යෙදුමෙන් කියවන්න

6. 8

6. 8.

6. 8.

සබ‍්බත්‍ථ මුනී අනිස‍්සිතො න පියං කුබ‍්බති නොපි අප‍්පියං, තස‍්මිං පරිදෙවමච‍්ඡරං පණ‍්ණෙ වාරි යථා නලිප‍්පති.

ද්වාදශායතන සඞ්ඛ්‍යාත සියලු තැන්හි තෘෂ්ණා-දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ ක්‍ෂීණාසුව මුනි තෙම (සත්ත්‍වයන් හා සංස්කාරයන් කෙරෙහි) රාගවශයෙන් ප්‍රිය නො කෙරෙයි, ප්‍රතිඝවශයෙන් අප්‍රිය නො ද කෙරෙයි, ඒ රහත්හු කෙරෙහි පරිදේවය හා මාත්සර්‍ය්‍යය පියුම්පත දිය සෙයින් නො ඇලේ.

සබ‍්බත්‍ථ මුනී අනිස‍්සිතොති - ‘සබ‍්බං’ වුච‍්චති ද‍්වාදසායතනානි: චක‍්ඛුඤ‍්චෙව රූපා ච, සොතඤ‍්ච සද‍්දා ච, ඝානඤ‍්ච ගන්‍ධා ච, ජිව‍්හා ච රසා ච, කායො ච ඵොට‍්ඨබ‍්බා ච, මනො ච, ධම‍්මා ච; මුනීති මොනං වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනි; අනිස‍්සිතොති - ද‍්වෙ නිස‍්සයා: තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච -පෙ- අයං තණ‍්හානිස‍්සයො -පෙ- අයං දිට‍්ඨිනිස‍්සයො. මුනි තණ‍්හානිස‍්සයං පහාය දිට‍්ඨිනිස‍්සයං පටිනිස‍්සජිත්‍වා චක‍්ඛුං අනිස‍්සිතො සොතං අනිස‍්සිතො ඝානං අනිස‍්සිතො ජිව‍්හං අනිස‍්සිතො කායං අනිස‍්සිතො මනං අනිස‍්සිතො රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ ධම‍්මෙ කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ‍්ඩපාතං සෙනාසනං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ‍්ඤාභවං අසඤ‍්ඤාභවං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ‍්චවොකාරභවං අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං සබ‍්බෙ ධම‍්මෙ අනිස‍්සිතො අනල‍්ලීනො අනුපගතො අනජ‍්ඣොසිතො අනධිමුත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘සබ‍්බත්‍ථ මුනී අනිස‍්සිතො.’

සබ්බත්‍ථ මුනී අනිස්සිතො - ‘සබ්බ’ යී දොළොස් ආයතනයෝ කියනු ලැබෙති: ඇසත් රූපයෝත්, කනත් ශබ්දයෝත්, නැහැයත් ගන්‍ධයෝත්, දිවත් රසයෝත්, කයත් ස්ප්‍රෂ්ටව්‍යයෝත්, සිතත් ධර්‍මයෝත් යන මොහු යි; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි,... අනිස්සිතො - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... මුනි තෙම තෘෂ්ණානිශ්ශ්‍රය හැරදමා දෘෂ්ටිනිශ්ශ්‍රය දුරලා ඇස තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අනිඃශ්‍රිත වූයේ කන අනිඃශ්‍රිත වූයේ නැහැය අනිඃශ්‍රිත වූයේ දිව අනිඃශ්‍රිත වූයේ කය අනිඃශ්‍රිත වූයේ සිත අනිඃශ්‍රිත වූයේ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් කුලය ගණයා ආවාසය ලාභය සශස ප්‍රශංසාය සැපය සිවුර පිණ්ඩපාතය සෙනස්න ගිලන්පසබෙහෙත්පිරිකර කාමධාතුව රූපධාතුව අරූපධාතුව කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නෙවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය අතීතය අනාගතය වර්‍තමානය රූපායතනය සද්දායතනය ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතනය ධම්මායතනය සියලු ධර්‍මයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්ශ්‍රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ ඇතුළු නො වූයේ නො බැසගත්තේ නික්මැ ගියේ හළුයේ වෙසෙසින් මිදුණේ විසංයෝග වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘සබ්බත්‍ථ මුනී අනිස්සිතො’ යනු වේ.

