5. 7
5. 7.
5. 7.
තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ‍්ඤා, තං බ්රාහ්මණං දිට‍්ඨිමනාදියානං කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍ය.
ඒ රහත් මහණ හට රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූ ද සංඥාවෙන් උපදවන ලද දෘෂ්ටියෙක් නැත, මේ සත්ත්‍වලෝකයෙහි (තෘෂ්ණාමානදෘෂ්ටි විසින්) දෙසැටදිටු නො ගන්නාවූ ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි කවර ධර්‍මයෙකින් විකල්පනය කරන්නේ ද.
තස‍්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ‍්ඤාති ‘තස‍්සාති’ අරහතො ඛීණාසවස‍්ස, තස‍්ස දිට‍්ඨෙ වා දිට‍්ඨසුද‍්ධියා වා සුතෙ වා සුතසුද‍්ධියා වා මුතෙ වා මුතසුද‍්ධියා වා, සඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමතා සඤ‍්ඤාවිකප‍්පයතා, සඤ‍්ඤාවිග‍්ගහෙන සඤ‍්ඤාය උට‍්ඨපිතා සමුට‍්ඨපිතා කප‍්පිතා පකප‍්පිතා සඞ‍්ඛතා අභිසඞ‍්ඛතා සණ‍්ඨපිතා දිට‍්ඨි නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - තස‍්සීධ. දිට‍්ඨෙව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපිසඤ‍්ඤා.
තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ්ඤා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; රූපාලම්බනයෙහි හෝ, දෘෂ්ටශුද්ධියෙහි හෝ ශබ්දාලම්බනයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ, සංඥා පූර්‍වඞ්ගම කොට ඇති සංඥාවිකල්පන ඇති සංඥාවිග්‍රහයෙන් සංඥාවෙන් ඔසවන ලද මොනොවට ඔසවන ලද කල්පිත වූ ප්‍රකල්පිත වූ සකස් කරන ලද මොනොවට සකස් කරන ලද පිහිටුවන ලද දෘෂ්ටියෙක් නැත, නො වෙයි, විද්‍යාමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණා දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී නුයි - ‘තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ්ඤා’ යනු වේ.
තං බ්‍රාහ‍්මණං දිට‍්ඨිමනාදියානන‍්ති - බ්‍රාහ‍්මණොති සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො, සක‍්කායදිට‍්ඨි බාහිතා හොති, -පෙ- අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා; තං බ්‍රාහ‍්මණං දිට‍්ඨිමනාදියානන‍්ති - තං බ්‍රාහ‍්මණං දිට‍්ඨිමනාදියන‍්තං අගණ‍්හන‍්තං අපරාමසන‍්තං අනභිනිවිසන‍්තන‍්ති ‘තං බ්රාහ්මණං දිට‍්ඨිමනාදියානං’
තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත හෙයින් බ්‍රාහ්මණ යැ...(4. 3. සූත්‍රනිර්දේශය.) තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං - ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා දෘෂ්ටිය ආදානය නො කරනුවහු නො ගන්නහු පරාමර්‍ශනය නො කරනුවහු අභිනිවේශය නො කරනුවහු නුයි ‘තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං’යනු වේ.
කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍යාති - ‘කප‍්පා’ති ද‍්වෙ කප‍්පා: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච -පෙ- අයං තණ‍්හාකප‍්පො -පෙ- අයං දිට‍්ඨිකප‍්පො. තස‍්ස තණ‍්හාකප‍්පො පහීනො දිට‍්ඨිකප‍්පො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හාකප‍්පස‍්ස පහීනත‍්තා දිට‍්ඨිකප‍්පස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා. කෙන රාගෙන කප‍්පෙය්‍ය? කෙන දොසෙන කප‍්පෙය්‍ය? කෙන මොහෙන කප‍්පෙය්‍ය? කෙන මානෙන කප‍්පෙය්‍ය? කාය දිට‍්ඨියා කප‍්පෙය්‍ය? කෙන උද‍්ධච‍්චෙන කප‍්පෙය්‍ය? කාය විචිකිච‍්ඡාය කප‍්පෙය්‍ය? කෙහි අනුසයෙහි කප‍්පෙය්‍ය රත‍්තොති වා දුට‍්ඨොති වා මූළ‍්හොති වා විනිබද‍්ධොති වා පරාමට‍්ඨොති වා වික‍්ඛෙපගතොති වා අනිට‍්ඨං ගතොති වා ථාමගතොති වා? තෙ අභිසඞ‍්ඛාරා පහීනා, අභිසඞ‍්ඛාරානං පහීනත‍්තා ගතියා කෙන කප‍්පෙය්‍ය නෙරයිකොති වා තිරච‍්ඡානයොනිකොති වා පෙත‍්තිවිසයිකොති වා මනුස‍්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ‍්ඤීති වා අසඤ‍්ඤීති වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා? සො හෙතු නත්‍ථි පච‍්චයො නත්‍ථි කාරණං නත්‍ථි යෙන කප‍්පෙය්‍ය විකප‍්පෙය්‍ය විකප‍්පං ආපජ‍්ජෙය්‍ය. කෙනීධ ලොකස‍්මින‍්ති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍ය.
කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය - ‘කප්පා’ යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි දෙ කල්ප කෙනෙකි: ... ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහීණ කළ හෙයින් දෘෂ්ටිකල්පය දුරලූ හෙයින් කවර රාගයෙකින් කල්පනය කරන්නේ ද? කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් - කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයයෙකින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැයි හෝ මූඪ යැයි හෝ විනිබද්ධ යැයි හෝ පරාමෘෂ්ට යැයි හෝ වික්‍ෂේපයට ගියේ යැයි හෝ අනිෂ්ඨාවට ගියේ යැයි හෝ තිරබවට ගියේ යැයි හෝ කල්පනය කරන්නේ නම් ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් ගතිවශයෙන් තිරිසන් යැයි හෝ තිරිසන්ගත යැයි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැයි හෝ මිනිස් යැයි හෝ දෙවි යැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥී නාසංඥී යැයි හෝ කුමකින් කල්පනය කරන්නේ ද; යම් කරුණෙකින් කල්පනය - විකල්පනය - කරන්නේ නම් විකල්පනයට පැමිණෙන්නේ නම්, ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණය නැති; කෙනීධ ලෝකස්මිං - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි - ‘කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ, බුහුදු:
“තස‍්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ‍්ඤා, තං බ්රාහ්මණං දිට‍්ඨිමනාදියානං කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍යා”ති.
“තස්සීධ දිට්ඨෙ ව -පෙ- ලෝකස්මිං විකප්පයෙය්‍ය” යි.