8. 3
8. 3.
8. 3.
යුත්තො කථායං පරිසාය මජ‍්ඣෙ පසංසමිච‍්ඡං විනිඝාති හොති, අපාසදස්මිං පන මඞ්කු හොති, නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී.
පිරිස් මැද වාදකථායෙහි උත්සුක වූයේ (තමහට) පැසැසුම් කැමැති වෙමින් (පළමු මැ) සැක ඇතියේ වෙයි. යළි (වීමංසකයන් විසින් ඔහු ගේ වාදය) බැහැර කරනු ලැබූ කල්හි මකු වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම නින්‍දාවෙන් කෝපයට පැමිණේ.
යුත‍්තො කථායං පරිසාය මජ‍්ඣෙති - ඛත‍්තියපරිසාය වා බ්‍රාහ‍්මණපරිසාය වා ගහපතිපරිසාය වා සමණපරිසාය වා මජ‍්ඣෙ අත‍්තනො කථායං යුත‍්තො පයුත‍්තො ආයුත‍්තො සමායුත‍්තො සම‍්පයුත‍්තො කථෙතුන‍්ති ‘යුත‍්තො කථායං පරිසාය මජ‍්ඣෙ’
යුත්තො කථායං පරිසාය මජ්ඣෙ - ක්‍ෂත්‍රියපර්‍ෂද් හෝ බ්‍රාහ්මණපර්‍ෂද් හෝ ගෘහපතිපර්‍ෂද් හෝ ශ්‍රමණපර්‍ෂද් හෝ මැද තමාගේ වාදකථායෙහි කියන්නට උත්සුක වූයේ ප්‍රයුක්ත වූයේ ආයුක්ත වූයේ සංයුක්ත වූයේ සම්ප්‍රයුක්ත වූයේ නුයි ‘යුත්තො කථායං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
පසංසමිච‍්ඡං විනිඝාති හොතීති - ‘පසංසමිච‍්ඡ’න‍්ති පසංසං ථොමනං කිත‍්තිං වණ‍්ණහාරියං ඉච‍්ඡන‍්තො පත්‍ථයන‍්තො පිහයන‍්තො අභිජප‍්පන‍්තො; විනිඝාති හොතීති - පුබ‍්බෙව සල‍්ලාපා කථංකථී විනිඝාති හොති: ‘ජයො නු ඛො මෙ භවිස‍්සති, පරාජයො නු ඛො මෙ භවිස‍්සති, කථං නිග‍්ගහං කරිස‍්සාමි, කථං පටික‍්කම‍්මං කරිස‍්සාමි, කථං විසෙසං කරිස‍්සාමි, කථං පටිවිසෙසං කරිස‍්සාමි, කථං ආවෙඨියං කරිස‍්සාමි, කථං නිබ‍්බෙඨියං කරිස‍්සාමි, කථං ඡෙදං කරිස‍්සාමි, කථං මණ‍්ඩලං කරිස‍්සාමී’ති. එවං පුබ‍්බෙව සල‍්ලාපා කථඞ‍්කථී විනිඝාති හොතීති ‘පසංසමිච‍්ඡං විනිඝාති හොති.’
පසංසමිච්ඡං විනිඝාති හොති - ‘පසංසමිච්ඡං’ යනු: පැසැසුම් තෙමුම් කීර්‍තතිය යසස්වැඩීම කැමැති වෙමින් ඉවසමින් පතමින් බලාපොරොත්තු වෙමින් ගුණ කියමින්; විනිඝාති හොති - වාදකථාවෙන් පළමු මැ සැක ඇතියේ ගැටෙනුයේ වෙයි: ‘මට ජය වෙයි දෝ හෝ, මට පරාජය වෙයි දෝ හෝ, කිසෙයින් නිග්‍රහ කෙරෙම් ද කෙසේ පිළියම් කෙරෙම් ද කිසෙයින් විශේෂ (=අතිරේක) කෙරෙම් ද කිසෙයින් පුන පුනා විශේෂ කෙරෙම් ද කිසෙයින් වෙළුම් කෙරෙම් ද කිසෙයින් (මාගේ) වෙළුම් හරිම් ද කෙසේ (වාදය) සිඳිම් ද කෙසේ මඬුලු කෙරෙම් දැ’යි මෙසේ වාදකථාවෙන් පෙර මැ සැක ඇතියේ ගැටෙනුයේ වේ නුයි ‘පසංසමිච්ඡං විනිඝාති හොති’ යනු වේ.
