යෙදුමෙන් කියවන්න

6. 5

6. 5.

6. 5.

දිට‍්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච‍්චති, නාමමෙවාවසිස‍්සති අක‍්ඛෙය්‍යං පෙතස‍්ස ජන‍්තුනො.

ක්‍ෂත්‍රියාදි යම් කෙනකුන්ගේ නාමප්‍රඥප්තිය මේ යැයි කියනු ලැබේ ද, ඒ සත්ත්‍වයෝ ඇසින් දුටු චතුසමුට්ඨානික රූපයෝ ද කනින් ඇසූ ද්විසමුට්ඨානික ශබ්දයෝ ද වෙති. පරලොව ගිය සත්ත්‍වයා ගේ නාමමාත්‍රය ම කියන්නට ඉතිරි වේ.

දිට‍්ඨාපි සුතාපි තෙ ජනාති - ‘දිට‍්ඨා’ති යෙ චක‍්ඛුවිඤ‍්ඤාණාහි සම‍්භූතා; සුතාති යෙ සොතවිඤ‍්ඤාණාභිසම‍්භූතා; තෙ ජනාති ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා චාති ‘දිට‍්ඨාපි සුතාපි තෙ ජනා’

දිට්ඨාපි සුතාපි තෙ ජනා - දිට්ඨා - චක්‍ෂුර්විඥානයෙන් දක්නා ලද චතුසමුත්‍ථානික රූපයෝ; සුතා - ශ්‍රොත්‍රවිඥානයෙන් අසන ලද ද්විසමුට්ඨානික ශබ්දයෝ; තෙ ජනා - ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ නුයි දිට්ඨාපි සුතාපි තෙ ජනා.

යෙසං නාමමිදං පවුච‍්චතීති - ‘යෙස’න‍්ති ඛත‍්තියානං බ්‍රාහ‍්මණානං වෙස‍්සානං සුද‍්දානං ගහට‍්ඨානං පබ‍්බජිතානං දෙවානං මනුස‍්සානං; නාමන‍්ති සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො නාමං නාමකම‍්මං නාමධෙය්‍යං නිරුත‍්ති බ්‍යඤ‍්ජනං අභිලාපො; පවුච‍්චතීති වුච‍්චති පවුච‍්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති ‘යෙසං නාමමිදං පවුච‍්චති. ‘

යෙසං නාමමිදං පවුච්චති - යෙසං - (යම්) ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන්ගේ; නාමං - සංඛ්‍යාව සංඥාව ප්‍රඥප්තිය ව්‍යවහාරය නාමය නාමකර්‍මය නාමධෙය්‍යය නිරුක්තිය ව්‍යඤ්ජනය අභිලාප යි; පවුච්චති - පවසනු ලැබෙයි, කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි - ‘යෙසං නාමමිදං පවුච්චති’ යනු වේ.

නාමමෙවාවසිස‍්සති අක‍්ඛෙය්‍යන‍්ති - රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං පහීයති ජහීයති අන‍්තරධායති විප‍්පලුජ‍්ජතීති නාමමෙවාවසිස‍්සති; අක‍්ඛෙය්‍යන‍්ති අක‍්ඛාතුං කථෙතුං භණිතුං දීපයිතුං වොහරිතුන‍්ති ‘නාමමෙවාවසිස‍්සති අක‍්ඛෙය්‍යං.’

නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං - රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය ප්‍රහීණ වෙයි, හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, වැනැසේ නුයි - ‘නාමමෙවාවසිස්සති’ යනු වේ. අක්ඛෙය්‍යං - පවසන්නට කියන්නට බණන්නට දක්වන්නට වහරන්නට නුයි - ‘නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං’ යනු වේ.

පෙතස‍්ස ජන‍්තුනො - ‘පෙතස‍්සා’ති පෙතස‍්ස කාලකතස‍්ස; ජන‍්තුනොති සත‍්තස‍්ස නරස‍්ස මාණවස‍්ස පොසස‍්ස පුග‍්ගලස‍්ස ජීවස‍්ස ජාගුස‍්ස ජන‍්තුස‍්ස ඉන්‍දගුස‍්ස හින්‍දගුස‍්ස මනුජස‍්සාති අක‍්ඛෙය්‍යං පෙතස‍්ස ජන‍්තුනො.

පෙතස්ස ජන්තුනො - පෙතස්ස යනු: පරලොව ගියහු කලුරිය කළහු ගේ; ජන්තුනො - සත්ත්‍වයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්‍දගු - හින්‍දගු - මනුජයක්හුගේ නුයි - “අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“දිට‍්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච‍්චති, නාමමෙවාවසිස‍්සති අක‍්ඛෙය්‍යං පෙතස‍්ස ජන‍්තුනො”ති.

“දිට්ඨාපි සුතාපි තෙ ජනා -පෙ- අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යී.