න පියං කුබ‍්බති නොපි අප‍්පියන‍්ති - පියාති ද‍්වෙ පියා: සත‍්තා වා සඞ‍්ඛාරා වා. කතමෙ සත‍්තා පියා? ඉධ යස‍්ස තෙ හොන‍්ති අත්‍ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක‍්ඛෙමකාමා, මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත‍්තො වා ධීතා වා මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා, ඉමෙ සත‍්තා පියා. කතමෙ සඞ‍්ඛාරා පියා? මනාපිකා රූපා මනාපිකා සද‍්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට‍්ඨබ‍්බා, ඉමෙ සඞ‍්ඛාරා පියා.

න පියං කුබ්බති නොපි අප්පියං - ‘පියා’ යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. කවර සත්හු ප්‍රියයෝ ද යත්? මෙලොවැ මව හෝ පියා හෝ බෑයා හෝ භගිනිය හෝ දුව හෝ පුතා හෝ මිතුරෝ හෝ සබදයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යම් කෙනෙක් වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු යෝගක්‍ෂේමය කැමැත්තාහු වෙත් නම්, මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යැ. ප්‍රිය වූ සංස්කාරයෝ කවරහු ද යත්? මනවඩන රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මොහු ප්‍රිය වූ සංස්කාරයෝ යි.

අප‍්පියාති - ද‍්වෙ අප‍්පියා: සත‍්තා වා සඞ‍්ඛාරා වා. කතමෙ සත‍්තා අප‍්පියා? ඉධ යස‍්ස තෙ හොන‍්ති අනත්‍ථකාමා අහිතකාමා අඵාසුකාමා අයොගක‍්ඛෙමකාමා ජීවිතා වොරොපෙතුකාමා, ඉමෙ සත‍්තා අප‍්පියා. කතමෙ සඞ‍්ඛාරා අප‍්පියා? අමනාපිකා රූපා අමනාපිකා සද‍්දා අමනාපිකා ගන්‍ධා අමනාපිකා රසා අමනාපිකා ඵොට‍්ඨබ‍්බා, ඉමෙ සඞ‍්ඛාරා අප‍්පියා.

අප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්? මේ ලොවැ යම් කෙනෙක් අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොරකරනු කැමැත්තාහු වෙත් නම්, මේ සත්හු අප්‍රියයෝ යැ. අප්‍රිය වූ සංස්කාරයෝ කවරහ යත්? අමනාප වූ රූපයෝ යැ - ශබ්දයෝ යැ - ගන්‍ධයෝ යැ - රසයෝ යැ - අමනාප වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, යන මොහු අප්‍රිය වූ සංස්කාරයෝ යි.

න පියං කුබ‍්බති නොපි අප‍්පියන‍්ති ‘අයං මෙ සත‍්තො පියො, ‘ඉමෙ ච මෙ සඞ‍්ඛාරා මනාපා’ති රාගවසෙන පියං න කරොති. ‘අයං මෙ සත‍්තො අප‍්පියො, ඉමෙ සඞ‍්ඛාරා අමනාපා’ති පටිඝවසෙන අප‍්පියං න කරොති න ජනෙති න සඤ‍්ජනෙති න නිබ‍්බත‍්තෙති නාභිනිබ‍්බත‍්තෙතීති ‘න පියං කුබ‍්බති නොපි අප‍්පියං’.

න පියං කුබ්බති නොපි අප්පියං - ‘මේ සත්ත්‍ව මට ප්‍රිය යැ, මේ සංස්කාරයෝ මට මනාපයෝ යැ’යි රාගවශයෙන් ප්‍රිය නොකෙරෙයි. ‘මේ සත්ත්‍ව මට අප්‍රිය යැ, මේ සංස්කාරයෝ අමනාපයෝ යැ’යි ප්‍රතිඝවශයෙන් අප්‍රිය නො කෙරෙයි, නො දනවයි, නූපදවා නුයි ‘න පියං කුබ්බති නොපි අප්පියං’ යනු වේ.

