6. 3
6. 3.
6. 3.
මරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන්ති මඤ්ඤති, එතං දිස්වාන පණ්ඩිතො න මමත්තාය නමෙථ මාමකො.
පුරුෂ තෙමේ යම් රූපාදියක් ‘මේ මාගේ’ යයි මඤ්ඤනාවශයෙන් හඟනේ නම්, එය මරණයෙන් නමුදු දුරුකරනු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැක මමත්වයට නො නැමෙන්නේ යි.
මරණෙපි තං පහීයතීති - ‘මරණ’න්ති යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්සූපච්ඡෙදො; තන්ති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං; පහීයතීති - පහීයති ජහීයති විජහීයති අන්තරධායති විප්පලුජ්ජති. භාසිතම්පි හෙතං:
මරණෙනපි තං පහීයති - ‘මරණං’ යනු: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරියකිරීමෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහාලීමෙක් ජීවිතේන්ද්රියයාගේ සිඳීමෙක් වේ ද එය යි. තං - ඒ රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය; පහීයති - ප්‍රහීණ කරනු ලැබෙයි, හරිනු ලැබෙයි, වෙසෙසින් හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ. මේ කියන ලදුයේ මැ ය:
1. “පුබ්බෙව මච්චං විජහන්ති භොගා මච්චො ච තෙ පුබ්බතරං ජහාති, අසස්සතා භොගිනො කාමකාමී තස්මා න සොචාමහං සොකකාලෙ.
1. භෝගයෝ පළමු මැ මිනිසා දුරු කෙරෙති (-අත්හරිති). මිනිසා ද ඊටත් පෙරටුව ඒ භෝගයන් දුරු කෙරෙයි. එම්බා කාමකාමිය, (ලොවැ) කාමභොගීහු අශාශ්වතයෝ යැ. එහෙයින් මම මහාජනයා ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.
2. උදෙති ආපූරති වෙති චන්දො අත්ථඞ්ගමෙත්වාන පලෙති සූරියො, විදිතා මයා සත්තුක! ලොකධම්මා තස්මා න සොචාමහං සොකකාලෙ”ති
2. එම්බා සත්තුකය, මා විසින් (ලාභාලාභාදි) ලොකධර්‍මයෝ දැනගන්නා ලද්දාහ, සඳු උදයට පැමිණෙයි, පිරෙයි, යළි ගෙවී යෙයි. හිරු උදයට පැමිණ යළි අස්තයට යෙයි. (එසෙයින් භෝගයෝ උපදිති යළි වැනැසෙත්;) එහෙයින් මම මහජනයා ශෝක කරන කල්හි ශෝක නො කරම් යයි.
මරණෙනපි තං පහීයති.
යං පුරිසො මමිදන්ති මඤ්ඤතීති - ‘ය’න්ති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං; පුරිසොති සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො; මමිදන්ති මඤ්ඤතීති තණ්හාමඤ්ඤනාය මඤ්ඤති, දිට්ඨිමඤ්ඤනාය මඤ්ඤති, මානමඤ්ඤනාය මඤ්ඤති, කිලෙසමඤ්ඤනාය මඤ්ඤති, දුච්චරිතමඤ්ඤනාය මඤ්ඤති, පයොගමඤ්ඤනාය මඤ්ඤති, විපාකමඤ්ඤනාය මඤ්ඤතීති ‘යං පුරිසො මමිදන්ති මඤ්ඤති. ‘
යං පුරිසො මමිදන්ති මඤ්ඤතී - ‘යං’ යනු: යම් රූප-වේදනා-සඤ්ඤා-සඞ්ඛාර-විඤ්ඤාණගතයක්: පුරිසො යනු: සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යි; මමිදන්ති මඤ්ඤති - තෘෂ්ණායෙන් උපන් මානයෙන් සිතයි (-මාන කෙරෙයි,) දෘෂ්ටිමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, සහජාත මානමඤ්ඤනාවෙන් මාන කෙරෙයි’ ක්ලෙශමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, දුශ්චරිතමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, ප්රයොගමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, විපාකමඤ්ඤනාවෙන් මාන කෙරේනුයි - ‘යං පුරිසො මමිදන්ති මඤ්ඤති’ යනු වේ.
එතං දිස්වාන පණ්ඩිතොති - එතං ආදීනවං ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා මමත්තෙසූති - එතං දිස්වාන; පණ්ඩිතොති - ධීරො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවීති - ‘එතං දිස්වාන පණ්ඩිතො. ‘
එතං දිස්වාන පණ්ඩිතො - මමත්ව කළ වස්තුවිෂයෙහි තෙල ආදීනවය දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එතං දිස්වාන’ යනු වේ. පණ්ඩිතො - ධීර වූයේ ප්‍රඥාවත්-බුද්ධිමත්-ඥානවත්-විද්වත් වූයේ මේධා ඇතියේ නුයි - ‘එතං දිස්වාන පණ්ඩිතො’ යනු වේ.
