යෙදුමෙන් කියවන්න

5. 8

5. 8.

5. 8.

න කප‍්පයන‍්ති න පුරෙක‍්ඛරොන‍්ති ධම‍්මාපි තෙසං න පටිච‍්ඡිතාසෙ, න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යො පාරං ගතො න පච‍්චෙති තාදී.

ඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති, පෙරටු කොට නො හැසිරෙත්; ඔවුන් විසින් දෙසැට දිටුදහම්හු ද නො පිළිගන්නා ලද්දාහු වෙති. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමෙ ශීලව්‍රතය කරණ කොටගෙන ගෙනයා නො හැක්ක. යම්හෙයකින් තාදී වූ රහත් තෙම නිර්‍වාණපාරයට ගියේ මාර්‍ගයෙන් නැසූ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණේ ද එහෙයිනි.

න කප‍්පයන‍්ති න පුරෙක‍්ඛරොන‍්තීති - ‘කප‍්පාති ‘ද‍්වෙ කප‍්පා: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච.

න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු: තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැයි දෙ කල්ප කෙනෙක් වෙති:

කතමො තණ‍්හාකප‍්පො? යාවතා තණ‍්හාසඞ‍්ඛාතෙන සීමකතං මරියාදීකතං ඔධිකතං පරියන‍්තකතං පරිග‍්ගහිතං මමායිතං: ඉදං මම එතං මම එත‍්තකං මමං එත‍්තාවතා මමං, මම රූපා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා අත්‍ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක‍්කුටසූකරා හත්‍ථිගවාස‍්සවළවා ඛෙත‍්තං වත්‍ථු හිරඤ‍්ඤං සුවණ‍්ණං ගාමනිගමරාජධානියො රට‍්ඨං ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරඤ‍්ච කෙවලම‍්පි මහාපඨවිං තණ‍්හාවසෙන මමායති, යාවතා අට‍්ඨසතතණ‍්හාවිචරිතං, අයං තණ‍්හාකප‍්පො.

තෘෂ්ණාකල්පය කවරැ යත්? යම් පමණ තෘෂ්ණාකොටසින් හිම් කරන ලද ද මර්‍ය්‍යාදා කරන ලද ද අවධි කරන ලද ද පර්‍ය්‍යන්ත කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු බුමුතුරුණු යැ, දැසිදස්හු යැ, එළුතිරෙළු යැ, හූරුකුකුළු යැ, ඇත්අස්ගවවෙළඹු යැ, කෙත්වත් යැ, රන්රුවන් යැ, ගම්නියම්ගම්රජදහන්හු යැ, රට දනව්-කොටුගුල් හා සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටෝරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණාකල්ප නම් වෙයි.

කතමො දිට‍්ඨිකප‍්පො? වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි, දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි, දසවත්‍ථුකා අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරං දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පටිග‍්ගාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල‍්ලාසගාහො මිච‍්ඡාගාහො, අයාථාවකස‍්මිං යාථාවකන‍්ති ගාහො, යාවතා ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි; අයං දිට‍්ඨිකප‍්පො. තෙසං තණ‍්හාකප‍්පො පහීනො, දිට‍්ඨිකප‍්පො පටිනිස‍්සට‍්ඨො; තණ‍්හාකප‍්පස‍්ස පහීනත‍්තා දිට‍්ඨිකප‍්පස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා තෙ තණ‍්හාකප‍්පං වා දිට‍්ඨිකප‍්පං වා න කප‍්පෙන‍්ති න ජනෙන‍්ති න සංජනෙන‍්ති න නිබ‍්බත‍්තෙන‍්ති නාභිනිබ‍්බත‍්තෙන‍්තීති - න කප‍්පයන‍්ති;

දෘෂ්ටිකල්පය කවරැ යත්? විංශතිවස්තුකසත්කායදෘෂ්ටි යැ, දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුකඅන්තග්‍රාහිකාදෘෂ්ටි යැ යන මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් වේ ද, දෘඪග්‍රහණයෙක් මිත්‍ථ්‍යාමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්ත්‍වායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් දෙ සැට දෘෂ්ටි කෙනෙක් වෙත් ද මේ දෘෂ්ටිකල්ප නම් වේ. ඒ රහතුන් විසින් තෘෂ්ණාකල්පය පහන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය පුහුන් බැවින් දෘෂ්ටිකල්පය දුරැලූ බැවින් ඔවුහු තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති නො දනවති නූපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ.

