යෙදුමෙන් කියවන්න

8. 5

8. 5.

8. 5.

එතෙ විවාදා සමණෙසු ජාතා එතෙසු උග‍්ඝාති නිඝාති හොති, එතම‍්පි දිස‍්වා විරමෙ කථොජ‍්ජං න හඤ‍්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා.

තෙල දෘෂ්ටිවිවාදයෝ බාහ්‍ය පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහුය. තෙල වාදවිෂයෙහි (ජය-පරාජයාදි වශයෙන්) අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. මේ ආදීනවය ද දැක කලහය දුරු කරන්නේය. ප්‍රශංසා ලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් මෙහි නැති හෙයිනි.

එතෙ විවාදා සමණෙසු ජාතාති - ‘සමණා’ති යෙ කෙචි ඉතො බහිද‍්ධා පරිබ‍්බාජූපගතා පරිබ‍්බාජසමාපන‍්නා. එතෙ දිට‍්ඨිකලහා දිට‍්ඨිභණ‍්ඩනා දිට‍්ඨිවිග‍්ගහා දිට‍්ඨිවිවාදා දිට‍්ඨිමෙධගා සමණෙසු ජාතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතාති ‘එතෙ විවාදා සමණෙසු ජාතා.’

එතෙ විවාදා සමණෙසු ජාතා - ‘සමණ’ යනු මේ ශාසනයෙන් බැහැර පිරිවැජි බවට එළැඹි, පිරිවැජි බවට පැමිණි යම් කිසි කෙනෙකි. තෙල දෘෂ්ටිකලහයෝ දෘෂ්ටිභණ්ඩනයෝ දෘෂ්ටිවිග්‍රහයෝ දෘෂ්ටිවිවාදයෝ දෘෂ්ටිමෙධගයෝ පරිව්‍රාජකශ්‍රමණයන් කෙරෙහි උපන්නාහු මොනවට උපන්නාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු පහළ වූවාහු නුයි ‘එතෙ විවාදා සමණෙසු ජාතා’ යනු වේ.

එතෙසු උග‍්ඝාති නිඝාති හොතීති - ජයපරාජයො හොති, ලාභා ලාභො හොති, යසායසො හොති, නින්‍දාපසංසා හොති, සුඛදුක‍්ඛං හොති, සොමනස‍්සදොමනස‍්සං හොති, ඉට‍්ඨානිට‍්ඨං හොති, අනුනයපටිඝං හොති, උග‍්ඝාතිතනිඝාතිතං හොති, අනුරොධවිරොධො හොති, ජයෙන චිත‍්තං උග‍්ඝාතිතං හොති, පරාජයෙන චිත‍්තං නිඝාතිතං හොති, ලාභෙන චිත‍්තං උග‍්ඝාතිතං හොති, අලාභෙන චිත‍්තං නිඝාතිතං හොති, යසෙන චිත‍්තං උග‍්ඝාතිතං හොති, අයසෙන චිත‍්තං නිඝාතිතං හොති, පසංසාය චිත‍්තං උග‍්ඝාතිතං හොති, නින්‍දාය චිත‍්තං නිඝාතිතං හොති, සුඛෙන චිත‍්තං උග‍්ඝාතිතං හොති, දුක‍්ඛෙන චිත‍්තං නිඝාතිතං හොති, සොමනස‍්සෙන චිත‍්තං උග‍්ඝාතිතං හොති, දොමනස‍්සෙන චිත‍්තං නිඝාතිතං හොති, උන‍්නතියා චිත‍්තං උග‍්ඝාතිතං හොති, ඔනතියා චිත‍්තං නිඝාතිතං හොතීති ‘එතෙසු උග‍්ඝාති නිඝාති හොති.’

එතෙසු උග්ඝාති නිඝාති හොති - ජය පරාජය වෙයි, ලාභඅලාභ-යශස් අයශස් - නින්‍දා ප්‍රශංසා - සුඛ දුඃඛ - සොම්නස් දොම්නස් - ඉෂ්ට අනිෂ්ට - ස්නෙහ කෝප - අනුග්‍රහ නිග්‍රහ - අනුනය කෝප වෙයි. ජය හේතු කොට සිත අනුගෘහීත වෙයි, පරාජය හේතු කොට සිත නිගෘහීත වෙයි. ලාභයෙන් සිත අනුගෘහීත වෙයි. අලාභයෙන් නිගෘහීත වෙයි. යශසින් සිත අනුගෘහීත වෙයි. අයශසින් නිගෘහීත වෙයි. ප්‍රශංසාවෙන් සිත අනුගෘහීත වෙයි. නින්‍දාවෙන් නිගෘහීත වෙයි. සැපයෙන් සිත අනුගෘහීත වෙයි, දුකින් නිගෘහීත වෙයි. සොම්නසින් සිත අනුගෘහීත වෙයි. දොම්නසින් නිගෘහීත වෙයි. උන්නතියෙන් සිත අනුගෘහීත වෙයි, අවනතියෙන් සිත නිගෘහීත වේ නුයි ‘එතෙසු උග්ඝාති නිඝාති හොති’ යනු වේ.

