7. 4
7. 4.
7. 4.
යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා, එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ.
තවද පෙර මහණබැව්හි ඔහුගේ යම් යශසකුත් කීර්තතියකුත් වී නම් ඒ යශස හා කීර්තති පිරිහේ මැ ය, තෙල යශස් කීර්ත්ති හානිය ද දැක මෙවුන්දම් දුරලනු සඳහා (ත්‍රිවිධ ශික්ෂාව) හික්මෙන්නේ ය.
යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සාති - කතමො යසො? ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අයං යසො.
යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා - යශස් කවරේ ද? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණ බැව්හි සිටියේ සත්කාර කරන ලදුයේ ගරු කරන ලදුයේ බුහුමන් කරන ලදුයේ පුදන ලදුයේ අපචායන කරන ලදුයේ චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙත්සත් පිරිකර ලබන සුලු වූයේ වෙයි, මේ යශස් යැ.
කතමා කිත්ති.? ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ කිත්තිවණ්ණභතො හොති: පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො, සුත්තන්තිකොති වා, විනයධරොති වා, ධම්මකථිකොති වා, ආරඤ්ඤිකොති වා, පිණ්ඩපාතිකොති වා, පංසුකූලිකොති වා, තෙචීවරිකොති වා, සපදානචාරිකොති වා ඛලුපච්ඡාභත්තිකොති වා, නෙසජ්ජිකොති වා, යථාසන්ථතිකොති වා, පඨමස්ස ඣානස්ස ලාභීති වා, දුතියස්ස ඣානස්ස ලාභීති වා, තතියස්ස ඣානස්ස ලාභීති වා, චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා, ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභීති වා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභීති වා, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා අයං කිත්තීති ‘යසො කිත්ති ච යා පුබ්බෙ.’
කීර්ත්ති කවරී ද යත්? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණබැව්හි සිටියේ දැරූ කීර්ත්තිශබ්දය හා ගුණ ඇතියේ වෙයි: පණ්ඩිතයැ ව්‍යක්ත යැ ප්‍රඥාවත් යැ බහුශ්‍රුත යැ චිත්රකථා ඇත්තේ යැ සුන්දර ප්‍රඥා ඇත්තේ යැ සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්මකථික යැ හෝ ආරණ්‍යක යැ හෝ පිණ්ඩපාතික යැ හෝ පාංශුකූලික යැ හෝ තෙචීවරික යැ හෝ සපදානචාරික යැ හෝ ඛලුපච්ඡාහත්තික යැ හෝ නෙසජ්ජික යැ හෝ යථාසන්තතිකාඞ්ග ඇත්තේ යැ හෝ ප්‍රථමධ්‍යාන ලාභී යැ හෝ ද්විතීයධ්‍යානලාභී යැ හෝ තෘතීයධ්‍යාන ලාභී යැ හෝ චතුර්ත්ථධ්යාන ලාභී යැ හෝ ආකාසානඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ යි; මෝ කීර්ත්තිය යි එහෙයින් “යසො කිත්ති ච යා පුබ්බේ” යනු වේ.
හායතෙ වාපි තස්ස සාති - තස්ස අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස සො ච යසො සා ච කිත්ති හායති පරිහායති පරිධංසති පරිපතති අන්තරධායති විප්පලුජ්ජතීති ‘යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා.’
හායතෙ වාපි තස්ස සා - පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කොට ලාමක වූ ගිහිබවට හැරුණු ඒ සිවුරලුවාගේ ඒ යශස ද ඒ කීර්ත්තිය ද හෙයි පිරිහෙයි ගිලිහෙයි පෙරැළෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා’ යනු වේ.
එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති - ‘එත’න්ති පුබ්බෙ සමණභාවෙ යසො කිත්ති ච, අපරභාගෙ බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස අයසො ච අකිත්ති ච, එතං සම්පත්තිවිපත්තිං; දිස්වාති පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - එතම්පි දිසා. සික්ඛෙථාති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඛුද්දකො සීලක්ඛන්ධො මහන්තො සීලක්ඛන්ධො සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මොක්ඛං පමොක්ඛං කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා. කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- දුතියජ්ඣානං -පෙ- තතියං ඣානං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා. කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො හොති අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා, සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ‘ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. ‘අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ - ‘එතං’ යනු: පෙර මහණබැව්හි යශස හා කීර්ත්තිය ද පසුව බුදුනු දහම් සඟුන් ශික්ෂාව හැරපියා හීන බවට පෙරළා ආවහුගේ අයශස් හා අකීර්ත්තිය ද යන තෙල සම්පත් පිළිබඳ විපත්; දිස්වා - දැක තුලනය තීරණය විභාවනය කොට විභූත කොට නුයි: ‘එතම්පි දිස්වා’ යනු වේ. සික්ඛෙථ - අධිශීලශික්‍ෂා අධිචිත්තශික්ෂා අධිප්රඥාශික්ෂා ය යි ශික්ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්‍ර අකුශලයෙහි භය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් සමාදන් ව හික්මෙයි; ක්ෂුද්රශීලස්කන්ධ ය මහාශීලස්කන්ධ ය යි යන ශීලය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ චරණ යැ සංයම යැ සංවර යැ ප්රමුඛ යැ පූර්වඞ්ගම යි. මෝ අධිශීලශික්‍ෂාව යැ. අධිචිත්තශික්ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම අකුශලධර්මයන් ගෙන් වෙන් ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි... ද්විතීයධ්‍යානයට... තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි මෝ අධිචිත්තශික්ෂාව යැ. අධිප්රඥාශික්ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම ප්‍රඥාවත් වෙයි, ආර්‍ය්‍ය වූ (ලොභාදිය) සිඳීමට සමර්ත්ථ වූ දුක් ක්ෂය වීමට යනසුලු වූ උදයව්‍යය අවබෝධ කිරීමට පොහොසත් වූ ප්‍රඥාවෙන් සමන්විත වූයේ වෙයි, හෙතෙම ‘මේ දුක යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛසමුදය යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛනිරෝධය’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’ යි තත්වූ පරිද්දෙන් දැනගනී; ‘මොහු ආශ්‍රවයෝ යැ’යි තතුසෙයින් දැනගනී, ‘මේ ආශ්‍රවසමුදය යැ’යි තතුසේ දැනගනී, ‘මේ ආශ්රවනිරෝධය යැ’යි තතුසේ දැනගනී, ‘මෝ ආශ්රවනිරොධයට පමුණුවන ප්‍රතිපදාව ය’යි තතුසේ දැනගනී. මෝ අධිප්රඥාශික්ෂා යි.
මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො -පෙ- ද්වයංද්වයසමාපත්ති,. -පෙ- තං කාරණා වුච්චති මෙථුනධම්මො, එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති - මෙථුනධම්මස්ස පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය. අධිචිත්තම්පි සික්ඛෙය්ය. අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය. ජානන්තො සික්ඛෙය්ය. පස්සන්තො සික්ඛෙය්ය. පච්චවෙක්ඛන්තො සික්ඛෙය්ය. චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය. සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය. විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්ය චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය. පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය. අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය. පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය. පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය. භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය. පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය. භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය. සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති ‘එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ.’
මෙථුනධම්ම නම්: යම් ඒ අසද්ධර්‍මයෙක්... ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද... එ කරුණෙන් මෛථ්රනධර්මය යි කියනු ලැබේ. එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ මෙවුන්දම් දුරැලීම පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස ‘පටිප්පස්සද්ධි (=ඵල)ය පිණිස අධිශීලය ද අධිචිත්තය ද අධිප්‍රඥාව ද හික්මෙන්නේය, මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජන කෙරෙමින් හික්මෙන්නේය, දැනගනිමින් හික්මෙන්නේය, බලමින් හික්මෙන්නේය, ප්රත්යවේක්ෂා කෙරෙමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, ශ්‍රද්ධාවෙන් නිශ්චය කෙරෙමින් හික්මෙන්නේය, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙන්නේය, සිහි එළවමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙන්නේය, (ස්වභාවලක්‍ෂණාවබෝධයෙන්) අභිජානනය කළයුතු ධර්මය අභිජානනය කෙරෙමින් - සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් පරිඥාතව්ය වූ ධර්මයන් හාත්පසින් දැනගනිමින් - ප්‍රහාතව්‍ය වූ (සමුදය) ප්‍රහීණ කෙරෙමින් - භාවිතව්‍ය වූ (මාර්ගය) වඩමින් - ප්රත්යක්ෂ කළයුතු (නිරෝධය) ප්රත්යක්ෂ කෙරෙමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය. සමාදන්ව පවත්නේ නුයි ‘එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පභාතවෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා, එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ”ති.
“යසො කිත්ති ච යා පුබ්බේ -පෙ- මෙථුනං විප්පභාතවෙ” යී.