න පුරෙක‍්ඛරොන‍්තීති පුරෙක‍්ඛාරාති ද‍්වෙ පුරෙක‍්ඛාරා: තණ‍්හාපුරෙක‍්ඛාරො ච දිට‍්ඨිපුරෙක‍්ඛාරො ච -පෙ- අයං තණ‍්හාපුරෙක‍්ඛාරො -පෙ- අයං දිට‍්ඨිපුරෙක‍්ඛාරො. තෙසං තණ‍්හාපුරෙක‍්ඛාරො පහීනො, දිට‍්ඨිපුරෙක‍්ඛාරො පටිනිස‍්සට‍්ඨො තණ‍්හා පුරෙක‍්ඛාරස‍්ස පහීනත‍්තා දිට‍්ඨිපුරෙක‍්ඛාරස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා න තණ‍්හං වා න දිට‍්ඨිං වා පුරතො කත්‍වා චරන‍්ති. න තණ‍්හාධජා න තණ‍්හාකෙතු න තණ‍්හාධිපතෙය්‍යා න දිට‍්ඨිධජා න දිට‍්ඨිකෙතු න දිට‍්ඨාධිපතෙය්‍යා න තණ‍්හාය වා න දිට‍්ඨියා වා පරිවාරෙත්‍වා චරන‍්තීති - න කප‍්පයන‍්ති න පුරෙක‍්ඛරොන‍්ති.

න පුරෙක්ඛරොන්ති - ‘පුරෙක්ඛාර’ නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි දෙ පුරස්කාර කෙනෙක් වෙති ... ඒ රහතුන් විසින් තෘෂ්ණාපුරස්කාරය පහන ලද, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය පුහුන් බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති, තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි (=කොඩි) කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො වෙති, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ නො පිරිවරා හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.

ධම‍්මාපි තෙසං න පටිච‍්ඡිතා සෙති - ධම‍්මා වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි, තෙසන‍්ති තෙසං අරහන‍්තානං ඛීණාසවානං; න පටිච‍්ඡිතාසෙති සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති න පටිච‍්ඡිතා සෙ, අසස‍්සතො ලොකො, අන‍්තවා ලොකො, අනන‍්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං, හොති තථාගතො පරම‍්මරණා, න හොති තථාගතො පරම‍්මරණා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති න පටිච‍්ඡිතා සෙති - ධම‍්මාපි තෙසං න පටිච‍්ඡිතා සෙ.

ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ - ‘ධම්මා’ යී දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. තෙසං ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයන් විසින්; න පටිච්ඡිතා සෙ - ලෝකය ශාශ්වත යැ මේ මැ සැබැවැ අන්‍යය සිස් යැයි නො පිළිගන්නා ලද්දාහු වෙති. ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ආත්ම සඞ්ඛ්‍යාත ජීවයත් ශරීරයත් එය ම යැ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ, සත්ත්‍ව තෙමේ මරණින් මතු විද්‍යමාන වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු අවිද්‍යමාන වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබැවැ අන්‍යය සිස් යැයි නොපිළිගන්නා ලද්දාහු නුයි - ‘ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ’ යනු වේ.

න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යොති - ‘නා’ති පටික‍්ඛෙපො; බ්‍රාහ‍්මණො ති සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො, සක‍්කායදිට‍්ඨි බාහිතා හොති, -පෙ- අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා. න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යොති - බ්‍රාහ‍්මණො සීලෙන වා වතෙන වා සීලබ‍්බතෙන වා න යායති න නිය්‍යති න වුය‍්හති න සංහරීයතීති - න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යො.

