යෙදුමෙන් කියවන්න

9. 10

9. 10.

9. 10.

ඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ‍්බං මුනි සන්‍ථවානි, කාමෙහි රිත‍්තො අපුරෙක‍්ඛරානො කථං න විග‍්ගය‍්හ ජනෙන කයිරා.

(රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනිකෙතසාරී වූ ක්‍ෂීණාසුව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥානගොචරය - ඕකය හැරපියා ගම්හි ගිහීසන්ථවයන් නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන් වූයේ (මතු අත්බව්හි තෘෂ්ණාවශයෙන්) වට්ටය පෙරටු නො කරනුයේ ජනයා සමග විග්‍රාහිකකථාව නො කරන්නේ යී.

“අථ ඛො හලිද‍්දකානී ගහපති යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො හලිද‍්දකානී ගහපති ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතදවොච: ‘වුත‍්තමිදං භන‍්තෙ කච‍්චාන, භගවතා අට‍්ඨකවග‍්ගියෙ මාගන්‍දියපඤ‍්හෙ:

“එකල්හි හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේ සමීපයට එළැඹ, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පස් වැ හුන්නේය. එකත්පස් වැ හුන් හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට මෙපවත් කීය: ‘ස්වාමීනි, කාත්‍යායනයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්දියප්‍රශ්නයෙහි මේ වදාරන ලද්දේය:

1. “ඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ‍්බං මුනි සන්‍ථවානි, කාමෙහි රිත‍්තො අපුරෙක‍්ඛරානො කථං න විග‍්ගය‍්හ ජනෙන කයිරා”ති.

1. ‘රූපවස්ත්‍වාදි විඥානයාගේ අවකාශ සඞ්ඛ්‍යාත ඕකය දුරු කොට අනිකෙතසාරී වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ගම්හි ගිහීන් හා සන්‍ථව නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන්වූයේ වට්ටය පෙරටු කොට නො සිටියේ ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේය’යි.

ඉමස‍්ස නු ඛො භන‍්තෙ කච‍්චාන! භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස කථං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො?”ති.

ස්වාමීනි, කාත්‍යායනයන් වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ නම් විස්තරයෙන් දතයුත්තේ දැ”යි.

“රූපධාතු කො ගහපති, විඤ‍්ඤාණස‍්ස ඔකො. රූපධාතුරාගවිනිබද‍්ධඤ‍්ච පන විඤ‍්ඤාණං ‘ඔකසාරී’ති වුච‍්චති. වෙදනාධාතු ඛො ගහපති - සඤ‍්ඤාධාතු ඛො ගහපති - සඞ‍්ඛාරධාතු ඛො ගහපති, විඤ‍්ඤාණස‍්ස ඔකො, සඞ‍්ඛාරධාතුරාගවිනිබද‍්ධඤ‍්ච පන විඤ‍්ඤාණං ‘ඔකසාරී’ති වුච‍්චති. එවං ඛො ගහපති ඔකසාරී හොති.

‘ගෘහපතිය, රූපස්කන්‍ධය (කර්‍ම) විඥානයාගේ ඔක (=ප්‍රත්‍යය) වෙයි, තවද රූපධාතුයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ඔකසාරී (-ආලයෙහි හැසිරෙන සුලු) යැයි කියනු ලැබෙයි. ගෘහපතිය, වෙදනාස්කන්ධය... සංඥාස්කන්‍ධය... ගෘහපතිය සංස්කාරස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ඕකය වෙයි, තවද සංස්කාරස්කන්‍ධයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය ඔකසාරී වේ.

කථඤ‍්ච ඛො ගහපති අනොකසාරී හොති? රූපධාතුයා ඛො ගහපති යො ඡන්‍දො යො රාගො යා නන්‍දි යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා තථාගතො ‘අනොකසාරී’ වුච‍්චති. වෙදනාධාතුයා ඛො ගහපති - සඤ‍්ඤාධාතුයා ඛො - ගහපති - සඞ‍්ඛාරධාතුයා ඛො ගහපති - විඤ‍්ඤාණධාතුයා ඛො ගහපති, යො ඡන්‍දො යොගො යා නන්‍දි යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා තථාගතො ‘අනොකසාරී’ති වුච‍්චති. එවං ඛො ගහපති අනොකසාරී හොති.

