යෙදුමෙන් කියවන්න

9. 11

9. 11.

9. 11.

යෙහි විවිත‍්තො විචරෙය්‍ය ලොකෙ න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගො, එලම‍්බුජං කණ‍්ටකං වාරිජං යථා ජලෙන පඞ‍්කෙන ච නූපලිත‍්තං. එවං මුනී සන‍්තිවාදො අගිද‍්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තො.

ක්‍ෂීණාස්‍රව නාග තෙම යම් දෘෂ්ටිගතාදියෙකින් වෙන් වූයේ ලොවැ හැසිරෙන්නේ ද, (හෙතෙම) ඒ දෘෂ්ටිගතයන් දැඩි වැ ගෙන නො කියන්නේ යැ. ඵල සඞ්ඛ්‍යාත ජලයෙහි උපන් කටු සහිත දඬු ඇති පියුම දියෙන් හා කලලින් යම්සේ නො තැවැරුණේ ද, එසෙයින් අධ්‍යාත්මශාන්තිය ප්‍රකාශ කරන තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම කාමයෙහි ද ලෝකයෙහි ද නො ඇලුණේ වේ.

යෙහි විවිත‍්තො විචරෙය්‍ය ලොකෙති - ‘යෙහී’ති යෙහි දිට‍්ඨිගතෙහි; විවිත‍්තොති කායදුච‍්චරිතෙන රිත‍්තො විවිත‍්තො පවිවිත‍්තො; වචීදුච‍්චරිතෙන - මනො දුච‍්චරිතෙන - රාගෙන -පෙ- සබ‍්බාකුසඩලාභිඞ‍්ඛාරෙහි රිත‍්තො විවිත‍්තො පවිවිත‍්තො; විචරෙය්‍යාති විචරෙය්‍ය විහරෙය්‍ය ඉරීයෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍ය; ලොකෙති මනුස‍්සලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යෙහි විවිත‍්තො විචරෙය්‍ය ලොකො.’

යෙහි විවිත්තා විචරෙය්‍ය ලෝකේ - ‘යෙහි’ යනු: යම් දෘෂ්ටිගතයන් ගෙන්; විවිත්තො - කායදුශ්චරිතයෙන් සිස් වූයේ වෙන් වූයේ ඉතා වෙන් වූයේ වාග්දුශ්චරිතයෙන්... මනෝදුශ්චරිතයෙන්... රාගයෙන්... සියලු අකුශලාභිසංස්කාරයන් කෙරෙන් රිත්ත - විවිත්ත - ප්‍රවිවික්ත වූයේ; විචරෙය්‍ය - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය, රැකෙන්නේය යැපෙන්නේය යාපනය වන්නේය; ලෝකේ - මිනිස් ලොවැ... ආයතනලෝකයෙහි නුයි ‘යෙහි විචිත්තො විචරෙය්‍ය ලෝකේ’ යනු වේ.

න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගොති - ‘නාගො’ති ආගුං න කරොතීති නාගො, න ගච‍්ඡතීති නාගො, නාගච‍්ඡතීති නාගො, කථං ආගුං න කරොතීති නාගො? ආගු වුච‍්චන‍්ති පාපකා අකුසලා ධම‍්මා සඞ‍්කිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.

න තානි උග්ගයහ වදෙය්‍ය නාගො - ‘නාගො’ යනු: පව් නො කෙරේ නුයි ‘නාග’යැ (අගතියට) නො යේ නුයි ‘නාග’ යැ (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණේ නුයි ‘නාග’යැ. කිසෙයින් පව් නො කරනුයෙන් නාග වෙයි යත්: පීඩාකර වූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛ විපාක උපදවන මත්තෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙත්.

1. “ආගුං න කරොති කිඤ‍්චි ලොකෙ (සභියාති භගවා) සබ‍්බසඤ‍්ඤොගෙ විසජ‍්ජ බන්‍ධනානි, සබ‍්බත්‍ථ න සජ‍්ජති විමුත‍්තො නාගො තාදී පවුච‍්චතෙ, තථත‍්තා.”

1. (‘සභිය’යී බුදුහු මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්‍ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්‍ධාදි සියලු තැන්හි, කිසි සඞ්ගයෙකින් නො ඇලෙයි, ද්විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.

එවං ආගුං න කරොතීති නාගො. කථං න ගච‍්ඡතීති නාගො? න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, න රාගවසෙන ගච‍්ඡති, න දොසවසෙන ගච‍්ඡති, න මොහවසෙන ගච‍්ඡති, න මානවසෙන ගච‍්ඡති, න දිට‍්ඨිවසෙන ගච‍්ඡති, න උද‍්ධච‍්චවසෙන ගච‍්ඡති, න විචිකිච‍්ඡාවසෙන ගච‍්ඡති, න අනුසයවසෙන ගච‍්ඡති. න වග‍්ගෙහි ධම‍්මෙහි යායති නීයති වුය‍්හති සංහරීයති. එවං න ගච‍්ඡතීති - නාගො. කථං නාගච‍්ඡතී ති නාගො? සොතාපත‍්තිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසා න පුනෙති, න පච‍්චෙති, න පච‍්චාගච‍්ඡති. සකදාගාමිමග‍්ගෙන - අනාගාමිමග‍්ගෙන - අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති, න පච‍්චෙති, න පච‍්චාගච‍්ඡති, එවං නාගච‍්ඡතීති - නාගො.

