යෙදුමෙන් කියවන්න

6. 9

6. 9.

6. 9.

උදබින්‍දු යථාපි පොක‍්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප‍්පති, එවං මුනි නොපලිප‍්පති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා.

පොකුරුපත්හි දියබිඳු යම්සේ නො ඇලේ ද, පියුමෙහි දිය යම් සේ නො ඇලේ ද, එසෙයින් ක්‍ෂීණාශ්‍රව මුනි තෙම දිට්ඨසුතයෙහි හෝ මුතයෙහි නො ඇලේ.

උදබින්‍දු යථාපි පොක‍්ඛරෙති - උදබින්‍දු වුච‍්චති උදකථෙවො; පොක‍්ඛරං වුච‍්චති පදුමපත‍්තං; යථා උදබින්‍දු පදුමපත‍්තෙ න ලිප‍්පති න පලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තං අපලිත‍්තං අනුපලිත‍්තන‍්ති ‘උදබින්‍දු යථාපි පොක‍්ඛරෙ.’

උදබින්‍දු යථාපි පොක්ඛරෙ - ‘උදබින්‍දු’ යයි උදකස්තෙවය (=දියබිඳ) කියනු ලැබේ; ‘පොක්‍ඛර’ යී පියුම්පත කියනු ලැබේ; යම්සේ දියබිඳක් පියුම්පතෙහි නො ඇලේ ද, වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වේ ද එයින් ‘උදබින්‍දු යථාපි පොක්ඛරෙ’ යනු වේ.

පදුමෙ වාරි යථා න ලිප‍්පතීති - පදුමං වුච‍්චති පදුමපුප‍්ඵං; වාරි වුච‍්චති උදකං, යථා වාරි පදුමපුප‍්ඵෙ න ලිප‍්පති න පලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තං අපලිත‍්තං අනුපලිත‍්තන‍්ති ‘පදුමෙ වාරි යථා න ලිප‍්පති’

පදුමෙ වාරි යථා න ලිප්පති - ‘පදුම’යී පියුම්මල කියනු ලැබේ; ‘වාරි’ යී දිය කියනු ලැබෙයි; යම්සේ දිය පියුම්මලෙහි නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වේ ද, එයින් ‘පදුමෙ වාරි යථා න ලිප්පති’ යනු වේ.

එවං මුනි නොපලිප‍්පති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වාති - ‘එව’න‍්ති ඔපම‍්මසම‍්පටිපාදනං, මුනීති මොනං වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගමතිච‍්ච සො මුනි; ‘ලෙපා’ති ද‍්වෙ ලෙපා: තණ‍්හාලෙපො ච දිට‍්ඨිලෙපො ච -පෙ- අයං තණ‍්හාලෙපො -පෙ- අයං දිට‍්ඨිලෙපො; මුනි තණ‍්හාලෙපං පහාය දිට‍්ඨිලෙපං පටිනිස‍්සජිත්‍වා දිට‍්ඨෙ න ලිප‍්පති, සුතෙ න ලිප‍්පති, මුතෙ න ලිප‍්පති, විඤ‍්ඤාතෙ න ලිප‍්පති න පලිප‍්පති න උපලිප‍්පති. අලිත‍්තො අපලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘එවං මුනි නොපලිප‍්පති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා. ‘

එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘එවං’ යනු ඖපම්‍යසම්ප්‍රතිපාදනා යැ; මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි... (2. 8. සූත්‍රනිර්දේශය.) ලෙපා - තණ්හාලෙපය ද දිට්ඨිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි... මුනි තෙම තණ්හාලෙපය හැරපියා දිට්ඨිලෙපය දුරලා, රූපායතනයෙහි නො ඇලෙයි, සද්දායතනයෙහි - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බායතනයෙහි ධර්‍මායතනයෙහි නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි. අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වූයේ නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ විසංයෝග වූයේ විසංයුක්ත වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“උදබින්‍දු යථාපි පොක‍්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප‍්පති, එවං මුනි නොපලිප‍්පති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා”ති.

“උදබින්‍දු යථාපි පොක්ඛරෙ -පෙ- යදිදං දිට්ඨසුතං මුතෙසු වා” යී.