9. 3
9. 3.
9. 3.
ඉදං වදාමීති න තස්ස හොති (මාගන්‍දියා’ති භගවා) ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං, පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය අජ‍්ඣත‍්තසන‍්තිං පචිනං අදස‍්සං.
(බුදුහු මාගන්‍දිය, යී මෙසේ වදාරති:) දෙසැටදිටුදහම්හි, නිශ්චය කොට මෙය මැ (සැබැවැයි මෙසේ) කියමී දැඩි ව ගන්නා ලද්දෙක් මට නො වෙයි, යළි දෙසැට දෘෂ්ටීන්හි (ආදීනවය) දක්නෙම් (කිසි දෘෂ්ටියක්) දැඩි ව නො ගෙන (සිවුසස්) සොයනුයෙම් අධ්‍යාත්මශාන්ති යයි කියන ලද නිවන දිටිමි.
ඉදං වදාමීති න තස්ස හොති - ‘ඉදං වදාමි ‘ති ඉදං වදාමි. එතං වදාමි. එත‍්තකං වදාමි. එත‍්තාවතා වදාමි. ඉදං දිට‍්ඨිගතං වදාමි. ‘සස‍්සතො ලොකො’ති වා -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා’ති වා; න තස‍්ස හොතීති - න මය‍්හං හොති එත‍්තාවතා වදාමීති තස‍්ස හොතීති - ‘ඉදං වදාමීති න තස්ස හොති. ‘මාගන්‍දියා ති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති; භගවාති - ගාරවාධිවචනං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘මාගන්‍දියාති භගවා.’
ඉදං වදාමීති න තස්ස හොති - ‘ඉදං වදාමි’ යනු: මේ කියමි, තෙල කියමි, මෙතෙක් කියමි, මෙතෙකින් කියමි, මේ දෘෂ්ටිගතය කියමි: ‘ලෝකය ශාශ්වතැ’යි හෝ...සත්ත්‍ව තෙම මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වේය යි; න තස්ස හොති - මට නොවෙයි, මෙතෙකින් කියමී, ඒ මට නො වේ නුයි ‘ඉදං වදාමීති න තස්ස හොති’ යනු වේ. ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණු නමින් අමතන සේක...’භගවා’ යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු (සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතන‍්ති - ‘ධම‍්මෙසූ’ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතෙසු; නිච‍්ඡෙය්‍යාති නිච‍්ඡිනිත්‍වා විනිච‍්ඡිනිත්‍වා විචිනිත්‍වා පවිචිනිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ඔධිග‍්ගාහො බිලග‍්ගාහො වරග‍්ගාහො කොට‍්ඨාසග‍්ගාහො උච‍්චයග‍්ගාහො සමුච‍්චයග‍්ගාහො ඉදං සච‍්චං තච‍්ඡං තථං භූතං යාථාවං අවිපරීතන‍්ති ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි න සංවිජ‍්ජති නූපලබ‍්භති පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති ‘ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග්ගහීතං.’
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගත යන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, අවධි කොට ගැනීම කොටස් වශයෙන් ගැනීම උතුම් කොට ගැනීම කොටස් කොට ගැනීම රාශිවශයෙන් ගැනීම විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබව අවිපරීත යැ භූත යැ යාථාවත් යැ අවිපරීත යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද්දක් නැත, විද්‍යාමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
පස‍්සඤ‍්ච දිට‍්ඨීසු අනුග‍්ගහායාති - ‘දිට‍්ඨීසු ආදීනවං පස‍්සන‍්තො දිට‍්ඨියො න ගණ‍්හාමි න පරාමසාමි නාභිනිවිසාමි; අථවා, න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි - ‘පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය, අථවා, ‘සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති දිට‍්ඨිගතමෙතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසංයොජනං සදුක‍්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තතීති දිට‍්ඨීසු ආදීනවං පස‍්සන‍්තො දිට‍්ඨියො න ගණ‍්හාමි න පරාමසාමි නාභිනිවිසාමි; අථවා, න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි - ‘පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය’. අථවා, ‘අසස‍්සතො ලොකො, අන‍්තවා ලොකො, අනන‍්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං, හොති තථාගතො පරම‍්මරණා, න හොති තථාගතො පරම‍්මරණා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති දිට‍්ඨිගතමෙතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං සදුක‍්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තතීති දිට‍්ඨීසු ආදීනවං පස‍්සන‍්තො දිට‍්ඨියො න ගණ‍්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි; අථවා, න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි - ‘පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය.’ අථවා, ඉමා දිට‍්ඨියො එවං ගහිතා එවං පරාමට‍්ඨා එවංගතිකා භවිස‍්සන‍්ති එවං අභිසම‍්පරායාති දිට‍්ඨීසු ආදීනවං පස‍්සන‍්තො දිට‍්ඨියො න ගණ‍්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි; අථවා, න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි ‘පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය.’ අථවා, ඉමා දිට‍්ඨියො නිරයසංවත‍්තනිකා තිරච‍්ඡානයොනිසංවත‍්තනිකා පෙත‍්තිවිසයසංවත‍්තනිකාති දිට‍්ඨීසු ආදීනවං පස‍්සන‍්තො දිට‍්ඨියො න ගණ‍්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි; අථවා න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි - පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය.’ අථවා, ඉමා දිට‍්ඨියො නිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මාති දිට‍්ඨීසු ආදීනවං පස‍්සන‍්තො දිට‍්ඨියො න ගණ‍්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි. අථවා, න ගණ‍්හිතබ‍්බා න පරාමසිතබ‍්බා නාභිනිවිසිතබ‍්බාති එවම‍්පි ‘පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය.’
පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නො සිටිමි; නොහොත් නො ගතයුත්තාහුය නො දැහැගතයුත්තාහුය, නො පිවිසැ සිටිය යුත්තාහුය යි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය මෝඝය’ යන තෙල දෘෂ්ටිගතය දෘෂ්ටිගහනය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි නමැති හුල දෘෂ්ටිචලනය දෘෂ්ටිසංයොජනය (කායික) දුක් සහිත යැ (චෛතසික) පීඩා සහිත යැ දැඩි ආයාස සහිත යැ පරිදාහ සහිත යැ සංසාර (වට්ටයෙහි) නිර්වේදය පිණිස නොවෙයි, විරාගය පිණිස උපශමය පිණිස අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නේ නුයි දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නො සිටිමි; නොහොත් නො ගත යුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ නො පිවිසැ සිටිය යුත්තාහු නුයි මෙසේත් “පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය” යනු වේ. නොහොත් ‘ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවය ත් ශරීරයත් ඒ මැය, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකි, මරණින් මතු සත්ත්‍ව තෙම වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙම නො වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙමේ වන්නේ ද නො ද වන්නේ ද වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙමේ නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව, අන්‍යය මෝඝ යැ යන තෙල දෘෂ්ටිගතය දෘෂ්ටිගහනය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටිශූලය දෘෂ්ටිවිෂ්පන්දනය දෘෂ්ටිසංයොජනය දුක් සහිත යැ පීඩා සහිත යැ දැඩි ආයාස සහිත යැ පරිදාහ සහිත යැ නිර්වේදය පිණිස නො පවතී, විරාගය පිණිස - නිරෝධය පිණිස - උපශමය පිණිස අභිඥාව පිණිස - සම්බෝධය පිණිස - නිර්‍වාණය පිණිස නො පවතී නුයි දෘෂ්ටීන් කෙරෙහි ආදීනව දක්නෙම් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නොසිටිමි; නොහොත් නො ගතයුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ නො පිවිසි යැ යුත්තාහු යැ’යි මෙසේ ත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටිහු මෙසේ ගන්නා ලද්දාහු මෙසේ පරාමර්‍ශ කරන ලද්දාහු මෙබඳු ගති ඇත්තාහු මෙබඳු පරලොව ඇත්තාහු වෙති’ දෘෂ්ටීන්හි ආදීනව දක්නෙම් දෘෂ්ටි නො ගන්මි, පරාමර්‍ශ නො කරමි; නොහොත් නො ගතයුත්තාහු ය, නො දැහියයුත්තාහු යැ, නො පිවිසි යැ යුත්තාහු නුයි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටීහු නිරයෙහි ඉපදීම පිණිස පවත්නාහු යැ තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නාහු යැ ප්‍රේතවිෂයයෙහි ඉපදීම පිණිස පවත්නාහු යැ’යි දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි, නො දහමි, නො පිවිසැ සිටිමි; නොහොත් නො ගතයුත්තාහු යැ නො දැහියයුත්තාහුය, නො පිවිසියැ යුත්තාහු නුයි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටීහු අනිත්‍යයහ ප්‍රත්‍යයන් විසින් කරන ලද්දාහු ය, ප්‍රතීත්‍යසමුත්පන්නයහ, ක්‍ෂයවන සුල්ලහ, නැසෙන සුල්ලහ, නො රැඳෙන සුල්ලහ, නිරුද්ධවන සුල්ලහ’යි දෘෂ්ටීන්හි ආදීනව දක්නෙම් දෘෂ්ටි නො ගන්මි, නො දහමි නො පිවිසෙමි; නොහොත් නො ගතයුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ අභිනිවේශ නො කළයුත්තාහුනුයි මෙසේ ත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ.
