යෙදුමෙන් කියවන්න

9. 5

9. 5.

9. 5.

න දිට‍්ඨියා න සුතියා න ඤාණෙන (‘මාගන්‍දියා’ති භගවා) සීලබ‍්බතෙනාපි න සුද‍්ධිමාහ, අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා අසීලතා අබ‍්බතා නොපි තෙන. එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහාය සන‍්තො අනිස‍්සාය භවං න ජප‍්පෙ.

(බුදුහු ‘මාගන්‍දිය’ යී මෙසේ වදාළහ:) මම දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියමි. ශ්‍රැතියෙන් - සමාපත්තිඥානයෙන් - බාහිර ශීලව්‍රතයෙනු දු ශුද්ධිය නො කියමි. (දශවස්තුක) සම්‍යග්දෘෂ්ටියෙන් වෙන් වැ නවාඞ්ගශ්‍රැතියෙන් වෙන් වැ කර්‍මස්වකතා සත්‍යානුලෝමිකඥානයෙන් වෙන් වැ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් වෙන් වැ ධ්‍රතාඞ්ගව්‍රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියමි. ඒ සම්‍යග්දෘෂ්ට්‍යාදිමාත්‍රයකිනු දු නො කියමි. තවද තෙල දෘෂ්ටි ආදි ධර්‍මයන් දුරු කොට අදෘෂ්ටි ආදි ධර්‍මයන් අනුග්‍රහ කොට ශාන්ත තෙමේ (චක්ඛාදීන් අතුරෙන් කිසිවක්) නිඃශ්‍රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්‍ත්‍ථ වන්නේය.

න දිට‍්ඨියා න සුතියා න ඤාණෙනාති - දිට‍්ඨියාපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ, න කථෙමි න භණාමි න දීපයාමි; න වොහරාමි සුතියාපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි න වොහරාමි දිට‍්ඨියා සුතියාපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ. න කථෙමි, න භණාමි, දීපයාමි, න වොහරාමි; ඤාණෙනපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ, න කථෙමි, න භණාමි න දීපයාමි, න වොහරාමීති - න දිට‍්ඨියා න සුතියා න ඤාණෙන. මාගන්‍දියාති භගවාති - ‘මාගන්‍දියා’ති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති; භගවාති - ගාරවාධිවචනං -පෙ- භගවා සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති’ යදිදං ‘භගවා’ති - ‘මාගන්‍දියාති භගවා.’

න දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙන් ද ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි. නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. ශ්‍රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි, නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. දෘෂ්ටිශ්‍රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි, නො බෙණෙමි නො දක්වමි නො වහරමි. සමාපත්තිඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියමි, නො බෙණෙමි නො දක්වමි ව්‍යවහාර නො කෙරෙම් නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන යනු වේ. මාගන්දියාති භගවා - ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණා නමින් ආමන්ත්‍රණය කෙරෙති. භගවා - යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු සියලු ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.

සීලබ‍්බතෙනාති න සුද‍්ධිමාහාති - සීලෙනපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි, න වොහරාමි; වතෙනපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි, න වොහරාමි; සීලබ‍්බතෙනාපි සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි, න වොහරාමීති ‘සීලබ‍්බතෙනාපි න සුද‍්ධිමාහ.’

සීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරමි. ව්‍රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරම් නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.

අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා අසීලතා අබ‍්බතා නොපි තෙනාති - දිට‍්ඨිපි ඉච‍්ඡිතබ‍්බා දසවත්‍ථුකා සම‍්මාදිට‍්ඨි: අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති. සවණම‍්පි ඉච‍්ඡිතබ‍්බං පරතොඝොසො: සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. ඤාණම‍්පි ඉච‍්ඡිතබ‍්බං: කම‍්මස‍්සකතං ඤාණං සච‍්චානුලොමිකං ඤාණං, අභිඤ‍්ඤාඤ‍්ඤාණං සමාපත‍්තියා ඤාණං. සීලම‍්පි ඉච‍්ඡිතබ‍්බං: පාතිමොක‍්ඛසංවරො. වතම‍්පි ඉච‍්ඡිතබ‍්බං අට‍්ඨ ධුතඞ‍්ගානි: ආරඤ‍්ඤිකඞ‍්ගං පිණ‍්ඩපාතිකඞ‍්ගං පංසුකූලිකඞ‍්ගං තෙචීවරිකඞ‍්ගං සපදානචාරිකඞ‍්ගං ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගං නෙසජ‍්ජිකඞ‍්ගං යථාසන්‍ථතිකඞ‍්ගන‍්ති- අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා අසීලතා අබ‍්බතා. නොපි තෙනාති නාපි සම‍්මාදිට‍්ඨිමත‍්තෙන නාපි සවණමත‍්තෙන නාපි ඤාණමත‍්තෙන නාපි සීලමත‍්තෙන නාපි වතමත‍්තෙන අජ‍්ඣත‍්තසන‍්තිං පත‍්තො හොති. නපි විනා එතෙහි ධම‍්මෙහි අජ‍්ඣත‍්තසන‍්තිං පාපුණාති. අපිච, සම‍්භාරා ඉමෙ ධම‍්මා හොන‍්ති අජ‍්ඣත‍්තසන‍්තිං පාපුණිතුං අධිගන‍්තුං ඵුසිතුං සච‍්ඡිකාතුන‍්ති ‘අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා අසීලතා අබ‍්බතා නොපි තෙන.’

අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නො’පි තෙන - ‘දෙන ලද්දෙහි ඵල ඇත, යදන ලද්දෙහි ඵල ඇත, පුදන ලද්දෙහි ඵල ඇත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත්තාහ. මෙලොවත් පරලොවත් තුමූ මැ නුවණින් දැන ප්‍රකාශ කරන සම්‍යග්ගත වු සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇත්තාහ’ යන දශවස්තුක සම්‍යග්දෘෂ්ටි සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ද කැමැති විය යුත්තීය.’ සූත්‍ර යැ ගෙය්‍ය යැ වෙය්‍යාකරණ යැ ගාථා යැ උදාන යැ ඉතිවුත්තක යැ ජාතක යැ අබ්භූතධම්ම යැ වෙදල්ල යැ යන (නවාඞ්ගවශයෙන්) පරතෝඝෝෂ සඞ්ඛ්‍යාත ශ්‍රවණය ද කැමැති වියයුතු යැ. කර්‍මස්වකෘතඥානය යැ සත්‍යානුලෝමිකඥානය යැ අභිඥාඥානය යැ සමාපත්තිඥානය යැ යන ඥානය ද කැමැති විය යුතු යැ. ප්‍රාතිමෝක්‍ෂසංවර සඞ්ඛ්‍යාත ශීලය ද කැමැති විය යුතු යැ. ආරණ්‍යකාඞ්ග යැ පිණ්ඩපාතිකාඞ්ග යැ පාංශුකූලිකාඞ්ග යැ තෙචීවරිකාඞ්ග යැ සපදානවාරිකාඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකාඞ්ග යැ නෙසජ්ජාකාඞ්ග යැ යථාසන්ථතිකාඞ්ග යැ යන අෂ්ට ධුතාඞ්ගසඞ්ඛ්‍යාත ව්‍රතය ද කැමැති වියයුත්තේ නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා’ යනු වේ. නො පි තෙන - නො ද සම්‍යග්දෘෂ්ටිමාත්‍රයෙන් නො ද ශ්‍රවණ මාත්‍රයෙන් නො ද ඥානමාත්‍රයෙන් නො ද ශීලමාත්‍රයෙන් නො ද ව්‍රතමාත්‍රයෙන් අධ්‍යාත්මශාන්තියට පැමිණියේ වෙයි. තෙල ධර්‍මයන්ගෙන් වෙන් වැ අධ්‍යාත්මශාන්තියට නො ද පැමිණෙයි. තවද මේ ධර්‍මයෝ අධ්‍යාත්මශාන්තියට පැමිණෙන්නට අධිගම කරන්නට ස්පර්‍ශ කරන්නට ප්‍රත්‍යක්‍ෂ කරන්නට උපකාර වූවාහු වෙත් නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලති අබ්බතා නො’පි තෙන’ යනු වේ.

එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහායාති - ‘එතෙ’ති කණ‍්හපක‍්ඛිකානං ධම‍්මානං සමුග‍්ඝාතතො පහානං ඉච‍්ඡිතබ‍්බං, තෙධාතුකෙසු කුසලෙසු ධම‍්මෙසු අතම‍්මයතා ඉච‍්ඡිතබ‍්බා, යතො කණ‍්හපක‍්ඛියා ධම‍්මා සමුග‍්ඝාතප‍්පහානෙන පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තෙධාතුකෙසු ච කුසලෙසු ධම‍්මෙසු අතම‍්මයතා හොති. එත‍්තාවතාපි න ගණ‍්හාති, න පරාමසති, නාභිනිවිසති. අථවා, න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි ‘එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහාය. ‘යතො තණ‍්හා ච දිට‍්ඨි ච මානො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිංඅනුප‍්පාදධම‍්මා, එත‍්තාවතාපි න ගණ‍්හාති න පරාමසති නාභිනිවිසතීති එවම‍්පි - ‘එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහාය.’ යතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, එත‍්තාවතාපි න ගණ‍්හාති න පරාමසති නාභිනිවිසතීති එවම‍්පි - ‘එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහාය.’

එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය - ‘එතෙ’ යනු: කෘෂ්ණපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ නැසීමෙන් ප්‍රහාණය කැමැති වියයුතුය; තුන්බිමට අයත් කුශලධර්‍මයන්හි තෘෂ්ණා රහිත බව කැමැති වියයුතුය; යම් තැනෙක පටන් කෘෂ්ණපක්‍ෂයෙහි වූ ධර්‍මයෝ සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, ත්‍රෛධාතුකකුශලධර්‍මයන්හි දු තෘෂ්ණා රහිත බව වේ ද, මෙතෙකිනු දු ග්‍රහණය නො කෙරෙයි, පරාමර්‍ශ නො කෙරෙයි, අභිනිවේශ නො කෙරෙයි. නොහොත් නො ගතයුත්තාහු නො දැහියයුත්තාහු නො පිවිසියැ යුත්තාහු වෙත් නුයි - මෙසේ ත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ. යම් තැනෙක පටන් තෘෂ්ණාවත් දෘෂ්ටියත් මානයත් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි - මෙසේත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරයත් අපුණ්‍යාභිසංස්කාරයත් ආනෙඤ්ජාභිසංස්කාරයත් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනුදු ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි - මෙසේත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ.

සන‍්තො අනිස‍්සාය භවං න ජප‍්පෙති - ‘සන‍්තො’ති රාගස‍්ස සමිතත‍්තා සන‍්තො, දොසස‍්ස සමිතත‍්තා සන‍්තො, මොහස‍්ස සමිතත‍්තා සන‍්තො, කොධස‍්ස - උපනාහස‍්ස - මක‍්ඛස‍්ස - පළාසස‍්ස - ඉස‍්සාය - මච‍්ඡරියස‍්ස - මායාය - සාඨෙය්‍යස‍්ස - ථම‍්භස‍්ස - සාරම‍්භස‍්ස - මානස‍්ස - අතිමානස‍්ස - මදස‍්ස - පමාදස‍්ස - සබ‍්බකිලෙසානං - සබ‍්බදුච‍්චරිතානං - සබ‍්බදරථානං - සබ‍්බපරිළාහානං - සබ‍්බසන‍්තාපානං - සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සන‍්තත‍්තා සමිතත‍්තා වූපසමිතත‍්තා විජ‍්ඣාතත‍්තා නිබ‍්බුතො විගතත‍්තා පටිප‍්පස‍්සද‍්ධත‍්තා සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධොති ‘සන‍්තො’. අනිස‍්සායාති - ද‍්වෙ නිස‍්සයා: තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච -පෙ- අයං තණ‍්හානිස‍්සයො -පෙ- අයං දිට‍්ඨිනිස‍්සයො. තණ‍්හානිස‍්සයං පහාය දිට‍්ඨිනිස‍්සයං පටිනිස‍්සජිත්‍වා චක‍්ඛුං අනිස‍්සාය සොතං අනිස‍්සාය ඝානං අනිස‍්සාය ජිව‍්හං අනිස‍්සාය කායං අනිස‍්සාය මනං නිස‍්සාය රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ ධම‍්මෙ කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ‍්ඩපාතං සෙනාසනං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ‍්ඤාභවං අසඤ‍්ඤාභවං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ‍්චවොකාරභවං අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ අනිස‍්සාය අගණ‍්හිත්‍වා අපරාමසිත්‍වා අනභිනිවිසිත්‍වාති - ‘සන‍්තො අනිස‍්සාය.’ භවං න ජප‍්පෙති - කාමභවං න ජප‍්පෙය්‍ය, රූපභවං න ජප‍්පෙය්‍ය, අරූපභවං න ජප‍්පෙය්‍ය, නප‍්පජප‍්පෙය්‍ය, න අභිජප‍්පෙය්‍යාති ‘සන‍්තො අනිස‍්සාය භවං න ජප‍්පෙ.’

සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳු වන ලද බැවින් ශාන්ත යැ ද්වේෂය ශමිත වන බැවින් ශාන්ත යැ මෝහය ශමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨෙය්‍යය - ථම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සර්‍වක්ලේශයන් - සර්‍වදුශ්චරිතයන් - සර්‍වදරථයන් - සර්‍වපරිදාහයන් - සර්‍වසන්තාපයන් - සර්‍වකුශලාභිසංස්කාරයන් ශාන්තවන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් දුරුව ගිය බැවින් වෙසෙසින් නසන ලද බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ වෙසෙසින් උපශාන්ත වූයේ නිවුණේ වෙසෙසින් නසන ලදුයේ නුයි ‘සන්තෝ’ යනු වේ. අනිස්සාය - තෘෂ්ණානිශ්ශ්‍රය ද දෘෂ්ටිනිශ්ශ්‍රය දැයි නිශ්ශ්‍රය... දෙකෙකි; තෘෂ්ණානිශ්‍රය හැර දෘෂ්ටිනිශ්‍රය දුරලා චක්‍ෂුප්‍රසාදය නො නිසා ශ්‍රෝතප්‍රසාදය නිශ්‍රය නො කොට ඝ්‍රාණප්‍රසාදය නො නිසා ජිහ්වාප්‍රසාදය නො නිසා කායප්‍රසාදය නො නිසා මනඃප්‍රසාදය නො නිසා රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවරය - පිණ්ඩපාතය - සෙනසුන - ගිලන්පසබෙහෙත්පිරිකර - කාමධාතුව - රූපධාතුව - අරූපධාතුව - කාමභවය - රූපභවය - අරූපභවය - සඤ්ඤාභවය - අසඤ්ඤාභවය - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය - එකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය - අතීතය - අනාගතය - ප්‍රත්‍යුත්පන්නය - දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්‍මයන් නිශ්‍රය නො කොට ග්‍රහණය නො කොට පරාමර්‍ශ නො කොට අභිනිවේශ නො කොට නුයි - ‘සන්තෝ අනිස්සාය’ යනු වේ. භවං න ජප්පෙ - කාමභවය නො පතන්නේ යැ, රූපභවය නො පතන්නේ යැ, අරූපභවය නො පතන්නේ යැ, ප්‍රකර්‍ෂයෙන් නො පතන්නේ යැ, වෙසෙසින් නො පතන්නේ නුයි ‘සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“න දිට‍්ඨියා න සුතියා න ඤාණෙන (‘මාගන්‍දියා’ති භගවා) සීලබ‍්බතෙනාපි න සුද‍්ධිමාහ, අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා අසීලතා අබ‍්බතා නොපි තෙන. එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහාය සන‍්තො අනිස‍්සාය භවං න ජප‍්පෙ”ති.

“න දිට්ඨියා න සුතියා -පෙ- සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ” යී.