අපාසදස‍්මිං පන මඞ‍්කු හොතීති - ‘යෙ තෙ පඤ‍්හවීමංසකා පරිසා පාරිසජ‍්ජා පාසාරිකා තෙ අපසාදෙන‍්ති: ‘අත්‍ථාපගතං භණිත’න‍්ති අත්‍ථතො අපසාදෙන‍්ති. ‘බ්‍යඤ‍්ජනාපගතං භණිත’න‍්ති බ්‍යඤ‍්ජනතො අපසාදෙන‍්ති. ‘අත්‍ථබ්‍යඤ‍්ජනාපගතං භණිත’න‍්ති අත්‍ථබ්‍යඤ‍්ජනතො අපසාදෙන‍්ති. ‘අත්‍ථො තෙ දුන‍්නීතො. බ්‍යඤ‍්ජනං තෙ දුරොපිතං. අත්‍ථබ්‍යඤ‍්ජනං තෙ දුන‍්නීතං දුරොපිතං. නිග‍්ගහො තෙ අකතො. පටිකම‍්මං තෙ දුක‍්කතං. විසෙසො තෙ අකතො. පටිවිසෙසො තෙ දුක‍්කතො. ආවෙඨියා තෙ අකතා, නිබ‍්බෙඨියා තෙ දුක‍්කතා. ඡෙදො තෙ අකතො. මණ‍්ඩලං තෙ දුක‍්කතං. විසමං කථිතං දුක‍්කථිතං දුබ‍්භණිතං දුල‍්ලපිතං දුරුත‍්තං දුබ‍්භාසිත’න‍්ති අපසාදෙන‍්ති. අපාසදස‍්මිං පන මඞ‍්කු හොතීති අපාහතස‍්මිං මඞ‍්කු හොති පීළිතො ඝට‍්ටිතො බ්‍යාධිතො දොමනස‍්සිතො හොතීති අපාසදස‍්මිං පන මඞ්කු හොති.’
අපාසදස්මිං පන මඞ්කු හොති - පිරිස්වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්න වීමංසකයෝ වෙත් ද ඔවුහු බැහැර කෙරෙති: ‘අර්‍ත්‍ථයෙන් බැහැර ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘ඛ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි ඛ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ථව්‍යඤ්ජන රහිතව කියන ලදැ’යි අර්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘තා විසින් අර්‍ත්‍ථය වරදවා එළවන ලද. තා විසින් ඛ්‍යඤ්ජනය වරදවා තබන ලද. තා විසින් අර්ත්‍ථව්‍යඤ්ජනය වරදවා එළවන ලද. තබන ලද. තා විසින් නිග්‍රහය නො කරන ලද. තා විසින් පිළියම් (ලබ්ධිය පිහිටුවීම) වරදවා කරන ලද. විශේෂය තා විසින් නො කරන ලද. ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද. වෙළුම තා විසින් නො කරන ලද. වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද. වාද සිඳුම තා විසින් නො කරන ලද. මණ්ඩලය තා විසින් වරදවා කරන ලද. විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූපව කියන ලදැ’යි බැහැර කෙරෙත්. අපාසදස්මිං පන මඞ්කු හොති - බැහැර කළ කල්හි මකු වෙයි. පෙළුණේ ගැටුණේ ව්‍යාධිත වූයේ දොම්නස් වූයේ වේ නුයි ‘අපාසදස්මිං පන මඞ්කු හොති’ යනු වේ.
නින්‍දාය සො කුප‍්පති රන්‍ධමෙසීති - ‘නින්‍දාය ගරහාය අකිත‍්තියා අවණ‍්ණහාරිකාය කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථියති. කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොතී’තී නින්‍දාය සො කුප‍්පති. රන්‍ධමෙසීති රන්‍ධමෙසී විරන්‍ධමෙසී අපරද‍්ධමෙසී ඛලිතමෙසී ගලිතමෙසී ඝට‍්ටිතමෙසී විවරමෙසීති ‘නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී.’
නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසි - නින්‍දායෙන් ගර්‍හායෙන් අපකිර්‍තතියෙන් අගුණ වැඩීමෙන් කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, (කෝපයෙන්) තද බවට පැමිණෙයි. කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ නුයි ‘නින්‍දාය සො කුප්පති’ යනු වේ. රන්‍ධමෙසී - රන්‍ධ්‍රය (=අතර) සොයනුයේ සිදුරු සොයනුයේ දෝෂය සොයනුයේ පැකුළුම සොයනුයේ ගිලිහුම සොයනුයේ ගැටුම සොයනුයේ විවරය සොයනුයේ නුයි ‘නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යුත‍්තො කථායං පරිසාය මජ‍්ඣෙ පසංසමිච‍්ඡං විනිඝාති හොති, අපාසදස්මිං පන මඞ්කු හොති නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී”ති.
“යුත්තො කථායං -පෙ- කුප්පති රන්‍ධමෙසී” යි.