7. 5
7. 5.
7. 5.
සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති, සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො.
කාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරලු තෙම දිළින්දකු සෙයින් සිතයි, එබඳු පුද්ගල තෙම උපාධ්‍යායාදි අන්‍යයන් ගේ වදන් අසා මකු වන්නේ යි.
සඞ‍්කප‍්පෙහි පරෙතො සො කපණො විය ඣායතීති - කාමසඞ‍්කප‍්පෙන බ්‍යාපාදසඞ‍්කප‍්පෙන විහිංසාසඞ‍්කප‍්පෙන දිට‍්ඨිසඞ‍්කප‍්පෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො පිහිතො; කපණො විය මන්‍දො විය මොමූහො විය ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති; යථා උලූකො රුක‍්ඛසාඛායං මූසිකං මගයමානො ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, යථා කොත්‍ථු නදීතීරෙ මච‍්ඡෙ මගයමානො ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, යථා බිළාරො සන්‍ධිසමලසංකටීරෙ මූසිකං මගයමානො ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, යථා ගද්‍රභො වහච‍්ඡින‍්නො සන්‍ධිසමලසඞ‍්කටීරෙ ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, එවමෙවං සො විබ‍්භන‍්තකො කාමසඞ‍්කප‍්පෙන බ්‍යාපාදසඞ‍්කප‍්පෙන විහිංසාසඞ‍්කප‍්පෙන දිට‍්ඨිසඞ‍්කප‍්පෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො පිහිතො කපණො විය මන්‍දො විය මොමූහො විය ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායතීති ‘සඞ‍්කප‍්පෙහි පරෙතො සො කපණො විය ඣායති’.
සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති - කාමසඞ්කල්පයෙන් ව්‍යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටි සඞ්කල්පයෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍වාගත වූයේ පිහිත වූයේ, කපණො විය: අඥානයකු මෙන් සම්මෝහ වූවකු මෙන් සිතයි, අතිශයින් සිතයි, අනෙකප්‍රකාරයෙන් සිතයි, එයින් බැහැරව සිතයි; යම්සේ මහමුහුණෙක් අතු අග මීයකු බලමින් සිතා ද අතිශයින් සිතා ද අනෙකප්‍රකාරයෙන් සිතා ද බැහැර සිතා ද, යම්සේ සිවලෙක් ගංඉවුරෙහි මසුන් සොයමින් ධ්‍යාන ප්‍රධ්‍යාන නිධ්‍යාන අපධ්‍යාන කෙරේ ද, යම්සේ බළලෙක් ගෘහසන්‍ධි - දියනැසිනි - කසළගොඩෙහි මීයකු සොයමින් ධ්‍යාන ප්‍රධ්‍යාන නිධ්‍යාන අපධ්‍යාන කෙරේ ද, යම්සේ කොඳුඇට සිදුණු කොටළුවෙක් සන්‍ධි - නැසිනි - කසළගොඩෙහි ධ්‍යාන - ප්‍රධ්‍යාන නිධ්‍යාන - අපධ්‍යාන කෙරේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙම කාමසඞ්කල්පයෙන් ව්‍යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටිසඞ්කල්පයෙන් ස්පර්‍ශ කරන ලදුයේ යුක්ත වූයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ පිහිත වූයේ කෘපණයකු මෙන් අඥානයකු මෙන් සම්මූඪ වූවකු මෙන් සිතයි අතිශයින් සිතයි නොයෙක් ලෙසින් සිතයි ඉන් බැහැරව සිතා නුයි ‘සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති’ යනු වේ.
සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධොති - ‘පරෙස’න‍්ති උපජ‍්ඣායා වා ආචරියා වා සමානුපජ‍්ඣායකා වා සමානාචරියකා වා මිත‍්තා වා සන්‍දිට‍්ඨා වා සම‍්භත‍්තා වා සහායා වා චොදෙන‍්ති: “තස‍්ස තෙ ආවුසො අලාභා, තස‍්ස තෙ දුල‍්ලද‍්ධං, යං ත්‍වං එවරූපං උළාරං සත්‍ථාරං ලභිත්‍වා එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිත්‍වා එවරූපං අරියධනං ලභිත්‍වාපි තස‍්ස මෙථුනධම‍්මස‍්ස කාරණා බුද‍්ධං ධම‍්මං සඞ‍්ඝං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තොසි. සද‍්ධාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. හිරීපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. ඔත‍්තප‍්පම‍්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. විරියම‍්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. සතිපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. පඤ‍්ඤාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසූ”ති. තෙසං වචනං බ්‍යප‍්පථං දෙසනං අනුසාසනං අනුසිට‍්ඨිං, සුත්‍වා - සුණිත්‍වා උග‍්ගහෙත්‍වා උපධාරෙත්‍වා උපලක‍්ඛයිත්‍වා; මඞ‍්කු හොති - පීළිතෙ ඝට‍්ටිතො බ්‍යාධිතො දොමනස‍්සිතො හොති. තථාවිධොති තථාවිධො තාදිසො තස‍්සණ‍්ඨිතො තප‍්පකාරො තප‍්පටිභාගො යො සො විබ‍්භන‍්තකොති - ‘සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො’.
සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො - ‘පරෙසං’ යනු: උපාධ්‍යායයෝ හෝ ආචාර්‍ය්‍යයෝ හෝ සමානොපාධ්‍යායකයෝ හෝ සමානාචාර්‍ය්‍යකයෝ හෝ මිත්‍රයෝ හෝ සන්දෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ (මෙසේ) චෝදනා කෙරෙති: “ඇවැත්නි, තෙපි යම්හෙයකින් මෙබඳු උදාර වූ ශාස්තෘවක්හු ලැබ මෙසේ ස්වාඛ්‍යාත ශාසනයක පැවිදිව මෙබඳු ආර්‍ය්‍යධනයක් ලැබත් ඒ මෙවුන්දම් හේතුයෙන් බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා හීනබවට පෙරළුණාව, තොපට කුසල් දහම්හි ශ්‍රද්ධාවකු දු නො වීය. කුසල්දහම්හි ලජ්ජාවකු දු නො වීය, කුසල්දහම්හි බියකු දු නො වීය, කුසල්දහම්හි වීර්‍ය්‍යයකු දු නො වීය, කුසල්දහම්හි සිහියකු දු නො වීය, කුසල්දහම්හි ප්‍රඥාවකු දු නො වීය, ඒ තොපට අලාභයෙක, ඒ තොප විසින් දුර්‍ලබ්ධ යැ” යි ඔවුන් ගේ වචනය වදන්මඟ දෙසුම අනුසස්න අනුශිෂ්ටිය; සුත්‍වා - අසා උගෙන විමසා සලකා; මඞ්කු හොති - පෙළුණේ ගැටුණේ වෙසෙසින් පෙළුණේ උපන් දොම්නස් ඇතියේ; තථාවිධො - එබඳු වූ තාදෘශ වූ එසේ සිටි තත්ප්‍රකාර වු, තත්ප්‍රතිභාග වූ ඒ සිවුරලු තෙමේ නුයි ‘සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථා විධො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සඞ‍්කප‍්පෙහි පරෙතො සො කපණො විය ඣායති, හුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො”ති.
“සඞ්කප්පෙහි පරෙතො සො -පෙ- මඞ්කු හොති තථාවිධො” යී.