යෙදුමෙන් කියවන්න

7. 3

7. 3.

7. 3.

එකො පුබ‍්බෙ චරිත්‍වාන මෙථුනං යො නිසෙවති, යානං භන‍්තංව තං ලොකෙ හීනමාහු පුථුජ‍්ජනං.

යමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර (පසුව) මෙවුන්දම් සෙවුණේ නම්, නො හික්මුණු (ඇත් ආදි) යානයක් සෙයින් ඒ (සිවුරලු) පෘථග්ජනයා ලාමක යැයි කියත්.

එකො පුබ‍්බෙ චරිත්‍වානාති - ද‍්වීහි කාරණෙහි එකො පුබ‍්බෙ චරිත්‍වාන: පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන වා ගණා වවස‍්සග‍්ගට‍්ඨෙන වා. කථං පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන එකො පුබ‍්බෙ චරිත්‍වාන? සබ‍්බං ඝරාවාසපළිබොධං ඡින්‍දිත්‍වා පුත‍්තදාරපළිබොධං ඡින්‍දිත්‍වා ඤාතිපළිබොධං ඡින්‍දිත්‍වා මිත‍්තාමච‍්චපළිබොධං ඡින්‍දිත්‍වා සන‍්නිධිපළිබොධං ඡින්‍දිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා අකිඤ‍්චනභාවං උපගන‍්ත්‍වා එකො චරති විහරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති. එවං පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන එකො පුබ‍්බෙ චරිත්‍වාන; කථං ගණා වවස‍්සග‍්ගට‍්ඨෙන එකො පුබ‍්බෙ චරිත්‍වාන? සො එවං පබ‍්බජිතො සමානො එකො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවති අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානි. සො එකො ගච‍්ඡති. එකො තිට‍්ඨති. එකො නිසීදති. එකො සෙය්‍යං කප‍්පෙති. එකො ගාමං පිණ‍්ඩාය පවිසති. එකො පටික‍්කමති. එකො රහො නිසීදති. එකො චඞ‍්කමං අධිට‍්ඨාති. එකො චරති විහරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති. එවං ගණාවවස‍්සග‍්ගට‍්ඨෙන ‘එකො පුබ‍්බෙ චරිත්‍වාන’.

ඒකෝ පුබ්බේ චරිත්‍වාන - දෙ කරුණෙකින් පෙර එකලා වැ හැසිර; ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත වූ හෝ ගණසඞ්ගණිකායේන් වෙන් ව විසීම් අර්‍ත්‍ථ වූ හෝ දෙ කරුණෙනි. කිසෙයින් පැවිදිකොටසින් පෙර එකලා වැ හැසිර ද යත්? ගෘහාවාසපළිබොධය සිඳ අඹුදරු පළිබෝධය සිඳ ඥාතිපළිබොධය සිඳ මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ සන්නිධිපළිබොධය සිඳ කෙස්රවුළු බහා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිව කිසිවක් නැතිබවට පැමිණ එකලා වැ සෙරෙයි හැසිරෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ; මෙසේ පැවිදිකොටසින් පෙර එකලා වැ හැසිර; කිසෙයින් ගණසඞ්ගණිකායේන් වෙන් ව විසීම් අර්‍ත්‍ථයෙන් පෙර එකලා වැ හැසිර ද යත්? හේ මෙසේ පැවිදි වූයේ එකලා වැ නිශ්ශබ්ද වූ අනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රාහස්‍යයට කාරණ වූ විවෙකානුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුරසෙනසුන් ඉතා දුරසෙනසුන් ඇසුරු කෙරෙයි’ හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටී, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬු සිඟා යෙයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ විවේකව හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ සෙරෙයි හැසිරෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් පෙර එකලා වැ හැසිර.

