍්ස ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි; සො කිඤ‍්චි දිට‍්ඨිගතං න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති - ‘දිට‍්ඨිම‍්පි සො න පච්චෙති කිඤ‍්චි.’
දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, මොනොවට සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය, දුරලන ලද්දාහුය, උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය; හෙතෙම කිසි දෘෂ්ටිගතයකට නො පැමිණෙයි, පෙරළා නො පැමිණේ නුයි - ‘දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අත‍්තං පහාය අනුපාදියානො ඤාණෙපි සො නිස්සයං නො කරොති, ස වෙ වියත්තෙසු න වග‍්ගසාරී දිට‍්ඨිම‍්පි සො න පච‍්චෙති කිඤ‍්චී”ති.
“අත්තං පහාය -පෙ- සො න පච්චෙති කිඤ්චි” යී.