6. 1
6. 1.
6. 1.
අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති, යො චෙපි අතිච්ච ජීවති අථ ඛො සො ජරසාපි මීයති.
මිනිසුන්ගේ මේ ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. අවුරුදු සියයකින් මෙපිට (කලලාදි කාලයෙහි දු) මැරෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මවා ජීවත් වේ නම්, එකල හෙතෙම ජරාවෙන් නමුදු මියන්නේ යි.
අප්පං වත ජීවිතං ඉදන්ති - ‘ජීවිත’න්ති ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං; අපිච ද්වීහි කාරණෙහි අප්පකං ජීවිතං, ථොකකං ජීවිතං; ඨිතිපරිත්තතාය වා අප්පකං ජීවිතං, සරසපරිත්තතාය වා අප්පකං ජීවිතං. කථං ඨිතිපරිත්තතාය වා අප්පකං ජීවිතං? අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථ න ජීවති න ජීවිස්සති; අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති න ජීවති න ජීවිත්ථ; පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ ජීවති න ජීවිත්ථ න ජීවිස්සති.
අප්පං වත ජීවිතං ඉදං - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්ද්රිය යි. තවද, දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්ෂණය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්යලක්ෂණ හෝ සම්පත්තිලක්ෂණ රසය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? අතීත චිත්තක්ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්තමාන චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.
1. ජීවිතං අත්තභාවො ච සුඛදුක්ඛා ච කෙවලා, එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො.
1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්ධ සඞ්ඛ්‍යාත) ආත්මය ද, (වේදනාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) සුවදුක් ද, (ධුවසුඛසුභත්තභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු ඒ (ජීවිතාදීන්ගේ) ක්ෂණය අල්ප වශයෙන් පවත්නේ යැ.
2. චුල්ලාසීති සහස්සානි කප්පා තිට්ඨන්ති යෙ මරූ, නත්වෙව තෙපි ජීවන්ති ද්වීහි චිත්තෙහි සංයුතා.
2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.
3. යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ, සබ්බෙපි සදිසා ඛන්ධා ගතා අප්පටිසන්ධිකා.
3. මෙ ලොවැ මළහුගේ හෝ ජීවත් වන්නහුගේ හෝ යම් ස්කන්ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (ච්‍යුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ) ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ ඒ සියලු මැ ස්කන්ධයෝ ගියාහු අප්රතිසන්ධිකයෝ යැයි කියනු ලැබෙත්.
4. අනන්තරා ච යෙ භග්ගා යෙ ච භග්ගා අනාගතා, තදන්තරෙ නිරුද්ධානං වෙසමං නත්ථි ලක්ඛණෙ.
4. යම් ස්කන්ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳී ගියාහු ද, යම් අනාගත ස්කන්ධ කෙනෙකුත් බිඳී යන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්තමානස්කන්ධයන්ගේ ලක්ෂණයෙහි විෂම බවෙක් (=නානාත්‍වයෙක්) නැති.
5. අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙන ජීවති, චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්තිපරමත්ථියා.
5. නූපන් අනාගතස්කන්ධයෙන් නූපන්නේ යැ, ක්ෂණප්රත්යුත්පන්න වූ වර්තමානස්කන්ධයෙන් ජීවත් වෙයි, ලෝවැසි තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ තම, (දත්ත මළේය, තිස්ස මළේය යන) ප්රඥප්තිය චිත්තභඞ්ගසඞ්ඛ්යාත පරමාර්ත්ථය නිඃශ්‍රිත කොට ඇත.
6. යථා නින්නා පවත්තන්ති ඡන්දෙන පරිණාමිතා, අච්ඡින්නධාරා වත්තන්ති සළායතනපච්චයා.
6. ඡන්ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ, ෂඩායතනප්‍රත්‍යයෙන් නුසුන් ධාරා (=සන්තති) ඇති වැ පවතිත්.
7. අනිධානගතා භග්ගා පුඤ්ජො නත්ථි අනාගතෙ, නිබ්බත්තායෙව තිට්ඨන්ති ආරග්ගෙ සාසපූපමා.
7. බිඳුණු ස්කන්ධයෝ නිධානයට (=රැස්වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන්ගේ රැස්වීමෙක් නැති, උපන්නාහු මැ හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්ෂනයෙහි සිටිත්.
8. නිබ්බත්තානඤ්ච ධම්මානං භඞ්ගො නෙසං පුරක්ඛතො, පලොකධම්මා තිට්ඨන්ති පුරාණෙහි අමිස්සිතා.
