යෙදුමෙන් කියවන්න

9. 12

9. 12.

9. 12.

න වෙදගූ දිට‍්ඨියා න මුතියා ස මානමෙති න හි තම‍්මයො සො, න කම‍්මුනා නොපි සුතෙන නෙය්‍යො අනූපනීතො ස නිවෙසනෙසු.

සිවුමඟ නුවණට පැමිණි (මා වැනියෙක්) දෘෂ්ටියට (හෝ දෘෂ්ටියෙන්) යන්නෙ නො වෙයි. හෙතෙම (මුතරූපාදි භේද වූ) මුතියෙනු දු මානයට නො පැමිණෙ යි. හේ (තෘෂ්ණා - දෘෂ්ටි විසින්) නො මැ තමමය වෙයි. කර්‍මයෙන් හෝ ශ්‍රැතයෙන් හෝ නො ද පැමිණැවියැ යුත්තේ, වෙයි. හේ තෘෂ්ණාදෘෂ්ටිනිවෙසනයන්හි අනූපනීත වේ.

න වෙදගූ දිට‍්ඨියා න මුතියා ස මානමෙතීති - ‘නා’ති පටික‍්ඛෙපො. වෙදගූති ‘වෙදං’ වුච‍්චති චතුසු මග‍්ගෙසු ඤාණං, පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො වීමංසා විපස‍්සනා සම‍්මා දිට‍්ඨි. තෙහි වෙදෙහි ජාතිජරාමරණස‍්ස අන‍්තගතො අන‍්තප‍්පත‍්තො කොටිගතො කොටිප‍්පත‍්තො පරියන‍්තගතො පරියන‍්තප‍්පත‍්තො වොසානගතො වොසානප‍්පත‍්තො තාණගතො තාණප‍්පත‍්තො ලෙනගතො ලෙනප‍්පත‍්තො සරණගතො සරණප‍්පත‍්තො අභයගතො අභයප‍්පත‍්තො අච‍්චුතගතො අච‍්චුතප‍්පත‍්තො අමතගතො අමතප‍්පත‍්තො නිබ‍්බානගතො නිබ‍්බානප‍්පත‍්තො වෙදානං වා අන‍්තං ගතොති වෙදගූ. වෙදෙහි වා අන‍්තං ගතොති වෙදගූ. සත‍්තන‍්නං ධම‍්මානං විදිතත‍්තා වෙදගූ: සක‍්කායදිට‍්ඨි විදිතා හොති, විචිකිච‍්ඡා විදිතා හොති, සීලබ‍්බතපරාමාසො විදිතො හොති, රාගො විදිතො හොති, දොසො විදිතො හොති, මොහො විදිතො හොති, මානො විදිතො හොති, විදිතා’ස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.

න වේදගු දිට්ඨියා න මුතියා ස මානමෙති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ. වේදගු ‘වෙද’යි සතර මඟ නුවණ කියනු ලැබෙයි, ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලන ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වීමාංශාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය යි. ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන ජාතිජරාමරණයාගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්‍රාණයට ගියේ ත්‍රාණයට පැමිණියේ ලෙනයට ගියේ ලෙනයට පැමිණියේ ශරණයට ගියේ ශරණයට පැමිණියේ අභයට ගියේ අභයට පැමිණියේ අච්‍යුතයට ගියේ අච්‍යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙදයන්ගේ අන්තයට ගියේ නුයි - ‘වේදගු’යැ, වෙදයන්ගෙන් අන්තයට ගියේ නුයි හෝ - ‘වේදගු’ යැ. සප්තධර්‍මයන් විදිත හෙයින් ‘වේදගු’ යැ: සත්කායදෘෂ්ටිය දන්නා ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. කෙලෙසට කරුණු වූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති අනාගතයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ඔහු විසින් විදිත වූවාහු වෙත්.

1. “වෙදානි විචෙය්‍ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානි’ධත්‍ථි බ්‍රාහ‍්මණානං, සබ‍්බ වෙදනාසු වීතරාගො සබ‍්බ වෙදමතිච‍්ච වෙදගූ සො”ති

1. (“සභිය, යී බුදුහු මෙසේ වදාළහ:) මාර්‍ගඥානවේදයට පැමිණි ඒ ක්‍ෂීණාස්‍රව තෙම මේ ලෝකයෙහි මහණබමුණන්ගේ ශාස්‍ත්‍ර සඞ්ඛ්‍යාත යම් වෙද කෙනෙක් ඇත් ද ඒ සියල්ල (අනිත්‍යාදි වශයෙන්) විමසා (එහි ඡන්‍දරාගප්‍රහාණයෙන්) සියලු ශාස්ත්‍රවෙදය ඉක්මැ සියලු වේදනාවන්හි වීතරාග වේ.”

න දිට‍්ඨියාති - තස‍්ස ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි. සො දිට‍්ඨියා න යායති, න නීයති, න වුය‍්හති, න සංහරීයති, නපි තං දිට‍්ඨිගතං සාරතො පච‍්චෙති. න පච‍්චාගච‍්ඡතීති - න වෙදගූ දිට‍්ඨියා.

