යෙදුමෙන් කියවන්න

8. 1

8. 1.

8. 1.

“ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්ති නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු, යන‍්නිස‍්සිතා තත්‍ථ සුභංවදානා පච‍්චෙකසච‍්චෙසු පුථූ නිවිට‍්ඨා.

යම් ශාස්තෘ ආදියක් ඇසුරු කළා වූ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුභවාද ඇත්තා වූ බොහෝ මහණ බමුණෝ වෙන වෙන සත්‍යයන්හි බැසගත්තාහු ද (මේ දෘෂ්ටිගතිකයෝ) මෙහි මැ ශුද්ධිය වේ යැයි වාද කෙරෙති අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැයි කියත්.

ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්තීති - ඉධෙව සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්ති; ‘සස‍්සතො ලොකො, අසස‍්සතො ලොකො, අන‍්තවා ලොකො, අනන‍්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං, හොති තථාගතො පරම‍්මරණා, න හොති තථාගතො පරම‍්මරණා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති ‘ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්ති. ‘

ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි මැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ යයි පවසති කියති බෙණෙති දක්වති වහරත්. ‘ලෝකය ශාශ්වත යැ ලෝකය අශාශ්වත යැ ලෝකය අන්තවත් යැ ලෝකය අනන්තවත් යැ ආත්මයත් ශරීරයත් එකෙක් මැ ය ආත්මය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ සත්ත්‍වයා මරණින් මතු විද්‍යාමාන වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි මේ මැ සැබව අන්‍යය සිස් යැ යි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.

නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහූති - අත‍්තනො සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං ඨපෙත්‍වා සබ‍්බෙ පරවාදෙ ඛිපන‍්ති උක‍්ඛිපන‍්ති පරික‍්ඛිපන‍්ති: සො සත්‍ථා න සබ‍්බඤ‍්ඤූ, ධම‍්මො න ස‍්වාක‍්ඛාතො, ගණො න සුප‍්පටිපන‍්නො, දිට‍්ඨි න භද‍්දිකා, පටිපදා න සුපඤ‍්ඤත‍්තා, මග‍්ගො න නිය්‍යාණිකො, න තත්‍ථ සුද‍්ධි වා විසුද‍්ධි වා පරිසුද‍්ධි වා මුත‍්ති වා විමුත‍්ති වා පරිමුත‍්ති වා; න තත්‍ථ සුජ‍්ඣන‍්ති වා විසුජ‍්ඣන‍්ති වා පරිසුජ‍්ඣන‍්ති වා මුච‍්චන‍්ති වා විමුච‍්චන‍්ති වා පරිමුච‍්චන‍්ති වා; හීනා නිහීනා ඔමකා ලාමකා ඡත‍්තකා පරිත‍්තාති, එවමාහංසු එවං වදන‍්ති එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති ‘නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු.’

නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් බැහැර කෙරෙති දුරු කෙරෙති ප්‍රතික්‍ෂේප කෙරෙත්; ඒ ශාස්තෘහු අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය අනෛර්‍ය්‍යාණික යැ, එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය හෝ මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. (සත්ත්‍වයෝ) එහි ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; (ඔහු) හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අප්‍රත්‍යයෝ යැ අල්පයෝ යැයි මෙසේ කියති පවසති කථා කෙරෙති බෙණෙති දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.

යන‍්නිස‍්සිතා තත්‍ථ සුභංවදානාති - ‘යන‍්නිස‍්සිතා’ති යං සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං නිස‍්සිතා අස‍්සිතා අල‍්ලීනා උපාගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තා; තත්‍ථාති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා; සුභංවදානාති සුභවාදා සොභනවාදා පණ‍්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක‍්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද‍්ධියාති ‘යන‍්නිස‍්සිතා තත්‍ථ සුභංවදානා.’

යං නිස්සිතා තත්‍ථ සුභංවදානා - යං ‘නිස්සිතා’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; තත්‍ථ - ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සුභංවදානා- ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇත්තාහු සුන්‍දර යයි කියන්නාහු (ඇපි) පණ්ඩිතයම්හ යි කියන්නාහු ස්ථිරවාද ඇතියම්හයි - න්‍යායවාද ඇතියම්හයි - හේතුවාද ඇතියම්හයි - සැලකිය යුතු දෑ කියම්හයි - සකාරණ ව කියම්හයි - නැවැතුණු වාද ඇතියම්හයි කියන්නාහු නුයි ‘යංනිස්සිතා තත්‍ථ සුභංවදානා’ යනු වේ.

පච‍්චෙකසච‍්චෙසු පුථු නිවිට‍්ඨාති - පුථු සමණබ්‍රාහ‍්මණා පුථු පච‍්චෙකසච‍්චෙසු නිවිට‍්ඨා පතිට‍්ඨිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තා ‘සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති නිවිට‍්ඨා පතිට‍්ඨිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තා; ‘අසස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති නිවිට‍්ඨා පතිට‍්ඨිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති ‘පච‍්චෙකසච‍්චෙසු පුථූ නිවිට‍්ඨා.’

පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා - බොහෝ මහණබමුණෝ බොහෝ වූ වෙන වෙන ම සත්‍යයන්හි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’ යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; ‘ලෝකය අශාශ්වත යැ... ‘සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළුවූවාහු බැසගත්තාහු නුයි ‘පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ, බුදුහු:

“ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්ති නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු, යන‍්නිස‍්සිතා තත්‍ථ සුභංවදානා පච‍්චෙකසච‍්චෙසු පුථූ නිවිට‍්ඨා”ති.

“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති -පෙ- පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා” යි.