8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්ධධර්මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ, නැසෙන පියවි ඇත්තාහු පැරණි ස්කන්ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.
9. අදස්සනාතො ආයන්ති භඞ්ගා ගච්ඡන්ති අදස්සනං, විජ්ජුප්පාදොව ආකාසෙ උප්පජ්ජන්ති වයන්ති චාති.
9. නොදක්නාහු මැ පැමිණෙති (=උපදිති). නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.
එවං ඨිතිපරිත්තතාය අප්පකං ජීවිතං.
මෙසේ ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
කථං සරසපරිත්තතාය අප්පකං ජීවිතං? අස්සාසූපනිබද්ධං ජීවිතං, පස්සාසූපනිබද්ධං ජීවිතං, අස්සාසපස්සාසූපනිබද්ධං ජීවිතං, මහාභූතුපනිබද්ධං ජීවිතං, කබලීකාරාහාරූපනිබද්ධං ජීවිතං, උස්මූපනිබද්ධං ජීවිතං, විඤ්ඤාණූපනිබද්ධං ජීවිතං. මූලම්පි ඉමෙසං දුබ්බලං, පුබ්බහෙතු’පි ඉමෙසං දුබ්බලා, යෙපි පච්චයා තෙ’පි දුබ්බලා, යාපි පභවිකා සාපි දුබ්බලා, සහභූපි ඉමෙසං දුබ්බලා, සම්පයොගා’පි ඉමෙසං දුබ්බලා, සහජාපි ඉමෙසං දුබ්බලා, යා’පි පයොජිකා සා’පි දුබ්බලා, අඤ්ඤමඤ්ඤං නිච්චදුබ්බලා ඉමෙ, අඤ්ඤමඤ්ඤං අනවට්ඨිතා ඉමෙ, අඤ්ඤමඤ්ඤං පරිපාතයන්ති ඉමෙ, අඤ්ඤමඤ්ඤස්ස හි නත්ථි තායිතා, න චාපි ඨපෙන්ති අඤ්ඤමඤ්ඤං ඉමෙ. යො’පි නිබ්බත්තකො සො න විජ්ජති.
කිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ආශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය. උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන් ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්වහෙතූහු ද දුබලයෝ යැ, ආරම්මණාදි අසාධාරණප්රත්යයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ සමග උපන් රූපාරූපධර්මයෝ ද දුබලයෝ යැ, මොවුන් ගේ එක් වැ යෙදුණු අරූපධර්මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජධර්මයෝ ද දුබලයෝ යැ, ච්යුතිප්රතිසන්ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ. මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති. මොවුන්ගේ උත්පාදකධර්මය ද නැත්.
10. “න ච කෙනචි කොචි හායති භඞ්ගබ්යා ඉමෙ හි සබ්බසො, පුරිමෙහි පභාවිතා ඉමෙ යෙපි පභවකා තෙ පුරෙ මතා පුරිමා’පි ච පච්ඡිමා’පි ච අඤ්ඤමඤ්ඤං න කදාචිමාද්දසු”න්ති.
10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි. මේ සියලු මැ ස්කන්ධයෝ සර්වප්රකාරයෙන් බිඳීමට යායුත්තාහු යැ. මේ වර්තමානස්කන්ධයෝ පූර්වහෙතුප්රත්යයන් විසින් උපදවන ලද්දාහු යැ. උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයෝ පළමු මැ මළාහු යැ. පූර්‍වහෙතුප්‍රත්‍යයෝ ද වර්තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නොදුටුවිරූහ.
එවං සරසපරිත්තතාය අප්පකං ජීවිතං.
මෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
අපි ච චාතුම්මහාරාජිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතං. තාවතිංසානං දෙවානං - යාමානං දෙවානං - තුසිතානං දෙවානං - නිම්මාණරතීනං දෙවානං - පරනිම්මිතවසවත්තීනං දෙවානං - බ්රහ්මකායිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතං. වුත්තම්පි චෙතං භගවතා:
තවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ඉත්වර යැ, ජීවිතය කල් නොපවත්නේ යැ, ජීවිතය චිරස්ථායී නො වේ. ත්‍රයත්‍රිංශත් දෙවියන්ගේ - යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්මාණරතීදෙවියන්ගේ - පරනිර්මමිතවශවර්තතී දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්ෂණික යැ, ජීවිතය ලහුක යැ, ජීවිතය ඉත්වර යැ, ජීවිතය අනද්ධනිය යැ, ජීවිතය අචිරස්ථායී වේ. වදාරන ලද මැනු භාග්‍යවත්හු විසින්:
“අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, මන්තාය බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං, යො භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො වා.”