තස‍්මිං පරිදෙවමච‍්ඡරං පණ‍්ණෙ වාරි යථා න ලිප‍්පතීති - ‘තස‍්මි’න‍්ති තස‍්මිං පුග‍්ගලෙ අරහන‍්තෙ ඛීණාසවෙ, පරිදෙවොති - ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං වාචා පලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තං මච‍්ඡරියන‍්ති පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං ලාභමච‍්ඡරියං වණ‍්ණමච‍්ඡරියං ධම‍්මමච‍්ඡරියං. යං එවරූපං මච‍්ඡරියං මච‍්ඡරායනා මච‍්ඡරායිතත‍්තං වෙවිච‍්ඡං කදරියං කටුකඤ‍්චුකතා අග‍්ගහිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති මච‍්ඡරියං. අපිච, ඛන්‍ධමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ධාතුමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ආයතනමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ගාහො වුච‍්චති මච‍්ඡරියං.

තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති - ‘තස්මිං’ යි ඒ අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ පුඟුල්හු කෙරෙහි; පරිදේව - නම්: ඥාතිව්‍යසනයෙන් (=විනාශයෙන්) මඩනා ලද්දහුගේ හෝ, භොග විපතින් හෝ - රෝග විපතින් හෝ - සීල විපතින් හෝ - දෘෂ්ටි විපතින් හෝ මඩනා ලද්දහුගේ යම්කිසි විපතකින් යුක්ත වූවහුගේ හෝ පරිදෙවදුකට හේතු වූ යම් කිසිවකින් මඩනා ලද්දහුගේ නම කියා හැඬීම ගුණ කියා හැඬීම හඬන ආකාරය හඬන බව වචනය ප්‍රලාපය විප්‍රලාපය පුනපුනා ලපනය ලපනාකාරය පුනපුනා ලපනය කරන බව යි. මච්ඡරිය නම්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය කුලමාත්සර්‍ය්‍යය ලාභමාත්සර්‍ය්‍යය වර්‍ණමාත්සර්‍ය්‍යය ධර්‍මමාත්සර්‍ය්‍යය කියායි. යම් මෙබඳු වූ මසුරුකමෙක් මසුරුඅයුරෙක් මසුරුකම් ඇතිබවෙක් සම්පත් සඟවන බවෙක් අනාර්‍ය්‍ය බවෙක් කටුකකමින් සිත හැකීළැවීමෙක් සිත මසුරුකමින් ගන්නා ලද බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. තවද ස්කන්‍ධමාත්සර්‍ය්‍යය ද - ධාතුමාත්සර්‍ය්‍යය ද - ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’ නමි. ග්‍රහණය මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.

පණ‍්ණෙ වාරි යථා න ලිප‍්පතීති - පණ‍්ණං වුච‍්චති පදුමපත‍්තං; වාරි වුච‍්චති උදකං; යථා වාරි පදුමපත‍්තෙ න ලිප‍්පති න සංලිප‍්පති න උපලිප‍්පති, අලිත‍්තං අසංලිත‍්තං අනුපලිත‍්තං, එවමෙවං තස‍්මිං පුග‍්ගලෙ අරහන‍්තෙ ඛීණාසවෙ පරිදෙවො ච මච‍්ඡරියඤ‍්ච න ලිප‍්පති න සංලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තො අසංලිත‍්තො අනුපලිත‍්තො; සො ච පුග‍්ගලො තෙහි කිලෙසෙහි න ලිප‍්පති න සංලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තො අසංලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘තස‍්මිං පරිදෙවමච‍්ඡරං පණ‍්ණෙ වාරි යථා න ලිප‍්පති.’

පණ්ණෙ වාරි යථා න ලිප්පති - ‘පණ්ණ’ යි පියුම්පත කියනු ලැබෙයි; ‘වාරි’ යී ජලය කියනු ලැබේ. යම් සේ ජලය පියුම්පතෙහි නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වේ ද එසෙයින් ම අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ ඒ පුඟුල්හු කෙරෙහි පරිදේවය ද, මාත්සර්‍ය්‍යය ද නොඇලෙයි වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ වෙයි; ඒ පුද්ගල තෙමේ ද ඒ කෙලෙසුන් සමග නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මැ ගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ වෙන්වූයේ විගතමාර්‍ය්‍යාදා කළ (=මිදීගිය) සිතින් යුක්ත ව වෙසේ නුයි - “තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති” යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සබ‍්බත්‍ථ මුනී අනිස‍්සිතො න පියං කුබ‍්බති නොපි අප‍්පියං, තස‍්මිං පරිදෙවමච‍්ඡරං පණ‍්ණෙ වාරි යථා න ලිප‍්පතී”ති.

“සබ්බත්‍ථ මුනී අනිස්සිතො -පෙ- පණ්ණෙ වාරි යථා න ලිප්පති” යි.