යෙදුමෙන් කියවන්න

7. 8

7. 8.

7. 8.

එතමාදීනවං ඤත්‍වා මුනි පුබ‍්බාපරෙ ඉධ, එකචරියං දළ‍්හං කයිරා න නිසෙවෙථ මෙථුනං.

මේ සසුන්හි මුනි තෙම පෙර මහණකම්හි (යශස්කීර්ති) සැපත ද පසුව (ගිහි වූවහුගේ විපත ද යන) සම්පත්හුගේ විපත්ති සඞ්ඛ්‍යාත තෙල ආදීනවය දැක එකලා වාසය දැඩි කරන්නේය, මෙවුන්දම් නො සෙවුණේය.

එතමාදීනවං ඤත්‍වා මුනි පුබ‍්බාපරෙ ඉධාති - ‘එත’න‍්ති පුබ‍්බෙ සමණභාවෙ යසො ච කිත‍්ති ච, අපරභාගෙ බුද‍්ධං ධම‍්මං සඞ‍්ඝං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තස‍්ස අයසො ච අකිත‍්ති ච, එතං සම‍්පත‍්තිවිපත‍්තිං ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; මුනීති මොනං වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනි; ඉධාති ඉමිස‍්සා දිට‍්ඨියා ඉමිස‍්සා ඛන‍්තියා ඉමිස‍්සා රුචියා ඉමස‍්මිං ආදායෙ ඉමස‍්මිං ධම‍්මෙ ඉමස‍්මිං විනයෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඉමස‍්මිං පාවචනෙ ඉමස‍්මිං සත්‍ථුසාසනෙ ඉමස‍්මිං බ්‍රහ‍්මචරියෙ ඉමස‍්මිං අත‍්තභාවෙ ඉමස‍්මිං මනුස‍්සලොකෙති ‘එතමාදීනවං ඤත්‍වා මුනි පුබ‍්බාපරෙ ඉධ.’

එතමාදීනවං ඤත්‍වා මුනි පුබ්බාපරෙ ඉධ - ‘එතං’ යනු: පෙර මහණ බව්හි යශස් ද කීර්තිය ද පසුකලෙක බුදුන් දහම් සඟුන් හා ශික්‍ෂාව හැරපියා ගිහි වූවහුගේ අයශස් හා අකීර්‍තතිය ද (යන) තෙල සම්පත්හුගේ විපත්තිය දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට; මුනි - ‘මොන’යී ඤාණය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක්,...(2. 8. සූත්‍රනිර්දේශය). ඉධ - මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියයෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍යලොකයෙහි නුයි ‘එතමාදීනවං ඤත්‍වා මුනි පුබ්බාපරෙ ඉධ’ යනු වේ.

එකචරියං දළ‍්හං කයිරාති - ද‍්වීහි කාරණෙහි එකචරියං දළ‍්හං කරෙය්‍ය: පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන වා ගණා වවස‍්සග‍්ගට‍්ඨෙන වා. කථං පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන එකචරියං දළ‍්හං කරෙය්‍ය? සබ‍්බං ඝරාවාසපළිබොධං ඡින්‍දිත්‍වා පුත‍්තදාරපළිබොධං ඡින්‍දිත්‍වා ඤාතිපළිබොධං ඡින්‍දිත්‍වා මිත‍්තාමච‍්චපළිබොධං ඡින්‍දිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා අකිඤ‍්චනභාවං උපගන‍්ත්‍වා එකො චරෙය්‍ය විහරෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍ය. එවං පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන එකචරියං දළ‍්හං කරෙය්‍ය. කථං ගණාවවස‍්සග‍්ගට‍්ඨෙන එකචරියං දළ‍්හං කරෙය්‍ය.? සො එවං පබ‍්බජිතො සමානො එකො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවෙය්‍ය අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානි. සො එකො ගච‍්ඡෙය්‍ය. එකො තිට‍්ඨෙය්‍ය. එකො නිසීදෙය්‍ය එකො සෙය්‍යං කප‍්පෙය්‍ය. එකො ගාමං පිණ‍්ඩාය පවිසෙය්‍ය. එකො පටික‍්කමෙය්‍ය. එකො රහො නිසීදෙය්‍ය. එකො චඞ‍්කමං අධිට‍්ඨෙය්‍ය. එකො චරෙය්‍ය විහරෙය්‍ය ඉරීයෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍ය. එවං ගණා වවස‍්සග‍්ගට‍්ඨෙන එකචරියං දළ‍්හං කරෙය්‍ය එකචරියං ථිරං කරෙය්‍ය, විරියං කරෙය්‍ය දළ‍්හසමාදානො අස‍්ස, අවට‍්ඨිතසමාදානො අස‍්ස කුසලෙසු ධම‍්මෙසූති ‘එකචරියං දළ‍්හං කයිරා.’

