6. 6
6. 6.
6. 6.
සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.
මමත්වය කළ වස්තු විෂයෙහි ගිජු වූවාහු ශොකපරිදෙවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මුනීහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂෙමසඞ්ඛ්‍යාත නිවන දකිමින් විසූහ.
සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙති ‘සොකො’ති ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොගව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො අන්තොදාහො අන්තොපරිදාහො චෙතසො පරිඣායනා දොමනස්සං සොකසල්ලං ; පරිදෙවොති - ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස -පෙ- දිට්ඨි ව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලප්පිතත්තං; මච්ඡරියන්ති - පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං, යං එවරූපං මච්ඡරියං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං. අපි ච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං, ගාහො; ඉදං වුච්චති මච්ඡරියං.
සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ - ‘සෝක’ නම්: ඥාතීන්ගේ විනාශයෙන් මඩනා ලද්දහුගේ හෝ භෝගයන්ගේ විනාශයෙන් මඩනා ලද්දහු ගේ හෝ රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් මඩනා ලද්දහුගේ හෝ මිත්‍රව්‍යසනාදි යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ හෝ යම් කිසි දුක්හෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කරන බවෙක් අභ්‍යන්තරශොකයෙක් සිත තුළ අධිකශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ නම් එයයි. ‘පරිදේව’ නම්: නෑයන්ගේ වනසින් මඩනා ලද්දහුගේ හෝ... දෘෂ්ටිව්‍යසනයෙන් - යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහු ගේ හෝ යම් කිසි දුඃඛහෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කියන බවෙක් වේ නම් එය යි. මච්ඡරියං - මාත්සර්‍ය්‍ය:... (2-3 සූත්‍ර නිර්දෙශය.) මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
ගෙධො වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. මමත්තාති ද්වෙ මමත්තා: තණ්හාමමත්තං ච දිට්ඨිමමත්තං ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං; මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනො’පි සොචන්ති. අච්ඡිජ්ජන්තෙපි සොචන්ති. අච්ඡින්නෙපි සොචන්ති. මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනො’පි සොචන්ති. විපරිණමන්තෙ’පි සොචන්ති. මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනො’පි පරිදෙවන්ති. අච්ඡිජ්ජන්තෙ’පි පරිදෙවන්ති. අච්ඡින්නෙ’පි පරිදෙවන්ති. මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනො’පි පරිදෙවන්ති. විපරිණමන්තෙ’පි පරිදෙවන්ති. විපරිණතෙ’පි පරිදෙවන්ති. මමායිතං වත්ථුං රක්ඛන්ති ගොපෙන්ති පරිගණ්හන්ති. මමායන්ති මච්ඡරායන්ති. මමායිතස්මිං වත්ථුස්මිං සොකං න ජහන්ති. පරිදෙවං න ජහන්ති. මච්ඡරියං න ජහන්ති. ගෙධං න ජහන්ති. නප්පජහන්ති න විනොදෙන්ති න බ්යන්තිං කරොන්ති න අනභාවං ගමෙන්තීති - සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ.
ගේධ යයි තෘෂ්ණාව කියනු ලබයි,... යම් රාගයෙක් සංරාගයෙක්... ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. මමත්තා - තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි මමත්ව දෙකෙකි, ... මමත්වය කළ වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද සොවිති, අසිඳුනා කල්හි දු සොවිති, අසිඳගත් කල්හි දු සොවිත්. මමායිත වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද සොවිති, වෙනස් වන කල්හි දු සොවිති, වෙනස් වූ කල්හි දු සොවිත්; මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද හඬති, අසිඳුනා කල්හි දු හඬති, අසිඳගත් කල්හි දු හඬත්; මමත්වය කළ වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද හඬති, වෙනස් වන කල්හි දු හඬති, වෙනස් වූ කල්හි දු හඬත්; මමත්වය කළ වස්තුව රකිති ගෝපනය කෙරෙති විමසති මමායන කෙරෙති මච්ඡරායන කෙරෙති. මමායිත වස්තුවිෂයෙහි ශෝකය නො හරිති, පරිදේව නො හරිති, මසුරුබව නො හරිති, ගිජුබව නො හරිති, නො දුරු කෙරෙති නො බැහර කෙරෙති කෙළවර නො කෙරෙති අනභාවයට නො පමුණුවත් නුයි ‘සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ’ යනු වේ.
තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනොති ‘තස්මා’ ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා එතං ආදීනවං සම්පස්සමානා මමත්තෙසූති තස්මා; මුනයොති මොනං වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි; තෙන ඤාණෙන සමන්නාගතා මුනයො මොනප්පත්තා. තීණි මොනෙය්යානි: කායමොනෙය්යං වචීමොනෙය්යං මනොමොනෙය්යං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි; පරිග්ගහොති - ද්වෙ පරිග්ගහා: තණ්හාපරිග්ගහො ච දිට්ඨිපරිග්ගහො ච -පෙ- අයං තණ්හාපරිග්ගහො. -පෙ- අයං දිට්ඨිපරිග්ගහො; මුනයො තණ්හාපරිග්ගහං පරිච්චජිත්වා දිට්ඨිපරිග්ගහං පටිනිස්සජිත්වා චජිත්වා පරිච්චජිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වා අචරිංසු විචරිංසු ඉරීයිංසු වත්තයිංසු පාලයිංසු යපයිංසු යාපයිංසු; ඛෙමදස්සිනොති - ඛෙමං වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං; ඛෙමදස්සිනොති - ඛෙමදස්සිනො තාණදස්සිනො ලෙනදස්සිනො සරණදස්සිනො අභයදස්සිනො අච්චුතදස්සිනො අමතදස්සිනො නිබ්බානදස්සිනොති ‘තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.’
තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො - තස්මා - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මමායිත වස්තුවිෂයෙහි තෙල ආදීනවය දක්නාහු නුයි ‘තස්මා’ යනු වේ. මුනයො - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්රකර්ෂ දැනීමෙක්... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ නුවණින් සමන්විත වූ මුනීහු මොනප්රාප්තයෝ යි. මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යයි...(2. 8. සූත්‍රනිර්දේශය.) පරිග්ගහො - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි,... මුනීහු තෘෂ්ණාපරිග්‍රහය හැරපියා දෘෂ්ටිපරිග්‍රහය දුරලා ත්‍යාග කොට හැර බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා හැසුරුණාහ වෙසෙසින් හැසුරුණාහ ඉරියවු පැවැත්වූහ පාලන - යපන - යාපන කළහ. ඛෙමදස්සිනො - ‘ඛේම’ යී අමාමහනිවන කියනු ලැබෙයි, සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු උපධීන්ගේ දුරලීම ඇති තෘෂ්ණාක්ෂය වූ විරාග වූ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණයයි. ඛෙමදස්සිනො - ක්ෂේමය දක්නාහු ත්‍රාණය - ලෙනය - ශරණය - අභය - අච්‍යුතය - අමෘතය - නිර්වාණය දක්නාහු නුයි - ‘තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ, තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො”ති.
“සොකපරිදෙවමච්ඡරං -පෙ- හිත්වා අචරිංසු ඛෙමදස්සිනො” යී.