6. 2
6. 2.
6. 2.
සොචන්ති ජනා මමායිතෙ න හි සන්ති නිච්චා පරිග‍්ගහා, විනාභාවං සන‍්තමෙවිදං ඉති දිස්වා නාගාරමාවසෙ.
සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් මමත්‍වයෙන් ගන්නා ලද වස්තුවිෂයෙහි (=වස්තුව කරණ කොටගෙන) ශෝක කෙරෙති. එතෙකුදු වත් නිත්‍ය වූ පරිග්‍රහ කෙනෙක් නො මැ වෙති. මේ විනාභාවය විද්‍යාමාන වූයේ මැ යයි දැක (නුවණැත්තේ) ගිහිගෙයි නො වසන්නේ යි.
සොචන‍්ති ජනා මමායිතෙති - ‘ජනා’ති ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච; මමත‍්තාති ද‍්වෙ මමත‍්තා: තණ‍්හාමමත‍්තං ච දිට‍්ඨිමමත‍්තං ච -පෙ- ඉදං තණ‍්හාමමත‍්තං -පෙ- ඉදං දිට‍්ඨිමමත‍්තං. මමායිතං වත්‍ථුං අච‍්ඡෙදසඞ‍්කිනොපි සොචන‍්ති. අච‍්ඡිජ‍්ජන‍්තෙපි සොචන‍්ති. අච‍්ඡින‍්නෙපි සොචන‍්ති. මමායිතං වත්‍ථුං විපරිණාමසඞ‍්කිනොපි සොචන‍්ති. විපරිණමන‍්තෙපි සොචන‍්ති. විපරිණතෙපි සොචන‍්ති, කිලමන‍්ති, පරිදෙවන‍්ති, උරත‍්තාළිං කන්‍දන‍්ති, සම‍්මොහං ආපජ‍්ජන‍්තීති ‘සොචන‍්ති ජනා මමායිතෙ. ‘
සොචන්ති ජනා මමායිතෙ - ‘ජනා’ යනු: ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර-ගෘහස්ථ-ප්‍රව්‍රජිත-දෙව-මනුෂ්‍යයෝ ය; ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍වයෝ දෙදෙනෙක් වෙති... මාගේ යයි ගන්නා ලද වස්තුව ‘අසිඳ ගනිති’ යන සැක ඇත්තාහු ද (සිතින්) ශෝක කෙරෙති, අසිඳුනා කල්හි දු ශෝක කෙරෙති, අසිඳගත් කල්හි දු ශෝක කෙරෙත්, මමායිත වස්තුව ‘විපරීත වෙතී’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, විපරීත වන කල්හි දු ශෝක කෙරෙති, විපරීත වූ කල්හි දු ශෝක කෙරෙති, වෙහෙසෙති විලාප කියති ළෙහි අත් ගසා හඬති සම්මෝහයට පැමිණෙත් නුයි - ‘සොචන්ති ජනා මමායිතෙ’ යනු වේ.
න හි සන්ති නිච‍්චා පරිග‍්ගහාති - ‘පරිග‍්ගහා’ති - ද‍්වෙ පරිග‍්ගහා: තණ‍්හාපරිග‍්ගහො ච දිට‍්ඨිපරිග‍්ගහො ච -පෙ- අයං තණ‍්හාපරිග‍්ගහො. -පෙ- අයං දිට‍්ඨිපරිග‍්ගහො. තණ‍්හාපරිග‍්ගහො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො ඛයධම‍්මො වයධම‍්මො විරාගධම‍්මො නිරොධධම‍්මො විපරිණාමධම‍්මො. දිට‍්ඨිපරිග‍්ගහො ච අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො ඛයධම‍්මො වයධම‍්මො විරාගධම‍්මො නිරොධධම‍්මො විපරිණාමධම‍්මො.
න හි සන්ති නිච්චා පරිග්ගහා - ‘පරිග්ගහා’ යනු: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි පරිග්‍රහයෝ දෙදෙනෙක් වෙති... තෘෂ්ණාපරිග්‍රහය අනිත්‍ය යැ, සංඛත (-ප්‍රත්‍යයන් විසින් කරන ලද) යැ, ප්‍රත්‍යයසාමග්‍රිය නිසා උපන, ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නොඇලෙන පියවි ඇත්තේ යැ, නිරුද්ධ වන පියවි ඇත්තේ යැ, පෙරළෙන පියවි ඇත්තේ යැ; දෘෂ්ටිපරිග්‍රහය ද අනිත්‍ය යැ සංඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ ව්‍යයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරොධධර්‍ම යැ විපරිණාමධර්‍ම යි.
වුත‍්තං හෙතං භගවතා:
මේ වදාරන ලද්දේ මැනු, බුදුන් විසින්:
“පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ, තං පරිග‍්ගහං, ය‍්වාස‍්ස පරිග‍්ගහො නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො සස‍්සතිසමං තථෙව ඨස‍්සතීති? නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ. අහම‍්පි ඛො එතං භික‍්ඛවෙ පරිග‍්ගහං න සමනුපස‍්සාමි, ය‍්වාස‍්ස පරිග‍්ගහො නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො සස‍්සතිසමං තථෙව ඨස‍්සතී”ති. පරිග‍්ගහා නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නුපලබ‍්භන‍්තීති ‘න හි සන්ති නිච්චා පරිග‍්ගහා’.