මෙථුනං යො නිසෙවතීති - මෙථුනධම‍්මො නාම: යො සො අසද‍්ධම‍්මො -පෙ-ද‍්වයංද‍්වයසමාපත‍්ති, -පෙ- තං කාරණා වුච‍්චති මෙථුනධම‍්මො, -පෙ- මෙථුනං යො නිසෙවතීති යො අපරෙන සමයෙන බුද‍්ධං ධම‍්මං සඞ‍්ඝං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිත්‍වා මෙථුනං ධම‍්මං සෙවති නිසෙවති සංසෙවති පටිසෙවතීති ‘මෙථුනං යො නිසෙවති. ‘

මෙථුනං යො නිසෙවති - ‘මෙවුන්දම’ නම්: යම් අසද්ධර්‍මයෙක්... ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි,... එකරුණෙන් ‘මෙවුන්දම් ය’ යි කියනු ලැබේ. මෙථුනං යො නිසෙවතී - යමෙක් පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහිබවට පෙරැළී මෙවුන්දම් සෙවන නිසෙවන සංසෙවන ප්‍රතිසෙවන කෙරේ නුයි ‘මෙථුනං යො නිසෙවති’ යනු වේ.

යානං භන‍්තංව තං ලොකෙති - ‘යානා’න‍්ති හත්‍ථියානං අස‍්සයානං ගොයානං අජයානං මෙණ‍්ඩයානං ඔට‍්ඨයානං ඛරයානං, භන‍්තං අදන‍්තං අකාරිතං අවිනීතං උප‍්පථං ගණ‍්හාති, විසමං ඛාණුම‍්පි පාසාණම‍්පි අභිරූහති, යානම‍්පි ආරොහකම‍්පි භඤ‍්ජති පපාතෙපි පපතති, යථා තං භන‍්තං යානං අදන‍්තං අකාරිතං අවිනීතං උප‍්පථං ගණ‍්හාති එවමෙවං සො විබ‍්භන‍්තකො භන‍්තයානපටිභාගො උප‍්පථං ගණ‍්හාති මිච‍්ඡාදිට‍්ඨිං ගණ‍්හාති -පෙ- මිච‍්ඡාසමාධිං ගණ‍්හාති යථා තං භන‍්තං යානං අදන‍්තං අකාරිතං අවිනීතං විසමං ඛාණුම‍්පි පාසාණම‍්පි අභිරූහති, එවමෙවං සො විබ‍්භන‍්තකො භන‍්තයානපටිභාගො විසමං කායකම‍්මං අභිරූහති. විසමං වචීකම‍්මං - විසමං මනොකම‍්මං අභිරූහති, විසමං පාණාතිපාතං අභිරූහති. විසමං අදින‍්නාදානං අභිරූහති. විසමං කාමෙසු මිච‍්ඡාචාරං අභිරූහති. විසමං මුසාවාදං අභිරූහති, විසමං පිසුනවාචං අභිරූහති. විසමං ඵරුසවාචං අභිරූහති. විසමං සම‍්ඵප‍්පලාපං අභිරූහති. විසමං අභිජ‍්ඣං අභිරූහති විසමං ව්‍යාපාදං අභිරූහති. විසමං මිච‍්ඡාදිට‍්ඨිං අභිරූහති. විසමෙ සඞ‍්ඛාරෙ අභිරූහති. විසමෙ පඤ‍්ච කාමගුණෙ අභිරූහති. විසමෙ පඤ‍්ච නීවරණෙ අභිරූහති.