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ. බඹසර සිරියැ යුතු යැ, උපන්හුගේ නොමැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම හවුරුදු සියයක් ජීවත් වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.
11. “අප්පමායු මනුස්සානං හීළෙය්ය නං සුපොරිසො, චරෙය්යාදිත්තසීසොව නත්ථි මච්චුස්සනාගමො.
11. මිනිසුන්ගේ ආයුස අල්ප යැ. සාධුපුරුෂ තෙම ඒ මඳ වූ ආයුසයට ලජ්ජා වන්නේ යැ. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේ යැ. මරහුගේ නො පැමිණීමෙක් නම් නැති.
12. අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, ආයු ඛීයති මච්චානං කුන්නදීනංව ඔදකං”න්ති.
12. රෑදාවල්හු ඉක්මැ යෙති. ජීවිතේන්ද්රියය අභාවයට යෙයි. කුඩා නදියක දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.
අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයතීති - කලලකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, අබ්බුදකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, පෙසිකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ඝනකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, පසාඛකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ජාතමත්තොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, සූතිඝරෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, අද්ධමාසිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, මාසිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ද්වෙමාසිකොපි - තෙමාසිකොපි - චතුමාසිකොපි - පඤ්චමාසිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ඡමාසිකොපි - සත්තමාසිකොපි - අට්ඨමාසිකොපි - නවමාසිකොපි - දසමාසිකොපි - සංවච්ඡරිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ද්වෙවස්සිකොපි - තිවස්සිකොපි චතුවස්සිකොපි පඤ්චවස්සිකොපි - ඡවස්සිකොපි - සත්තවස්සිකොපි - අට්ඨවස්සිකොපි නවවස්සිකොපි - දසවස්සිකොපි - වීසතිවස්සිකොපි - තිංසවස්සිකොපි - චත්තාරීසවස්සිකොපි - පඤ්ඤාසවස්සිකොපි - සට්ඨිවස්සිකොපි - සත්තතිවස්සිකොපි - අසීතිවස්සිකොපි - නවුතිවස්සිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජතීති ‘ඔරං වස්සසතාපි මීයති.’
අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති - කලලකාලයෙහිදු ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. අර්බුදකාලයෙහි දු... පෙශීකාලයෙහි දු...ඝනකාලයෙහි දු...ප්රශාඛකාලයෙහි දු...උපන්කෙණෙහි දු...තිඹිරිගෙහි දු ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනසෙයි. අඩමැසි වූයේ ද...එක්මැසි වූයේ ද... දෙමැසි වූයේ ද... තෙමැසි වූයේ ද... සිවුමැසි වූයේ ද... පස්මැසි වූයේ ද... සමැසි වූයේ ද... සත්මැසි වූයේ ද... අටමැසි වූයේ ද... නවමැසි වූයේ ද... දසමැසි වූයේ ද ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. එක්හැවිරිදි වූයේ ද... දෙහැවිරිදි වූයේ ද... තුන්හැවිරිදි වූයේ ද... සිවුහැවිරිදි වූයේ ද... පස්හැවිරිදි වූයේ ද... සහැවිරිදි වූයේ ද... සත්හැවිරිදි වූයේ ද... අටහැවිරිදි වූයේ ද... නවහැවිරිදි වූයේ ද... දසහැවිරිදි වූයේ ද... විසිහැවිරිදි... තිස්හැවිරිදි... සතලිස්හැවිරිදි... පනස්හැවිරිදි... සැටහැවිරිදි... සැත්තෑහැවිරිදි... අසූහැවිරිදි... අනූහැවිරිදි වූයේ ද ච්‍යුතවෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘ඔරං වස්සසතාපි මියතී’ යනු වේ.
යො චෙපි අතිච්ච ජීවතීති - යො වස්සසතං අතික්කමිත්වා ජීවති, සො එකං වා වස්සං ජීවති, ද්වෙ වා වස්සානි ජීවති, තීණි වා වස්සානි ජීවති, චත්තාරි වා වස්සානි ජීවති, පඤ්ච වා වස්සානි ජීවති -පෙ- දස වා වස්සානි ජීවති, වීසතිං වා වස්සානි ජීවති, තිංසං වා වස්සානි ජීවති, චත්තාරීසං වා වස්සානි ජීවතීති ‘යො චෙපි අතිච්ච ජීවති. ‘
යො චෙපි අතිච්ච ජීවති - යමෙක් අවුරුදු සියය ඉක්මවා ජීවත් වේ නම්, හෙතෙම එක් වසක් හෝ ජීවත් වෙයි, දෙවසක් හෝ... තෙවසක් හෝ... සිවුවසක් හෝ... පස්වසක් හෝ ජීවත්වෙයි, ... දසවසක් හෝ... විසිවසක් හෝ... තිස්වසක් හෝ... සතලිස්වසක් හෝ ජීවත් වේ නුයි - ‘යො චෙපි අතිච්ච ජීවති’ යනු වේ.
