යෙදුමෙන් කියවන්න

9. 9

9. 9.

9. 9.

සච‍්චන‍්ති සො බ්‍රාහ‍්මණො කිං වදෙය්‍ය මුසාති වා සො විවදෙථ කෙන, යස‍්මිං සමං විසමං වාපි නත්‍ථි ස කෙන වාදං පටිසංයුජෙය්‍ය.

ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම (මෙය මැ) සැබැවැයි කවර වස්තුවක් (හෝ කුමන කරුණෙකින්) කියන්නේ ද, හෙතෙම (තා කියන්නේ) මෘෂා යැයි හෝ කවර මානයකින් (දෘෂ්ටියකින් හෝ පුද්ගලයකු හා සමග) විවාද කරන්නේ ද, යමක්හු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයකින් වාදයෙහි යෙදෙන්නේ ද.

සච‍්චන‍්ති සො බ්‍රාහ‍්මණො කිං වදෙය්‍යාති - ‘බ්‍රාහ‍්මණො’ති සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො -පෙ- අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා; සච‍්චන‍්ති සො බ්‍රාහ‍්මණො කිං වදෙය්‍යාති ‘සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති බ්‍රාහ‍්මණො කිං වදෙය්‍ය? කිං කථෙය්‍ය? කිං භණෙය්‍ය? කිං වොහරෙය්‍ය? ‘අසස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති බ්‍රාහ‍්මණො කිං වදෙය්‍ය? කිං කථෙය්‍ය? කිං භණෙය්‍ය? කිං දීපයෙය්‍ය? කිං වොහරෙය්‍ය චාති ‘සච‍්චන‍්ති සො බ්‍රාහ‍්මණො කිං වදෙය්‍ය.’

සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් බ්‍රාහ්මණ යැ... (4. 3 නිර්‍දෙශය) සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි බ්‍රාහ්මණ තෙමේ කිම කියන්නේ ද? පවසන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද? කිම වහරන්නේ ද? ‘අශාශ්වත යැ ලෝකය... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි බ්‍රාහ්මණ තෙමේ කිම පවසන්නේ ද? කියන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද කිම වහරන්නේ ද? එයින් ‘සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය’ යනු වේ.

මුසාති වා සො විවදෙථ කෙනාති - බ්‍රාහ‍්මණො ‘මය‍්හංව සච‍්චං, තුය‍්හං මුසා’ති කෙන මානෙන කාය දිට‍්ඨියා කෙන වා පුග‍්ගලෙන කලහං කරෙය්‍ය? භණ‍්ඩනං කරෙය්‍ය? විග‍්ගහං කරෙය්‍ය? විවාදං කරෙය්‍ය? මෙධගං කරෙය්‍ය: ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති - මුසාති වා සො විවදෙථ කෙන.

මුසාති වා සො විවදෙථ කෙන - බාහිතපාපී බ්‍රාහ්මණ තෙම ‘මා කියන්නක් මැ සැබව තාගේ බස මෘෂා යැ’යි කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුඟුලක්හු සමග කලහ කරන්නේ ද, ඩබර විග්‍රහ - විවාද - අරගල කරන්නේ ද; ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි..., ඉදින් පොහෝනෙහි නම් තමා මුදාගනැ’යි ‘මුසාති වා සො විවදෙථ කෙන’ යනු වේ.

යස‍්මිං සමං විසමං වාපි නත්‍ථීති - ‘යස‍්මි’න‍්ති යස‍්මිං පුග‍්ගලෙ අරහන‍්තෙ ඛීණාසවෙ ‘සදිසොහමස‍්මී’ති මානො නත්‍ථි, ‘සෙය්‍යො හමස‍්මී’ති අතිමානො නත්‍ථි; ‘හීනොහමස‍්මී’ති ඔමානො නත්‍ථි, න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති, පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති - යස‍්මිං සමං විසමං වාපි නත්‍ථි.

යස්මිං සමං විසමං වාපි නත්‍ථි - ‘යස්මිං’ යනු: යම් අර්‍හත් ක්‍ෂීණාස්‍රව පුද්ගලයක්හු කෙරෙහි ‘මම් සදෘශ වෙමි’ මානයෙක් නැත, මම් ශ්‍රෙෂ්ඨයෙමී අතිමානයෙක් නැත, ‘මම් හීනයෙමී’ අවමානයෙක් නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ වෙසෙසින් නසන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්මිං සමං විසමං වා පි නත්‍ථි’ යනු වේ.

ස කෙන වාදං පටිසංයුජෙය්‍යාති - සො කෙන මානෙන කාය දිට‍්ඨියා කෙන වා පුග‍්ගලෙන වාදං පටිසංයුජෙය්‍ය, පටිචරෙය්‍ය. කලහං කරෙය්‍ය, භණ‍්ඩනං කරෙය්‍ය, විග‍්ගහං කරෙය්‍ය, විවාදං කරෙය්‍ය. මෙධගං කරෙය්‍ය: ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති - ස කෙන වාදං පටිසංයුජෙය්‍ය.

ස කෙන වාදං පටිසංයුජෙය්‍ය - හෙතෙම කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුද්ගලයක්හු සමග වාදයෙහි යෙදෙන්නේ ද, හැසිරෙන්නේ ද, කලහ කරන්නේ ද, ඩබර කරන්නේ ද, විග්‍රහ කරන්නේ ද, විවාද කරන්නේ ද, අරගල කරන්නේ ද: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ...ඉදින් සමර්ත්‍ථයවු නම් තමා මුදාලව’යි ‘ස කෙන වාදං පටිසංයුජෙය්‍ය’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සච‍්චන‍්ති සො බ්‍රාහ‍්මණො කිං වදෙය්‍ය මුසාති වා සො විවදෙථ කෙන, යස‍්මිං සමං විසමං වාපි නත්‍ථි ස කෙන වාදං පටිසංයුජෙය්‍යා”ති.

“සච්චන්ති සො බ්‍රාහ්මණො -පෙ- වාදං පටිසංයුජෙය්‍ය” යී.