“මහණෙනි, තෙපි නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ අවිපරිණාමස්වභාව වූ යම් පරිග්‍රහයෙක් ශාශ්වතිකයක් සෙයින් එසේ ම සිටුනේ නම්, එබඳු පරිග්‍රහයක් දකිවු දැ?’යි ‘තෙල නැත් මැය වහන්ස’. සොඳුරු යැ මහණෙනි, ඇපි දු මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිත්‍ය-ධ්‍රැව-ශාශ්වත-අවිපරිණාමස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසෙයින් මැ සිටුනේ නම්, තෙල පරිග්‍රහය නො දකුම්හ”යි. පරිග්‍රහයෝ නිත්‍ය වූවාහු ස්ථිර වූවාහු ශාශ්වත වූවාහු අවිපරිණාමස්වභාව වූවාහු නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න සන්ති නිච්චා පරිග්ගහා’ යනු වේ.
විනාභාවං සන‍්තමෙවිදන‍්ති - නානාභාවෙ විනාභාවෙ අඤ‍්ඤථාභාවෙ සන‍්තෙ සංවිජ‍්ජමානෙ උපලබ‍්භියමානෙ; වුත‍්තං හෙතං භගවතා; “අලං ආනන්‍ද, මා සොචි. මා පරිදෙවි. නනු එතං මයා ආනන්‍ද, පටිගච‍්චෙව අක‍්ඛාතං සබ‍්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ‍්ඤථාභාවො. තං කුතෙත්‍ථ ආනන්‍ද, ලබ‍්භා, යං තං ජාතං භූතං සඞ‍්ඛතං පලොකධම‍්මං තං වත මා පලුජ‍්ජීති නෙතං ඨානං විජ‍්ජතී”ති පුරිමානං පුරිමානං ඛන්‍ධානං ධාතූනං ආයතනානං විපරිණාමඤ‍්ඤථාභාවා පච‍්ඡිමා පච‍්ඡිමා ඛන්‍ධා ච ධාතුයො ච ආයතනානි ච පවත‍්තන‍්තීති ‘විනාභාවං සන‍්තමෙවිදං. ‘
විනාභාවං සන්තමෙවිදං - නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය ඇතිකල්හි විද්‍යමාන කල්හි ලැබෙන කල්හි; මේ වදාරන ලද මැ ය බුදුන් විසින්: “ආනන්‍ද, නහමක් ශෝක කර, නහමක් පරිදේවනා කර; ආනන්‍ද, මා විසින් මෙය පළමු (කලින්) මැ කියන ලද්දේ නො වේ ද, සියලු මැ ප්‍රිය මනාපයන් කෙරෙන් (ජාත්‍යාදිය හේතු කොටගෙන) නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය වෙයි. ආනන්‍ද, යමක් ජාත නම් භූත නම් ප්‍රත්‍යයෝත්පන්න නම් බිඳෙන පියවි ඇත් නම් එය නහමක් බිඳේව’යි, එය කොයින් ලැබේ ද, මේ කාරණය විද්‍යමාන නො වේ”ය යි. පළමු පළමු හටගත් ස්කන්‍ධ-ධාතු-ආයතනයන්ගේ ප්‍රකෘතිය හැර අන්‍යථාත්‍වයට පැමිණීම හේතු කොට ගෙන පසු පසු වූ ස්කන්‍ධ-ධාතු-ආයතනයෝ පවත්නාහු නුයි - ‘විනාභාවං සන්තමෙවිදං’ යනු වේ.
ඉති දිස‍්වා නාගාරමාවසෙති - ‘ඉතී’ති පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරී අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතා නාමෙතං ඉතීති. ඉති දිස‍්වා - පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා මමත‍්තෙසූති ‘ඉති දිස‍්වා’; නාගාරමාවසෙති සබ‍්බං ඝරාවාසපළිබොධං ඡින්‍දිත්‍වා පුත‍්තදාරපළිබොධං ඡින්‍දිත්‍වා ඤාතිපළිබොධං ඡින්‍දිත්‍වා මිත‍්තාමච‍්චපළිබොධං ඡින්‍දිත්‍වා සන‍්නිධිපළිබොධං ඡින්‍දිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා අකිඤ‍්චනභාවං උපගන‍්ත්‍වා එකො චරෙය්‍ය විහරෙය්‍ය ඉරීයෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍යාති ‘ඉති දිස්වා නාගාරමාවසෙ’.
ඉති දිස්වා නාගාරමාවසෙ - ‘ඉති’ - තෙල ‘ඉති’ යනු: පදසන්‍ධි යැ, පදසංයොග යැ පදපූරණ යැ, අක්‍ෂරසන්තිපාත යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටුබව යැ, පදයන්ගේ අනුපිළිවෙළ නම් වේ. ඉති දිස්වා මමායිත වස්තුවිෂයෙහි බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ඉති දිස්වා’ යනු වේ. නාගාරමාවසෙ - සියලු ගෘහවාසපළිබොධය (=කරදරය) සිඳ, අඹුදරුපළිබොධය සිඳ, ඥාතිපළිබොධය සිඳ, මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ, සන්නිධිපළිබොධය සිඳ, කෙස්දැළිරවුළු බහා කහවත් හැඳපෙරවැ, ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වැ, කිසිවක් නැතිබවට පැමිණ, එකලා වැ හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය පාලන-යපන-යාපනය කරන්නේ නුයි ‘ඉති දිස්වා නාගාරමාවසෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සොචන‍්ති ජනා මමායිතෙ න හි සන්ති නිච්චා පරිග‍්ගහා, විනාභාවං සන‍්තමෙවිදං ඉති දිස්වා නාගාරමාවසෙ”ති.
“සොචන්ති ජනා -පෙ- ඉති දිස්වා නාගාරමාවසෙ” යනු.