අථ ඛො සො ජරසාපි මීයතීති - යදා ජිණ්ණො හොති වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො, ඛණ්ඩදන්තො පලිතකෙසො, විලූනං ඛලිතංසිරො වලිතං තිලකාහතගත්තො වඞ්කො භොග්ගො දණ්ඩපරායණො, සො ජරායපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, නත්ථි මරණම්හා මොක්ඛො.
අථ ඛො සො ජරසාව මීයති - යම් කලෙක ජරාවෙන් දිරුයේ වේ ද වයසින් වෘද්ධ වූයේ මහලු වූයේ තුන්වයස් ඉක්මැවූයේ අන්තිම වයසට පැමිණියේ වේ ද, (එකල්හි) කඩ (ගිලිහුණු) දත් ඇතියේ පැසුණු කෙස් ඇතියේ සිඳුණු කෙස් ඇති ඛල්වාටශීර්ෂ වූයේ රැලිහටගත් තලකැලලින් යුත් සිරුරු ඇතියේ වක්වූයේ බිඳුණු සිරුරු ඇතියේ සැරයටිය පිහිට කොට ඇතියේ හෙතෙම ජරාවෙන් මඩනා ලදුයේ ම ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. මරණයෙන් මිදීමෙක් නැති.
13. “ඵලානමිව පක්කානං පාතො පපනතො භයං, එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං.
13. ඵලහිමියනට පැසුණු ගෙඩි උදාසන වැටීමෙන් උපදනා බිය මෙන් මෙසේ උපන් සත්නට නිරතුරු මරණයෙන් බිය උපදනේය.
14. යථාපි කුම්භකාරස්ස කතං මත්තිකභාජනං, සබ්බං භෙදනපරියන්තං එවං මච්චාන ජීවිතං.
14. කුඹලා විසින් කරන ලද මැටිබඳුන් සියල්ල යම්සේ බිඳීම අවසන් කොට ඇත්තේ ද, එසෙයින් සත්ත්වයන්ගේ ජීවිතය මරණය අවසන් කොට ඇත්තේය.
15. දහරා ච මහන්තා ච යෙ බාලා යෙ ච පණ්ඩිතා. සබ්බෙ මච්චුවසං යන්ති සබ්බෙ මච්චුපරායණා,”
15. තරුණයෝ ද මහල්ලෝ ද බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සියල්ලෝ මරහුගේ වශයට යෙති. සියල්ලෝ මරණය පරායණ කොට ඇත්තාහ.
16. “තෙසං මච්චුපරෙතානං ගච්ඡතං පරලොකතො, න පිතා තායතෙ පුත්තං ඤාතී වා පන ඤාතකෙ.
16. මරණයෙන් පීඩිත වූ මෙලොවින් පරලොවට යන ඒ සත්ත්වයන් පිළිබඳ ව යම්හෙයකින් පියා පුතු නො රකී ද, නෑ කෙනෙක් හෝ නෑයන් නො රකිත් ද, එහෙයින් -
17. පෙක්ඛතඤ්ඤෙව ඤාතීනං පස්ස ලාලපතං පුථු, එකමෙකොව මච්චානං ගොවජ්ඣො විය නීයති, එවමබ්භාහතො ලොකො මච්චුනා ච ජරාය චා”ති
17. බලව! නන් අයුරින් වැලැපෙන්නාවූ නෑයන් බලාසිටිය දී මැ මිනිසුන් අතුරෙන් එකඑකා මැ වධයට ගෙන යන ගවයකු මෙන් මරණයට පමුණුවනු ලැබෙයි. මෙසෙයින් ලෝවැසි තෙමේ මරණය විසින් හා ජරාව විසින් ද මඩනා ලදුයේ නුයි -
අථ ඛො සො ජරසාව මීයති
‘අථ ඛො සො ජරසාව මීයති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති, යො චෙපි අතිච්ච ජීවති අථ ඛො සො ජරසාව මීයතී”ති.
“අප්පං වත -පෙ- අථ ඛො සො ජරසාව මීයති” යී.