තවද ගෘහපතිය, කිසෙයින් ‘අනෝකසාරී’ වෙයි ද යත්? ගෘහපතිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් (තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) උපය කෙනෙක් හා (කාමාදි) උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය වූවාහු ද ඔවුහු තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහු උසුන්මුල් කළාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් සම්මාසම්බුදුහු ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙති. ගෘහපතිය, වෙදනාස්කන්‍ධයෙහි... සංඥාස්කන්‍ධයෙහි... සංස්කාරස්කන්‍ධයෙහි... ගෘහපතිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් උපය හා උපාදාන කෙනෙක් අකුසල් සිතට ආධාර නිවාස අනුශය වූවාහු නම් ඔවුහු සම්මාසම්බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උපුටාහළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් තථාගතයෝ ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනෝකසාරී වේ.

කථඤ‍්ච ගහපති. නිකෙතසාරී හොති? රූපනිමිත‍්තනිකෙතවිසාරවිනිබන්‍ධා ඛො ගහපති ‘නිකෙතසාරී’ති වුච‍්චති. සද‍්දනිමිත‍්ත - ගන්‍ධනිමිත‍්ත - රසනිමිත‍්ත - ඵොට‍්ඨබ‍්බනිමිත‍්ත - ධම‍්මනිමිත‍්තනිකෙතවිසාරවිනිබන්‍ධා ඛො ගහපති ‘නිකෙතසාරී’ති වුච‍්චති. එවං ඛො ගහපති, නිකෙතසාරී හොති.

තවද ගෘහපතිය, කිසෙයින් නිකෙතසාරී වෙයි ද යත්? රූපනිමිත්ත සඞ්ඛ්‍යාත නිකෙතයෙහි (-රූප නමැති නිවාසයෙහි) පැතිරීම හා බැඳීම හේතු කොටගෙන ‘නිකෙතසාරී’ යයි කියනු ලැබෙයි. ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ධර්‍මනිමිත්ත නමැති නිවාසයෙහි විසාරවිනිබන්ධ (-පැතිරීම ත් බැඳීම ත්) හේතු කොටගෙන ‘නිකෙතසාරී යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය, නිකෙතසාරී (-අරමුණෙහි වෙසෙනුයේ) වේ.

“කථඤ‍්ච ගහපති. අනිකෙතසාරී හොති? රූපනිමිත‍්තනිකෙතවිසාරවිනිබන්‍ධා ඛො ගහපති තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා තස‍්මා තථාගතො ‘අනිකෙතසාරී’ති. සද‍්දනිමිත‍්ත - ගන්‍ධනිමිත‍්ත - රසනිමිත‍්ත - ඵොට‍්ඨබ‍්බනිමිත‍්ත - ධම‍්මනිමිත‍්තනිකෙතවිසාරවිනිබන්‍ධා ඛො ගහපති, තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා තථාගතො අනිකෙතසාරී’ති වුච‍්චති. එවං ඛො ගහපති, අනිකෙතසාරී හොති.

තවද ගෘහපතිය, කිසෙයින් අනිකෙතසාරී වේ ද? යත්: ගෘහපතිය රූපනිමිත්තනිකෙතයෙහි (ක්ලේශයන්ගේ) විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් විසින් ප්‍රහීණයෝ යැ, නැසූ මුල් ඇත්තෝ යැ, තාලවස්තුවක් මෙන් කරන ලද්දෝ යැ, නසන ලද්දෝ යැ, මතු නූපදනා පියවි ඇත්තෝ යැ. එහෙයින් සම්මාසම්බුදුහු ‘අනිකෙතසාරී’ යයි කියනු ලැබෙති ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ගෘහපතිය, ධර්‍මනිමිත්තනිකෙතයෙහි විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහුය... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහුය. එහෙයින් සම්මාසම්බුදුහු අනිකෙතසාරී යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනිකෙතසාරී වේ.

කථඤ‍්ච ගහපති, ගාමෙ සන්‍ථවජාතො හොති? ඉධ ගහපති, එකච‍්චො භික‍්ඛු ගිහීහි සංසට‍්ඨො විහරති: සහනන්‍දී සහසොකී, සුඛිතෙසු සුඛිතො, දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො, උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු අත‍්තනා වොයොගං ආපජ‍්ජති. එවං ඛො ගහපති! ගාමෙ සන්‍ථවජාතො හොති.

