යෙදුමෙන් කියවන්න

6. 4

6. 4.

6. 4.

සුපිනෙන යථාපි සඞ‍්ගතං පටිබුද‍්ධො පුරිසො න පස‍්සති, එවං පියායිතං ජනං පෙතං කාලකතං න පස‍්සති.

පුරුෂ තෙමේ සිහිනෙන් පැමිණ හෝ දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් පරලොව ගිය කලුරිය කළා වූ ප්‍රිය කළ සත්ත්‍වයා නො දකී.

සුපිනෙන යථාපි සඞ‍්ගතන‍්ති - සඞ‍්ගතං සමාගතං සමාහිතං සන‍්නිපතිතන‍්ති ‘සුපිනෙන යථාපි සඞ‍්ගතං. ‘

සුපිනෙන යථාපි සඞ්ගතං - හමු වූ සමීපයට පැමිණි එක් වූ පිඬු වූවාහු නුයි ‘සුපිනෙන යථාපි සඞ්ගතං’ යනු වේ.

පටිබුද‍්ධො පුරිසො න පස‍්සතීති - යථා පුරිසො සුපිනගතො චන්‍දං පස‍්සති, සුරියං පස‍්සති, මහාසමුද‍්දං පස‍්සති, සිනෙරුං පබ‍්බතරාජානං පස‍්සති, හත්‍ථිං පස‍්සති, අස‍්සං පස‍්සති, රථං පස‍්සති, පත‍්තිං පස‍්සති, සෙනාබ්‍යූහං පස‍්සති, ආරාමරාමණෙය්‍යකං පස‍්සති, වනරාමණෙය්‍යකං පස‍්සති, භූමිරාමණෙය්‍යකං පස‍්සති, පොක‍්ඛරණීරාමණෙය්‍යකං පස‍්සති; පටිබුද‍්ධො න කිඤ‍්චි පස‍්සතීති ‘පටිබුද‍්ධො පුරිසො න පස‍්සති. ‘

පටිබුද්ධො පුරිසො න පස්සති - පුරුෂ තෙමේ නිදන්නේ සඳ දකී, හිරු දකී, මහමුහුද දකී, මහමෙර දකී, ඇතකු - අසකු - රියක් - පාබලසෙනඟක් - සේනාසමූහයක් දකී, සිත්කලු අරම් - සිත්කලු උයන් - සිත්කලු බිම්පෙදෙස් - සිත්කලු පොකුණු දකී, (එතෙකුදු වත්) පිබිදියේ යම්සේ කිසිවක් නො දකී ද, එහෙයින් ‘පටිබුද්ධො පුරිසො න පස්සති’ යනු වේ.

එවං පියායිතං ජනන‍්ති - ‘එව’න‍්ති ඔපම‍්මසම‍්පටිපාදනං; පියායිතං ජනන‍්ති පියායිතං මමායිතං ජනං, මාතරං වා පිතරං වා භාතරං වා භගිනිං වා පුත‍්තං වා ධීතරං වා මිත‍්තං වා අමච‍්චං වා ඤාතිසාලොහිතං වාති ‘එවං පියායිතං ජනං.’ පෙතං කාලකතං න පස‍්සතීති - පෙතො වුච‍්චති මතො කාලකතො, තං පෙතං න පස‍්සති, න දක‍්ඛති, නාධිගච‍්ඡති, න වින්‍දති, න පටිලභතීති - පෙතං කාලකතං න පස‍්සති.

එවං පියායිතං ජනං - ‘එවං’ යනු: ඖපම්‍ය දැක්වීම යි; පියායිතං ජනං - ප්‍රිය කළ මමත්‍වය කළ සත්ත්‍වයා: මව හෝ පියා හෝ බෑයා හෝ බුහුන හෝ පුතු හෝ දූ හෝ මිතුරකු හෝ යහළුවකු හෝ නෑ-සහලේ-නෑයකු හෝ නුයි ‘එවං පියායිතං ජනං’ යනු වේ. පෙතං කාලකතං න පසස්ති - මළේ කලුරිය කෙළේ ‘ප්‍රේත’ යයි කියනු ලැබේ. ඒ මළහු නො දකී නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො වේ නුයි ‘පෙතං කාලකතං න පසස්ති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

සුපිනෙන යථාපි සඞ‍්ගතං පටිබුද‍්ධො පුරිසො න පස‍්සති, එවං පියායිතං ජනං පෙතං කාලකතං න පස‍්සතී”ති.

“සුපිනෙන යථාපි -පෙ- කාලකතං න පසස්ති” යී.