එතම‍්පි දිස‍්වා විරමෙ කථොජ‍්ජන‍්ති - ‘එතම‍්පී’ති එතං ආදීනවං දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා දිට‍්ඨිකලහෙසු දිට‍්ඨිභණ‍්ඩනෙසු දිට‍්ඨිවිග‍්ගහෙසු දිට‍්ඨිවිවාදෙසු දිට‍්ඨිමෙධගෙසූති එතම‍්පි දිස‍්වා; විරමෙ කථොජ‍්ජන‍්ති - ‘කථොජ‍්ජං’ වුච‍්චති කලහො භණ‍්ඩනං විග‍්ගහො විවාදො මෙධගං. අථවා, කථොජ‍්ජන‍්ති අනොජවන‍්තී සා කථා. කථොජ‍්ජං න කරෙය්‍ය, කලහං න කරෙය්‍ය, භණ‍්ඩනං න කරෙය්‍ය, විග‍්ගහං න කරෙය්‍ය, විවාදං න කරෙය්‍ය, මෙධගං න කරෙය්‍ය, කලහභණ‍්ඩනවිග‍්ගහවිවාදමෙධගං පජහෙය්‍ය, විනොදෙය්‍ය බ්‍යන‍්තිං කරෙය්‍ය අනභාවං ගමෙය්‍ය, කලහභණ‍්ඩනවිග‍්ගහවිවාදමෙධගා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පයුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති ‘එතම‍්පි දිස‍්වා විරමෙ කථොජ‍්ජං.’

එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං - ‘එතම්පි’ යනු: දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි- ‘එතම්පි දිස්වා’ යනු වේ. විරමෙ කථොජ්ජං- ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං යනු: තෙද රහිත වූ මේ කථාව යැ. ඒ නිස්තෙජ වූ කථාව නො කරන්නේ යැ කලහය නො කරන්නේ යැ ඩබරය නො කරන්නේ යැ විග්‍රහය නො කරන්නේ යැ විවාදය නො කරන්නේ යැ මෙධගය නො කරන්නේ යැ කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වන්නේ යැ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ විප්‍රයුක්ත වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං’ යනු වේ.

නහඤ‍්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභාති - පසංසලාභා අඤ‍්ඤො අත්‍ථො නත්‍ථි අත‍්තත්‍ථො වා පරත්‍ථො වා උභයත්‍ථො වා දිට‍්ඨධම‍්මිකො වා අත්‍ථො සම‍්පරායිකො වා අත්‍ථො උත‍්තානො වා අත්‍ථො ගම‍්භීරො වා අත්‍ථො ගූළ‍්හො වා අත්‍ථො පටිච‍්ඡන‍්නො වා අත්‍ථො නෙය්‍යො වා අත්‍ථො නීතො වා අත්‍ථො අනවජ‍්ජො වා අත්‍ථො නික‍්කිලෙසො වා අත්‍ථො වොදානො වා අත්‍ථො පරමත්‍ථො වා නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්තී’ති ‘න හඤ‍්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා.’

න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා - ප්‍රශංසාලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් නැති: ආත්මාර්ත්‍ථයෙක් හෝ පරාර්ත්‍ථයෙක් හෝ උභයාර්ත්‍ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ත්‍ථයෙක් හෝ සාම්පරායිකාර්ත්‍ථයෙක් හෝ නො ගැඹුරු අර්‍ත්‍ථයෙක් හෝ ගැඹුරු අර්‍ත්‍ථයෙක් හෝ සැඟැවුණු අර්‍ත්‍ථයෙක් හෝ අප්‍රකට අර්‍ත්‍ථයෙක් හෝ නෙය්‍යාර්ත්‍ථයෙක් හෝ නීතාර්ත්‍ථයෙක් හෝ අනවද්‍යාර්ත්‍ථයෙක් හෝ නික්ලෙශාර්ත්‍ථයෙක් හෝ පරිශුද්ධාර්ත්‍ථයෙක් හෝ පරමාර්‍ත්‍ථයෙක් හෝ නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එතෙ විවාදා සමණෙසු ජාතා එතෙසු උග‍්ඝාතිනිඝාති හොති, එතම‍්පි දිස‍්වා විරමෙ කථොජ‍්ජං නහඤ‍්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා”ති.

“එතෙ විවාදා -පෙ- න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා” යී.