තවද ගෘහපතිය, කිසෙයින් ග්‍රාමයෙහි සන්ථවජාත වේ ද? යත්: ගෘහපතිය මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ගෘහීන් හා සංසෘෂ්ට වැ වෙසෙයි: එක් වැ සතුටු වෙයි, එක් වැ ශෝක ඇත්තේ වෙයි, (දායකයන්) සුඛිත කල්හි (ගෘහශ්‍රිත සැපයෙන්) සුඛිත වෙයි, දුකට පැමිණි කල්හි දුකට පැමිණෙයි, උපන් කටයුතු ඇතිකල්හි තමා උපයොගයට (-කළ යුතුබවට) පැමිණෙයි. මෙසෙයින් ගෘහපතිය, ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ.

කථඤ‍්ච ගහපති, ගාමෙ න සන්‍ථවජාතො හොති? ඉධ ගහපති, එකච‍්චො භික‍්ඛු ගිහීහි අසංසට‍්ඨො විහරති: න සහනන්‍දී න සහසොකී, න සුඛිතෙසු සුඛිතො, න දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො, උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු න අත‍්තනා වොයොගං ආපජ‍්ජති. එවං ඛො ගහපති! ගාමෙ න සන්‍ථවජාතො හොති.

තවද ගෘහපතිය, කෙසේ ගම්හි නූපන් ගිහීසන්ථව ඇත්තේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ගිහීන් හා අසංසෘෂ්ට වූයේ වෙසෙයි: සමග සතුටු නො වන්නේ සමග ශෝකී නො වන්නේ සුඛිත කල්හි සුඛිත නො වූයේ දුඃඛිත කල්හි දුඃඛිත නො වූයේ උපන් කටයුතු ඇති කල්හි තමා උපයොගයට නො පැමිණෙයි. මෙසෙයින් ගෘහපතිය, ගම්හි නූපන් ගිහීසන්ථව ඇත්තේ වේ.

කථඤ‍්ච ගහපති, කාමෙහි අරිත‍්තො හොති? ඉධ ගහපති, එකච‍්චො භික‍්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගත ඡන්‍දො අවිගත පෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො. එවං ඛො ගහපති, කාමෙහි අරිත‍්තො හොති.

යළි ගෘහපතිය, කිසෙයින් කාමයන් කෙරෙන් නො සිස් වූයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි කිසි මහණෙක් වස්තුකාමයන්හි නො පහ වූ රාග ඇතියේ අවිගත වු කාමච්ඡන්‍ද ඇතියේ අවිගත වූ ප්‍රේම ඇතියේ අවිගත වූ පිපාසා ඇතියේ අවිගත වූ පරිදාහ ඇතියේ අවිගත වූ කාමතෘෂ්ණා ඇතියේ වෙයි. මෙසෙයින් ගෘහපතිය, ක්ලේශකාමයන් කෙරෙන් අතුච්ඡ වේ.

කථඤ‍්ච ගහපති, කාමෙහි රිත‍්තො හොති? ඉධ ගහපති, එකච‍්චො භික‍්ඛු කාමෙසු වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො. එවං ඛො ගහපති! කාමෙහි රිත‍්තො හොති.

තවද ගෘහපතිය, කිසෙයින් කාමයන් කෙරෙන් රික්ත (-සිස්) වූයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි කිසි මහණෙක් වස්තුකාමයන් කෙරෙහි පහවැගිය රාග ඇත්තේ විගත වූ කාමච්ඡන්‍ද ඇත්තේ විගත වූ පෙම ඇතියේ විගත වූ පිපාසා ඇතියේ විගත වූ පරිදාහ ඇතියේ විගත වූ තෘෂ්ණා ඇතියේ වෙයි. මෙසෙයින් ගෘහපතිය, ක්ලේශකාමයන් කෙරෙන් රික්ත වූයේ වේ.

කථඤ‍්ච ගහපති, පුරෙක‍්ඛරානො ති? ඉධ ගහපති, එකච‍්චස‍්ස භික‍්ඛුනො එවං හොති: ‘එවංරූපො සියං අනාගතමද‍්ධාන’න‍්ති. තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති ‘එවංවෙදනො සියං - එවං සඤ‍්ඤො සියං එවංසඞ‍්ඛාරො සියං - එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධාන’න‍්ති තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. එවං ඛො ගහපති, පුරෙක‍්ඛරානො හොති.

