යෙදුමෙන් කියවන්න

6. 7

6. 7.

6. 7.

පතිලීනචරස‍්ස භික‍්ඛුනො භජමානස‍්ස විවිත‍්තමාසනං, සාමග‍්ගියමාහු තස‍්සෙතං යො අත‍්තානං භවනෙ න දස‍්සයෙ.

ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති විවෙක අසුනක් සෙවුනා වූ ශෛක්‍ෂ මහණ හට ද නිරයාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නොදක්වන ඒ රහත් මහණ හට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා මේ (නිරයාදි භවනයෙහි තමා නොදැක්වීම) අනුරූප යයි කියත්.

පතිලීනචරස‍්ස භික‍්ඛුනොති - පතිලීනචරා වුච‍්චන‍්ති සත‍්ත සෙඛා; අරහා පතිලීනො. කිං කාරණා පතිලීනචරා වුච‍්චන‍්ති සත‍්ත සෙඛා? තෙ තතො තතො චිත‍්තං පතිලීනෙන‍්තා පතිකුටෙන‍්තා පතිවට‍්ටෙන‍්තා සන‍්නිරුම‍්භෙන‍්තා සන‍්නිග‍්ගණ‍්හන‍්තා සන‍්නිවාරෙන‍්තා රක‍්ඛන‍්තා ගොපෙන‍්තා චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්ති. චක‍්ඛුද‍්වාරෙ චිත‍්තං පතිලීනෙන‍්තා පතිකුටෙන‍්තා පතිවට‍්ටෙන‍්තා සන‍්නිරුම‍්භෙන‍්තා සන‍්නිග‍්ගණ‍්හන‍්තා සන‍්නිවාරෙන‍්තා රක‍්ඛන‍්තා ගොපෙන‍්තා චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්ති. සොතද‍්වාරෙ චිත‍්තං - ඝානද‍්වාරෙ චිත‍්තං ජිව‍්හාද‍්වාරෙ චිත‍්තං කායද‍්වාරෙ චිත‍්තං - මනොද‍්වාරෙ චිත‍්තං පතිලීනෙන‍්තා පතිකුටෙන‍්තා පතිවට‍්ටෙන‍්තා සන‍්නිරුම‍්භෙන‍්තා සන‍්නිග‍්ගණ‍්හන‍්තා සන‍්නිවාරෙන‍්තා රක‍්ඛන‍්තා ගොපෙන‍්තා චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්ති. යථා කුක‍්කුටපත‍්තං වා නහාරුදද‍්දුලං වා අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තං පතිලීයති පතිකුටති පතිවට‍්ටති න සම‍්පසාරීයති, එවමෙවං තෙ තතො තතො චිත‍්තං පතිලීනෙන‍්තා පතිකුටෙන‍්තා පතිවට‍්ටෙන‍්තා සන‍්නිරුම‍්භෙන‍්තා සන‍්නිග‍්ගණ‍්හන‍්තා සන‍්නිවාරෙන‍්තා රක‍්ඛන‍්තා ගොපෙන‍්තා චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්ති. චක‍්ඛුද‍්වාරෙ චිත‍්තං - සොතද‍්වාරෙ චිත‍්තං - ඝානද‍්වාරෙ චිත‍්තං - ජිව‍්හාද‍්වාරෙ චිත‍්තං - කායද‍්වාරෙ චිත‍්තං - මනොද‍්වාරෙ චිත‍්තං පතිලීනෙන‍්තා පතිකුටෙන‍්තා පතිවට‍්ටෙන‍්තා සන‍්නිරුම‍්භෙන‍්තා සන‍්නිග‍්ගණ‍්හන‍්තා සන‍්නිවාරෙන‍්තා රක‍්ඛන‍්තා ගොපෙන‍්තා චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්ති. තං කාරණා පතිලීනචරා වුච‍්චන‍්ති සත‍්ත සෙඛා. භික‍්ඛුනොති - පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස වා භික‍්ඛුනො සෙඛස‍්ස වා භික‍්ඛුනොති ‘පතිලීනචරස‍්ස භික‍්ඛුනො.’

