7. 7
7. 7.
7. 7.
පණ්ඩිතොති සමඤ්ඤාතො එකචරියමධිට්ඨිතො, සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සති.
පෙර පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූයේ එකලා වාසයෙහි පිහිටියේ යළි මෙවුන්දම්හි යෙදුණේ වී නම් හෙතෙම මූඪයකු මෙන් කෙලෙසෙන්නේ යි.
පණ්ඩිතොති සමඤ්ඤාතොති - ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙකිත්තිවණ්ණභතො හොති පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා, එවං ඤාතො හොති සඤ්ඤාතො සමඤ්ඤාතො හොතීති - පණ්ඩිතොති සමඤ්ඤාතො.
පණ්ඩිතොති සමඤ්ඤාතො - මේ සසුන්හි කිසිවෙක් පෙර මහණුවම් කරන කල්හි කීර්ති සඞ්ඛ්‍යාත යශසට පැමිණියේ වෙයි; පණ්ඩිතයෙක් ව්යක්තයෙක නුවණැත්තෙක බහුශැතයෙක චිත්රකථිකයෙක සුන්දරප්රඥා ඇත්තෙක සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්මකථික යැ හෝ... නෛවසංඥානාසංඥායතනසමාපත්තිලාභියෙකැයි හෝ මෙසේ දන්නා ලදුයේ පැනුණේ ප්‍රසිද්ධ වේ නුයි ‘පණ්ඩිතොති සමඤ්ඤාතො’ යනු වේ.
එකචරියං අධිට්ඨිතොති - ද්වීහි කාරණෙහි එකචරියං අධිට්ඨිතො පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණා වවස්සග්ගට්ඨෙන වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකචරියං අධිට්ඨිතො? සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා -පෙ- එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකචරියං අධිට්ඨිතො. කථං ගණා වවස්සග්ගට්ඨෙන එකචරියං අධිට්ඨිතො? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි -පෙ- එවං ගණා වවස්සග්ගට්ඨෙන එකචරියං අධිට්ඨිතොති - එකචරියං අධිට්ඨිතො.
එකචරියං අධිට්ඨිතො - දෙකරුණෙකින් එකචර්ය්යාවෙහි පිහිටියේ: ප්රව්රජ්යාසඞ්ඛ්යාත වූ හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීම් සඞ්ඛ්‍යාත වූ හෝ දෙකරුණෙනි. කෙසේ ප්රව්රජ්යාසඞ්ඛ්යාත කරුණෙන් එකචර්ය්යාවෙහි පිහිටියේ ද යත්? සියලු ගෘහාවාසපරිබොධය සිඳපියා...(7. 3. සූත්‍රනිර්දේශය) මෙසේ පැවිදිකොටසින් එකලාවාසයෙහි පිහිටියේ; කෙසේ ගණව්යවස්සර්ගාර්ත්ථයෙන් එකචර්ය්යාවෙහි පිහිටියේ ද යත්? හෙතෙම මෙසේ පැවිදි වූයේ එකලා වැ... මෙසේ ගණව්යවස්සර්ගාර්ත්ථයෙන් එකචර්ය්යාවෙහි පිහිටියේ නුයි ‘එකචරියං අධිට්ඨිතො’ යනු වේ.
සචාපි මෙථුනෙ යුත්තොති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො -පෙ- තංකාරණා වුච්චති මෙථුනධම්මො, “සචාපි මෙථුනෙ යුත්තො”ති සො අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා මෙථුනධම්මෙ යුත්තො සංයුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තොති ‘සචාපි මෙථුනෙ යුත්තො.’
සචාපි මෙථුනෙ යුත්තො - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. සචාපි මෙථුනෙ යුත්තො - හේ පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරැළී මෙවුන්දම්හි යෙදුණේ සංයුක්ත ප්‍රයුක්ත ආයුක්ත සමායුක්ත වූ යේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො’ යනු වේ.
