යෙදුමෙන් කියවන්න

8. 4

8. 4.

8. 4.

යමස‍්ස වාදං පරිහීනමාහු අපාසදං පඤ‍්හවීමංසකා සෙ, පරිදෙවති සොචති හීනවාදො උපච‍්චගා මන‍්ති අනුත්‍ථුනාති.

යම් හෙයකින් ඔහුගේ වාදය ප්‍රශ්නවීමංසකයෝ හීන වූයේ බැහැර කරන ලදැයි කියත් ද, (එහෙයින්) පිරිහුණු වාද ඇති හෙතෙම ‘වාදයෙන් මා ඉක්මැ ගියේ යැ’යි වැලැපෙයි ශෝක කෙරෙයි තතනන්නේ යි.

යමස‍්ස වාදං පරිහීනමාහූති - යං අස‍්සවාදං හීනං නිහීනං පරිහීනං පරිහාපිතං න පරිපූරිතං එවමාහංසු එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති ‘යමස‍්ස වාදං පරිහීනමාහු.’

යමස්ස වාදං පරිහීනමාහු - යම් හෙයකින් ඔහුගේ වාදය හීන යැ නිහීන යැ පරිහීන යැ පිරිහෙළන ලද නො පුරන ලදැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති, මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘යමස්ස වාදං පරිහීනමාහු’ යනු වේ.

අපාසදං පඤ‍්හවීමංසකා සෙති - යෙ තෙ පඤ‍්හවීමංසකා පරිසා පාරිසජ‍්ජා පාසාරිකා තෙ අපසාදෙන‍්ති: ‘අත්‍ථාපගතං භණිත’න‍්ති අත්‍ථතො අපසාදෙන‍්ති. ‘බ්‍යඤ‍්ජනාපගතං භණිතන‍්ති’ ‘බ්‍යඤ‍්ජනතො අපසාදෙන‍්ති. ‘අත්‍ථබ්‍යඤ‍්ජනාපගතං භණිත’න‍්ති අත්‍ථබ්‍යඤ‍්ජනතො අපසාදෙන‍්ති. ‘අත්‍ථො තෙ දුන‍්නීතො. බ්‍යඤ‍්ජනං තෙ දුරොපිතං. අත්‍ථබ්‍යඤ‍්ජනං දුන‍්නීතං දුරොපිතං. නිග‍්ගහො තෙ අකතො. පටිකම‍්මං තෙ දුක‍්කතං. විසෙසො තෙ අකතො. පටිවිසෙසො තෙ දුක‍්කතො. ආවෙඨියා තෙ අකතා. නිබ‍්බෙඨියා තෙ දුක‍්කතා, ඡෙදො තෙ අකතො, මණ‍්ඩලං තෙ දුක‍්කතං, විසමං කථිතං දුක‍්කථිතං දුබ‍්භණිතං දුල‍්ලපිතං දුරුත‍්තං දුබ‍්භාසිතන‍්ති අපහරන‍්තීති - ‘අපාසදං පඤ‍්හවීමංසකා සෙ.’

අපාසදං පඤහවීමංසකා සෙ - පිරිස් වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්නවීමංසකයෝ වෙත් ද, ඔවුහු බැහැර කෙරෙති: ‘අර්ත්‍ථ රහිත ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘බ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි බ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්ත්‍ථව්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි අර්ත්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ත්‍ථය තා විසින් වරදවා එළවන ලද, බ්‍යඤ්ජනය තා විසින් වරදවා තබන ලද, අර්ත්‍ථව්‍යඤ්ජනය තා විසින් වරදවා කියන ලද තබන ලද, නිග්‍රහය තා විසින් නො කරන ලද, ප්‍රතිකර්‍මය තා විසින් වරදවා කරන ලද, විශේෂය තා විසින් නො කරන ලද, ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද, වෙළුම තා විසින් නො කරන ලද, වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද, වාදච්ඡෙදය තා විසින් නො කරන ලද, වාදමණ්ඩලය තා විසින් වරදවා කරන ලද, විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූප කොට කියන ලදැ’යි බැහැර කෙරෙත් නුයි ‘අපාසදං පඤ්මවීමංසකා සෙ’ යනු වේ.

පරිදෙවති සොචති හීනවාදොති - ‘පරිදෙවතීති’ ‘අඤ‍්ඤං මයා ආවජ‍්ජිතං, අඤ‍්ඤං චින‍්තිතං, අඤ‍්ඤං උපධාරිතං, අඤ‍්ඤං උපසික‍්ඛිතං, අඤ‍්ඤං උපලක‍්ඛිතං. සො මහාපක‍්ඛො මහාපරිසො මහාපරිවාරො. පරිසා’යං වග‍්ගා න සමග‍්ගා. සමග‍්ගාය පරිසාය හෙතු කථාසල‍්ලාපො. පුන භඤ‍්ජිස‍්සාමී’ති යා එවරූපා වාචා පලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තන‍්ති පරිදෙවති. සොචතීති ‘තස‍්ස ජයො’ති සොචති, ‘මය‍්හං පරාජයො’ති සොචති. ‘තස‍්ස ලාභො’ති සොචති. ‘මය‍්හං අලාභො’ති සොචති. ‘තස‍්ස යසො’ති සොචති. ‘මය‍්හං අයසො’ති සොචති. ‘තස‍්ස පසංසා’ති සොචති. ‘මය‍්හං නින්‍දා’ති සොචති; ‘තස‍්ස සුඛ’න‍්ති සොචති; ‘මය‍්හං දුක‍්ඛ’න‍්ති සොචති. ‘සො සක‍්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. අහමස‍්මි අසක‍්කතො අගරුකතො අමානිතො අපූජිතො අනපචිතො න ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාන’න‍්ති සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති සම‍්මොහං ආපජ‍්ජතීති පරිදෙවති සොචති.’ හීනවාදොති - හීනවාදො පරිහීනවාදො පරිහාපිතවාදො න පරිපූරවාදොති ‘පරිදෙවති සොචති හීනවාදො.’

