6. 10
6. 10.
6. 10.
ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා, නාඤ‍්ඤෙන විසුද‍්ධිමිච‍්ඡති න හි සො රජ්ජති නො විරජ‍්ජති.
ක්‍ෂීණාස්‍රව තෙම යම් මේ (දුටු ඇසූ) රූප-ශබ්දාලම්බනයෙක් වේ ද, ඒ වස්තුවෙන් මඤ්ඤානා වශයෙන් නො සිතයි, (දැනගත්) මුත-ධර්‍මාලම්බනයන් කෙරෙහි හෝ මඤ්ඤානාවශයෙන් නො සිතයි, හෙ තෙම අනිත් අශුද්ධිමාර්‍ගයෙකින් ශුද්ධිය නො කැමැති වෙයි, හෙතෙම (බාලපුහුදුනුවන් මෙන්) නො මැ ඇලෙයි, (කලණ පුහුදුනුවන් හා ශෛක්‍ෂයන් මෙන්) විරාග නො ද වේ.
ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වාති ‘ධොනො’ති ධොනා වුච‍්චති පඤ‍්ඤා, යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි. කිං කාරණා ධොනා වුච‍්චති පඤ‍්ඤා? තාය පඤ‍්ඤාය කායදුච‍්චරිතං ධුතඤ‍්ච ධොතඤ‍්ච සන්‍ධොතඤ‍්ච නිද‍්ධොතඤ‍්ච; වචීදුච‍්චරිතං - මනොදුච‍්චරිතං ධුතඤ‍්ච ධොතඤ‍්ච සන්‍ධොතඤ‍්ච නිද‍්ධොතඤ‍්ච; රාගො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, දොසො මොහො - කොධො - උපනාහො - මක‍්ඛො - පළාසො - ඉස‍්සා - මච‍්ඡරියං - මායා - සාඨෙය්‍යං - ථම‍්භො - සාරම‍්භො - මානො - අතිමානො - මදො - පමාදො - සබ‍්බෙ කිලෙසා - සබ‍්බෙ දුච‍්චරිතා - සබ‍්බෙ දරථා - සබ‍්බෙ පරිළාහා - සබ‍්බෙ සන‍්තාපා - සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච; තංකාරණා ධොනා වුච‍්චති පඤ‍්ඤා. අථවා සම‍්මාදිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨි ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච; සම‍්මාසඞ‍්කප‍්පෙන මිච‍්ඡාසඞ‍්කප‍්පො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච; සම‍්මාවාචාය මිච‍්ඡාවාචා ධුතා ච ධොතා ච -සම‍්මාකම‍්මන‍්තෙන මිච‍්ඡාකම‍්මන‍්තො ධුතො ච ධොතො ච - සම‍්මාආජීවෙන මිච‍්ඡාආජීවො ධුතො ච ධොතො ච - සම‍්මාවායාමෙන මිච‍්ඡාවායාමො ධුතො ච ධොතො ච - සම‍්මාසතියා මිච‍්ඡාසති ධුතා ච ධොතා ච - සම‍්මාසමාධිනා මිච‍්ඡාසමාධි ධුතො ච ධොතො ච - සම‍්මාඤාණෙන මිච‍්ඡාඤාණං ධුතඤ‍්ච ධොතඤ‍්ච සම‍්මාවිමුත‍්තියා මිච‍්ඡාවිමුත‍්ති ධුතා ච ධොතා ච සන්‍ධොතා ච. අථවා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. අරහා ඉමෙහි ධොනෙහි ධම‍්මෙහි උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතො. තස‍්මා අරහා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති - ධොනො.
ධොනො නහි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘ධොනො’ යනු - ‘ධොනා’ යී පුඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. කුමක් හෙයින් ප්‍රඥාව‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥායෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද්දේ ද සෝදන ලද්දේ ද මැනවින් දොවන ලද්දේ ද වෙසෙසින් දොවන ලද්දේ ද; වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි, රාගය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි; ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. එකරුණෙන් ප්‍රඥාව‘ධොන’ යයි කියනු ලබයි. නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පා කරන ලද්දී ධොවනය කරන ලද්දී මැනැවින් ධොවනය කරන ලද්දී වෙසෙසින් ධොවනය කරන ලද්දී ද වෙයි; සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය කම්පිත ධොවිත සන්‍ධොවිත නිද්ධොවිත ද වෙයි; සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය ... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය... සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය... සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය... සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත-ධොවිත-සන්‍ධොවිත-නිද්ධොවිත වූවා ද වෙයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංසංකාරයෝ ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. රහත්හු මේ ධොනධර්‍මයන්ගෙන් උපේත වූවාහු සමුපෙතඋපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වූවාහු වෙති; එහෙයින් රහත්හු ධොනයහ; ඔහු ධුතරාගයහ ධුතපාපහය ධුතක්ලෙශයහ ධුතපරිදාහ නුයි ‘ධොන’ නම් වෙත්.
