7. 6
7. 6.
7. 6.
අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො, එස ඛ්වස්ස මහාගෙධො මොසවජ්ජං පගාහති.
ඉක්බිති අන්‍යයන් ගේ චවනයෙන් චෝදනා කරන ලදුයේ දුශ්චරිත නමැති ශස්ත්‍රයන් කෙරෙයි, තෙල ඔහු ගේ මහාබන්ධනය තෙමේ මෘෂාවාදයට බැසගන්නේ වේ.
අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතොති - ‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං අථාති; සත්ථානීති - තීණි සත්ථානි: කායසත්ථං වචීසත්ථං මනොසත්ථං. තිවිධං කායදුච්චරිතං කායසත්ථං, චතුබ්බිධං වචීදුච්චරිතං වචීසත්ථං, තිවිධං මනොදුච්චරිතං මනොසත්ථං.
අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො - ‘අථ’ යනු: පදයන් ගේ සන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. සත්ථානි - කායශස්ත්ර යැ වාක්ශස්ත්ර යැ මනශ්ශස්ත්ර යැයි ශස්ත්‍ර (ආයුධයෝ) තිදෙනෙකි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායශස්ත්ර යැ චතුර්විධ වාග්දුශ්චරිතය වාක්ශස්ත්ර යැ ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනශ්ශස්ත්රය යි.
පරවාදෙහි චොදිතොති - උපජ්ඣායෙහි වා ආචරියෙහි වා සමානුපජ්ඣායකෙහි වා සමානාචරියකෙහි වා මිත්තෙහි වා සන්දිට්ඨෙහි වා සම්භත්තෙහි වා සහායෙහි වා චොදිතො සම්පජානමුසා භාසති: “අභිරතො අහං භන්තෙ අහොසිං පබ්බජ්ජාය. මාතා මෙ පොසෙතබ්බා. තෙනම්හි විබ්භන්තො”ති භණති. “පිතා මෙ පොසෙතබ්බො. තෙනම්හි විබ්භන්තො”ති භණති. “භාතා මෙ පොසෙතබ්බො”ති භණති. ‘භගිනී මෙ පොසෙතබ්බා”ති භණති. “පුත්තො මෙ පොසෙතබ්බා, ධීතා මෙ පොසෙතබ්බා”ති භණති. මිත්තා මෙ පොසෙතබ්බා, අමච්චා මෙ පොසෙතබ්බා, ඤාතකා මෙ පොසෙතබ්බා, සාලොහිතා මෙ පොසෙතබ්බා. තෙනම්හි විබ්භන්තො”ති භණති. වචීසත්ථං කරොති සඞ්කරොති ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති ‘අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො.’
පරවාදෙහි චොදිතො - උපාධ්‍යායයන් විසින් හෝ ආචාර්‍ය්‍යයන්- සමානොපාධ්යායකයන් - සමානාචාර්ය්යකයන් - මිත්‍රයන් - සන්දෘෂ්ටයන් - සම්භක්තයන් - සහායයන් විසින් හෝ චෝදනා කරන ලදුයේ දැනැ දැනැ බොරු කියයි: ස්වාමීනි, මම් පැවිද්දට ඇලුම් ඇති වීමි, (එහෙත්) මා විසින් මව පෝෂණය කළ යුත්තීය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘පියා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘බෑයා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘භගිනිය මා විසින් පෝෂණය කළ යුත්තීය,යි කියයි. ‘පුත්‍රයා මා විසින් පෝෂණය කළ යුත්තේය, දුහිතෘව මා විසින් පෝෂණය කළ යුත්තීය, මිත්‍රයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සගයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, නෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සහලේනෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි; වචන අවිය කෙරෙයි, මොනවට කෙරෙයි, උපදවයි මැනවින් උපදවයි නිපදවයි මැනවින් නිපදවා නුයි ‘අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො’ යනු වේ.
