9. 13
9. 13.
9. 13.
සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා, සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ.
ප්‍රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්‍යාකායාදි) ග්රන්ථයෝ නො වෙති. විදර්‍ශනාප්‍රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාව ත් දෙසැට දෘෂ්ටිය ත් දැඩි වැ ගත්තාහු නම්, ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත්.
සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථාති - යො සමථපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති, තස්ස ආදිතො උපාදාය ගන්ථා වික්ඛම්භිතා හොන්ති, අරහත්තෙ පත්තෙ අරහතො ගන්ථා ච මොහා ච නීවරණා ච, කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා දිට්ඨිසඤ්ඤා ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති - ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා.’
සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා - යමෙක් ශමථපූර්‍වඞ්ගම ආර්‍ය්‍ය මාර්ගය වඩා ද ආදියෙහි පටන් ඔහුගේ අභිධ්‍යාකායාදි ග්රන්ථයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ ග්රන්ථයෝ ද මෝහයෝ ද නීවරණයෝ ද කාමසංඥා ව්‍යාපාදසංඥා විහිංසාසංඥා දෘෂ්ටිසංඥා ද ප්‍රහීණ වූවාහු වෙති, උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා’ යනු වේ.
පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යො විපස්සනාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති, තස්සාදිතො උපාදාය මොහා වික්ඛම්භිතා හොන්ති, අරහත්තෙ පත්තෙ අරහතො මොහා ච ගන්ථා ච නීවරණා ච කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා දිට්ඨිසඤ්ඤා ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා.’
පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යමෙක් විදර්ශනා පූර්වඞ්ගම වූ ආර්ය්යමාර්ගය වඩා ද, ඔහුගේ ආදියෙහි පටන් මෝහයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ මෝහයෝ ද ග්රන්ථයෝ ද නීවරණයෝ ද කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥා ද ප්‍රහීණ වූවාහු වෙති සිඳින ලද මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනාභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා’ යනු වේ.
සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙති යෙ සඤ්ඤං ගණ්හන්ති කාමසඤ්ඤං ව්යාපාදසඤ්ඤං විහිංසාසඤ්ඤං, තෙ සඤ්ඤාවසෙන ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති. රාජානොපි රාජූහි විවදන්ති. ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති. බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති. ගහපතිකාපි ගහපතීහි විවදන්ති, මාතාපි පුත්තෙන විවදති. පුත්තොපි මාතරා විවදති. පිතාපි පුත්තෙන විවදති. පුත්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භගිනීපි භගිනියා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. තෙ තත්ථ කලහවිග්ගහවිවාදමාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති. ලෙඩ්ඩූහිපි උපක්කමන්ති. දණ්ඩෙහිපි උපක්කමන්ති. සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති. මරණමත්තම්පි දුක්ඛං. යෙ දිට්ඨිං ගණ්හන්ති ‘සස්සතො ලොකො’ති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති වා, තෙ දිට්ඨිවසෙන ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති. සත්ථාරතො සත්ථාරං ඝට්ටෙන්ති. ධම්මක්ඛානතො ධම්මක්ඛානං ඝට්ටෙන්ති. ගණතො ගණං ඝට්ටෙන්ති. දිට්ඨියා දිට්ඨිං ඝට්ටෙන්ති. පටිපදාය පටිපදං ඝට්ටෙන්ති. මග්ගතො මග්ගං ඝට්ටෙන්ති. අථවා, තෙ විවදන්ති. කලහං කරොන්ති. භණ්ඩනං කරොන්ති. විග්ගහං කරොන්ති විවාදං කරොන්ති. මෙධගං කරොන්ති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ ති. තෙසං අභිසඞ්ඛාරා අප්පහීනා, අභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා ඝට්ටෙන්ති. නිරයෙ ඝට්ටෙන්ති, තිරච්ඡානයොනියා ඝට්ටෙන්ති. පෙත්තිවිසයෙ ඝට්ටෙන්ති. මනුස්සලොකෙ ඝට්ටෙන්ති. දෙවලොකෙ ඝට්ටෙන්ති. ගතියා ගතිං උපපත්තියා උපපත්තිං පටිසන්ධියා පටිසන්ධිං භවෙන භවං සංසාරෙන සංසාරං වට්ටෙන වට්ටං ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති. ඝට්ටෙන්තා, චරන්ති, විචරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - ‘සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ.’
සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ - යම් කෙනෙක් කාම - ව්‍යාපාද - විහිංසා - යන සංඥාව ගනිත් ද ඒ ගැහැවියෝ සංඥාවශයෙන් ගටති, ඉතා ගටත්. රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්ෂත්රියයෝත් ක්ෂත්රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියතෙමේ ත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවාත් යහළුහු සමග විවාද කෙරෙයි, ඔවුහු එහි කලහවිග්රහවිවාදයට පැමිණියාහු උනුනට අත්වලිනු දු පහර දෙති, කැටගලිනු දු ගසති, දඬුවලින් දු ගසති, සැතිනු දු පහර දෙත්. ඔවුහු එහි දී මරණයටත් මරණ මාත්‍ර දුකටත් පැමිණෙත්. යම් කෙනෙක් දෘෂ්ටිය ගනිත් ද: ‘ශාශ්වත යැ ලොකයැයි හෝ... සත්ත්වතෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වේ යැයි හෝ’ ඔවුහු දෘෂ්ටිවශයෙන් ගටති, ඉතා ගටති ශාස්තෘහු වශයෙන් ශාස්තෘහු ගටති, ධර්‍මාඛ්‍යානයෙන් ධර්‍මාඛ්‍යානය - ගණයා කෙරෙන් ගණයා - දෘෂ්ටියෙන් දෘෂ්ටිය - පිළිවෙතින් පිළිවෙත - මාර්ගයෙන් මාර්ගය ගටත්. නොහොත් ඔහු විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්රහ කෙරෙති, විවාද කෙරෙති අරගල කෙරෙති: ‘තෙපි මේ ධර්මවිනය නො දන්නවුයැ... ඉදින් පොහොසත්හු නම් තමා මුදා ගනිවුයැ’යි. ඔවුන්ගේ පුණ්‍යාදි අභිසංස්කාරයෝ අප්‍රහීණයහ, අභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් (යායුතු) ගතියෙන් ගටති, නිරයෙහි ලා ගටති, තිරශ්චීනයෝනියෙහි ගටති, ප්‍රේතවිෂයයෙහි ගටති, මනුෂ්‍යලොකයෙහි ගටති, දිව්‍යලෝකයෙහි ගටත්. ගතියෙන් ගතිය උපතින් උපත පිළිසඳින් පිළිසඳ භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති, ඉතා ගටති. ගටමින් ඇවිදිති හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යපනය වෙත්. ලෝකේ - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා, සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ”ති.
‘සඤ්ඤාවිරත්තස්ස -පෙ- තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ” යී.
මාගන්දියසුත්තනිද්දෙසො නවමො.
නවවැනි ‘මාගන්දිය’ සූත්‍රනිර්දේශය යි.