9. 7
9. 7.
9. 7.
දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච‍්ඡමානො (මාගන්‍දියා’ති භගවා) සමුග‍්ගහීතෙසු පමොහමාගතො, ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ‍්ඤං තස‍්මා තුවං මොමූහතො දහාසි.
(බුදුහු මාගන්‍දිය යී මෙසේ වදාරති:) දෘෂ්ටිය මැ නිශ්‍රය කොට (-නිසා) පුනපුනා විචාරනුයෙහි දැඩිව ගන්නා ලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂමොහයට පැමිණියෙහි යම් හෙයකින් තෝ මේ දහමින් මඳ වූ සංඥාවකු දු නුදුටුයෙහි ද එහෙයින් අතිමූඪ වූවක් වශයෙන් දක්නෙහි.
දිට‍්ඨිඤ‍්ච නිස‍්සාය අනුපුච‍්ඡමානොති - මාගන්‍දියො බ්‍රාහ‍්මණො දිට‍්ඨිං නිස‍්සාය දිට‍්ඨිං පුච‍්ඡති, ලග‍්ගනං නිස‍්සාය ලග‍්ගනං පුච‍්ඡති, බන්‍ධනං නිස‍්සාය බන්‍ධනං පුච‍්ඡති, පළිබොධං නිස‍්සාය පළිබොධං පුච‍්ඡති; අනුපුච‍්ඡමානොති පුනප‍්පුනං පුච‍්ඡතීති - ‘දිට‍්ඨිඤ‍්ච නිස්සාය අනුපුච‍්ඡමානො. ‘මාගන්‍දියාති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති; භගවාති - ගාරවාධිවචනං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං ‘භගවා’ති - ‘මාගන්‍දියාති භගවා.’
දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො - මාගන්‍දිය බමුණු දෘෂ්ටිය නිසා දෘෂ්ටිය විචාරයි, දෘෂ්ටිලග්නය නිසා (-එල්බගෙන) දෘෂ්ටිලග්නය විචාරයි, දෘෂ්ටිබන්ධනය නිසා දෘෂ්ටිබන්ධනය විචාරයි, දෘෂ්ටිපරිබොධය නිශ්‍රය කොට දෘෂ්ටිපරිබොධය විචාරයි; අනුපුච්ඡමානො - පුනපුනා විචාරා නුයි ‘දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො’ යනු වේ. මාගන්‍දිය යී බුදුහු ඒ බමුණා නමින් ආමනුත්‍රණය කෙරෙති. භගවා යනු: ගෞරවාධිවචන යැ... මේ ‘භගවා’ යනු ප්‍රත්‍යක්‍ෂකරණයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි - ‘මාගන්දියාති භගවා’ යනු වේ.
සමුග‍්ගහීතෙසු පමොහමාගතොති - යා සා දිට‍්ඨි තයා ගහිතා පරාමට‍්ඨා අභිනිවිට‍්ඨා අජ‍්ඣොසිතා අධිමුත‍්තා, තායෙව ත්‍වං දිට‍්ඨියා මූළ‍්හොසි පමූළ‍්හොසි සම‍්මූළ‍්හොසි මොහං ආගතොසි පමොහං ආගතොසි සම‍්මොහං ආගතොසි අන්‍ධකාරං පක‍්ඛන‍්නොසීති ‘සමුග‍්ගහීතෙසු පමොහමාගතො.’
සමුග්ගහීතෙසු පමොහමාගතො - තා විසින් යම් දෘෂ්ටියක් ගන්නා ලද්දී පරාමර්‍ශ කරනලද්දී පිවිසැ ගන්නා ලද්දී දැඩි වැ ගන්නා ලද්දී අධිමුක්ත වූවා ද, තෝ ඒ දෘෂ්ටියෙන් මැ මූඪ වූයෙහි ප්‍රමූඪ වූයෙහි සම්මූඪ වූයෙහි මෝහයට පැමිණියෙහි ප්‍රමොහයට පැමිණියෙහි සම්මෝහයට පැමිණියෙහි අඳුරට පිවිසියෙහි නුයි ‘සමුග්ගහීතෙසු පමොහමාගතො’ යනු වේ.
