8. 6
8. 6.
8. 6.
පසංසිතො වා පන තත්‍ථ හොති අක‍්ඛාය වාදං පරිසාය මජ‍්ඣෙ, සො තං හසති උන්නමතිච්ච තෙන පප‍්පුය්‍ය තමත්‍ථං යථාමනො අහු.
තවද (යමෙක්) ඒ ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ හෝ වේ ද, හෙතෙම පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය ප්‍රකාශ කොට ඒ ජයාර්ත්‍ථයට පැමිණ සිත් සේ වූ හෙයින් ඒ ජයහෙතුයෙන් (දත් විදහා) සිනා සෙයි. යළි උඩඟු වේ.
පසංසිතො වා පන තත්‍ථ හොතීති - ‘තත්‍ථා’ති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා පසංසිතො ථොමිතො කිත‍්තිතො වණ‍්ණිතො හොතීති ‘පසංසිතො වා පන තත්‍ථ හොති’.
පසංසිතො වා පන තත්‍ථ හොති - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ ස්තුති කරන ලදුයේ කීර්‍තතනය කරන ලදුයේ වර්‍ණනා කරන ලදුයේ වේ නුයි ‘පසංසිතො වා පන තත්‍ථ හොති’ යනු වේ.
අක‍්ඛාය වාදං පරිසාය මජ‍්ඣෙති - ඛත‍්තියපරිසාය චා බ්‍රාහ‍්මණ පරිසාය වා ගහපතිපරිසාය වා සමණපරිසාය වා මජ‍්ඣෙ අත‍්තනො වාදං අක‍්ඛාය ආචික‍්ඛිත්‍වා අනුවාදං අක‍්ඛාය ආචික‍්ඛිත්‍වා ථම‍්භයිත්‍වා බ්‍රුහයිත්‍වා දීපයිත්‍වා ජොතයිත්‍වා වොහරිත්‍වා පරිගණ‍්හිත්‍වාති ‘අක‍්ඛාය වාදං පරිසාය මජ‍්ඣෙ’.
අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ - කැත්පිරිස් හෝ බමුණුපිරිස් හෝ ගැහැවිපිරිස් හෝ මහණපිරිස් හෝ මැද තමාගේ වාදය කියා ප්‍රකාශ කොට අනුවාදය කියා ප්‍රකාශ කොට පුරා වඩා දක්වා බබුළුවා ව්‍යවහාර කොට පරිග්‍රහණය කොට නුයි ‘අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
සො තං හසති උන‍්නමතිච‍්ච තෙනාති - සො තෙන ජයත්‍ථෙන තුට‍්ඨො හොති හට‍්ඨො පහට‍්ඨො අත‍්තමනො පරිපුණ‍්ණසංකප‍්පො; අථවා දන‍්තවිදංසකං හසමානො සො හසති. උන‍්නමතිච‍්ච තෙනාති - සො තෙන ජයත්‍ථෙන උන‍්නතො හොති. උන‍්නමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්සාති ‘සො තං හසති උන්නමතිච්ච තෙන.’
සො තං හසති උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්‍ථයෙන් තුටු වූයේ හටු වූයේ පහටු වූයේ සතුටුසිත් ඇතියේ පිරිපුන් අදහස් ඇතියේ නොහොත් දත් විදහා සෙමින් හේ සිනා සෙයි. උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්‍ථයෙන් උඩඟු වෙයි, නැගුණේ ධ්වජයක් මෙන් වූයේ ඔසවාගත් සිතැතියේ චිත්තයාගේ කෙතුකම්‍යතාව නුයි ‘සො තං හසති උන්නමතිච්ච තෙන’ යනු වේ.
පප‍්පුය්‍ය තමත්‍ථං යථාමනො අහූති - ‘තං ජයත්‍ථං ‘පප‍්පුය්‍ය පාපුණිත්‍වා අධිගන‍්ත්‍වා වින්‍දිත්‍වා පටිලභිත්‍වා; යථාමනො අහූති යථාමනො අහු යථාචිත‍්තො අහු යථාසංකප‍්පො අහු යථාවිඤ‍්ඤාණො අහූති - පප‍්පුය්‍ය තමත්‍ථං යථාමනො අහු. ‘
පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු - ඒ ජයාර්ත්‍ථයට පැමිණ සපැමිණ අධිගමය කොට ලැබ ප්‍රතිලාභ කොට; යථාමනො අහු - සිත් සේ විය, යථාචිත්ත විය, යථාසංකල්ප විය යථාවිඥාන වූයේ නුයි ‘පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පසංසිතො වා පන තත්‍ථ හොති අක‍්ඛාය වාදං පරිසාය මජ‍්ඣෙ, සො තං හසති උන්නමතිච්ච තෙන පප‍්පුය්‍ය තමත්‍ථං යථාමනො අහූ”ති.
“පසංසිතො වා පන -පෙ- පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු” යී.