9. 4
9. 4.
9. 4.
විනිච්ඡයා යානි පකප්පිතානි (ඉති මාගන්දියො) තෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය, අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං කථන්නු ධීරෙහි පවෙදිතං තං.
(මාගන්දිය තෙම මෙසේ කීය:) විනිශ්චය කොට ගන්නා ලද යම් දෙසැට දෘෂ්ටිධර්ම කෙනෙක් ප්‍රකල්පිත වූවාහු ද, ඒ දෘෂ්ටිධර්‍මයන් සර්වඥ මුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙන අධ්‍යාත්මශාන්ති යයි තෙල යම් අර්‍ත්‍ථයක් වදාළහු ද, ධීරයන් විසින් ඒ පරමාර්ත්ථය කෙසේ ප්‍රකාශ කරන ලද ද?
විනිච්ඡයා යානි පකප්පිතානීති - ‘විනිච්ඡයා’ වුච්චන්ති ද්වාසට්ඨිදිට්ඨිගතානි; පකප්පිතානීති - කප්පිතා පකප්පිතා අභිසඞ්ඛතා සණ්ඨපිතාතිපි පකප්පිතානි; අථවා, අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා විපරිණාමධම්මාතිපි පකප්පිතානීති විනිච්ඡයා යානි පකප්පිතානි; ඉති මාගන්දියොති - ‘ඉතී’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං ‘ඉතී’ති; මාගන්දියොති - තස්ස බ්රාහ්මණස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරොති ‘ඉති මාගන්දියො.’
විනිච්ඡයා යානි පකප්පිතානි - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. පකප්පිතානි - කල්පිත ප්‍රකල්පිත අභිසංස්කෘත වූවාහු මොනොවට පිහිටුවන ලද්දාහු නුයි ‘පකප්පිත’ නම් වෙති; නොහොත් අනිත්‍ය - සංස්කෘත - ප්‍රතීත්‍යසමුත්පන්න වූවාහු ක්ෂයවන සුලු නැසෙන සුලු නො ඇලෙන සුලු නිරුද්ධවන සුලු විපරිණාමස්වභාව ඇත්තාහු නුයි ද ‘පකප්පිත’ නුයි ‘විනිච්ඡයා යානි පකප්පිතානි’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘ඉති’ යනු. ‘මාගන්දියො’ යනු ඒ බමුණුගේ නම යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්රඥප්ති යැ ව්‍යවහාරය නුයි ‘ඉති මාගන්දියො’ යනු වේ.
තෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථන්ති ‘තෙ වෙ’ ති ද්වාසට්ඨිදිට්ඨිගතානි; මුනීති - මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනීති; අනුග්ගහායාති - දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි න පරාමසාමි නාභිනිවිසාමීති ච භණසි අජ්ඣත්තසන්තීති ච භණසි; යමෙතමත්ථන්ති - යං පරමත්ථන්ති - ‘තෙ චෙ මුනි බ්රූසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං.’
තෙ වෙ මුනි බ්‍රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං - තෙ වෙ’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ යි. මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි .. (2. 8 සූත්‍රනිර්දේශය.) අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි පරාමර්ශ නො කෙරෙමි අභිනිවේශ නො කෙරෙමි ද කියවු, අධ්‍යාත්මශාන්තිය’යි ද කියවු; යමෙතමත්ථං - යම් පරමාර්ත්ථයක් නුයි ‘තෙ වෙ මුනි බ්‍රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං’ යනු වේ.
කථන්නු ධීරෙහි පවෙදිතං තන්ති - ‘කථන්නූ’ති පදං සංසයපුච්ඡා විමතිපුච්ඡා ද්වෙළ්හකපුච්ඡා අනෙකංසපුච්ඡා, එවන්නුඛො න නුඛො කින්නුඛො කථන්නුඛොති කථන්නු; ධීරෙහීති - ධීරෙහි පණ්ඩිතෙහි පඤ්ඤාවන්තෙහි බුද්ධිමන්තෙහි ඤාණීහි විභාවීහි මෙධාවීහි; පවෙදිතන්ති වෙදිතං පවෙදිතං ආචික්ඛිතං දෙසිතං පඤ්ඤාපිතං පට්ඨපිතං විභත්තං උත්තානීකතං පකාසිතන්ති ‘කථන්නු ධීරෙහි පවෙදිතං තං’.
කථන්නු ධීරෙහි පවෙදිතං තං - යනු: ‘කථන්නු’ යන පදය සැක විචාරීම යැ විමතිපෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ: මෙසේ දෝ හෝ, නො වේ දෝ හෝ, කිමෙක් දෝ හෝ, කෙසේ දෝ හෝ නුයි ‘කථන්නු’ යනු වේ. ධීරෙහි - ධීරයන් විසින් පණ්ඩිතයන් විසින් ප්‍රඥාවතුන් විසින් බුද්ධිමතුන් විසින් නුවණැතියන් විසින් විහාවීන් විසින් ප්‍රාඥයන් විසින්; පවෙදිතං - දක්නා ලද ප්‍රකාශ කරන ලද කියන ලද දෙසන ලද පනවන ලද තබන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘කථන්නු ධීරෙහි පවෙදිතං තං’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කීයැ ඒ බමුණු:
“විනිච්ඡයා යානි පකප්පිතානි (ඉති මාගන්දියො) තෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය, අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං කථන්නු ධීරෙහි පවෙදිතං ත”න්ති.
“විනිච්ඡයා යානි -පෙ- පවෙදිතං තං” යී.