7. 10
7. 10.
7. 10.
රිත්තස්ස මුනිනො චරතො කාමෙසු අනපෙක්ඛිනො, ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතාපජා.
කෙලෙසුන් කෙරෙන් සිස් වූ එකලා වැ හැසිරෙන කාමයන්හි අපේක්ෂා රහිත වූ චතුරෝඝතරණය කළ ක්ෂීණාස්රව මුනි හට කාමයන්හි ගෙතුණා වූ සත්ත්වයෝ කැමැති වෙත්.
රිත්තස්ස මුනිනො චරතොති - ‘රිත්තස්සා’ති රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස කායදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, වචීදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, මනොදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක්ඛෙන පළාසෙන ඉස්සාය මච්ඡරියෙන මායාය සාඨෙය්යෙන ථම්භෙන සාරම්භෙන මානෙන අතිමානෙන මදෙන පමාදෙන සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බදරථෙහි සබ්බපරිළාහෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, මුනිනොති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි, චරතොති චරතො විහරතො ඉරීයතො වත්තතො පාලයතො යපතො යාපයතොති ‘රිත්තස්ස මුනිනො චරතො.’
රිත්තස්ස මුනිනො චරතො - ‘රිත්තස්ස’ යනු: කායදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මකුබැවින් යුගග්‍රාහයෙන් ඊර්ෂ්යායෙන් මසුරුබැවින් ශඨබැවින් තදබැවින් එකටෙක කිරීමෙන් මානයෙන් අධිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන් ගෙන් සියලු දුසිරිත් වලින් සියලු දරථවලින් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුගේ; මුනිනො ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... චරතො හැසිරෙනුවහුගේ වෙසෙන - ඉරියවු පවත්වන - පැවැතෙන - රැකෙන - යැපෙනුවහුගේ නුයි ‘රිත්තස්ස මුනිනො චරතො’ යනු වේ.
කාමෙසු අනපෙක්ඛිනොති - ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා කාමෙසු අනපෙක්ඛමානො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො වීතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ‘කාමෙසු අනපෙක්ඛිනො.’
කාමෙසු අනපෙක්ඛිනෝ - ‘කාමා’ යනු: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි... වස්තුකාමයන් හැඳිනැ ක්ලේශකාමයන් හැරපියා දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමයන්හි අපේක්ෂා නැතියේ ත්‍යාග කළ කාම ඇතියේ වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇතියේ වීතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ දුරලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනෝ’ යනු වේ.
ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජාති - “පජා”ති සත්තාධිවචනං, පජා කාමෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා; තෙ කාමොඝතිණ්ණස්ස භවොඝතිණ්ණස්ස දිට්ඨොඝතිණ්ණස්ස අවිජ්ජොඝතිණ්ණස්ස සබ්බසංසාරපථං තිණ්ණස්ස උත්තිණ්ණස්ස නිත්තිණ්ණස්ස අතික්කන්තස්ස සමතික්කන්තස්ස වීතිවත්තස්ස පාරං ගතස්ස පාරං පත්තස්ස අන්තං ගතස්ස අන්තං පත්තස්ස කොටිං ගතස්ස කොටිං පත්තස්ස පරියන්තං ගතස්ස පරියන්තං පත්තස්ස වොසානං ගතස්ස වොසානං පත්තස්ස තාණං ගතස්ස තාණං පත්තස්ස ලෙනං ගතස්ස ලෙනං පත්තස්ස සරණං ගතස්ස සරණං පත්තස්ස අභයං ගතස්ස අභයං පත්තස්ස අච්චුතං ගතස්ස අච්චුතං පත්තස්ස අමතං ගතස්ස අමතං පත්තස්ස නිබ්බානං ගතස්ස නිබ්බානං පත්තස්ස ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්ති. යථා නාම ඉණායිකා ආනණ්යං පත්ථෙන්ති පිහයන්ති, යථා ආබාධිකා ආරොග්යං පත්ථෙන්ති පිහයන්ති, යථා බන්ධනබද්ධා බන්ධනමොක්ඛං පත්ථෙන්ති පිහයන්ති, යථා දාසා භුජිස්සං පත්ථෙන්ති පිහයන්ති, යථා කන්තාරද්ධානපක්ඛන්නා ඛෙමන්තභූමිං පත්ථෙන්ති පිහයන්ති, එවමෙවං පජා කාමෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා. තෙ කාමොඝතිණ්ණස්ස භවොඝතිණ්ණස්ස -පෙ- නිබ්බානං ගතස්ස නිබ්බානං පත්තස්ස ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්තීති ‘ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා.’
ඔඝතිණ්නස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා - ‘පජා’ යනු: සත්ත්වයන්ට නමෙකි; සත්ත්වයෝ කාමයන්හි ඇලුණාහුය, ගිජු වූවාහුය ගෙතුණාහුය මුසපත් වූවාහුය ඇතුළු වූවාහුය ලැගුණාහුය එල්බුණාහුය ඇවුරුණාහුය ඔවුහු කාමෝඝය - භවොඝය - දිට්ඨොඝය - අවිජ්ජෝඝය තරණය කළ සියලු සසරමඟ තරණය කළ එතෙර වූ නිස්තරණය කළ ඉක්ම වූ මැනවින් ඉක්ම වූ ව්‍යතික්‍රමණය කළ නිර්‍වාණපාරයට ගිය පාරයට පැමිණි අන්තයට ගිය අන්තයට පැමිණි කෙළවරට ගිය කෙළවරට පැමිණි පර්‍ය්‍යන්තයට ගිය පර්‍ය්‍යන්තයට පැමිණි අවසානයට ගිය අවසානයට පැමිණි ත්‍රාණයට ගිය ත්‍රාණයට පැමිණි ලෙනයට ගිය ලෙනයට පැමිණි සරණයට ගිය සරණයට පැමිණි අභයට ගිය අභයට පැමිණි අච්‍යුතියට ගිය අච්‍යුතියට පැමිණි අමෘතයට ගිය අමෘතයට පැමිණි නිර්වාණයට ගිය නිර්වාණයට පැමිණි (ක්ෂීණාස්රවයා) හට කැමැති වෙති, ආස්වාදය කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රිසි උපදවති, තෘප්තියට පැමිණෙත්; ණයගැතියෝ අනණ (ණයනැති) බව යම්සේ පතත් ද, කැමැති වෙත් ද, රොගීහු අරෝග බව - සිරබන්ධනයෙන් බැඳුණාහු බන්ධනයෙන් මිදීම - දාසයෝ නිදාස බව - කතරමඟට පිවිසියාහු ක්ෂෙමභූමිය යම්සේ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කැමැති වෙත් ද එසෙයින් සත්ත්වයෝ කාමයන් හි ඇලුණාහු ගිජුවූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු පිවිසියාහු ලැගුණාහු එල්බුණාහු ඇවුරුණාහු වෙති, ඔවුහු කාමෝඝය තරණය කළ භවොඝය තරණය කළ ... නිවනට ගිය නිවනට පැමිණි ක්ෂීණාස්රවය හට කැමති වෙති, ආස්වාදය කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රිසි උපදවති තෘප්තියට පැමිණෙත් නුයි ‘ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“රිත්තස්ස මුනිනො චරතො කාමෙසු අනපෙක්ඛිනො, ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා”ති.
“රිත්තස්ස මුනිනො චරතො -පෙ- කාමෙසු ගථිතා පජා” යී
තිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසො සත්තමො.
සත්වැනි තිස්සමෙත්තෙය්‍ය සූත්‍රනිර්දේශය යි.