ධොනො න හී තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වාති ධොනො දිට‍්ඨං න මඤ‍්ඤති. දිට‍්ඨස‍්මිං න මඤ‍්ඤති. දිට‍්ඨතො න මඤ‍්ඤති. දිට‍්ඨං මෙති න මඤ‍්ඤති. සුතං න මඤ‍්ඤති. සුතස‍්මිං න මඤ‍්ඤති. සුතතො න මඤ‍්ඤති. සුතං මෙති න මඤ‍්ඤති. මුතං න මඤ‍්ඤති. මුතස‍්මිං න මඤ‍්ඤති. මුතතො න මඤ‍්ඤති. මුතං මෙති න මඤ‍්ඤති. විඤ‍්ඤාතං න මඤ‍්ඤති. විඤ‍්ඤාතස‍්මිං න මඤ‍්ඤති. විඤ‍්ඤාතතො න මඤ‍්ඤති. විඤ‍්ඤාතං මෙති න මඤ‍්ඤති. වුත‍්තම‍්පි හෙතං භගවතා:
ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ධොන සඞ්ඛ්‍යාත ක්‍ෂීණාස්‍රව තෙමේ (මසැසින් හෝ දිවැසින් දුටු) රූපායතනය (ත්‍රිවිධ මඤ්ඤනායෙන්) නො සිතයි, රූපායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, රූපායතනයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, රූපායතනය මාගේ යැයි නො සිතයි; ශබ්දායතනය ත්‍රිවිධ මඤ්ඤනායෙන් ආත්මයයි නො සිතයි, ශබ්දායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, ශබ්දායතනයෙන් පිටත (අන්‍ය) වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, ශබ්දායතනය මාගේ යයි නො සිතයි; (ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතන සඞ්ඛ්‍යාත) මුතය ආත්මයයි නො සිතයි, මුතයෙහි ආත්මය ඇතැයි නො සිතයි, මුතයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, මුතය මාගේ යයි නො සිතයි; (සිතින් දැනගත් සප්තායතන සඞ්ඛ්‍යාත) විඥානය ආත්මයයි නො සිතයි, විඥානයෙහි ආත්මය ඇතැයි නො සිතයි, විඥානයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, විඥානය මාගේ යයි නො සිතයි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්:
“අස‍්මීති භික‍්ඛවෙ මඤ‍්ඤිතමෙතං. අයමහමස‍්මීති මඤ‍්ඤිතමෙතං. භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. න භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. රූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං අරූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. සඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. අසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. මඤ‍්ඤිතං හි භික‍්ඛවෙ, රොගො, මඤ‍්ඤිතං ගණ‍්ඩො, මඤ‍්ඤිතං සල‍්ලං, මඤ‍්ඤිතං උපද‍්දවො, තස‍්මාතිහ භික‍්ඛවෙ අමඤ‍්ඤමානෙන චෙතසා විහරිස‍්සාමාති එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බ”න‍්ති ‘ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා.’
“මහණෙනි; නිත්‍ය වෙමි යන මෙය මඤ්ඤිත (=දෘෂ්ටිකල්පන) යෙකි, මේ මම් වෙමි යන මෙය මඤ්ඤිතයෙකි, (අනාගතයෙහි) වන්නෙමී මඤ්ඤිතයෙකි, නො වන්නෙමී මඤ්ඤිතයෙකි, සංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි, අසංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි, නෛවසංඥීනාසංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි; මහණෙනි, යම් හෙයකින් මඤ්ඤිතය රොගයක් වේ ද, මඤ්ඤිතය ගණ්ඩයක් වේ ද, මඤ්ඤිතය ශල්‍යයෙක් වේ ද, මඤ්ඤිතය උපද්‍රවයෙක් වේ ද, එහෙයින් මහණෙනි, මෙහි ලා (තෘෂ්ණා-මාන-දෘෂ්ටි විසින්) මඤ්ඤනා නො කරන සිතින් යුක්ත ව වාසය කරම්’හයි මෙසේ මැ තොප විසින් හික්මියැ යුත්තේයැ”යි. එහෙයින් ‘ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා’ යනු වේ.