තවද ගෘහපතිය, කිසෙයින් වට්ටය පෙරටු කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙබඳු සිතෙක් වෙයි: ‘අනාගතකාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වෙම්ව’යි එහි තෘෂ්ණාව පිහිටුවයි මෙබඳු සැප වේදනා ඇතියෙම්... මෙබඳු සංඥා ඇතියෙම්... මෙබඳු සංස්කාර ඇතියෙම්... අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම් ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව පිහිටුවයි. මෙසෙයින් ගෘහපතිය, වට්ටය පෙරටු කරනුයේ වේ.

කථඤ‍්ච ගහපති, අපුරෙක‍්ඛරානො හොති? ඉධ ගහපති, එකච‍්චස‍්ස භික‍්ඛුනො එවං හොති: ‘එවංරූපො සියං අනාගතමද‍්ධාන’න‍්ති න තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. ‘එවංවෙදනො සියං - එවංසඤ‍්ඤො සයං - එවංසඞ‍්ඛාරො සියං - එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධාන’න‍්ති න තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. එවං ඛො ගහපති, අපුරෙක‍්ඛරානො හොති.

තවද ගෘහපතිය, කිසෙයින් වට්ටය නො පෙරටු කරනුයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිතෙක් වෙයි: ‘අනාගතකාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වෙම්ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව නො පිහිටුවයි. මෙබඳු වේදනා ඇතියෙම්... මෙබඳු සංඥා ඇතියෙම්... මෙබඳු සංස්කාර ඇතියෙම්... මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව නො පිහිටුවයි. මෙසෙයින් ගෘහපතිය, සසරවට නො පෙරටු කරනුයේ වේ.

කථඤ‍්ච ගහපති, කථං විග‍්ගය‍්හ ජනෙන කත‍්තා හොති? ඉධ ගහපති, එකච‍්චො භික‍්ඛු එවරූපං කථං කත‍්තා හොති: ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති. එවං ඛො ගහපති, කථං විග‍්ගය‍්හ ජනෙන කත‍්තා හොති.

තවද ගෘහපතිය, කිසෙයින් ජනයා සමග විග්‍රාහිකකථාව කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු විවාදකථාව කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ... ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මිදෙව’යි. මෙසෙයින් ගෘහපතිය, ජනයා සමග විග්‍රාහිකකථාව කරන්නේ වෙයි.

කථඤ‍්ච ගහපති, කථං න විග‍්ගය‍්හ ජනෙන කත‍්තා හොති? ඉධ ගහපති, එකච‍්චො භික‍්ඛු න එවරූපං කථං කත‍්තා හොති: ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති. එවං ඛො ගහපති, කථං න විග‍්ගය‍්හ ජනෙන කත‍්තා හොති. ඉති ඛො ගහපති, යන‍්තං වුත‍්තං භගවතා අට‍්ඨකවග‍්ගියෙ මාගන්‍දිය පඤ‍්හෙ:

තවද ගෘහපතිය, කිසෙයින් ජනයා සමග විග්‍රහ නො කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු විවාදකථාව නො කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ... ඉදින් පොහොනවු නම් (තමා දොසින්) මුදාගනුවයි.’ මෙසෙයින් ගෘහපතිය, ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේ වේ. ගෘහපතිය, මෙසේ භාග්‍යවතුන් විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්‍දිය ප්‍රශ්නයෙහි

ඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ‍්බං මුනි සන්‍ථවානි, කාමෙහි රිත‍්තො අපුරෙක‍්ඛරානො කථං න විග‍්ගය‍්හ ජනෙන කයිරා”ති.

‘ඔකං පහාය -පෙ- න විග්ගය්හ ජනෙන කයිරා’ යී යමක් වදාරන ලද්දේ නම්,

ඉමස‍්ස ඛො ගහපති, භගවතා සංඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො”ති.

ගෘහපතිය, භාග්‍යවත් බුදුන් විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි විස්තරාර්‍ත්‍ථය මෙසේ දතයුත්තේය’යි.

එයින් වදාළහ බුදුහු:

ඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ‍්බං මුනි සන්‍ථවානි, කාමෙහි රිත‍්තො අපුරෙක‍්ඛරානො කථං න විග‍්ගය‍්හ ජනෙන කයිරා”ති.

“ඔකං පහාය -පෙ- න විග්ගය්හ ජනෙන කයිරා” යී.