එසඛ්වස්ස මහාගෙධොති - එසො ඛො තස්ස මහාගෙධො මහාවනං මහාගහනං මහාකන්තාරො මහාවිසමො මහාකුටිලො මහාපඞ්කො මහාපලිපො මහාපළිබොධො මහාබන්ධනං යදිදං සම්පජානමුසාවාදොති ‘එසඛ්වස්ස මහාගෙධො. ‘
එසඛවස්ස මහාගෙධො - යම් සම්පජාන මුසාවාදයෙක් වේ ද, තෙල වනාහි ඔහුගේ මහාගෙධ(=බන්ධ) යැ මහාවන යැ මහළැහැබ යැ මහත් කාන්තාර යැ මහද්විෂම යැ මහාපඞ්ක යැ මහමඩවළ යැ මහහැළ යැ මහාදුර්ගයැ මහාබන්ධනය නුයි ‘එසඛවස්ස මහාගෙධො’ යනු වේ.
මොසවජ්ජං පගාහතීති - මොසවජ්ජං වුච්චති මුසාවාදො. ඉධෙකච්චො සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො පුරිස, යං ජානාසි, තං වදෙහී”ති. සො අජානං වා ආහ: ‘ජානාමී’ති. ජානං වා ආහ: ‘න ජානාමී’ති. අපස්සං වා ආහ: ‘පස්සාමී’ති. පස්සං වා ආහ: ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ධනහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති. ඉදං වුච්චති මොසවජ්ජං. අපි ච තීහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපි ච, චතූහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. විනිධාය දිට්ඨිං. ඉමෙහි චතූහාකාරෙහි මුසාවාදො හොති. අපිච, පඤ්චහාකාරෙහි - ඡහාකාරෙහි - සත්තහාකාරෙහි - අට්ඨහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය සඤ්ඤං, විනිධාය භාවං. ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති. මොසවජ්ජං පගාහතීති - මොසවජ්ජං පගාහති ඔගාහති අජ්ඣොගාහති පවිසතීති ‘මොසවජ්ජං පගාහති. ‘
මොසවජ්ජං පගාහති - මුසාවාද ය ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම් සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ ශාක්ෂියට කැඳවනු ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි ශාක්ෂි අසන ලදුයේ හෙතෙම නො දනිමින් හෝ දනිමී’ කියයි, දනිමින් හෝ ‘නො දනිමී’ කියයි, නො දක්මින් හෝ ‘දක්මී’ කියයි, දක්මින් හෝ ‘නො දක්මී’ කියයි; මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ ධනය නිසා හෝ මඳ වූ අල්ලසක් නිසා හෝ දැනැ දැනැ බොරු කියයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘බොරුවක් කියන්නෙමී’ සිත වෙයි, කියන්නා හට ‘මෘෂා (බොරු) බෙණෙමී’සිත වෙයි, කීවහුට, ‘මෘෂා මා විසින් කියන ලදැ’යි සිත වෙයි; මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා බණන්නෙමී’ සිත වෙයි. කියන්නා හට මෘෂා බෙණෙමී’ සිත වෙයි, කීවහුට ‘මෘෂා මා විසින් බණන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ. තවද පස් පරිද්දෙකින් - සපරිද්දෙකින් - සත්පරිද්දෙකින් - අට පරිද්දෙකින් මෘෂාවාද වෙයි. පළමු මැ ඔහුට බොරු කියන්නෙමී’ සිත වෙයි. කියන්නහුට ‘බොරු කියමී’ සිත වෙයි. කීවහුට ‘බොරු මා විසින් කියන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවා කියයි. කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. මොසවජ්ජං පගාහති - මෘෂාවාදයට බසී බැසගනී ඇතුළු වෙයි පිවිසේ නුයි ‘මොසවජ්ජං පගාහති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො, එසඛ්වස්ස මහාගෙධො මොසවජ්ජං පගාහතී”ති.
“අථ සත්ථානි කුරුතෙ -පෙ- මොසවජ්ජං පගාහති” යී.