7. 9
7. 9.
7. 9.
විවෙකඤ්ඤෙව සික‍්ඛෙථ එතදරියානමුත‍්තමං, තෙන සෙට්ඨො න මඤ‍්ඤෙථ ස වෙ නිබ‍්බානසන‍්තිකෙ.
බුද්ධාදි ආර්‍ය්‍යයන් ගේ උතුම් වූ තෙල විවේකයෙහි ම හික්මෙන්නේය, ඒ විවේකය හේතුකොටගෙන ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ නො සිතන්නේය, හෙතෙම ඒකාන්තයෙන් නිවන සමීපයෙහි වන්නේ යි.
විවෙකඤ‍්ඤෙව සික‍්ඛෙථාති - ‘විවෙකා’ති තයො විවෙකා: කායවිවෙකො චිත‍්තවිවෙකො උපධිවිවෙකො. කතමො කායවිවෙකො? -පෙ- අයං උපධිවිවෙකො. කායවිවෙකො ච වවකට‍්ඨකායානං නෙක‍්ඛම‍්මාභිරතානං. චිත‍්තවිවෙකො ච පරිසුද‍්ධචිත‍්තානං පරමවොදානප‍්පත‍්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග‍්ගලානං විසඞ‍්ඛාරගතානං. ”සික‍්ඛා”ති. තිස‍්සො සික‍්ඛා: අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛා -පෙ- අයං අධිපඤ‍්ඤාසික‍්ඛා. විවෙකඤ‍්ඤෙව සික‍්ඛෙථාති - විවෙකඤ‍්ඤෙව සික‍්ඛෙය්‍ය ආචරෙය්‍ය සමාචරෙය්‍ය සමාදාය වත‍්තෙය්‍යාති ‘විවෙකඤ‍්ඤෙව සික‍්ඛෙථ.’
විවෙකඤ්ඤෙව සික්ඛෙථ - ‘විවෙක’ යනු: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යන තුන් විවෙකයෝ ය. කායවිවේකය කවරැ යත් ? ... මේ උපධි විවෙක යි. ගණයා කෙරෙන් වෙන්වූ කය ඇති නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද පිරිසිදු සිත් ඇති උත්තම පරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද ආරම්මණවශයෙන් නිවනට පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ. සික්ඛා යනු: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි ශික්‍ෂා තුනෙකි... මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. විවෙකඤ්ඤෙව සික්ඛෙථ - විවේකයෙහි මැ හැසිරෙන්නේය වෙසෙසින් හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ ය, හික්මෙන්නේ නුයි ‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ’ යනු වේ.
එතදරියානමුත‍්තමන‍්ති - අරියා වුච‍්චන‍්ති බුද‍්ධා ච බුද‍්ධසාවකා ච පච‍්චෙකබුද‍්ධා ච. අරියානං එතං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං යදිදං විවෙකචරියාති ‘එතදරියානමුත‍්තමං.’
එතදරියානමුත්තමං - බුදුවරු ද බුදුසව්වෝ ද පසේබුදුවරු ද ආර්‍ය්‍යයෝ යැයි කියනු ලැබෙත්. ආර්‍ය්‍යයන්ගේ යම් විවෙකවාසයෙක් වේ ද මෙය අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ අතිශ්‍රේෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර නුයි ‘එතදරියානමුත්තමං’ යනු වේ.
තෙන සෙට්ඨො න මඤ‍්ඤෙථාති - තාය විවෙකචරියාය උන‍්නතිං න කරෙය්‍ය, උන‍්නමං න කරෙය්‍ය, මානං න කරෙය්‍ය, ථාමං න කරෙය්‍ය, ථම‍්භං න කරෙය්‍ය, න තෙන මානං ජනෙය්‍ය, න තෙන ථද‍්ධො අස‍්ස පත්‍ථද‍්ධො පග‍්ගහිතසිරොති ‘තෙන සෙට්ඨො න මඤ‍්ඤෙථ.’
තෙන සෙට්ඨො න මඤ්ඤෙථ - ඒ විවේකයෙහි යෙදීමෙන් (තමා) උසස් නො කරන්නේ යැ නො නඟන්නේ යැ මානය නො කරන්නේ යැ බල නො කරන්නේ යැ දැඩි නො කරන්නේ යැ එයින් මානය නූපදවන්නේ යැ එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ ඔසවාගත් හිස ඇත්තේ නො වන්නේ නුයි ‘තෙන සෙට්ඨො න මඤ්ඤෙථ’ යනු වේ.
ස වෙ නිබ‍්බානසන‍්තිකෙති - සො නිබ‍්බානස‍්ස සන‍්තිකෙ සාමන‍්තා ආසන‍්නෙ අවිදූරෙ උපකට‍්ඨෙති - ස වෙ නිබ‍්බානසන‍්තිකෙ.
ස වෙ නිබ්බානසත්තිකෙ - හෙතෙම නිවන සමීපයෙහි වැළත අසල නුදුරැ ළඟ නුයි ‘ස වෙ නිබ්බානසත්තිකෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“විවෙකඤ‍්ඤෙව සික‍්ඛෙථ එතදරියානමුත‍්තමං, තෙන සෙට්ඨො න මඤ‍්ඤෙථ ස වෙ නිබ‍්බානසන‍්තිකෙ”ති.
“විවෙකඤ්ඤෙව සික්ඛෙථ -පෙ- ස වෙ නිබ්බානසත්තිකෙ” යි.