7. 1
7. 1.
7. 1.
මෙථුනමනුයුත්තස්ස (ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො) විඝාතං බ්රූහි මාරිස, සුත්වාන තව සාසනං විවෙකෙ සික්ඛිස්සාම සෙ.
නිදුකාණෙනි, මෙවුන්දම්හි යෙදුණහුට (වන) උපද්‍රවය වදාළ මැනව, මුබ වහන්සේගේ අනුසසුන් අසා ත්‍රිවිධ විවෙකයෙහි හික්මෙනුවම්හ. (ආයුෂ්මත් තිෂ්යමෛත්රෙය තෙමේ මෙසේ විචාළේයි.)
මෙථුනමනුයුත්තස්සාති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති; කිංකාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො. යථා උභො කලහකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො භණ්ඩනකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො භස්සකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො විවාදකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො අධිකරණකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො වාදිනො ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො සල්ලාපකා ‘මෙථුනකා’ති වුච්චන්ති, එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො; මෙථුනමනුයුත්තස්සාති - මෙථුනධම්මෙ යුත්තස්ස පයුත්තස්ස ආයුත්තස්ස සමායුත්තස්ස තච්චරිතස්ස තබ්බහුලස්ස තග්ගරුකස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්ස තදධිමුත්තස්ස තදධිපතෙය්යස්සාති ‘මෙථුනමනුයුත්තස්ස.’
මෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් වේ ද, දුෂ්ඨුනිඃශ්රිත වූ දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ ධර්මයෙක්, ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? රාගයෙන් රත් වූ වෙසෙසින් රැඳුණු ක්ලේශයෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි කුසල්සිත ගෙවාගෙන සිටි ස්ත්‍රීපුරුෂ දෙදෙනක්හුගේ සමාන කෙලෙස් ඇති දෙදෙනක්හුගේ ස්වභාවය නුයි, එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. යම් සේ කලහකරුවෝ දෙදෙන මෛථුනක (-සදෘශ)යෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, බසින් කලහකරනුවෝ දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - අධිකරණකරුවෝ දෙදෙන - වාදපථය කියනුවෝ දෙදෙන - කථා කරනුවෝ දෙදෙන - මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසුන්ගෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි හාත්පසින් යටකොට ගත් කුශලචිත්තය ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ සමාන කෙලෙස් ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ස්වභාවය නුයි එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. මෙථුනධම්මමනුයුත්තස්ස - මෙවුන්දම්හි යෙදුණු ආදරයෙන් යෙදුණු වෙසෙසින් යෙදුණු එක්වැ යෙදුණු එය කරන්නාවූ එය බහුල කොට ඇති එය ගරුකරන්නාවූ එහි නැමුණු සිත් ඇති එහි නැමුණු කය ඇති එහි අභිමුඛ වූ කය ඇති එහි ඇලුණාවූ එය අධිපති කොට ඇත්තහුගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යොති - ‘ඉච්චා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං ඉච්චාති; ආයස්මාති - පියවචනං ගරුවචනං සගාරවවචනං සප්පතිස්සවචනමෙතං ආයස්මාති; තිස්සොති - තස්ස ථෙරස්ස නාමං සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො; මෙත්තෙය්යොති - තස්ස ථෙරස්ස ගොත්තං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරොති ‘ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො.’
ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො - ‘ඉච්ච’ යනු, පදසන්ධි යැ, පදසංසර්ග යැ, පදපූරණ යැ, අක්ෂරසමවාය යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටිබව යැ, පදානුපූර්වය නම් වෙයි මේ ‘ඉච්ච’ යනු: ආයස්මා යනු ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරවවචන යැ, සප්රතිශ්රවවචන යැ මේ ‘ආයස්මා’ යනු. තිස්සො යනු: ඒ තෙරුන්ගේ නම යැ සංඛ්‍යාව යැ සංඥාව යැ ප්රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යයි. මෙත්තෙය්යො - යනු: ඒ තෙරුන්ගේ ගෝත්‍ර යැ සංඛ්‍යාව යැ සංඥාව යැ ප්රඥප්තිය යැ ව්‍යවහාරය නුයි ‘ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො’ යනු වේ.
විඝාතං බ්රූහි මාරිසාති - ‘විඝාත’න්ති විඝාතං උපඝාතං පීළනං ඝට්ටනං උපද්දවං උපස්සග්ගං; බ්රූහි - ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහි; මාරිසාති ‘පියවචනං ගරුවචනං සගාරවවචනං සප්පතිස්සවචනමෙතං මාරිසාති ‘විඝාතං බ්රූහි මාරිස.’
විඝාතං බ්‍රෑහි මාරිස - ‘විඝාතං’ යනු: වෙහෙස හිංසාව පෙළුම ගැටුම උවදුර උපද්‍රවය; බ්‍රෑහි - කියව දෙසව පනවව පිහිටුවව විවරණ කරව විභාග කරව ප්‍රකට කරව ප්‍රකාශ කළ මැනව; මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ සප්රතිශ්රවවචනයෙකි මේ ‘මාරිස’ යනු. එහෙයින් ‘විඝාතං බ්‍රෑහි මාරිස’ යනු වේ.
සුත්වාන තව සාසනන්ති - ‘තුය්හං වචනං ව්යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති ‘සුත්වාන තව සාසනං.’
සුත්වාන තව සාසනං - ඔබගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අනුශිෂ්ටිය අසා ශ්‍රවණය කොට උගෙන විමසා සලකා නුයි ‘සුත්වාන තව සාසනං’ යනු වේ.
විවෙකෙ සික්ඛිස්සාම සෙති - ‘විවෙකො’ති තයො විවෙකා: කායවිවෙකො චිත්තවිවෙකො උපධිවිවෙකො.