න බ්‍රාහ්මණො සීලවතෙන නෙය්‍යො - ‘න’ යනු ප්‍රතික්‍ෂේප යැ, බ්‍රාහ්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත (-ප්‍රහීණ කළ) වන බැවින් බ්‍රාහ්මණ යැ, සත්කායදෘෂ්ටිය බාහිත වෙයි,... (4. 3. නිර්‍දෙශය) න බ්‍රාහ්මණො සීලවතෙන නෙය්‍යො - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො අදනු ලැබෙයි නො එළවනු ලැබේ නුයි - ‘න බ්‍රාහ්මණො සීලවතෙන නෙය්‍යො’ යනු වේ.

පාරං ගතො න පච‍්චෙති තාදීති - පාරං වුච‍්චති අමතං නිබ‍්බානං, යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං, සො පාරං ගතො පාරං පත‍්තො අන‍්තගතො අන‍්තප‍්පත‍්තො කොටිගතො කොටිප‍්පත‍්තො (විත්‍ථාරො) ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති - පාරං ගතො; නෙ පච‍්චෙතීති සොතාපත‍්ති මග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති. සකදාගාමිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති, අනාගාමිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති, අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති - පාරං ගතො න පච‍්චෙති;

පාරං ගතො න පච්චෙති තාදී - අමාමහනිවන ‘පාරං’ යයි කියනු ලැබෙයි, සියලු සංස්කාරයෙන් සන්හිඳුණු සියලු උපධි දුරු කළ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නැති සියලු දුක් නිරුද්ධ වූ නිර්‍වාණය යි; ඒ ක්‍ෂීණාස්‍රව පාරයට ගියේ පාරයට පැමිණියේ... (1. 6. සූත්‍රනිර්දේශය.) නුයි - ‘පාරං ගතො’ යනු වේ. න පච්චෙති - සෝවාන්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා නැවත නො එයි පෙරළා නො එයි ආපසු නො පැමිණෙයි, සකෘදාගාමීමඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණෙයි - අනාගාමීමඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණෙයි - රහත් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා නැවත නො එයි පෙරළා නො පැමිණෙයි ආපසු නො පැමිණේ නුයි - ‘පාරං ගතො න පච්චෙති’ යනු වේ.