පතිලීනචරස්ස භික්ඛුනෝ - සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. රහත්හු පතිලීනයහ. කුමක් හෙයින් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙති යත්? ඔහු ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් පෙරළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් හැසිරෙති ඉරියවු පවත්වති පාලනය - යපනය - යාපනය කෙරෙත්, චක්‍ෂුර්ද්වාරයෙහි සිත නවතමින් හකුළුවමින් හකුළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් සෙරෙති හැසිරෙති ඉරියවු පවත්වති ඉරියවු උපදවති පාලනය කෙරෙති යපනය යාපනය කෙරෙති, ශ්‍රොතද්වාරයෙහි සිත...ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - ද්වාරයෙහි සිත නවතමින් (පස්බස්වමින්) ... පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්. යම්සේ කුකුළුපතෙක් හෝ නහරදුදුලෙක් හෝ ගින්නෙහි ලන ලදුයේ හැකිළේ ද, නො පැතිරේ ද, එසෙයින් ම ඒ (පතිලීනචරයෝ) ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් ... වෙසෙති ... යැපෙත්. චක්‍ෂුර්ද්වාරයෙහි ... ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝද්වාරයෙහි සිත නවතමින්... හැසිරෙති... යැපෙත්. එකරුණෙන් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. භික්ඛුනෝ - කල්‍යාණපෘථග්ජන භික්‍ෂුහුගේ හෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පතිලීනචරස්ස භික්ඛුනෝ’ යනු වේ.

භජමානස‍්ස විවිත‍්තමාසනන‍්ති - ආසනං වුච‍්චති යත්‍ථ නිසීදන‍්ති, මඤ‍්චො පීඨං භිසි තට‍්ටිකා චම‍්මඛණ‍්ඩො තිණසන්‍ථාරො පණ‍්ණසන්‍ථරො පලාලසන්‍ථාරො; තං ආසනං අසප‍්පායරූපදස‍්සනෙන රිත‍්තං විවිත‍්තං පවිවිත‍්තං, අසප‍්පායසද‍්දසවණෙන -අසප‍්පායගන්‍ධඝායනෙන - අසප‍්පායරසසායනෙන - අසප‍්පායඵොට‍්ඨබ‍්බඵුසනෙන - අසප‍්පායෙහි පඤ‍්චහි කාමගුණෙහි රිත‍්තං විවිත‍්තං පවිවිත‍්තං, තං විවිත‍්තං ආසනං භජතො සම‍්භජතො සෙවතො නිසෙවතො සංසෙවතො පටිසෙවතොති ‘භජමානස‍්ස විවිත‍්තමාසනං.’

භජමානස්ස විවිත්තමාසනං - ඇඳ පුටු බිසි පත්කඩ සම්කඩ තණඇතිරි පන්ඇතිරි පිදුරුඇතිරි යන මේ හිඳිනා තැන ‘ආසන’ යයි කියනු ලැබේ, ඒ අසුන අසත්ප්‍රාය (=නොසරුප්) රූප දැකීමෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යැ, අසත්ප්‍රායශබ්දශ්‍රවණයෙන් - අසත්ප්‍රාය - ගන්‍ධාඝ්‍රාණයෙන් - අසත්ප්‍රාය රස විඳීමෙන් අසත්ප්‍රාය ස්පර්‍ශයෙන් - අසත්ප්‍රාය වූ ස්ත්‍රීන් පිළිබඳ රූපාදි පඤ්චකාමගුණයන්ගෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යි, ඒ විවික්ත (=ශුන්‍ය) වූ අසුන සෙවුනා හට මැනැවින් සෙවුනා හට එළඹෙනුවහුට නිවෙසනය කරනුවහුට මැනැවින් සේවනය කරනුවහුට පුනපුනා ඇසුරු කරනුවහුට නුයි ‘භජමානස්ස විවිත්තමාසනං’ යනු වේ.

සාමග‍්ගියමාහු තස‍්සෙතං යො අත‍්තානං භවනෙ න දස‍්සයෙති ‘සාමග‍්ගී’ති තිස‍්සො සාමග‍්ගියො: ගණසාමග‍්ගි ධම‍්මසාමග‍්ගි අනභිනිබ‍්බත‍්තිසාමග‍්ගි. කතමා ගණසාමග‍්ගි? බහූ චෙපි භික‍්ඛූ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති. අයං ගණසාමග‍්ගි. කතමා ධම‍්මසාමග‍්ගි? චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්චබලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, තෙ එකතො පක‍්ඛන්‍දන‍්ති පසීදන‍්ති සම‍්පතිට‍්ඨන‍්ති විමුච‍්චන‍්ති. න තෙසං ධම‍්මානං විවාදො පවිවාදො අත්‍ථි. අයං ධම‍්මසාමග‍්ගි.

සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ - ‘සාමග්ගි’ - තුන් සාමග්‍රි කෙනෙක් වෙති: ‘ගණසාමග්ගි ධම්මසාමග්ගි අනභිනිබ්බත්තීසාමග්ගි යැයි. ‘ගණසාමග්ගි කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු නමුදු කයින් සමඟ වූවාහු සිතින් සතුටු වන්නාහු බසින් විවාද නො කරන්නාහු කිරි මුසු දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙත් නම්, මෝ ගණසාමග්ගි නමු. ‘ධම්මසාමග්ගි’ කවරී ද යත්? සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි, ඔවුහු එක අරමුණෙහි පිවිසෙති පහදිති පිහිටා සිටිති විමුක්තියට පැමිණෙත්. ඒ ධර්‍මයන්ගේ විවාදයෙක් ප්‍රකර්‍ෂවිවාදයෙක් නැති, මෝ ‘ධම්මසාමග්ගි’ නමු.

කතමා අනභිනිබ‍්බත‍්තිසාමග‍්ගි? බහූ චෙපි භික‍්ඛු අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති. න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පුණ‍්ණත‍්තං වා පඤ‍්ඤායති. අයං අනභිනිබ‍්බත‍්තිසාමග‍්ගි.

‘අනභිනිබ්බත්තිසාමග්ගි’ කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු පවා නිරුපධිශෙෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණධාතුහුගේ උනුබවෙක් හෝ පිරුණුබවෙක් හෝ නො පැනෙයි; මෝ තොමෝ ‘අනභිනිබ්බත්තිසාමග්ගි’ නම් වන්නීය.

භවනෙති - නෙරයිකානං නිරයො භවනං තිරච‍්ඡානයොනිකානං තිරච‍්ඡානයොනි භවනං; පෙත‍්තිවිසයිකානං පෙත‍්තිවිසයො භවනං; මනුස‍්සානං මනුස‍්සලොකො භවනං; දෙවානං දෙවලොකො භවනන‍්ති ‘සාමග‍්ගියමාහු තස‍්සෙතං.’

භවනෙ - නෙරිසත්නට නරකය භවන (=ගෘහ) යැ, තිරිසන් යෝනි ඇතියනට තිරිසන් යෝනිය භවන යැ, ප්‍රේතවිෂය ඇතියනට ප්‍රේතවිෂය භවන යැ, මිනිසුන්ට මිනිස් ලොව භවන යැ, දෙවියනට දෙව්ලොව භවනය නුයි ‘සාමග්ගියමාහු තස්සෙතං’ යනු වේ.

යො අත‍්තානං භවනෙ න දස‍්සයෙති - තස‍්සෙසා සාමග‍්ගි එතං ඡන‍්නං එතං පතිරූපං එතං අනුච‍්ඡවිකං එතං අනුලොමං, යො එවං පටිච‍්ඡන‍්නෙ නිරයෙ අත‍්තානං න දස‍්සෙය්‍ය, තිරච‍්ඡානයොනියා අත‍්තානං න දස‍්සෙය්‍ය, පෙත‍්තිවිසයෙ අත‍්තානං න දස‍්සෙය්‍ය, මනුස‍්සලොකෙ අත‍්තානං න දස‍්සෙය්‍ය, දෙවලොකෙ අත‍්තානං න දස‍්සෙය්‍යාති. එවමාහු එවමාහංසු එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති ‘සාමග‍්ගියමාහු තස‍්සෙතං යො අත‍්තානං භවනෙ න දස‍්සයෙ.’

යො අත්තානං භවනෙ න දස්සයෙ - යමෙක් මෙසේ ප්‍රතිච්ඡන්න වූ නිරයෙහි තමා නො දක්වන්නේ නම්, තිරිසන් යෝනියෙහි - ප්‍රේතවිෂයෙහි - මිනිස්ලොවැ - දෙව්ලොවැ තමා නො දක්වන්නේ නම්, ඒ ක්‍ෂීණාස්‍රවයා හට මෝ නිර්‍වාණසාමග්‍රිය වෙයි, මෙය සුදුසුය ප්‍රතිරූප ය අනුච්ඡවික ය අනුලොම් වේ යයි; එවමාහු - මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාක කෙරෙත් නුයි “සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ” යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පතිලීනචරස‍්ස භික‍්ඛුනො භජමානස‍්ස විවිත‍්තමාසනං, සාමග‍්ගියමාහු තස‍්සෙතං යො අත‍්තානං භවනෙ න දස‍්සයෙ”ති.

“පතිලීනචරස්ස භික්ඛුනෝ -පෙ- යො අත්තානං භවනෙ න දස්සයෙ” යී.