යානං භන්තංව තං ලෝකේ - ‘යාන’ නම්: ඇත්යාන යැ අස්යාන යැ ගවයාන යැ එළුයාන යැ බැටළුයාන යැ ඔටුයාන යැ කොටළුයාන යි. භන්තං - නො දැමුණු නො හික්මුණු අවිනීත වූ (යානය) නො මඟට පැමිණෙයි, විෂම ව සිටි කණුවට ද ගලට ද නඟී, යානය ද ආරොහකයාගේ අත්පා ආදිස ද බිඳී, ප්‍රපාතයෙහි දු වැටෙයි, යම්සේ නො දැමුණු නො හික්මුණු අවිනීත වූ ඒ භ්‍රාන්තයානය නො මඟට යේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙමේ නො දැමුණු යානයක් බඳු වූයේ නො මඟට පැමිණෙයි, මිථ්‍යාදෘෂ්ටිය ගනී... මිථ්‍යාසමාධිය ගනී; යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ භ්‍රාන්ත වූ යානය විෂම ව සිටි කණුවට හා ගලට ත් නඟී ද, එසෙයින් ම භ්‍රාන්තයානයක් බඳු වූ ඒ විභ්‍රාන්තක (=සිවුරලු) තෙම විෂම වූ කායකර්‍මය උපදවයි, විෂම වු වාක්කර්‍මය - විෂම වූ මනඃකර්‍මය උපදවයි, විෂම වූ ප්‍රාණඝාතය උපදවයි (=කෙරෙයි) විෂම වූ අදත්තාදානය - විෂම වූ කාමමිත්‍ථ්‍යාචාරය - විෂම වූ මෘෂාවාදය - විෂම වූ පෛශුන්‍යවචනය - විෂම වූ පරුෂවචනය - විෂම වූ සම්පප්‍රලාපය - විෂම වූ අභිධ්‍යාව - විෂම වූ ව්‍යාපාදය - විෂම වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිය උපදවයි, විෂම වූ සංස්කාරයන් උපදවයි, විෂම වූ පස්කම්ගුණ උපදවයි, විෂම වූ පඤ්චනීවරණයන් උපදවයි.

යථා තං භන‍්තං යානං අදන‍්තං අකාරිතං අවිනීතං යානම‍්පි ආරොහකම‍්පි භඤ‍්ජති, එවමෙවං සො විබ‍්භන‍්තකො භන‍්තයානපටිභාගො නිරයෙ අත‍්තානං භඤ‍්ජති. තිරච‍්ඡානයොනියං අත‍්තානං භඤ‍්ජති. පෙත‍්තිවිසයෙ අත‍්තානං භඤ‍්ජති. මනුස‍්සලොකෙ අත‍්තානං භඤ‍්ජති. දෙවලොකෙ අත‍්තානං භඤ‍්ජති. යථා තං භන‍්තං යානං අදන‍්තං අකාරිතං අවිනීතං පපාතෙ පපතති, එවමෙවං සො විබ‍්භන‍්තකො භන‍්තයානපටිභාගො ජාතිපපාතම‍්පි පපතති. ජරාපපාතම‍්පි පපතති. ව්‍යාධිපපාතම‍්පි පපතති. මරණපපාතම‍්පි පපතති. සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සූපායාසපපාතම‍්පි පපතති. ලොකෙති අපායලොකෙ -පෙ- මනුස‍්සලොකෙති ‘යානං භන‍්තංව තං ලොකෙ.’

යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ ඒ භ්‍රාන්තයානය වාහනයත් ආරොහකයාගේ අත්පා ආදියත් බිඳී ද, එසෙයින් ම ඒ නො දැමුණු යානයක් බඳු සිවුරලු තෙම නිරයෙහි ආත්මය සුණුවිසුණු කෙරෙයි, තිරිසන් යෝනියෙහි ආත්මය පෙළයි, ප්‍රේතවිෂයයෙහි ආත්මය පෙළයි, මිනිස්ලොවැ (කම්කටොලු විසින්) ආත්මය පෙළයි, දෙව්ලොවැ (වියෝදුකින්) ආත්මය පෙළයි. යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ ඒ භ්‍රාන්තයානය ප්‍රපාතයෙහි වැටේ ද, එසෙයින් ම ඒ නො හික්මුණු යානයක් බඳු ඒ සිවුරලු තෙම ජාතිප්‍රපාතයට ද වැටෙයි’ ජරාප්‍රපාතයට ද වැටෙයි, ව්‍යාධිප්‍රපාතයට ද - මරණප්‍රපාතයට ද - ශොකපරිදෙවදුඃඛ-දෞර්මනස්‍යඋපායාසප්‍රපාතයට ද වැටෙයි. ලෝකේ - අපායලෝකයෙහි... මනුෂ්‍යලොකයෙහි නුයි ‘යානං භන්තංව තං ලෝකේ’ යනු වේ.