අජ‍්ඣත‍්තසන‍්තිං පචිනං අදස‍්සන‍්ති - ‘අජ‍්ඣත‍්තසන‍්ති’න‍්ති අජ‍්ඣත‍්තං රාගස‍්ස සන‍්තිං දොසස‍්ස සන‍්තිං මොහස‍්ස සන‍්තිං කොධස‍්ස - උපනාහස‍්ස මක‍්ඛස‍්ස - පළාසස‍්ස - ඉස‍්සාය - මච‍්ඡරියස‍්ස - මායාය - සාඨෙය්‍යස‍්ස - ථම‍්භස‍්ස - සාරම‍්භස‍්ස - මානස‍්ස - අතිමානස‍්ස - මදස‍්ස - පමාදස‍්ස සබ‍්බකිලෙසානං - සබ‍්බදුච‍්චරිතානං - සබ‍්බදරථානං - සබ‍්බපරිළාහානං - සබ‍්බසන‍්තාපානං සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සන‍්තිං උපසන‍්තිං වූපසන‍්තිං නිබ‍්බුතිං පටිප‍්පස‍්සද‍්ධිං; පචිනන‍්ති - පචිනන‍්තො විචිනන‍්තො පවිචිනන‍්තො තුලයන‍්තො තීරයන‍්තො විභාවයන‍්තො විභූතං කරොන‍්තො; ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති පචිනන‍්තො විචිනන‍්තො පවිචිනන‍්තො තුලයන‍්තො තීරයන‍්තො විභාවයන‍්තො විභූතං කරොන‍්තො; ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති පචිනන‍්තො විචිනන‍්තො පවිචිනන‍්තො තුලයන‍්තො තීරයන‍්තො විභාවයන‍්තො විභූතං කරොන‍්තො; ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ ති -පෙ- ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති පචිනන‍්තො විචිනන‍්තො පවිචිනන‍්තො තුලයන‍්තො තීරයන‍්තො විභාවයන‍්තො විභූතං කරොන‍්තො; ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බන‍්තං නිරොධධම‍්ම’න‍්ති පචිනන‍්තො විචිනන‍්තො පවිචිනන‍්තො තුලයන‍්තො තීරයන‍්තො විභාවයන‍්තො විභූතං කරොන‍්තො; අදස‍්සන‍්ති - අදස‍්සං අදක‍්ඛි අපස‍්සිං පටිවිජ‍්ඣින‍්ති ‘අජ‍්ඣත‍්තසන‍්තිං පචිනං අදස‍්සං. ‘
අජ්ඣත්තසන්තිං පචිතං අදස්සං - ‘අජ්ඣත්තසන්තිං’ යනු: අධ්‍යාත්මයෙහි රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ - මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ - උපනාහ - මකුබව - පළාස - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සාරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ - සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ - සියලු දරථයන්ගේ - සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ - සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශාන්තිය ව්‍යුපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය; පචිනං - (සිව්සස්) වඩමින් වෙසෙසින් වඩමින් ප්‍රකර්‍ෂයෙන් වඩමින් තුලනය කෙරෙමින් තීරණය කෙරෙමින් සලකමින් ප්‍රකට කෙරෙමින්; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි... ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි... ‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’යි ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි’ වඩමින් වෙසෙසින් වඩමින් ප්‍රකර්‍ෂයෙන් වඩමින් තුලනය කෙරෙමින් තීරණය කෙරෙමින් විභාවනය කෙරෙමින් විභූත කෙරෙමින්; අදස්සං දැක්කෙමි දිටිමි බැලුවෙමි (නුවණින්) ප්‍රතිවේධ කෙළෙම් නුයි ‘අජ්ඣත්ත සන්තිං පචිනං අදස්සං’ යනු’ වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ඉදං වදාමීති න තස්ස හොති (‘මාගන්‍දියා’ති භගවා) ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං, පස‍්සඤ‍්ච දිට්ඨීසු අනුග‍්ගහාය අජ‍්ඣත‍්තසන‍්තිං පචිනං අදස‍්ස”න‍්ති.
“ඉදං වදාමීති -පෙ- අජ්ඣත්තසන්ති පචිනං අදස්සං” යී.