මෙසේ පව් නො කෙරේ නුයි ‘නාග’ යැ. කිසෙයින් නො යේ නුයි නාග වෙයි යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි, වර්‍ග වූ ධර්‍මයන් ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ. මෙසේ නො යේ නුයි - ‘නාග’ යැ. කෙසේ නො ඒ නුයි ‘නාග’ නම් වෙයි යත්: සෝවාන්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො එයි, පසු වැ නො එයි, ආපසු නො එයි. සැදැගැමිමඟින්... අනගැමිමඟින්... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම්, ඒ කරා පෙරළා නො එයි පසු වැ නො එයි ආපසු නො එයි. මෙසේ නො ඒ නුයි ‘නාග’ නමි.

න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගොති - නාගො න තානි දිට‍්ඨිගතානි ගහෙත්‍වා උග‍්ගහෙත්‍වා ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වා වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපයෙය්‍ය වොහරෙය්‍ය, ‘සස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපයෙය්‍ය වොහරෙය්‍යාති - ‘න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගො.’

න තානි උග්ගය්හ වදෙය්‍ය නාගො - නාග තෙමේ ඒ දෘෂ්ටිගතයන් ගෙන ඔසොවා ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට නො පවසන්නේය නො කියන්නේය නො බණන්නේය නො දක්වන්නේය නො වහරන්නේය. ‘ශාශ්වත යැ ලෝකය... සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ සැබව, සෙස්ස මෝඝ යැ’යි නො පවසන්නේය නො කියන්නේය නො බණන්නේය නො දක්වන්නේය නො වහරන්නේ නුයි ‘න තානි උග්ගය්හ වදෙය්‍ය නාගො’ යනු වේ.

එලම‍්බුජං කණ‍්ටකං වාරිජං යථා ජලෙන පඞ‍්කෙන ච නූපලිත‍්තන‍්ති ‘එලං’ වුච‍්චති උදකං. ‘අම‍්බුජං’ වුච‍්චති පදුමං, ‘කණ‍්ටකො’ වුච‍්චති ඛරදණ‍්ඩො. ‘වාරි’ වුච‍්චති උදකං. ‘වාරිජං’ වුච‍්චති පදුමං වාරිසම‍්භවං. ‘ජලං’ වුච‍්චති උදකං. ‘පඞ‍්කො’ වුච‍්චති කද‍්දමො. යථා පදුමං වාරිජං වාරිසම‍්භවං ජලෙන ච පඞ‍්කෙන ච න ලිප‍්පති, න සංලිප‍්පති නූපලිප‍්පති, අලිත‍්තං අසංලිත‍්තං, අනුපලිත‍්තන‍්ති - “එලම‍්බුජං කණ‍්ටකං වාරිජං යථා ජලෙන පඞ‍්කෙන ච නූපලිත‍්තං.”

එලම්බුජං කණටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං - ‘එලං’ යී දිය කියනු ලැබෙයි. ‘අම්බුජ’යී පියුම කියනු ලැබෙයි. ‘කණ්ටක, යී රළු වූ දණ්ඩ කියනු ලැබෙයි. ‘වාරි’යී දිය කියනු ලැබෙයි. ‘වාරිජ’යී දියෙහි උපන් පියුම කියනු ලැබෙයි. ‘ජල’යී දිය කියනු ලැබෙයි. ‘පඞ්ක’යී කලල් කියනු ලැබේ. යම් සේ දියෙහි උපන් දියෙහි හටගත් පියුම දියෙන් හා කලලින් නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ නො තැවැරුණේ නුයි ‘ඵලම්බුජං කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං’ යනු වේ.

