යෙදුමෙන් කියවන්න

8. 2

8. 2.

8. 2.

තෙ වාදකාමා පරිසං විගය‍්හ බාලං දහන‍්ති මිථු අඤ‍්ඤමඤ‍්ඤං, වදන‍්ති තෙ අඤ‍්ඤසිතා කථොජ‍්ජං පසංසකාමා කුසලාවදානා.

ඔවුහු වාද කැමැත්තාහු පිරිස්මැදට වැද වාදකරුවෝ දෙදෙන ඔවුනොවුන් බාලයයි සිතති, ඔහු අන්‍ය ශාස්තෘ ආදිය ඇසුරු කළාහු පැසසුම් කැමැති ව (ඇපි) පණ්ඩිතවාද ඇතියම්හ’යි විවාද කථා කියත්.

තෙ වාදකාමා පරිසං විගය‍්හාති - ‘තෙ වාදකාමා’ති තෙ වාදකාමා වාදත්‍ථිකා වාදාධිප‍්පායා වාදපුරෙක‍්ඛාරා වාදපරියෙසනං චරන‍්තා; පරිසං - ඛත‍්තියපරිසං බ්‍රාහ‍්මණපරිසං ගහපතිපරිසං සමණපරිසං විගය‍්හ ඔගය‍්හ; විගය‍්හාති අජ‍්ඣොගහෙත්‍වා පවිසිත්‍වාති ‘තෙ වාදකාමා පරිසං විගය‍්හ.’

තෙ වාදකාමා පරිසං විගය්හ - ‘තෙ වාදකාමා’ යනු: ඔහු වාද කැමැත්තාහු වාදාර්ථි වූවාහු වාද අදහස් ඇත්තාහු වාද පෙරටු කොට ඇත්තාහු වාද සෙවීමෙහි හැසිරෙන්නාහු; පරිසං විගය්හ - ක්‍ෂත්‍රිය පිරිසට බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණ පිරිසට පැමිණ බැස ඇතුළුව පිවිස නුයි ‘තෙ වාදකාමා පරිසං විගය්හ’ යනු වේ.

බාලං දහන‍්ති මිථු අඤ‍්ඤමඤ‍්ඤන‍්ති - ‘මිථූ’ති ද‍්වෙ ජනා ද‍්වෙ කලහකාරකා ද‍්වෙ භණ‍්ඩනකාරකා ද‍්වෙ භස‍්සකාරකා ද‍්වෙ විවාදකාරකා ද‍්වෙ අධිකරණකාරකා ද‍්වෙ වාදිනො ද‍්වෙ සල‍්ලාපකා; තෙ අඤ‍්ඤමඤ‍්ඤං හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත‍්තකතො පරිත‍්තතො දහන‍්ති පස‍්සන‍්ති දක‍්ඛන‍්ති ඔලොකෙන‍්ති නිජ‍්ඣායන‍්ති උපපරික‍්ඛන‍්තීති ‘බාලං දහන‍්ති මිථු අඤ‍්ඤමඤ‍්ඤං. ‘

බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං - ‘මිථු’ යනු දෙදෙනා කලහකරුවෝ දෙදෙන ඩබරකරුවෝ - (විවාද) කථාකරුවෝ - විවාදකරුවෝ - අධිකරණකරුවෝ - වාදකරුවෝ - කථාකරනුවෝ දෙදෙන, ඔහු ඔවුනොවුන් හීනවසයෙන් නිහීනවසයෙන් අවමන්වසයෙන් ලාමකවසයෙන් පහත්වසයෙන් අල්පවසයෙන් සලකති බලති දකිති අවලෝකන කෙරෙති සිතති විමසත් නුයි ‘බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං’ යනු වේ.

වදන‍්ති තෙ අඤ‍්ඤසිතා කථොජ‍්ජන‍්ති - තෙ අඤ‍්ඤං සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං නිස‍්සිතා අස‍්සිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තා; කථොජ‍්ජං වුච‍්චති කලහො භණ‍්ඩනං විග‍්ගහො විවාදො මෙධගං; අථවා කථොජ‍්ජන‍්ති අනොජවන‍්තී සා කථා කථොජ‍්ජං වදන‍්ති, කලහං වදන‍්ති. භණ‍්ඩනං වදන‍්ති. විග‍්ගහං වදන‍්ති. විවාදං වදන‍්ති. මෙධගං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති ‘වදන‍්ති තෙ අඤ‍්ඤසිතා කථොජ‍්ජං.’

වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං - ඔවුහු අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් ලබ්ධියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු පිවිසියාහු බැසගත්තාහු; ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං - අනොජවත් වූ ඒ කථාව ‘කථොජ්ජ’ යයි කියති, කලහ - භණ්ඩන - විග්ගහ - විවාද - මෙධග යයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං’ යනු වේ.

පසංසකාමා කුසලාවදානාති - ‘පසංසකාමා’ති පසංසකාමා පසංසත්‍ථිකා පසංසාධිප‍්පායා පසංසාපුරෙක‍්ඛාරා පසංසාපරියෙසනං චරන‍්තා; කුසලාවදානාති කුසලවාදා පණ‍්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක‍්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද‍්ධියාති ‘පසංසකාමා කුසලාවදානා.’

පසංසකාමා කුසලාවදානා - ‘පසංසකාමා’ යනු: පැසැසුම් කැමැත්තාහු ප්‍රශංසාර්ත්‍ථී වූවාහු ප්‍රශංසාධිප්‍රාය ඇත්තාහු පැසැසුම් පෙරටු කොට සිටියාහු පැසැසුම් සෙවීමෙහි හැසිරෙන්නාහු; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්‍ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘පසංසකාමා කුසලාවදානා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තෙ වාදකාමා පරිසං විගය‍්හ බාලං දහන‍්ති මිථු අඤ‍්ඤමඤ‍්ඤං, වදන‍්ති තෙ අඤ‍්ඤසිතා කථොජ‍්ජං පසංසකාමා කුසලාවදානා”ති.

“තෙ වාදකාමා -පෙ- කුසලාවදානා” යී