න දිට්ඨියා - ඔහු විසින් දෙසැට දිටුහු පහන ලද්දාහු සිඳුණා ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු වෙති; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි; නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරනු ලැබේ. ඒ දෘෂ්ටියට නො ද සාර හෙයින් පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘න වේදගු දිට්ඨියා’ යනු වේ.

න මුතියා ස මානමෙතීති - මුතරූපෙන වා පරතොඝොසෙන වා මහාජනසම‍්මුතියා වා මානං නෙති, න උපෙති, න උපගච‍්ඡති, න ගණ‍්හාති, න පරාමසති, නාභිනිවිසතීති - ‘න වෙදගූ දිට‍්ඨියා න මුතියා ‘ස මානමෙති’.

න මුනියා ස මානමෙති - මුත (-ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) රූපයෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජන සම්මුතියෙන් හෝ මානයට නො එයි නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො ඇලෙයි, නො පිවිසේ නුයි ‘න වේදගු න දිට්ඨියා න මුනියා ස මානමෙති’ යනු වේ.

න හි තම‍්මයො සොති - න තණ‍්හාවසෙන න දිට‍්ඨිවසෙන තම‍්මයො හොති තප‍්පරමො තප‍්පරායණො; යතො තණ‍්හා ච දිට‍්ඨි ච මානො ච අස‍්ස පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, එත‍්තාවතා න තම‍්මයො හොති, න තප‍්පරමො, න තප‍්පරායණොති - න හි තම‍්මයො සො’.

න හි තම්මයො සො - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් තන්මය නො වෙයි, තත්පරායණ නො වේ. යම් තැනක සිට තෘෂ්ණාව ත් දෘෂ්ටිය ත් මානය ත් ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් එය ප්‍රකෘති කොට ඇත්තේ නො වෙයි, තත්පරම නො වෙයි, තත්පරායණ නො වේ නුයි ‘න හි තම්මයො සො’ යනු වේ.

න කම‍්මුනා නො’පි සුතෙන නෙය්‍යොති - ‘න කම‍්මුනා’ති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරෙන වා අපුඤ‍්ඤාභිඞ‍්ඛාරෙන වා ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරෙන වා න යායති, න නීයති, න වුය‍්හති, න සංහරීයතීති - න කම‍්මුනා; නොපි සුතෙන නෙය්‍යොති සුතසුද‍්ධියා වා පරතොඝොසෙන වා මහාජනසම‍්මුතියා වා න යායති, න නීයති, න වුය‍්හති, න සංහරීයතීති - න කම‍්මුනා නොපි සුතෙන නෙය්‍යො.

න කම්මුනා නො ‘පි සුතෙන නෙය්‍යො - ‘න කම්මුනා’ යනු: පුණ්‍යාභිසංස්කාරයෙන් හෝ අපුණ්‍යාභිසංස්කාරයෙන් හෝ ආනෙඤ්ජාභිසංස්කාරයෙන් හෝ නො යවනු ලැබෙයි, නො ගෙනයනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා’ යනු වේ. නො ‘පි සුතෙන නෙය්‍යො - ශ්‍රැතශුද්ධියෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජනසම්මුතියෙන් හෝ නො යවනු ලැබෙයි... නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා නො ‘පි සුතෙන නෙය්‍යො’ යනු වේ.

අනූපනීතො ස නිවෙසනෙසූති - ‘උපයා’ති ද‍්වෙ උපයා: තණ‍්හාඋපයො ච දිට‍්ඨිඋපයො ච -පෙ- අයං තණ‍්හාඋපයො -පෙ- අයං දිට‍්ඨිඋපයො. තස‍්ස තණ‍්හාඋපයො පහීනො, දිට‍්ඨිඋපයො පටිනිස‍්සට‍්ඨො; තණ‍්හූපයස‍්ස පහීනත‍්තා දිට‍්ඨූපයස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා සො නිවෙසනෙසු අනූපනීතො අනුපලිත‍්තො අනුපගතො අනජ‍්ඣොසිතො අනධිමුත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති අනූපනීතො ස නිවෙසනෙසු.’

අනූපතීතො ස නිවෙසනෙසු - ‘උපය’ යනු: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාඋපය ප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද; තෘෂ්ණොපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ට්‍යුපය දුරලන ලද බැවින් හේ (අපායාදි) නිවේසනයන්හි නො පමුණුවන ලද්දේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො ඇතුළු වූයේ නික්මැගියේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො බැඳුණේ කෙලෙසුන් හා නො යෙදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනූපනීතො ස නිවෙසනෙසු යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ:

න වෙදගූ දිට‍්ඨියා න මුතියා ස මානමෙති න හි තම‍්මයො සො, න කම‍්මුනා නොපි සුතෙන නෙය්‍යො අනූපනීතො ස නිවෙසනෙසූ”ති.

“න වේදගු -පෙ- ස නිවෙසනෙසු” යී.