තාදීති අරහා පඤ‍්චහාකාරෙහි තාදී: ඉට‍්ඨානිට‍්ඨෙ තාදී, චත‍්තාවීති තාදී, තිණ‍්ණාවීති තාදී, මුත‍්තාවීති තාදී, තංනිද‍්දෙසා තාදී. කථං අරහා ඉට‍්ඨානිට‍්ඨෙ තාදී? අරහා ලාභෙපි තාදී, අලාභෙපි තාදී, යසෙපි තාදී, අයසෙපි තාදී, පසංසායපි තාදී, නින්‍දායපි තාදී, සුඛෙපි තාදී දුක‍්ඛෙපි තාදී, එකං චෙ බාහං ගන්‍ධෙන ලිම‍්පෙය්‍යුං, එකං චෙ බාහං වාසියා තච‍්ඡෙය්‍යුං, අමුස‍්මිං නත්‍ථි රාගො, අමුස‍්මිං නත්‍ථි පටිඝං. අනුනයපටිඝවිප‍්පහීනො උග‍්ඝාතිනිඝාතිවීතිවත‍්තො අනුරොධවිරොධං සමතික‍්කන‍්තො; එවං අරහා ඉට‍්ඨානිට‍්ඨෙ තාදී. කථං අරහා චත‍්තාවීති තාදී? අරහතො රාගො චත‍්තො වන‍්තො මුත‍්තො පහීනො පටිනිස‍්සට‍්ඨො, දොසො මොහො කොධො උපනාහො මක‍්ඛො පළාසො ඉස‍්සා මච‍්ඡරියං මායා සාඨෙය්‍යං ථම‍්භො සාරම‍්භො මානො අතිමානො මදො පමාදො සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා චත‍්තා වන‍්තා මුතා පහීනා පටිනිස‍්සට‍්ඨා, එවං අරහා චත‍්තාවීති තාදී. කථං අරහා තිණ‍්ණාවීති තාදී? අරහා කාමොඝං තිණ‍්ණො භවොඝං තිණ‍්ණො දිට‍්ඨොඝං තිණ‍්ණො අවිජ‍්ජොඝං තිණ‍්ණො සබ‍්බං සංසාරපථං තිණ‍්ණො උත‍්තිණ‍්ණො නිත‍්තිණ‍්ණො අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තො, සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති. එවං අරහා තිණ‍්ණාවීති තාදී. කථං අරහා මුත‍්තාවීති තාදී? අරහතො රාගා චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං; දොසා චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං, මොහා චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං, කොධා උපනාහා මක‍්ඛා පළාසා ඉස‍්සාය මච‍්ඡරියා මායාය සාඨෙය්‍යා ථම‍්භා සාරම‍්භා මානා අතිමානා මදා පමාදා සබ‍්බකිලෙසෙහි සබ‍්බදුච‍්චරිතෙහි සබ‍්බදරථෙහි සබ‍්බපරිළාහෙහි සබ‍්බසන‍්තාපෙහි සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙහි චිත‍්තං මුත‍්තං විමුත‍්තං සුවිමුත‍්තං, එවං අරහා මුත‍්තාවීති තාදී. කථං අරහා තන‍්නිද‍්දෙසා තාදී? අරහා සීලෙ සති සීලවාති තංනිද‍්දෙසා තාදී; සද‍්ධාය සති සද‍්ධොති තංනිද‍්දෙසා තාදී, විරියෙ සති විරියවාති තංනිද‍්දෙසා තාදී, සතියා සති සතිමාති තංනිද‍්දෙසා තාදී, සමාධිස‍්මිං සති සමාහිතොති තංනිද‍්දෙසා තාදී, පඤ‍්ඤාය සති පඤ‍්ඤවාති තං නිද‍්දෙසා තාදී, විජ‍්ජාය සති තෙවිජ‍්ජොති තංනිද‍්දෙසා තාදී, අභිඤ‍්ඤාය සති ඡළභිඤ‍්ඤොති තංනිද‍්දෙසා තාදී, එවං අරහා තංනිද‍්දෙසා තාදීති - පාරඞ‍්ගතො න පච‍්චෙති තාදී.