එවං මුනී සන‍්තිවාදො අගිද‍්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තොති ‘එව’න‍්ති ඔපම‍්මසම‍්පටිපාදනං; මුනීති මොනං වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනි. සන‍්තිවාදොති සන‍්තිවාදො මුනි තාණවාදො ලෙනවාදො සරණවාදො අභයවාදො අච‍්චුතවාදො අමතවාදො නිබ‍්බානවාදොති - එවං මුනී සන‍්තිවාදො. අගිද‍්ධොති ගෙධො වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; යස‍්ස සො ගෙධො පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිප‍්පස‍්සද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪො, සො වුච‍්චති අගිද‍්ධො. සො රූපෙ අගිද‍්ධො; සද‍්දෙ - ගන්‍ධෙ - රසෙ - ඵොට‍්ඨබ‍්බෙ - කුලෙ - ගණෙ - ආවාසෙ - ලාභෙ - යසෙ පසංසාය - සුඛෙ - චීවරෙ - පිණ‍්ඩපාතෙ - සෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙ - කාමධාතුයා - රූපධාතුයා - අරූපධාතුයා - කාමභවෙ - රූපභවෙ - අරූපභවෙ - නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙ - එකවොකාරභවෙ - චතුවොකාරභවෙ පඤ‍්චවොකාරභවෙ අතීතෙ - අනාගතෙ - පච‍්චුප‍්පන‍්නෙ - දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු අගිද‍්ධො අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣොපන‍්නො වීතගෙධො විගතගෙධො චත‍්තගෙධො වන‍්තගෙධො මුත‍්තගෙධො පටිනිස‍්සට‍්ඨගෙධො වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතීති - එවං මුනී සන‍්තිවාදො අගිද‍්ධො.

එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො - ‘එවං’ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදනා යැ; මුනි - ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... සන්තිවාදො - මුනි තෙම අධ්‍යාත්මශාන්තිය කියන්නේ යැ, ත්‍රාණ වාද යැ ලෙනවාද යැ ශරණවාද යැ අභයවාද යැ අව්‍යුතවාද යැ අමෘතවාද යැ නිර්‍වාණවාද (=නිවන පවසා) නුයි ‘එවං මුනි සන්තිවාදො’ යනු වේ. අගිද්ධො - ‘ගේධ‘යී තෘෂ්ණාව කියනු ලැබෙයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, යමක්හු විසින් ඒ ගේධ තෙමේ ප්‍රහීණ කරන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද, උපතට නුසුදුසු වූයේ නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අගිද්ධ’යී කියනු ලැබෙයි. හේ රූපයෙහි අගිද්ධ යැ ශබ්දයෙහි - ගන්‍ධයෙහි - රසයෙහි - ස්ප්‍රෂ්ටව්‍යයෙහි - කුලයා කෙරෙහි - ගණයා කෙරෙහි - ආවාසයෙහි - ලාභයශස් - ප්‍රශංසායෙහි - සුවයෙහි - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලාන - ප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙහි - කාමධාතුයෙහි - රූපධාතුයෙහි - අරූපධාතුයෙහි - කාම - රූප - අරූපභවයෙහි - නෛවසංඥානාසංඥාභවයෙහි - එකවොකාර - චතුවෝකාර - පඤ්චවොකාරභවයෙහි - අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නයෙහි - දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො ගෙතුණේ මුසපත් නො වූයේ නො බැඳුණේ පහවූ තෘෂ්ණා ඇතියේ පහවගිය තෘෂ්ණා ඇතියේ ත්‍යක්ත වූ තෘෂ්ණා ඇතියේ වාන්ත (-වමනය කළ) තෘෂ්ණා ඇතියේ මුදන ලද තෘෂ්ණා ඇතියේ දුරැ ලූ තෘෂ්ණා ඇතියේ වීතරාග - විගතරාග - ත්‍යක්තරාග - වාන්තරාග - මුක්තරාග - ප්‍රහීණ රාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ (කයින් සිතින්) සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘එවං මුනී සන්තිවාදො අගිද්ධො’ යනු වේ.

කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තොති - ‘කාමා’ති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා; ලොකෙති අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ; ‘ලෙපා’ති ද‍්වෙ ලෙපා: තණ‍්හාලෙපො ච දිට‍්ඨිලෙපො ච -පෙ- අයං තණ‍්හාලෙපො -පෙ- අයං දිට‍්ඨිලෙපො. මුනි තණ‍්හාලෙපං පහාය දිට‍්ඨිලෙපං පටිනිස‍්සජිත්‍වා කාමෙ ච ලොකෙ ච න ලිප‍්පති, න පලිප‍්පති, න උපලිප‍්පති. අලිත‍්තො අසංලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - එවං මුනී සන‍්තිවාදො අගිද‍්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තො.’

කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො - ‘කාමා’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි:... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව - ස්කන්‍ධ - ධාතු - ආයතනලෝකයෙහි; ‘ලෙප’ යනු: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙප දෙකෙකි... මුනි තෙම තෘෂ්ණාලේපය හැර දෘෂ්ටිලෙපය දුරලා කාමයෙහි ද, ලෝකයෙහි ද, නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි, නො තැවැරෙයි. අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ (අරමුණුවලින්) මිදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යෙහි විවිත‍්තො විචරෙය්‍ය ලොකෙ න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගො, එලම‍්බුජං කණ‍්ටකං වාරිජං යථා ජලෙන පඞ‍්කෙන ච නූපලිත‍්තං. එවං මුනී සන‍්තිවාදො අගිද‍්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තො”ති.

“යෙහි විවිත්තො -පෙ- කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො” යී.