ඉතො ච නාද්දක්ඛි අණුම‍්පි සඤ‍්ඤන‍්ති - ඉතො අජ‍්ඣත‍්තසන‍්තිතො වා පටිපදාතො වා ධම‍්මදෙසනාතො වා යුත‍්තසඤ‍්ඤං වා පත‍්තසඤ‍්ඤං වා ලක‍්ඛණසඤ‍්ඤං වා කාරණසඤ‍්ඤං වා ඨානසඤ‍්ඤං වා නප‍්පටිලභසි කුතො ඤාණන‍්ති එවම‍්පි - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ‍්ඤං.’ අථවා, අනිච‍්චං වා අනිච‍්චසඤ‍්ඤානුලොමං වා, දුක‍්ඛං වා දුක‍්ඛසඤ‍්ඤානුලොමං වා, අනත‍්තං වා අනත‍්තසඤ‍්ඤානුලොමං වා, සඤ‍්ඤුප‍්පාදමත‍්තං වා සඤ‍්ඤානිමිත‍්තං වා නප‍්පටිලභසි, කුතො ඤාණන‍්ති එවම‍්පි - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ‍්ඤං.’
ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං - මේ අධ්‍යාත්මශාන්තියෙන් හෝ ප්‍රතිපදායෙන් හෝ ධර්‍මදෙශනාවෙන් හෝ (මහණදම්හි) යුක්තසංඥාවක් හෝ ප්‍රාප්තසංඥාවක් හෝ ලක්‍ෂණසංඥාවක් හෝ කාරණසංඥාවක් හෝ හෙතුසංඥාවක් හෝ නො ලබව, මාර්‍ගඥානය වැලිත් කොයින් ලබවු ද’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ. නොහොත් අනිත්‍යය හෝ අනිත්‍යසංඥානුලොමය හෝ දුඃඛය හෝ දුඃඛසංඥානුලොමය හෝ අනාත්මය හෝ අනාත්මසංඥානුලොමය හෝ සංඥාඋත්පාද මාත්‍රයක් හෝ සංඥානිමිත්ත හෝ නො ලබව, මාර්‍ගඥානය කොයින් ලබවු දැ’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ.
තස‍්මා තුවං මොමූහතො දහාසීති - ‘තස‍්මාති’ තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තන‍්නිදානා මොමූහධම‍්මතො බාලධම‍්මතො මූළ‍්හධම‍්මතො අඤ‍්ඤාණධම‍්මතො අමරාවික‍්ඛෙපධම‍්මතො දහාසි පස‍්සසි දක‍්ඛසි ඔලොකෙසි නිජ‍්ඣායසි උපපරික‍්ඛසීති ‘තස‍්මා තුවං මොමූහතො දහාසී’ති.
තස්මා තුවං මොමූහතො දහාසි - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මොමූහධර්‍මයක් වශයෙන් බාලධර්‍මයක් වශයෙන් මූඪධර්‍මයක් වශයෙන් අඥානධර්‍මයක් වශයෙන් අමරාවික්‍ෂෙපධර්‍මයක් වශයෙන් ගන්ව බලව දක්හි අවලොකනය කෙරෙහි සිතව විමසව’යි ‘තස්මා තුවං මොමූහතො දහාසි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“දිට‍්ඨිඤ‍්ච නිස්සාය අනුපුච‍්ඡමානො (’මාගන්‍දියා’ති භගවා) සමුග‍්ගහීතොසි පමොහමාගතො, ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ‍්ඤං තස‍්මා තුවං මොමූහතො දහාසී’ති.
“දිට්ඨිං ච නිස්සාය -පෙ- මොමූහතො දහාසි” යී.