තාදී යනු - රහත්හු පස්කරුණෙකින් තාදීහ: ඉටුඅනිටුයෙහි තාදී (-සමානය) හ, කෙලෙසුන් හළහු නුයි තාදීහ, සසර තරණය කළාහු නුයි තාදීහ, රාගාදියෙන් මිදුණාහු නුයි තාදීහ, තන්නිද්දෙසයෙන් (-ඒ ඒ ශීලශ්‍රද්ධාදියෙන් දැක්විය යුත්තාහු නුයි) තාදීහ. කිසෙයින් රහත්හු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී සේක් ද යත්: රහත්හු ලාභයෙහි දු තාදීහ, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුඛයෙහි දු - දුඃඛයෙහි දු තාදී සේක. ඉදින් එක් බාහුවක් සිවුදැගඳින් ආලේප කරන්නාහු නම්, අනෙක් බාහුව වෑයකින් සස්නාහු නම් අර ගන්‍ධාලෙපයෙහි ඇලීමෙක් නැත, අර සැසීමෙහි කොපයෙක් නැත; රාගද්වේෂ දුරු කොට සිටිහය, අනුග්‍රහනිග්‍රහ ඉක්මවා සිටියහ, අනුනයප්‍රතිඝ මොනොවට ඉක්මැවූහ. මෙසේ රහත්හු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී සේක. කිසෙයින් රහත්හු කෙලෙස් හළ හෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හු විසින් රාගය ත්‍යක්ත යැ වාන්ත යැ ප්‍රහීණ යැ දුරලන ලද්දේයැ, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ - සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු පරිදාහයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ත්‍යක්තයහ වාන්තයහ මුක්තයහ ප්‍රහීණයහ දුරලන ලද්දාහ. මෙසෙයින් රහත්හු කෙලෙසුන් හළ හෙයින් ‘තාදී’ නම් වූ සේක. කිසෙයින් රහත්හු සසර තරණය කළහෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හු කාමෞඝය තරණය කළහ, භවෞඝය - දෘෂ්ට්‍යෞඝය - අවිද්‍යා - ඕඝය තරණය කළහ, සියලු සංසාරපථය තරණය කළහ, උත්තරණය - නිස්තරණය කළහ, ඉක්මැවූහ, මැනවින් ඉක්මැවූහ, වෙසෙසින් ඉක්මැවූහ, ඒ රහත්හු වුසූ ආර්‍ය්‍යවාස ඇතියහ, පුරුදු කළ චරණධර්‍ම ඇතියහ...(1. 6. සූත්‍රනිර්දේශය.) මෙසෙයින් රහත්හු තරණය කළහෙයින් රහත් නම් වූ සේක කිසෙයින් රහත්හු මිදුණු හෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හුගේ සිත රාගයෙන් මුක්ත ය විමුක්ත ය සුවිමුක්ත ය, ද්වේෂයෙන් - මෝහයෙන් මුක්ත ය විමුක්ත ය සුවිමුක්ත ය, ක්‍රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පළාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මායාවෙන් ශාඨ්‍යයෙන් ස්තම්භයෙන් සාරම්භයෙන් මානයෙන් අතිමානයෙන් ප්‍රමාදයෙන් මදයෙන් සර්‍වදුශ්චරිතයෙන් සර්‍වදරථයෙන් සර්‍වපරිදාහයෙන් සර්‍වසන්තාපයෙන් සර්‍වාකුශලාභිසංස්කාරයන් කෙරෙන් මුක්තය විමුක්තය සුවිමුක්තය. මෙසෙයින් රහත්හු රාගාදියෙන් මිදුණු හෙයින් තාදී නම් වූහ. කිසෙයින් රහත්හු තන්නිර්‍දෙශයෙන් ‘තාදී’ වූහ යත්: ශීලය ඇති කල්හි ‘සිල්වත්හ’ යි ඒ ශීලයෙන් දැක්විය යුතු හෙයින් තාදීහ, ශ්‍රද්ධා ඇති කල්හි ‘සැදැහැවත්හ’ යි එයින් නිදෙසිය යුතු හෙයින් තාදීහ, වීර්‍ය්‍ය ඇති කල්හි ‘වීර්‍ය්‍යවත්හ’යි... ස්මෘතිය ඇති කල්හි ‘ස්මෘතිමත්හ’යි ...සමාධිය ඇති කල්හි ‘සමාහිත’යයි ...ප්‍රඥාව ඇති කල්හි ‘ප්‍රඥාවත්හ’යි ...විද්‍යාව ඇති කල්හි ‘ත්‍රිවිද්‍යා ඇත්තාහ’යි ...අභිඥාව ඇති කල්හි ‘ෂඩභිඥයහ’යි ඒ අභිඥායෙන් දැක්වියයුතු හෙයින් තාදී නම් වූහ. මෙසෙයින් රහත්හු තන්නිර්‍දෙශයෙන් ‘තාදී’ නම් වූවාහු නුයි - ‘පාරං ගතො න පච්චෙති තාදී’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“න කප‍්පයන‍්ති න පුරෙක‍්ඛරොන‍්ති ධම‍්මාපි තෙසං න පටිච‍්ඡිතා සෙ, න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යො පාරඞ‍්ගතො න පච‍්චෙති තාදීති.

“න කප්පයන්ති -පෙ- න පච්චෙති තාදී” යනු.

පරමට‍්ඨකසුත‍්තනිද‍්දෙසො පඤ‍්චමො.

පස්වැනි පරමට්ඨකසූත්‍රනිර්‍දෙශය යි.