7. 2
7. 2.
7. 2.
මෙථුන මනුයුත්තස්ස (මෙත්තෙය්යාති භගවා) මුස්සතෙ වාපි සාසනං, මිච්ඡා ච පටිපජ්ජති එතං තස්මිං අනාරියං
(මෛත්‍රෙය, යී බුදුහු මෙසේ වදාළහ:) මෙවුන්දම්හි ඇලුණහුගේ (පර්‍ය්‍යාප්ති-ප්‍රතිපත්ති) ශාසනය නැසෙයි, යළි (හෙතෙම) වරදවා පිළිපදී, ඔහු කෙරෙහි තෙල මිත්ථ්යාප්රතිපදාව අනාර්ය්යධර්මයෙකි.
මෙථුනමනුයුත්තස්සාති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති, කිං කාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො, යථා උභො කලහකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො භණ්ඩනකාරකා ‘මෙථුනකා’ ති වුච්චන්ති, උභො භස්සකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො විවාදකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො අධිකරණකාරකා ‘මෙථුනකා’ ති වුච්චන්ති, උභො වාදිනො ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො සල්ලාපකා ‘මෙථුනකා’ති වුච්චන්ති, එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො.
මෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්රාම්යධර්මයෙක් දුෂ්ටබහුල වූ ධර්මයෙක් දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ (ධර්මයෙක්) ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? (රාගයෙන්) රත් වූ වෙසෙසින් රත් වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලවාරය මැඩගෙන සිටි කුසල්සිත යටපත් කළ ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ක්ලේශයෙන් සදෘශ වූ දෙදෙනා ගේ ධර්මය නුයි එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ; යම්සේ කලහකරුවෝ දෙදෙනෙක් මෙථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙනෙක් - වාක්කලහකරුවෝ දෙදෙනෙක් - විවාදකරුවෝ දෙදෙනෙක් - අධිකරණකරුවෝ දෙදෙනෙක් - වාදීහු දෙදෙනෙක් - කථාකරුවෝ දෙදෙනෙක් ‘මෙථුනකයෝ’ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රක්ත වූ සංරක්ත වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලසිත මැඩගෙන සිටි යටපත් කළ කුසල්සිත ඇති ස්ත්රීපුරුෂදෙදෙනා ගේ සදෘශ වූ ස්ත්රීපුරුෂදෙදෙනාගේ ධර්මය නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.
මෙථුනමනුයුත්තස්සාති මෙථුනධම්මෙ යුත්තස්ස පයුත්තස්ස ආයුත්තස්ස සමායුත්තස්ස තච්චරිතස්ස තබ්බහුලස්ස තග්ගරුකස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්ස තදධිමුත්තස්ස තදධිපතෙය්යස්සාති ‘මෙථුනමනුයුත්තස්ස’.
මෙථුනමනුයුත්තස්ස - මෛථුනධර්මයෙහි යුක්ත වූ ප්‍රයුක්ත වූ විශේෂයෙන් යුක්ත වූ එක් වැ යෙදුණා වූ එය කරන්නාවූ එය බහුල වැ කරන්නාවූ එය ගරු කරන්නාවූ ඊට නැමුණාවූ ඊට නතු වූ ඊට බර වූ එහි ඇලුණා වූ එය අධිපති කොට පවත්නහු ගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
මෙත්තෙය්යාති - භගවා තං ථෙරං ගොත්තෙන ආලපති; භගවාති ගාරවාධිවචනං; අපිච, භග්ගරාගොති භගවා; භග්ගදොසොති භගවා; භග්ගමොහොති භගවා; භග්ගමානොති භගවා; භග්ගදිට්ඨීති භගවා; භග්ගකණ්ටකොති භගවා; භග්ගකිලෙසොති භගවා; භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා; භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා.
‘මෙත්තෙය්‍ය’ යී බුදුහු ඒ තෙරුන් ගෝත්‍රයෙන් ආමන්ත්රණ කෙරෙති: භගවා යනු: ගෞරවාධිවචයන යි; තවද - භග්න කළ රාග ඇත් නුයි - භගවත් යැ, භග්න ද්වේෂ ඇත් නුයි - භගවත් යැ, භග්න මෝහ ඇත් නුයි - භගවත් යැ, භග්න (=බුන්) මාන ඇත් නුයි - භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි - භගවත් යැ; බුන් කෙලෙස් කටු ඇත් නුයි - භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි - භගවත් යැ, ධර්මරත්නය භාග-විභාග-ප්රවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතසීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි - භගවත් යැ, නොහොත් බුදුහු ශබ්ද රහිත වූ නිර්ඝොෂ රහිත වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්යකාරණයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් සේවනය කළාහු නුයි - භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු අර්ත්ථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමිවූවාහු නුයි - හෝ භගවත් යැ.
භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං, ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා; භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති ‘මෙත්තෙය්යාති භගවා. ‘
බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ටඅභිහායතනයන්ට නවානුපූර්වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශසංඥාභාවනාවන්ට දශකෘත්ස්නසමාපත්තීන්ට ආනාපානස්මෘතිසමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්යක්ප්රදහනයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්ද්රියයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු දශවිධ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සිවු පිළිසැඹියාවන්ට ෂඩ් අභිඥාවන්ට ෂඩ් බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි - භගවත් යැ; තෙල ‘භගවත්’ යන නම මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑ-සහලේනෑයන් විසින් නො කරන ලද; මහණ-බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද; යම් භගවත් යන නමක් වී නම් තෙල භාග්‍යවත් බුදුවරයන්ට විමෝක්ෂාන්තයෙහි බෝමුලැ සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් වූවා නුයි ‘මෙත්තෙය්යාති භගවා’ යනු වේ.
මුස්සතෙ වාපි සාසනන්ති - ද්වීහි කාරණෙහි සාසනං මුස්සති: පරියත්තිසාසනම්පි මුස්සති. පටිපත්තිසාසනම්පි මුස්සති. කතමං තං පරියත්තිසාසනං? යන්තස්ස පරියාපුතං සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, ඉදං පරියත්තිසාසනං. තම්පි මුස්සති සම්මුස්සති පමුස්සති සම්පමුස්සති පරිබාහිරො හොතීති ‘එවම්පි මුස්සතෙ වාපි සාසනං’ කතමං පටිපත්තිසාසනං? සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානා චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, ඉදං පටිපත්තිසාසනං. තම්පි මුස්සති සම්මුස්සති පමුස්සති සම්පමුස්සති පරිබාහිරො හොතීති එවම්පි ‘මුස්සතෙ වාපි සාසනං.’
මුස්සතෙ වාපි සාසනං - දෙ කරුණෙකින් ශාසනය නැසෙයි: පර්ය්යාප්තිශාසනය ද නැසෙයි, ප්‍රතිපත්තිශාසනය ද නැසෙයි; පර්ය්යාප්තිශාසනය කවරැ යත්? ඔහු විසින් පුහුණු කළ යම් සූත්‍රයෙක් ගෙය්ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අද්භූතධර්මයෙක් වේ ද, මේ යැ පර්ය්යාප්තිශාසනය; හෙ ද නැසෙයි වෙසෙසින් නැසෙයි ප්රකර්ෂයෙන් නැසෙයි අත්‍යන්තයෙන් නැසෙයි පරිබාහිර වේ නුයි මෙසේත් ‘මුස්සතෙ වාපි සාසනං’ යනු වේ. ප්‍රතිපත්තිශාසනය කවරැ යත් ? සම්‍යක්ප්‍රතිපදාව අනුලොමප්රතිපදාව අවිරුද්ධප්රතිපදාව අන්වර්ත්ථප්රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව සිල් පුරනුසුලු බව ඉඳුරන්හි පියූ දොර ඇති බව බොජුන්හි පමණ දන්නා බව නිදිවැරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව සතර සතිපට්ඨානය සතර සම්යක්ප්රදහනය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්තබෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මේ යැ ප්‍රතිපත්තිශාසනය; හෙ ද මුෂ්ය - සම්මුෂ්ය - ප්රමුෂ්ය - සමප්රමුෂ්ය වෙයි, පරිබාහිර වේ නුයි මෙසේත් ‘සම්මුස්සතෙ වාපි සාසනං’ යනු වේ.
මිච්ඡා ච පටිපජ්ජතීති - ‘පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණතීති ‘මිච්ඡා ච පටිපජ්ජති.’
මිච්ඡා ච පටිපජ්ජති - ප්‍රාණඝාත ද කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්ධිද බිඳියි, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මංපැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, බොරු ද කියා නුයි ‘මිච්ඡා ච පටිපජ්ජති’ යනු වේ.
එතං තස්මිං අනාරියන්ති - එතං තස්මිං පුග්ගලෙ අනරියධම්මො බාලධම්මො මූළ්හධම්මො අඤ්ඤාණධම්මො අමරාවික්ඛෙපධම්මො යදිදං මිච්ඡාපටිපදාති ‘එතං තස්මිං අනාරියං.’
එතං තස්මිං අනාරියං - යම් මිත්ථ්යාප්රතිපදාවක් වේ ද, තෙල ඒ පුද්ගලයා කෙරෙහි අනාර්‍ය්‍ය බව යැ බාල බව යැ මූඪ බව යැ, අඥාන බව යැ, අමරාවික්ෂෙපභාවය නුයි ‘එතං තස්මිං අනාරියං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ, බුදුහු:
“මෙථුනමනුයුත්තස්ස (මෙත්තෙය්යාති භගවා) මුස්සතෙ වාපි සාසනං මිච්ඡා ච පටිපජ්ජති එතං තස්මිං අනාරිය”න්ති.
“මෙථුනමනුයුත්තස්ස -පෙ- එතං තස්මිං අනාරියං” යී.