නාඤ‍්ඤෙන විසුද‍්ධිමිච‍්ඡතීති - ධොනො අඤ‍්ඤෙන අසුද‍්ධිමග‍්ගෙන මිච‍්ඡාපටිපදාය අනිය්‍යාණිකපථෙන අඤ‍්ඤත්‍ර සතිපට‍්ඨානෙහි අඤ‍්ඤත්‍ර සම‍්මප‍්පධානෙහි අඤ‍්ඤත්‍ර ඉද‍්ධිපාදෙහි අඤ‍්ඤත්‍ර ඉන්‍ද්‍රියෙහි අඤ‍්ඤත්‍ර බලෙහි අඤ‍්ඤත්‍ර බොජ‍්ඣඞ‍්ගෙහි අඤ‍්ඤත්‍ර අරියා අට‍්ඨඞ‍්ගිකා මග‍්ගා සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං න ඉච‍්ඡති න සාදියති න පත්‍ථෙති න පිහෙති නාභිජප‍්පතීති ‘නාඤ‍්ඤෙන විසුද‍්ධිමිච‍්ඡති.’
නාඤ්ඤෙන සුද්ධිමිච්ඡති - ධොන (=ක්‍ෂීණාශ්‍රව) තෙමේ සතර සතිපට්ඨානයන් තබා, සතර සම්‍යක්ප්‍රධානයන් - සතර ඍද්ධිපාදයන් - පඤ්චේන්‍ද්‍රියයන් - පඤ්චබලයන් - සප්තබෝධ්‍යඞ්ගයන් - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැරපියා අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙකින් මිත්‍ථ්‍යාප්‍රතිප්‍රදාවකින් අනෛර්‍ය්‍යාණිකපථයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කැමැති වෙයි, නො ඉවසයි නො පතයි නො රිසි වෙයි නො කියා නුයි ‘නාඤ්ඤෙන විසුද්ධීමිච්ඡති’ යනු වේ.
න හි සො රජ්ජති නො විරජ‍්ජතීති - ‘සබ‍්බෙ බාලපුථුජ‍්ජනා රජ‍්ජන‍්ති. පුථුජ‍්ජනකල්‍යාණකං උපාදාය සත‍්ත සෙඛා විරජ‍්ජන‍්ති. අරහා නෙව රජ‍්ජති නො විරජ‍්ජති. විරත‍්තො සො ඛයා රාගස‍්ස වීතරාගත‍්තා ඛයා දොසස‍්ස වීතදොසත‍්තා ඛයා මොහස‍්ස වීතමොහත‍්තා සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො -පෙ- ජාතිජරාමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති ‘න හි සො රජ්ජති නො විරජ‍්ජති.’
න හි සො රජ්ජති නො විරජ්ජති - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සප්තශෛක්‍ෂයෝ විරාගයට පැමිණෙත්. රහත්හු නො මැ ඇලෙති, විරාගයට නො පැමිණෙත්. රාගය ක්‍ෂය වීමෙන් වීතරාග හෙයින් ද්වේෂය ක්‍ෂය වීමෙන් වීතදෝස හෙයින් මෝහය ක්‍ෂය වීමෙන් වීතමෝහ හෙයින් හෙතෙම විරක්ත යැ, වැස නිම වූ ආර්‍ය්‍යවාස ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ. ඔහුට ජාති ජරා මරණ ද (කඳපිළිවෙළ යයි කියන ලද) සසර ද පුනර්‍භවය ද නැත් නුයි ‘න හි සො රජ්ජති නො විරජ්ජති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුහුදු:
“ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා, නාඤ‍්ඤෙන විසුද‍්ධිමිච‍්ඡති න හි සො රජ්ජති නො විරජ‍්ජතී”ති.
“ධොනො න හි තෙන මඤ්ඤති -පෙ- න හි සො රජ්ජති නො විරජ්ජති” යී.
ජරාසුත‍්තනිද‍්දෙසො ඡට‍්ඨො.
සවැනි වූ ජරාසූත්‍රනිර්‍දෙශය යි.