යෙදුමෙන් කියවන්න

9. 8

9. 8.

9. 8.

සමො විසෙසී උදවා නිහීනො යො මඤ‍්ඤති සො විවදෙථ තෙන. තීසු විධාසු අවිකම‍්පමානො සමො විසෙසීති න තස‍්ස හොති.

යමෙක් ‘(මම) සම වෙමී, හෝ විශිෂ්ට වෙමී, හෝ නොහොත් හීන වෙමී’ නාම කෙරේ නම්, හෙතෙම ඒ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කරන්නේ යැ. (යමෙක් ඒ) ත්‍රිවිධ මානයෙහි නො සැලෙනුයේ වේ නම්, ඒ මට ‘සම වෙමී හෝ විශිෂ්ට වෙමී’ (මානය) නො වේ.

සමො විසෙසි උදවා නිහීනො යො මඤ‍්ඤති සො විවදෙථ තෙනාති - ‘සදිසොහමස‍්මී’ති වා ‘සෙය්‍යොහමස‍්මී’ති වා ‘හීනොහමස‍්මී’ති වා, යො මඤ‍්ඤති, සො තෙන මානෙන තාය දිට‍්ඨියා තෙන වා පුග‍්ගලෙන කලහං කරෙය්‍ය භණ‍්ඩනං කරෙය්‍ය විග‍්ගහං කරෙය්‍ය විවාදං කරෙය්‍ය මෙධගං කරෙය්‍ය: “න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි, අහං ඉමං ධම‍්මවිනයං ආජානාමි. කිං ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානිස‍්සසි? මිච‍්ඡාපටිපන‍්නො ත්‍වමසි. අහමස‍්මි සම‍්මාපටිපන‍්නො. සහිතම‍්මෙ, අසහිතන‍්තෙ. පුරෙ වචනීයං පච‍්ඡා අවච. පච‍්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ‍්ණන‍්තෙ විපරාවත‍්තං. ආරොපිතො තෙ වාදො. නිග‍්ගහීතොසි. චර වාදප‍්පමොක‍්ඛාය. නිබ‍්බෙඨෙහි සචෙ පහොසී’ති - සමො විසෙසී උදවා නිහීනො යො මඤ‍්ඤති සො විවදෙථ තෙන.

සමො විසෙසි උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන - ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම හීන වෙමී’ හෝ යමෙක් හඟනේ නම් හෙතෙම ඒ මානයෙන් හෝ ඒ දෘෂ්ටියෙන් හෝ ‘ඒ පුද්ගලයා සමග හෝ කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, අරගල කරන්නේ යැ: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නහු යැ, මේ ධර්‍මවිනය මම් දනිමී, කිමැ තෙමි මේ ධර්‍මවිනය දන්නහු ද? තෙපි වරදවා පිළිපන්නහු යැ, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ බස අර්‍ත්‍ථසංහිත යැ, තාගේ බස අනත්‍ථසංහිත යැ’ පළමු කියැයුත්ත පසුව කීයෙහි, පසුව කියැයුත්ත පළමු කීයෙහි, තා පුහුණු කළ දෙය නැවැතිණ, තට වාදාරෝපණය කරන ලද, නිග්‍රහ කරන ලදුයෙහි, වාදයෙන් ගැළැවෙනු සඳහා පිළිතුරු සොයා යව, ඉදින් පොහොසත්හි නම් (තමා) මුදා ගනැ’යි (විවාද කරන්නේ නුයි) ‘සමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන’ යනු වේ.

තීසු විධාසු අවිකම‍්පමානො සමො විසෙසීති න තස‍්ස හොතීති - යස‍්සෙතා තිස‍්සො විධා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො තීසු විධාසු න කම‍්පති න විකම‍්පති; අවිකම‍්පමානස‍්ස පුග‍්ගලස‍්ස ‘සදිසොහමස‍්මී’ති වා ‘සෙය්‍යොහමස‍්මී’ති වා ‘හීනොහමස‍්මී’ති වා; න තස‍්ස හොතීති න මය‍්හං හොතීති - තීසු විධාසු අවිකම‍්පමානො සමො විසෙසීති න තස‍්ස හොති.

තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති - යමක්හට තෙල ත්‍රිවිධමානයෝ ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු (මාර්‍ගයෙන්) නසන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද; හෙතෙම තුන් මානයන්හි නො සැලෙයි, වෙසෙසින් නො සැලෙයි, නො සැලෙන පුද්ගලයාහට ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් හීන වෙමී’ හෝ - න තස්ස හොති - මට නො වේ නුයි ‘තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සමො විසෙසී උදවා නිහීනො යො මඤ‍්ඤති සො විවදෙථ තෙන. තීසු විධාසු අවිකම‍්පමානො සමො විසෙසීති න තස‍්ස හොති.

“සමො විසෙසී -පෙ- න තස්ස හොති” යී.