යෙදුමෙන් කියවන්න

5. 6

5. 6.

5. 6.

යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා, නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචි ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං.

යම් ක්‍ෂීණාස්‍රවයක් හට (පෙර කියන ලද) ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහි ද පුනපුනා භවය පිණිස ද ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි ද තෘෂ්ණා නැත්තේ ද, ඒ ක්‍ෂීණාස්‍රවහට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති; දෙසැටදිටුදහම්හි නිශ්චය කොට දැඩි ව ගන්නා ලද්දෙක් නැත්තේ යි.

යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වාති ‘යස‍්සාති’ අරහතො ඛීණාසවස‍්ස, අන‍්තොති ඵස‍්සො එකො අන‍්තො, ඵස‍්සසමුදයො දුතියො අන‍්තො; අතීතො එකො අන‍්තො, අනාගතො දුතියො අන‍්තො; සුඛා වෙදනා එකො අන‍්තො, දුක‍්ඛා වෙදනා දුතියො අන‍්තො; නාමං එකො අන‍්තො, රූපං දුතියො අන‍්තො; ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි එකො අන‍්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන‍්තො; සක‍්කායො එකො අන‍්තො, සක‍්කායසමුදයො දුතියො අන‍්තො; පණිධි වුච‍්චති තණ‍්හා යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; භවාභවායාති භවාභවාය කම‍්මභවාය පුනබ‍්භවාය, කාමභවාය කම‍්මභවාය, කාමභවාය පුනබ‍්භවාය, රූපභවාය කම‍්මභවාය, රූපභවාය පුනබ‍්භවාය, අරූපභවාය කම‍්මභවාය, අරූපභවාය පුනබ‍්භවාය පුනප‍්පුනභවාය පුනප‍්පුන ගතියා පුනප‍්පුන උප‍්පත‍්තියා පුනප‍්පුන පටිසන්‍ධියා පුනප‍්පුන අත‍්තභාවාභිනිබ‍්බත‍්තියා; ඉධාති සකත‍්තභාවො; හුරංති පරත‍්තභාවො; ඉධාති සකරූපවෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණං; හුරංති පරරූපවෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණං; ඉධාති ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි; හුරංති ඡ බාහිරානි ආයතනානි; ඉධාති මනුස‍්සලොකො; හුරංති දෙවලොකො; ඉධාති කාමධාතු; හුරංති රූපධාතු අරූපධාතු; ඉධාති කාමධාතු රූපධාතු; හුරංති අරූපධාතු.

යස්සූභයන්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා - ‘යස්ස’ යනු: අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවහට; ‘අන්ත’ නම්: ස්පර්‍ශය එක් අන්තයෙක ස්පර්‍ශසමුදය දෙවැනි අන්ත යයි, අතීතය එක් අන්තයෙක අනාගතය දෙවැනි අන්තය යි, සුඛවේදනාව එක් අන්තයෙක දුඃඛවේදනාව දෙවැනි අන්තය යි, නාමය එක් අන්තයෙක රූපය දෙවැනි අන්තය යි, ෂඩ්ආධ්‍යාත්මිකායතනයෝ එක් අන්තයෙක ෂඩ්වාහ්‍යායතනයෝ දෙවැනි අන්තය යි, සත්කාය එක් අන්තයෙක සත්කායසමුදය දෙවැනි අන්තය යි: ‘පණිධි’ යී රාග සංරාග...අභිධ්‍යා, ලෝභඅකුශලමූල නම් වූ තෘෂ්ණා කියනු ලබයි; භවාභවාය කාමභව - රූපභව - අරූපභවයන් සඳහා, කර්‍මවෘත්තවිපාකවෘත්තයන් සඳහා මතුමත්තෙහි භවය සඳහා පඤ්චගතිය - පුනපුන උත්පත්තිය ප්‍රතිසන්‍ධිය සඳහා නැවත නැවත ආත්මභාවය පහළවීම සඳහා; ඉධ යනු: සිය අත්බැව, හුරං යනු: පරඅත්බැව; ඉධ යනු: ස්වකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, හුරං යනු: පරකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, ඉධ යනු: සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ යැ, හුරං යනු: සවැදෑරුම් බාහ්‍යායතනයෝ යැ; ඉධ යනු: මිනිස්ලොව යැ, හුරං යනු: දෙව්ලොව යැ, ඉධ යනු: කාමධාතුව යැ, හුරං යනු: රූප-අරූපධාතු යැ; ඉධ යනු: කාම-රූපධාතු යැ, හුරං යනු: අරූපධාතුව යි.

යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වාති ‘යස‍්ස’ උභො අන‍්තෙ ච භවාභවාය ච ඉධ හුරං ච පණිධි තණ‍්හා නත්‍ථි න සන‍්ති, න සංවිජ‍්ජති, නූපලබ‍්භති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා.

යස්සූභයන්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා - යම් රහත් මහණක් හට ඵස්සාදි උභයාන්තයෙහි ද, කාමාදි භවය සඳහා ද, ස්ව-පරආත්මභාවාදියෙහි ද, ප්‍රාර්‍ත්‍ථනා තෘෂ්ණා නැද්ද නො වේ ද, අවිද්‍යමාන වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූවා සන්හිඳුණී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණ ගින්නෙන් නසන ලද්දී නුයි ‘යස්සූභයන්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා’ යනු වේ.

නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචීති - ‘නිවෙසනා’ති ද‍්වෙ නිවෙසනා තණ‍්හානිවෙසනා ච දිට‍්ඨිනිවෙසනා ච. -පෙ- අයං තණ‍්හානිවෙසනා. -පෙ- අයං දිට‍්ඨිනිවෙසනා; තස‍්සාති අරහතො ඛීණාසවස‍්ස, ‘නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචී’ති නිවෙසනා තස‍්ස කෙචි නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචි.

නිවෙසනා තස්ස න සන්ති කෙචි - ‘නිවෙසනා’ යනු, නිවේසන දෙකෙකි: තෘෂ්ණානිවෙසන ද දෘෂ්ටිනිවෙසන දැයි කියායි. ...තස්ස - රහත් ක්‍ෂීණාස්‍රවහට; නිවෙසනා තස්ස න සන්ති කෙචි’ යනු. ඔහුට කිසි නිවේසන කෙනෙක් නැත, නො වෙති, නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු සිඳුනා ලද්දාහු සන්හිඳුණාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි “නිවෙසනා තස්ස න සන්ති කෙචි” යනු වේ.

ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතන‍්ති - ‘ධම‍්මෙසූ’ති ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතෙසු; නිච‍්ඡෙය්‍යාති නිච‍්ඡිනිත්‍වා විචිනිත්‍වා පවිචිනිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; සමුග‍්ගහීතන‍්ති ඔධිග‍්ගාහො බිලග‍්ගාහො වරග‍්ගාහො කොට‍්ඨාසග‍්ගාහො උච‍්චයග‍්ගාහො සමුච‍්චයග‍්ගාහො ඉදං සච‍්චං තච‍්ඡං තථං භූතං යාථාවං අවිපරීතන‍්ති ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති - ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං.

ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙහි; නිච්ඡෙය්‍ය නිශ්චය කොට විනිශ්චය කොට විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - අවධිවශයෙන් කොටස් වශයෙන් - උත්තමවශයෙන් - කොට්ඨාසවශයෙන් - රාශිවශයෙන් - විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබැව තත්‍ථ්‍ය ය අවිපරිණාම ය විද්‍යමාන ය යථාස්වභාව ය අවිපරීත යයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේස කළ ඇතුළත් වූ බැසගන්නා ලද්දක් නැත, නො වෙයි අවිද්‍යමාන වෙයි, නො ලැබෙත්, ප්‍රහීණ ය මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද උපතට නුසුදුසු කරන ලද නුවණගින්නෙන් නසන ලද නුයි - ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ, බුදුහු:

“යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා, නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචි ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං”න‍්ති.

“යස්සූභයන්තෙ -පෙ- ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං” යී.