එකචරියං දළ්හං කයිරා - දෙ කරුණෙකින් එකලා වාසය දැඩි කරන්නේය: පැවිදි කොටසින් හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීමෙන් හෝ යැ, කිසෙයින් පැවිදි කොටසින් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේ ද යත්? සියලු ගෘහවාසපළිබොධය සිඳපියා ප්‍රත්‍රදාරපළිබොධය - ඥාතිපළිබොධය - මිත්‍රාමාත්‍යපළිබොධය සිඳපියා කෙස් දැළිරවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිව කිසිවක් නැති බවට පැමිණ එකලා වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, වැටෙන්නේය, රැකෙන්නේය, යැපෙන්නේය, පාලනය වන්නේය, මෙසේ පැවිදි කොටසින් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේය. කිසෙයින් ගණයා කෙරෙන් වෙන්ව විසීමෙන් එකලා වාසය දැඩි කරන්නේද යත් ? හේ මෙසේ පැවිදි වූයේ අල්පශබ්ද වූ අල්ප නිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍යයන්ට යෝග්‍ය වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුරසෙනසුන් සෙවුණේය, හේ තනි වැ යෙයි, තනි වැ සිටී, තනි වැ හිඳී, තනි වැ හොවී, තනි වැ ගමට පිඬු සිඟායයි, තනි වැ පෙරළා එයි, තනි වැ රහසැ හිඳි, තනි වැ සක්මන් කරන්නේය, තනි වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, ඉරියවු පවත්වන්නේය පවත්නේය රැකෙන්නේය යැපෙන්නේය පාලනය වන්නේ යි. මෙසේ ගණයා කෙරෙන් වෙන්ව සිටීමෙන් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේය, එකචර්‍ය්‍යාව නො ලිහිල් කරන්නේය, වීර්‍ය්‍ය කරන්නේය. කුසල්දහම්හි දැඩි සමාදාන ඇති වන්නේය, සනිටුහන් කළ සමාදාන ඇතිවන්නේ නුයි ‘එකචරියං දළ්හං කයිරා’ යනු වේ.

න නිසෙවෙථ මෙථුනන‍්ති - මෙථුනධම‍්මො නාම: යො සො අසද‍්ධම‍්මො ගාමධම‍්මො -පෙ- තංකාරණා වුච‍්චති මෙථුනධම‍්මො. මෙථුනධම‍්මං න සෙවෙය්‍ය, න නිසෙවෙය්‍ය, න සංසෙවෙය්‍ය න පටිසෙවෙය්‍ය, න චරෙය්‍ය, න සමාචරෙය්‍ය, න සමාදාය වත‍්තෙය්‍යාති ‘න නිසෙවෙථ මෙථුනං’.

න නිසෙවෙථ මෙථුනං - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. මෙවුන්දම් නො සෙවුණේය, නිසෙවන - සංසෙවන - ප්‍රතිසේවනය නො කරන්නේය; නො හැසිරෙන්නේය, නො යෙදෙන්නේය, සමාදන්ව නො පවත්නේ නුයි ‘න නිසෙවෙථ මෙථුනං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එතමාදීනවං ඤත්‍වා මුනි පුබ‍්බාපරෙ ඉධ, එකචරියං දළ‍්හං කයිරා න නිසෙවෙථ මෙථුන”න‍්ති.

“එතමාදීනවං ඤත්‍වා -පෙ- න නිසෙවෙථ මෙථුනං” යී