විවෙකෙ සීක්ඛිස්සාම සෙ - ‘විවෙක’ නම්: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යි තුන් විවෙක කෙනෙක් වෙති.
කතමො කායවිවෙකො? ඉධ භික්ඛූ විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. කායෙන විවිත්තො විහරති. සො එකො ගච්ඡති. එකො තිට්ඨති. එකො නිසීදති. එකො සෙය්යං කප්පෙති. එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති. එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. අයං කායවිවෙකො.
කායවිවේකය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමේ අරණ්‍ය යැ වෘක්ෂමූල යැ පර්වත යැ කඳුරු යැ ගල්ගේ යැ සොහොන යැ වනපත් යැ අබවස යැ පිදුරු බිසි (කුටි) යැ යන විවෙකසෙනාසනයක් ඇසුරු කෙරෙයි. කයින් විවික්ත වැ වෙසෙයි. හේ එකලා වැ යෙයි. එකලා වැ සිටී. එකලා වැ හොවී. එකලා වැ ගමට පිඬු සිඟා යෙයි. එකලා වැ පෙරළා එයි. එකලා වැ රහසැ හිඳී. එකලා වැ සක්මන් කෙරෙයි. එකලා වැ හැසිරෙයි. වෙසෙයි. ඉරියව් පවත්වයි යැපෙයි යාපනය කෙරෙයි. මේ ‘කායවිවේක’ යැ.
කතමො චිත්තවිවෙකො? පඨමං ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විවිත්තං හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරෙහි චිත්තං විවිත්තං හොති. තතියං ඣානං සමාපන්නස්ස පීතියා චිත්තං විවිත්තං හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛෙහි චිත්තං විවිත්තං හොති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. අනාගාමිස්ස අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං විවිත්තං හොති. අයං චිත්තවිවෙකො.
චිත්තවිවේක කවරැ යත් ? ප්‍රථමධ්‍යානයට සමවැදුනහුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වූයේ වෙයි, ද්විතීයධ්‍යානයට සමවැදුනහුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් වෙන් වූයේ වෙයි, තෘතීයධ්‍යානයට සමවැදුනහුගේ සිත ප්‍රීතියෙන් වෙන් වූයේ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදුනහුගේ සිත සුඛදුඃඛයන්ගෙන් වෙන් වූයේ වෙයි, ආකාසානඤ්චායතනයට සමවැදුනහුගේ සිත රුපසංඥායෙන් ප්‍රතිඝසංඥායෙන් නානාත්මසංඥායෙන් වෙන් වූයේ වෙයි, විඤ්ඤාණඤ්චාතනයට සමවන්නහුගේ සිත ආකාසානඤ්චායතනසංඥායෙන් විවික්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ සිත විඤ්ඤාණඤ්චායතනසංඥායෙන් විවික්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙන් විවික්ත වෙයි, ස්රොතාපන්නයාගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්යනුශයයෙන් විචිකිත්සානුශයයෙන් හා ඔවුන් හා එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද විවික්ත වෙයි, සකෘදාගාමීහුගේ සිත ඖදාරිකකාමරාගසංයොජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදේකස්ථ ක්ලේශයන් ගෙන් ද විවික්ත වෙයි, අනාගාමීහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදේකස්ථ ක්ලේශයන් ගෙන් ද විවික්ත වෙයි, රහත්හු ගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් මානානුශයයෙන් භවරාගානුශයයෙන් අවිද්යානුශයයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය ව පැවැති සියලු සංස්කාරනිමිත්තයන්ගෙන් ද විවික්ත වූයේ වේ. මේ යැ චිත්තවිවේක ය.
කතමො උපධිවිවෙකො? උපධි වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. උපධිවිවෙකො වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අයං උපධිවිවෙකො.
උපධිවිවෙක කවරැ යත් ? ක්ලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති; අමාමහ නිවන ‘උපධිවිවෙක’ යයි කියනු ලැබේ. හේ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම යැ සියලු උපධීන්ගේ දුරැලීම යැ තෘෂ්ණාක්ෂය යැ විරාග යැ නිරෝධ යැ නිර්වාණයයි. මේ උපධිවිවෙක යි.
කායවිවෙකො ච වවකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං. චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං.
ගණසඞ්ගනිකායෙන් වෙන් වූ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ගේ කායවිවේකය ද, පිරිසිදු සිත් ඇති උත්තමපාරිශුද්ධියට පැමිණියවුන්ගේ චිත්තවිවෙකය ද, උපධිරහිත වූ නිවනට ගිය සිත් ඇති පුද්ගලයන්ගේ උපධිවිවේකය ද වේ.
විවෙකෙ සික්ඛිස්සාම සෙති - සො ථෙරො පකතියා සික්ඛිතසික්ඛො. අපිච, ධම්මදෙසනං උපාදාය ධම්මදෙසනං යාවන්තො එවමාහ: ‘විවෙකෙ සික්ඛිස්සාම සෙ’ති. තෙනාහ තිස්සො මෙත්තෙය්යො:
විවෙකෙ සික්ඛිස්සාම සෙ - ඒ තෙරණුවෝ පියවින් හික්මුණු ත්‍රිවිධ ශික්ෂා ඇත්තාහ; තවද දම්දෙසුම් සඳහා දෙම්දෙසුම අයදමින් මෙසේ කියති: ‘විවෙකෙ සික්ඛිස්සාම සෙ’ යී. එයින් කීහ, තිෂ්යමෛත්රෙය තෙරණුවෝ:
“මෙථුනමනුයුත්තස්ස (ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො) විඝාතං බ්රූහි මාරිස, සුත්වාන තව සාසනං විවෙකෙ සික්ඛිස්සාම සෙ”ති.
“මෙථුනමනුයුත්තස්ස -පෙ- සික්ඛිස්සාම සෙ” යි.