හීනමාහු පුථුජ‍්ජනන‍්ති - ‘පුථුජ‍්ජනා’ති කෙනට‍්ඨෙන පුථුජ‍්ජනා? පුථු කිලෙසෙ ජනෙන‍්තීති පුථුජ‍්ජනා. පුථු අවිහතසක‍්කායදිට‍්ඨිකානි පුථුජ‍්ජනා. පුථු සත්‍ථාරානං මුඛුල‍්ලොකකාති පුථුජ‍්ජනා. පුථු සබ‍්බගතීහි අවුට‍්ඨිතාති පුථුජ‍්ජනා, පුථු නානාභිසඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොන‍්තීති පුථුජ‍්ජනා. පුථු නානාඔඝෙහි වුය‍්හන‍්තීති පුථුජ‍්ජනා. පුථුනානාසන‍්තාපෙහි සන‍්තප‍්පන‍්තීති පුථුජ‍්ජනා. පුථු නානාපරිළාහෙහි පරිඩය‍්හන‍්තීති පුථුජ‍්ජනා. පුථු පඤ‍්චසු කාමගුණෙසු රත‍්තා ගිද‍්ධා ගථිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධාති පුථුජ‍්ජනා. පුථු පඤ‍්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච‍්ඡන‍්නා පටිකුජ‍්ජිතාති පුථුජ‍්ජනා. හීනමාහු පුථුජ‍්ජනන‍්ති පුථුජ‍්ජනං හීනං නිහීනං ඔමකං ලාමකං ඡත‍්තකං පරිත‍්තන‍්ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති ‘හීනමාහු පුථුජ‍්ජනං.’

හීනමාහු පුථුජ්ජනං - ‘පුථුජ්ජනා’ යනු: කවර අරුතෙකින් පෘථග්ජනයෝ වෙති යත් ? බොහෝ කෙලෙසුන් උපදවත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ නො නසන ලද සත්කායදෘෂ්ටි ඇත්තාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ ශාස්තෲන් ගේ මුහුණු බලත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ සියලු ගතිවලින් නො නැඟීසිටියාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ විවිධ අභිසංස්කාරයන් රැස් කෙරෙත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ විවිධ ඔඝවලින් වැහෙත් නුයි - පෘථග්ජනයෝ යැ පුථු නා නා සන්තාපයන් ගෙන් තැවෙත් නුයි - පුථු නානා පරිදාහයන් ගෙන දැවෙත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ පස්කම්ගුණයන්හි රැදුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළු වූවාහු ලැගුණාහු ලග්නිත වූවාහු පිළිපන්නාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ පඤ්චනීවරණයන් ගෙන් එතුණාහු නැවැත්තාහු වැසුණාහු යටින් වැසුණාහු පිළිසන් වූවාහු යටිහුරු වූවාහු නුයි - පෘථග්ජනයෝ යි. හීනමාහු පුථුජ්ජනං - පුහුදුනහු හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ත්‍යක්ත යැ පරික්ත යැ යි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘හීනමාහු පුථුජ්ජනං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එකො පුබ‍්බෙ චරිත්‍වාන මෙථුනං යො නිසෙවති, යානං භන‍්තංව තං ලොකෙ හීනමාහු පුථුජ‍්ජන”න‍්ති.

“ඒකෝ පුබ්බේ චරිත්‍වාන -පෙ- හීනමාහු පුථුජ්ජනං” යී.