පරිදෙවති සොචති හීනවාදො - ‘පරිදෙවති’ යනු: ‘අන් කරුණක් මා විසින් (සිතට) නතු කරන ලද, අනෙකක් සිතන ලද, අනෙකක් විමසන ලද, අනෙකක් හික්මෙන ලද, අනෙකක් සලකන ලද. හේ මහාපක්‍ෂ ඇතියේ යැ, මහපිරිස් ඇතියේ යැ, මහපිරිවර ඇතියේ යැ. මෝ පිරිස වර්‍ග වූ යැ. සමගි නො වේ. සමගි පිරිස හේතු කොට කථාසංලාපය වෙයි. නැවත බිඳින්නෙමී’ මෙබඳු වූ යම් වචනය ප්‍රලාපය විප්‍රලාපය පුන පුනා ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘පරිදෙවති’ යනු වේ. ‘සොචති’ - ‘ඔහුට ජය යැ’යි ශෝක කෙරෙයි, ‘මට පරාජය යැ’යි ශෝක කෙරෙයි, ‘ඔහුට ලාභ යැ’යි සොවී, ‘මට අලාභ යැ’යි සොවී, ‘ඔහුට කීර්‍තතිය යැ’යි සොවී, ‘මට අපකීර්‍තතිය යැ’යි සොවී, ‘ඔහුට ප්‍රශංසාව යැ’යි සොවී, ‘මට නින්‍දාව යැ’යි සොවී, ‘ඔහුට සැප යැ’යි සොවී, ‘මට දුකැ’යි සොවී. ‘හෙතෙම සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද සලකන ලද චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබන සුලු යැ, මම් අසත්කෘතයෙමි අගරුකෘතයෙමි අමානිතයෙමි අපූජිතයෙමි අනපචිතයෙමි චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර නො ලැබෙමී’ ශෝක කෙරෙයි, වෙහෙසෙයි වැලැපෙයි ළෙහි පැහැර හඬයි මුළාවට පැමිණේ නුයි ‘පරිදෙවති සොචති’ යනු වේ. හීනවාදො - හීනවාද ඇතියේ නිහීනව ද ඇතියේ පරිහීණවාද ඇතියේ පිරිහෙළු වාද ඇතියේ නො පිරුණු වාද ඇතියේ නුයි ‘පරිදෙවති සොචති හීනවාදො’ යනු වේ.

උපච‍්චගා මන‍්ති අනුත්‍ථුනාතීති - ‘සො මං වාදෙන වාදං අච‍්චගා උපච‍්චගා අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තො’ති එවම‍්පි උපච‍්චගා මන‍්ති; අථවා ‘මං වාදෙන වාදං අභිභවිත්‍වා අජ‍්ඣොත්‍ථරිත්‍වා පරියාදියිත්‍වා මද‍්දයිත්‍වා චරති විහරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙතී’ති එවම‍්පි උපච‍්චගා මන‍්ති; අනුත්‍ථුනාති වුච‍්චති වාචා පලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තන‍්ති ‘උපච‍්චගා මන‍්ති අනුත්‍ථුනාති.’

උපච්චගා මන්ති අනුත්‍ථුතාති - ‘හෙතෙම මා වාදයෙන් වාදය ඉක්මැ ගියේ යැ අතිශයින් ඉක්මැ ගියේයැ ඉක්මැවූයේ යැ අතිශයින් ඉක්මැවූයේ යැ පසු කෙළේ යැ’යි මෙසේත් ‘උපච්චගා මං’යී; නොහොත් ‘මා වාදයෙන් වාදය යට කොට වතුරුවා අල්වාගෙන මැඩැගෙන හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි පාලන යපන යාපනය කෙරේ නුයි මෙසේත් ‘උපච්චගා මං’ යී. අනුත්‍ථුතාති - බෙණෙයි, (මෙබඳු වූ) වචනය ප්‍රලාපය විප්‍රලාපය ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘උපච්චගා මන්ති අනුත්‍ථුතාති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යමස‍්ස වාදං පරිහීනමාහු අපාසදං පඤ‍්හවීමංසකා සෙ, පරිදෙවති සොචති හීනවාදො උපච‍්චගා මන‍්ති අනුත්‍ථුනාතී”ති.

“යමස්ස වාදං -පෙ- උපච්චගා මන්ති අනුත්‍ථුතාති” යි.