මන්දොව පරිකිස්සතීති - කපණො විය මන්දො විය මොමූහො විය කිස්සති පරිකිස්සති පරිකිලිස්සති, පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති. සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති: කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, එණෙය්යකම්පි කරොන්ති, බලිසමංසිකම්පි කරොන්ති, කහාපණකම්පි කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති, පලාලපිට්ඨිකම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. අථවා කාමතණ්හාය අභිභූතො පරියාදින්නචිත්තො භොගෙ පරියෙසන්තො නාවාය මහාසමුද්දං පක්ඛන්දති: සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො ඛුප්පිපාසාහි මීයමානො තිගුම්බං ගච්ඡති, තක්කොලං ගච්ඡති, තක්කසිලං ගච්ඡති, කාලමුඛං ගච්ඡති, පරම්මුඛං ගච්ඡති, වෙසුඞ්ගං ගච්ඡති, වෙරාපථං ගච්ඡති, ජවං ගච්ඡති, තාමලිං ගච්ඡති, වඞ්ගං ගච්ඡති, එළවද්ධනං ගච්ඡති, සුවණ්ණකූටං ගච්ඡති, සුවණ්ණභූමිං ගච්ඡති, තම්බපණ්ණිං ගච්ඡති, සුප්පාරකං ගච්ඡති, භරුකච්ඡං ගච්ඡති, සුරට්ඨං ගච්ඡති, අඞ්ගලොකං ගච්ඡති, ගඞ්ගණං ගච්ඡති, පරමගඞ්ගණං ගච්ඡති, යොනං ගච්ඡති, පරමයොනං ගච්ඡති, අල්ලසන්දං ගච්ඡති, නවකං ගච්ඡති, මූලපදං ගච්ඡති,
මන්දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්‍රාණවධ දු කෙරෙයි, අදත්තාදානය ද කෙරෙයි, ගෘහසන්ධි දු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ (අපරාධ කරු) රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනු දු තළවති, අඩදඬියෙනු දු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පා ද සිඳුවති, කනු දු සිඳුවති, නැහැය ද සිඳුවති, කන්නාසා ද සිඳුවති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඩු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනිවළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තීහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලු ද කෙරෙති, කහාපණික කම්කටොලු ද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (-කීණබල්ලන්) ලවා කවති, දිවස්හුල ද හිඳුවති, කඩුවෙනු දු හිස සිඳිත්; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භෝගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි, සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බජනපදයට යෙයි, තක්කොලයට - තක්‍ෂිශිලාවට - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට - ජාවකරටට - තාමලිප්තියට - වංගරටට - එළවද්ධනයට - ස්වර්‍ණකූටයට - ස්වර්ණභූමියට - තාම්රපර්ණණියට - සුප්පාරකයට - භරුකච්ඡජනපදයට - සෞරාෂ්ට්‍රයට - අඞ්ගලොකයට - ගඞ්ගණයට - පරමගඞ්ගණයට - යවනරටට - පරමයවනයට - අලසන්දාවට - නවකජනපදයට - මූලපදරටට යෙයි,
මරුකන්තාරං ගච්ඡති, ඡණ්ණුපථං ගච්ඡති, අජපථං ගච්ඡති, මෙණ්ඩපථං ගච්ඡති, සඞ්කුපථං ගච්ඡති, ඡත්තපථං ගච්ඡති, වංසපථං ගච්ඡති; සකුණපථං ගච්ඡති, මූසිකපථං ගච්ඡති, දරීපථං ගච්ඡති, වෙත්තාධාරං ගච්ඡති, එවම්පි කිස්සති, පරිකිස්සති, පරිකිලිස්සති. ගවෙසන්තො න වින්දති. අලාභමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. ගවෙසන්තො වින්දති ලද්ධා ච ආරක්ඛමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති: “කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං’ න චොරා හරෙය්යුං’ න අග්ගි දහෙය්ය’ න උදකං වහෙය්ය’ නඅප්පියා දායාදා හරෙය්යු”න්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගා විප්පලුජ්ජන්ති. සො විප්පයොගමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සතීති - සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සති.
වැලිකතරට යෙයි, දණමඟට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, (කණුගසායන) ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංසපථයට යෙයි, ශකුණපථයට යෙයි, මූසිකපථයට යෙයි, දරිපථයට යෙයි, චෙත්තාධාරයට පැමිණෙයි; මෙසේත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. සොයනුයේ නො ලැබෙයි, නො ලැබීම නිසා උපන් දුකට දොම්නසට ද පැමිණෙයි, මෙසේත් කෙලෙසෙයි, පෙළෙයි වෙහෙසට පැමිණේ. සොයනුයේ ලැබෙයි, ලැබී වැළිත් කිසෙයින් මා ගේ භෝගයන් රජවරු නො මැ ගන්නාහු ද, සොරු නො ගන්නාහු ද, ගින්නෙන් නො දැවේ ද, වතුරෙන් නො වැහේ ද, අමනාප වූ අහිමියෝ නො ගන්නාහු දැ’යි රැකීම් නිසා උපදනා දුකට දොම්නසට ද පැමිණෙයි; මෙසේ රක්ෂණ ගෝපනය කරන්නා වූ ඔහු ගේ ඒ භෝගයෝ වැනසෙති; හෙතෙම වියොගය නිසා උපදනා දුකට දොම්නසට ද පැමිණේ. මෙසේ ත් කෙලෙසෙයි, පෙළෙයි වෙහෙසට පැමිණේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පණ්ඩිතොති සමඤ්ඤාතො එකචරියමධිට්ඨිතො සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සතී”ති.
“පණ්ඩිතොති සමඤ්ඤාතො -පෙ- මන්දොව පරිකිස්සති” යී.