න මමත්තාය නමෙථ මාමකොති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තං ච දිට්ඨිමමත්තං ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං. මාමකොති - මාමකො බුද්ධමාමකො ධම්මමාමකො සඞ්ඝමාමකො; සො තං භගවන්තං මමායති. භගවා තං පුග්ගලං පරිගණ්හාති. වුත්තං හෙතං භගවතා: “යෙ තෙ භික්ඛවෙ භික්ඛූ කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න මෙ තෙ භික්ඛවෙ, භික්ඛු මාමකා. අපගතා ච තෙ භික්ඛවෙ, භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. න ච පන තෙ ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. යෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛු නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ ඛො මෙ භික්ඛවෙ, භික්ඛු මාමකා. අනපගතා ච තෙ භික්ඛවෙ, භික්ඛූ ඉමස්මා ධම්මවිනයා; තෙ ච ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති.
න මමත්තාය නමෙථ මාමකො - ‘මමත්තා’ යනු මමත්ව දෙකෙක... මාමකො - මමත්වය ඇතියේ බුද්ධමාමක - ධම්මාමාමක - සඞ්ඝමාමක වූයේ; හෙතෙම ඒ බුදුන් මමායන කෙරෙයි. බුදුහු ඒ පුඟුලා විමසති: මේ වදාරන ලද මැයි, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් කුහක වූවාහු තද වූවාහු ප්‍රත්‍යය නිමිත්තෙන් බණන්නාහු සැරසෙන පියවි ඇත්තාහු නැඟුණු මානනළ ඇත්තාහු සමාධි රහිත වූවාහු වෙත් ද, මහණෙනි ඒ මාගේ භික්ෂූහු මා අයත් වූවාහු නො වෙති, මහණෙනි, ඒ භික්ෂූහු මෙ සස්නෙන් බැහැර වූවාහු ද වෙති. තවද ඒ භික්ෂූහු මේ ශාසනයෙහි වෘද්ධියට ස්ථිරබවට විපුල බවට නො ද පැමිණෙත්. මහණෙනි, තවද යම් භික්ෂු කෙනෙක් කුහක නොවූවාහු ලපක නොවූවාහු ධීර වූවාහු නොතද වූවාහු එකඟ සිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, ඒ මාගේ භික්ෂූහු මා අයත් වූවාහු වෙති, තවද මහණෙනි, ඒ භික්ෂූහු මෙ සස්නෙන් බැහැර නොවූවාහු වෙති, ඔවුහු මෙ සස්නෙහි වැඩීමට තහවුරු බවට පැතුරුණු බවට ද පැමිණෙත්.
3. “කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ.
3. කුහක වූ කෝපයෙන් හා මානයෙන් තද වූ ප්‍රත්‍යය පිළිබඳ කොට කථා කරන නැඟුණු මානනළ ඇති සමාධි රහිත වූ යම් කෙනෙක් වෙත් නම්, ඔවුහු සම්මාසම්බුදුන් වදාළ සසුන්දහම්හි නො වැඩෙත්.
4. නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ වෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ” තිb
4. කුහක නො වූ ලපක නො වූ ධෘතිමත් වූ නොතද වූ මොනොවට එකඟ කළ සිත් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔවුහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් වදාළ සසුන්දහම්හි වැඩෙත්.
න මමත්තාය නමෙථ මාමකොති - මාමකො තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා මමත්තාය න නමෙය්ය, න ඔනමෙය්ය, න තන්නින්නො අස්ස, න තප්පොණො න තප්පබ්භාරො න තදධිමුත්තො න තදධිපතෙය්යොති - න මමත්තාය නමෙථ මාමකො.
න මමත්තාය නමෙථ මාමකො - බුද්ධාදීන් කෙරෙහි මමත්වය ඇතියේ තෘෂ්ණාමමත්වය හැර දෘෂ්ටිමමත්වය දුරු කොට මමත්වයට නො නැමෙන්නේය, අවනත නො වන්නේය, ඊට නැමුණේ ඊට ප්‍රවණ වූයේ ඊට බර වූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇතියේ නො වන්නේ නුයි ‘න මමත්තාය නමෙථ මාමකො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“මරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන්ති මඤ්ඤති, එතං දිස්වාන පණ්ඩිතො න මමත්තාය නමෙථ මාමකො”ති.
“මරණෙනපි තං පහීයති -පෙ- න මමත්තාය නමෙථ මාමකො” යී.